Ads 468x60px

Wednesday, April 28, 2010

ඉස්තිරික්කය....

අද උදේ කමිසය මදින්න හදන කොට ස්තිරික්කයේ මුහුණත මත යම් තට්ටුවක් බැඳී තිබුණි එසේ වන්නට හේතුව ඇඳුම් මත ඇති ධුවිලි අංශු හා රෙදි වර්ණ කිරීමට යොදාගන්නා රසායනික ද්‍රවයයන් රත්වීම නිසා තටිටුවක් ලෙස ස්තිරික්ක මුහුණත මත බැඳීම විය හැකිය.එසේ තට්ටුවක් බැඳුන හොත් රෙදි මැදීම ඉතා අසීරුය රත් වූ විට ඒම මැලියම් වැනි දව්‍ය අපගේ ඇඳුම් මත තැවරීමටද ඉඩ ඇත. මෙම තට්ටුව ඉවත් කිරීමට ඉතා අපහසුය බොහෝ දෙනෙක් නොදන්නා කමින් යම් උපකරණයන්ගෙන සීරීමට තැත් කරයි එහිදී ස්තිරික්ක මුහුණතට හානී වී රෙදි මදින විට එම රෙදි සීරීමකට ලක්වේ එබැවිණ් මෙම ස්තිරික්කය මත බැදෙන තට්ටුව ඉවත් කිරීමට පහසුම ක්‍රමයක් කියන්නට කැමති ගොඩක් දෙනෙක් අතර බෙහෙවින් ජනප්‍රිය දෙයක්..ස්තිරික්කය රත්වෙන්නට හැර පැනඩෝල් පෙත්තක් ගෙන එය පරෙස්සමින් එම තට්ටුව බැඳී ඇති ස්ථාන මත අතුල්ලන්න එවිට එම තට්ටුව ද්‍රව බවට පත්වනු දැකිය හැක එය වේලෙන්ට ප්‍රථම රෙදි කඩකින් පිසදා හරින්න ලෙහෙසියෙන්ම එම බැඳී ඇති තට්ටුව ඉවත් කරගත හැක.

4 comments :

  1. පැන්ඩෝල් මිළ ගණන් වැඩි බැවින් පැරසිටෝල් බාවිතා කරන්න.

    ReplyDelete
  2. බිඟුවා ගෙ අදහසත් නරක නෑ හැබැයි ඔන්න බිඟුවා කියන ඒව අතුල්ලන්න ගිහින් මොකක් හරි වුනොත් ඔන්න මමඒවට වගකියන්නෙ නෑ

    ReplyDelete
  3. ela Idea Eka, Mamath Karala Balala kiyannamko

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...