Ads 468x60px

Wednesday, April 28, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ගරු සභාපති තුමණි !

සිංහල බ්ලොග් කලාව දැනට ව්‍යප්තවී ඇති ප්‍රමාණය ගැන සතුටුවිය නොහැක මෙය අධ්‍යාපන,සමාජීය,දේශපාලන හා නොයෙකුත් අංශ වලට ඉතා ප්‍රයෝජනවත් එකකි නමුත් ලංකාව තුල අන්තර්ජාලය භාවිතා කරන පිරිසත් සමග සංසන්දනය කලහොත් සිංහල බ්ලොග් ගැන දන්නෙ එයින් සියට 5% ත් අඩු පිරිසක්.මේවන විටත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයක් ක්‍රියාත්මක වූවද එය ඉතාම අක්‍රිය තත්වයේ පවතින්නකි සිංහල බ්ලොග් ලියන්නේද කියවන්නේද එකම පිරිසක් බව පෙනීයන කරුණකි.දිනකට එක් අඩවියකට පිවිසෙන ප්‍රමාණය දළ වශයෙන් 500 හෝ ඊට ආසන්න ගනනකි. මෙම කලාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට සිංහල බ්ලොග් ලියන්නන්ටද වගකීමක් ඇත.

ඒ සඳහා කලහැක්කේ කුමක්ද? පාසල් පද්දතිය මේ සඳහා යොදාගත හැකි ප්‍රධාන පිවිසුම් මාර්ගයකි සියලුම පාසල් වල තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් මඟින් මෙම කලාව ව්‍යාප්ත කිරීමට හැකියාවක් ඇති බව මගේ මතයයි.එසේම ලංකා රාජ්‍ය තොරතුරු ජාලය (LGN) ද මේ සඳහා හවුල් කරගත හැක.නැණසල මධ්‍යස්ථාන,විදාතා මධ්‍යස්ථාන ,පෞද්ගලික තොරතුරු තාක්ෂණ ඉගැන්වුම් මධ්‍යස්ථාන (Gateway,IDM,Tec Sri Lanka, Soft-logic, E-soft වැනි) , විශ්ව විද්‍යාල ද මේ සඳහා දායක කරගත හැක. 

මෙවැනි ක්‍රියාවකට අත ගැහීමට නම් තොරතුරු තාක්ෂණය පිළීබඳ වගකීමක් ඇත්තවුන් ඒ සඳහා ඉදිරිපත් විය යුතුය ඉක්ටා වැනි ආයතනයන්ට මෙය පහසුවෙන් කළහැකිය එසේ නැතිනම් මේ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාතංශය මැදිහත් විය යුතුය නැතහොත් බ්ලොග් කරුවන්ගේ සංගමය ඒ සඳහා මැදිහත් වියයුතුය .සියලු බ්ලොග් කරුවන්ට සංසදමඟින් කැදවුමක් කර මේ පිළිබඳ අදහස් හුවමාරු කරගත යුතුයැයි අප අදහසයි (එමෙන් සිංහල බ්ලොග් කරුවන් අතර ඇතිව තිබෙන් යම් යම් විරසකයන් ද ඒ තුලින් සමනය වනු ඇත)  විදේශ ගතවූ ශ්‍රී ලාංකේයන් අතර දැනටමත් මෙම සිංහල බ්ලොග් කලාව ජනප්‍රිය වෙමින් පවතී ඔවුන්ගේ කාන්සිය මඟහරවා ගැනීමට සහ ලංකාව පිළීබඳ විස්තරයන් දැන ගැනීමට එය පහසු හා සාර්ථක ක්‍රමයක් බැවිණි..කිහිප දෙනෙකු අතර පමණක් ව්‍යප්ත වූ මේ කලාව ඉදිරියේදි සියලු ලාංකේයයන් අතර ද ව්‍යාප්ත වනු ඇතැයි අප අපෙක්ෂා කරමු.

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ගරු සභාපති තුමණි මේ ඔබේ අවධානය පිණිසයි!

4 comments :

  1. ලිපිය හරි

    ReplyDelete
  2. ow mamath hithanawa apita thawa wayaptha wenna puluwan kiyala

    ReplyDelete
  3. අදහස බොහොම හොදයි, ගොඩක් අපිත් මේක ගැන හිතනවා කොහොමද තව ඉදිරියට මේක මිනිසුන් අතරට ගෙනියන්නේ කියලා. පොඩි නිවැරදි කිරීමක් කරන්නම් දැනට සිංහල බ්ලොග් කියවනයට දිනකට 5000~15,000 අතර පිරිසක් දිනකට එනවා. නමුත් මීට වඩා වැඩි පිරිසක් RSS හරහා ද කියනවවා. නමුත් මෙය ඔබ කිව්වා මෙන් සතුටු විය හැකි දෙයක් නොවෙයි. මෙමෙ ප්‍රමාණය ගොඩක් වැඩි විය යුතුයි.

    කට්ටිය එකතු උනොත් මේක හැමෝ අතරටම ගෙනියන්න අමාරු වෙන එකක් නෑ.

    ReplyDelete
  4. @ කාලිංග said...
    පොඩි නිවැරදි කිරීමක් කරන්නම් දැනට සිංහල බ්ලොග් කියවනයට දිනකට 5000~15,000 අතර පිරිසක් දිනකට එනවා./

    එහෙත් ඔය පිරිසත් බෙදිල ගිහිල්ල එක් අඩවියක් සඳහා 500 වගේ පිරිසක් තමයි දවසකට එන්නෙ මගේ අඩවියේ නම් දිනකට 1000 පන්නලා නෑ කොහොම වුණත් අඩුප්‍රමාණක් නේ.

    සභාපති තුමගේ අවධානය යොමු වීම ගැන සතුටුයි.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...