Ads 468x60px

Wednesday, April 28, 2010

පිරිමින්ගෙ බොළඳ කම..

පුංචිකාලෙ පුංචි ගෑණු ළමයි කැමති බෝනික්කන්ට ඒත් පුංචි පිරිමි ළමයි කැමති යෝධයින්ට...කල් ගතවන විට මේක වෙනස් වෙනව ඒ කියන්නෙ අනිත් පැත්ත පෙරලෙනව ලොකු උණාම ගෑණුලමයි කැමති යෝධයින්ට ඒත් පිරිළමයින් කැමති බෝනික්කන්ට..මේ කථාව සම්පූර්ණ ඇත්ත.මේ නිසාම මට හිතුණ බොළඳ කම පිළීබඳව ටිකක් වැඩිපුර හොයල බලන්න ඒ සඳහා මම යොදාගත්තෙ සිග්මන් ප්‍රොයිඩ් (Sigmund Freud) කියන ප්‍රකට මනෝවිද්‍ය දාර්ශනිකයාගේ පොත් කිහිපයක්.වර්ථමානයේ ආදරය කරන්නට පිවිසි පිරිමි ළමයින් අතුරින් 80% පමණ බොළඳ බවින් පෙළෙනව කියලයි  තතු දන්නෝ පවසන්නෙ එයට ප්‍රධාන හේතුව මනුස්ස සිතුම් පැතුම් හරි ආකාරව වටහා නොගැනීමයි.ගැහැණු ළමයකු අභියස බොළඳ වීමෙන් ඇතිවන්නේ එම ගැහැණු ළමයා තුල පිරිමියා යන්න පිළිබඳ තිබූ ආකල්ප (ගෞරවය හා පෞර්ෂ පිළිබද ආකල්ප) පලුදුවීමයි එමෙන් කාන්තාවක් පිරිමියා තුලින් බලාපොරොත්තු වන්නේ මොනවාද?



  • ආදරය/කරුණාව
  • ආරක්ෂාව (තමාට හා අනාගතයේදී දරුවන්ට ආරක්ෂාව සැපයීම මෙයින් අදහස්කෙරේ)
  • ආර්ථිකය ශක්තිමත් කිරීම
  • ලිංගිකමය අවශතා නිසිපරිදි ඉටුකිරීම
මෙවැනි අපේෂා සඳහා පිරිමියා සුදුසු පුද්ගලයෙකුදැයි ඇය පරික්ෂාකර බලයි එහෙත් යම් යම් අවස්ථාවන්හී දී පුර්ෂයාගේ පෞර්ෂය බිඳහෙලුනහොත් ඇය තුල යම් දෙගිඩියාවක් හට ගනි එම දෙගිඩියාව නිසාම තවත් පිරිමියකු ගැන සිතන්නට ඇගේ සිත පෙළබීමක් ඇති කරයි එහෙත් සමහර අවස්ථා වලදී පමණක් මානුෂිය කරුණු කාරණා හේතුවෙන් ඇගේ අදහස් ස්ථිරව පැවතීමටද හැකියාව ඇත.කාන්තාව පිරීමිගේ චරිතයෙහි අගය කරන දේ මොනවාද?
  • ප්‍රිය මනාප බව
  • ශක්තිය
  • සෟජු බව
  • ගැටළු නිරාකරණය කිරීමට දක්වන දක්ෂතාවය සහ තවත්.....
ඇය ඉදිරියේ බොළද වීමෙන් මෙවන් අපේක්ෂිත බලාපොරොත්තු නැතිවී හිත දෙගිඩියාවකට පත්වෙයි බොළඳ කම ඇය ඉදිරියේ දක්වන ආකාරයන් කෙබදුද?
  • ඇය ඉදිරියේ හැඬීම වැලපීම
  • තමාගේ සිහින ඇය සමඟ පැවසීම
  • බොළඳ වදන් තෙපලීම
  • ලේ වලින් දිව්රා පොරොන්දු වීම/රුධිර ලිපි ලිවීම
  • බොළඳ ලිපි ලිවීම සහ බොහෝ දේ......... 
මෙවැනි දෑ ඇය අසලදී සිදුකිරීම තමා පිළීබඳ තිබූ ධන ආකල්ප නැතිව යා හැක මෙකී සිද්දාන්තයන් ආදරය කරන කල්හී පමණක් නොව අඹු-සැමි ඇසුරේදී පවා අවධාන‍යට ලක්කල යුතු කරුණු වෙයි එසේ නොමැති නම් තම බිරින්දෑ වරුන් අනියම් සබඳතා ගොඩනගා ගැනීම කිසිසේත් වැලැක්විය නොහැකිය එසේම එය අසාධාරණ යැයි ද කිව නොහැක තමාගේ අවශ්‍යතා නිසිලෙස ඉටුනොවේ නම් කෙසේ හෝ එම අවශ්‍යතා ඉටු කර ගැනීමට මිනිසා පෙළබෙති එය ස්වාභාවික නියාම තත්වයකි.

මතක රටා මුසුකල
නුහුරු කැට කඳුළු
විටෙක සතුට කැටිකල
හිතට හුරු කඳුළු
හිතක අගය මතුකල
නෙතක ගැලු කඳුළු
හිමිවු පෙම අහිමි කළ
බොළඳ පිනි කඳුළු...


No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...