Ads 468x60px

Sunday, March 3, 2013

Avast 8 උණු උණු වේ......

Avast 8  වෛරස් ගාර්ඩ් කිව්වම ඉතින් දැන් හැමෝම වගේ දන්නව කිසි කරදරයක් නැති  වෛරස් ගාර්ඩ් එකක් ඔන්න එකේ අලුත්ම සංස්කරණයක් එළි දක්වලා Avast 8 කියල මේක වින්ඩොස් 8 වලට ගැලපෙන්න තමයි ඔවුන් නිර්මාණය කරල තියෙන්නෙ ස්වරූපය (Interface)  වුණත් වින්ඩොස් 8 වලට ගැලපෙනවා.. අදම අලුත් වැඩසටනට Upgrade කරගන්න 2038 වෙනකම් Register වෙන Serial Key ටිකකුත් දෙන්නම්... අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරන්න ඕනත් නෑ නේ ඒ නිසා කිසි වදයක් නෑ...


Zip Password is- manussakama


Thursday, February 28, 2013

වින්ඩොස් Boot Menu එක Edit කරන්න ඕනද?

ගොඩක් අයට තියෙන ගැටලුවක් නිසා මේ ලිපිය ලියන්න හිතුනා වින්ඩොස් 7,8 වගේම XP වලදි පවා බූට් මෙනු එක එන්න පුළුවන් අවස්ථා තියෙනව මෙහෙයුම් පද්දති දෙකක් ඇතුල් කරපු අවස්ථා වලදි නම් අනිවාර්යයෙන්ම බූට් මෙනු එක එනව මොකද එතනින් අපට අවශ්‍යය කරන මෙහෙයුම් පද්දතිය තෝරගන්න ඕන නිසා ඒ වගේ සමහර අවස්ථාවල එක මෙහෙයුම් පද්දතියක් තිබුණත් බූට් මෙනු එක පෙන්නන අවස්ථා අපි දැකල තියෙනව ඒ වගේ අවස්ථාවකදී ඒ බූට් මේනූ එක නොපෙන්වා කෙළින්ම මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් විශේෂ වැඩසටහනක් මඟින් එය පහසුවෙන්ම සිදුකළ හැක ඒ වැඩසටහන් අතර Easybcd කියන වැඩසටහන යෙදාගෙන හරිම සරලව ඒ කටයුත්ත සිදුකරගන්න පුළුවන් 
(Boot Menu)

Wednesday, February 27, 2013

සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී රෙප් (වින්ඩොස් 7,8 සඳහා)


(මෙ‍ම ලිපිය 2011 වර්ෂයේ දී ලියන ලද්දකි)

සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන්, කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ හැබැයි කී රෙප් වින්ඩොස් 7 හා වින්ඩොස් 8 සමඟ වැඩකරන්න යොදාගන්න පුළුවන් මේවගේ වැඩසටහන් කිහිපයක් ගැනම දැනගෙන හිටිය කියල පාඩුවක් වෙන්නෙ නෑ නේ ඒ නිසා හැමෝටම දැනගන්නත් එක්ක ඒ වැඩසටහනත් හැමෝටම ගන්න පුළුවන් තැනක දාන්න හිතුනෙ හදිස්සියකට ගන්න එක එක්කෙනාගෙන් හිඟාකන්න යන්න ඕන නෑ නේ ඒ නිසා ....


Saturday, February 2, 2013

Boot Menu එකේ Windows 7 දෙකක් පේනවද?

Windows 7 පරිගණකයට Install කල පසු යම් යම් ගැටලු නිසා සමහර අවස්ථාව වල  Boot Menu එකේ Windows 7 මෙහෙයුම් පද්දති දෙකක් ඇති බව පෙන්නයි නමුත් එක් අවස්ථාවක් පමණක් ක්‍රියාත්මක වෙයි මෙහි දී බෝහෝ දෙනෙකු කරන්නෙ නැවත මෙහෙයුම් පද්දතිය ඇතුල් කිරීමයි එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත එහි ඇති ක්‍රියාකාරී නොවන කොටස ඉවත් කිරීම මඟින් එම Dual Boot Menu අවස්ථාව දර්ශණය නොකොටම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම සිදුවේ පහත ආකාරයට උපදෙස් තෝරාගන්න-

Start 
In the Search text box, type msconfig and then press Enter 
After msconfig dialog-box is launched, Go to the "Boot" Tab
Select the Boot entry you want to Delete
Click the "Delete" Button and then press "OK"



Thursday, January 24, 2013

සිංදුවක් කියල ආතල් එකක් ගමු

හැමදාම සිංදු අහල නේ ෆන් ගන්නෙ දැන් අපි ඒ ක්‍රමය ටිකක් වෙනස් කරල සිංදු කියලම ආතල් එකක් ගමු හැබැයි ඉතින් වැඩේට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගන්න ඕන සුළුවට කරනවනම්,

Friday, January 4, 2013

Facebook Chat මත පින්තූර....

Facebook Chat කරන විට ඒ හරහා පින්තූර පෙන්වීමට සැලැස්වීමට හැකියාව ඇත එමඟින් යමෙකු වෙත පින්තූරයක් පෙන්වීමට අවශ්‍යනම් එය පහසුවෙන්ම කළ හැක ඒ සඳහා යම් කේත ක්‍රමයක් භාවිතා කරයි පින්තූරයේ වර්ණ කේත බවට පරිවර්ථනය කිරීම මඟින් එම පින්තූරය ගොඩනඟයි එසේ කේත බවට පරිවර්ථනය කිරීම සඳහා පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කළ හැක



Wednesday, November 21, 2012

Facebook Chat කරන අලුත් තාලය....(1 වෙළුම)

ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් දාන්න හිතුන අවිවේකී කම නිසාම පහුගිය දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා.... කොහොම හරි අද කියන්න හදන්නෙ මූණු පොතේ වැට් කරන කොට දාන්න පොඩි පොඩි වැඩ ටිකක් හැබැයි දැනටමත් ගොඩක් දෙනෙක් මේව දන්නව ඇති ... වැච් එකේදි Code ක්‍රමයට යම් යම් පිංතූර මවන්න පුළුවන් ඒ වගේම විශාල ප්‍රමාණයේ Emoticon , ඉංග්‍රීසි අකුරු වගේ දේවල් 

මෙන්න මේ තියෙන්නෙ එම  Codes භාවිතා කරල කරපු අපූරු නිර්මාණ කිහිපයක් මේ  Codes චැට් එකට පේස්ට් කරල බලන්න මොකද වෙන්නෙ කියල....

Friday, September 14, 2012

සිංහල බ්ලොග්,කුහක කම්,භාෂාව හා ඇනෝලාගේ කුණුහරුප

බොහෝ පිරිස් වියණු එසේත් නැත්නම් බ්ලොග් ලියනු ලබන්නේ හුදෙක් ආර්ථික වාසි සඳහා හෝ වෙනයම් යටි අරමුණු ඉටු කරගැනීමට නොවේ ඒ ඔවුන්ගේ සන්තුෂ්ඨිය උදෙසා පමණි නමුත් ඉතා සුළු පිරිසක් පමණක් ආර්ථික ප්‍රථිලාබ තකා බ්ලොග් පවත්වා ගෙන යන අවස්ථාද නැතුවා නොවේ. සිංහල බ්ලොග් කරණය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වී ඇත එසේම බ්ලොග් කරුවන් අතර ඇති සුහද තාවයට වඩා අද ඇත්තේ කුහක කම්ය ඒ කුහක කමේ ආරම්භය ලබාදුන්නේ සිංහල බ්ලොග් කරණයේ මූලික අඩිතාලම දමන ලද හා මුලදී දියුණුවට ක්‍රියා කළ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ කළ ඒ පණ්ඩිත හැත්ත බවද අකමැත්තෙන් වුවද කිව යුතුය ඔවුන් අටවා ගත් සින්ඩිය වෙත බ්ලොග් ඇතුලත් කිරීමේ දී ඔවුන් දමා තිබූ ලාමක ටිං ටිං නීති මාලාව නිසා එහි අපේ බ්ලොගය ඇතුල් කිරීමට ඇඩ්මින්ලාගේ ූකට වැදිය යුතුය අද බලු කුක්කන් සේ නගුට වැනුවාට ඔවුන් එදා සිංහයින්ය.එසේම එදා දිනපතා ලිපි ලියන ජනප්‍රිය බ්ලොග් කරුවන් අද මාස දෙක තුනකට සැරයක් වත් ලිපි ලියන්නේ නැත එසේ වන්නට හේතුව ඔවුන් තුල ඇතිව තිබෙන කළකිරීම නිසා යැයි කිව යුතුව එදා ජනප්‍රිය බ්ලොග් කරුවන් අතුරින් අදටත් පෙරසේම ලිපි ලියන්නේ දන්නා තරමින් කතන්දර කාරයා සහ මාරයා සහ තවත් කිහිපදෙනෙකු පමණි බොහෝ දෙනෙක් බ්ලොග් කලාවෙන් සමු ගෙනය....


Wednesday, September 12, 2012

ඇස් පරික්ෂාවට ගිය සමරකෝන්....

සමරකෝන්ට ටිකකලක සිටන් ඇස් පෙනීමේ වෙනස් ඇති බව වැටහෙන්නට විය ඔහු ඒ පිළිබඳ දැඩි සිත් තැවුලෙන් ද පසුවිය දිනක් ඔහුට හමුවූ මිතුරකුට මේ බව පැවසීමෙන් පසු ඔහු කියා සිටියේ ඇස් පරික්ෂාකොට ඇස් කණ්ණාඩියක් ලබාගන්නා ලෙසයි ඒ අනුව ටවුමට ගොස් ඇස් පරික්ෂාකර ඇස් කණ්ණාඩි ලබාදෙන ස්ථායට ගොස් තමන්ගේ ගැටලුව එහි වෛද්‍ය තුමාට පැවසුවේය