Ads 468x60px

Friday, September 14, 2012

සිංහල බ්ලොග්,කුහක කම්,භාෂාව හා ඇනෝලාගේ කුණුහරුප

බොහෝ පිරිස් වියණු එසේත් නැත්නම් බ්ලොග් ලියනු ලබන්නේ හුදෙක් ආර්ථික වාසි සඳහා හෝ වෙනයම් යටි අරමුණු ඉටු කරගැනීමට නොවේ ඒ ඔවුන්ගේ සන්තුෂ්ඨිය උදෙසා පමණි නමුත් ඉතා සුළු පිරිසක් පමණක් ආර්ථික ප්‍රථිලාබ තකා බ්ලොග් පවත්වා ගෙන යන අවස්ථාද නැතුවා නොවේ. සිංහල බ්ලොග් කරණය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වී ඇත එසේම බ්ලොග් කරුවන් අතර ඇති සුහද තාවයට වඩා අද ඇත්තේ කුහක කම්ය ඒ කුහක කමේ ආරම්භය ලබාදුන්නේ සිංහල බ්ලොග් කරණයේ මූලික අඩිතාලම දමන ලද හා මුලදී දියුණුවට ක්‍රියා කළ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ කළ ඒ පණ්ඩිත හැත්ත බවද අකමැත්තෙන් වුවද කිව යුතුය ඔවුන් අටවා ගත් සින්ඩිය වෙත බ්ලොග් ඇතුලත් කිරීමේ දී ඔවුන් දමා තිබූ ලාමක ටිං ටිං නීති මාලාව නිසා එහි අපේ බ්ලොගය ඇතුල් කිරීමට ඇඩ්මින්ලාගේ ූකට වැදිය යුතුය අද බලු කුක්කන් සේ නගුට වැනුවාට ඔවුන් එදා සිංහයින්ය.එසේම එදා දිනපතා ලිපි ලියන ජනප්‍රිය බ්ලොග් කරුවන් අද මාස දෙක තුනකට සැරයක් වත් ලිපි ලියන්නේ නැත එසේ වන්නට හේතුව ඔවුන් තුල ඇතිව තිබෙන කළකිරීම නිසා යැයි කිව යුතුව එදා ජනප්‍රිය බ්ලොග් කරුවන් අතුරින් අදටත් පෙරසේම ලිපි ලියන්නේ දන්නා තරමින් කතන්දර කාරයා සහ මාරයා සහ තවත් කිහිපදෙනෙකු පමණි බොහෝ දෙනෙක් බ්ලොග් කලාවෙන් සමු ගෙනය....



බොහෝ (සමහරක්) සහෝදර බ්ලොග් කරුවන් හා බ්ලොග් පාඨකයන් අනෙක් බ්ලොග් කරුවන්ට ධෛර්යය දෙනවා වෙනුවට අද කරන්නේ ලිපි කියවා (ඇනෝ) Anonymous comments මඟින් කුණු හරුප අදහස් දැමීමයි.මඤ්ඤොක්කා කන්න දුන්නම වත්තෙ හතරමායිම් හොයන පිරිසද මේ අතර වේ  "ගොඩක් දෙනෙක් මුලින්ම දකින්නෙ රෝසමලේ නටුවෙ කටු විතරයි ඒත් ඒ කටු සහිත නටුව අග පිපුණ ලස්සන රෝසමල දකින්නෙ කීයෙන් කී දෙනාද?" නිවැරදි  අතරින් වැරදි දෙය දැකීම සාධාරණයි ඒත් භාෂාව අතින් සර්ව සම්පූර්ණ නොවූ බ්ලොග් කරුවන්ගේ වැරදි දෙය පෙන්වා දීම වෙනුවට අශුද්ධ වාග්මලාවන් එල්ල කිරීම කොතරම් දුරට සාධාරණද? එසේ අශුස්ධ වචන එල්ල කිරීමෙන් සමහර බ්ලොග් කරුවන්ගේ සිත් බිඳීගිය අවස්ථාද නැතුවා නොවේ (අපි නම් ඔය වචන දාහතර-පහළොව වාතයක් තරම් වත් ගනන් ගන්නේ නැත) බොහෝ දෙනා බ්ලොග් කරණයේ යෙදෙන්නේ ඔවුන්ගේ අදහස් එකිනෙකා අතර හුවමාරු කරමින් රස විඳීමට මිසක් මහා සාහිත්‍ය නිර්මාණ බිහිකිරීමේ අරමුණින් නොවේ එසේම අද බොහෝ දෙනෙකුට හිටි හැටියේම වගේ ශුද්ධ සිංහල මතක් වී ඇත ඔවුන් අක්ෂර වින්‍යාසය,ව්‍යාකරණ,රීති ආදිය ගැන කැක්කුමෙන් කථා කරයි සිංහල භාෂාව හරි හැටි දන්නා පුද්ගලයින් අපේ රටේ නැති තරම්ය (මිනිසා නැමැති සත්වයා  වෙනත් සතුන්ගෙන් වෙනස් වන්නේද මිනිසා සතු භාෂා සක්‍යතාව  නිසාය එම භාෂාව ශබ්ද මාධ්‍යයෙන් හෝ රූප මධ්‍යයෙන් හෝ එම මාධ්‍ය දෙකෙන්ම ප්‍රකාශනයට පත්විය හැක ශබ්ද මාධ්‍යයෙන් ප්‍රකාශනයට පත්වන දේ භාෂණය ලෙසද රූප මාධ්‍යයෙන් ප්‍රකාශනයට පත්වන දෙය ලේඛනය ලෙසද හැදින්වේ )

අලගියවන්න මුකවෙටි තුමා ගේ සුභාෂිතයේ අවසන් කාව්‍ය දෙකෙහි වියරණ දෝස සහිත බව විද්වතුන් පෙන්වා දෙයි නමුත් ඇතැමුන් පවසන්නේ එසේ නොමැති බවයි එයින් ගම්‍ය වන්නේ සිංහල භාෂාවේ තවමත් සැකසහිත තැන් ඇති බව නොවේද? එසේම ටී බී ඉලංගරත්න ශූරීන් අඹයාළුවෝ නවකථාව ඉංග්‍රීසියට පරිපර්ථනය කරද්දී එහි පිටකවරයේ සඳහන් කළේ  Inseparables ලෙසය නමුත් එම වචනය ඉංග්‍රීසි භාෂාවේදී කිසිසේත් S අකුර දමා බහු වචනයක් කළ නොහැකි වචනයකි එය භාවිතා කළ හැක්කේ Inseparable ලෙස පමණි නමුත් ටී බී ඉලංගරත්නයන් භාෂාවේ කෙළ පැමිණි පඬිරුවණකි ඒ නිසාම අදටත් එම වචනට වෙනස් කිරීමට කිසිම පුද්ගලයෙක් ඉදිරිපත් වී නොමැත එසේනම් ශූරීන් හා ඵඬිවරුන් එසේ භාෂා රීති උල්ලන්ඝනය කරනවා නම් අපවැනි කුහුඹුවන් හාල්මැස්සන් එසේ කිරීම පිළිබඳ මොන කථාද? මාටින් වික්‍රමසිංහ ශූරින් අරිසෙන් අහුබුදු ශූරීන්,තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැනි පුද්ගලයන්ගේ පොත්වල පවා සදොස් තැන් ඇති බව පිළිගන්නා කරුණකි "කිසිදු භාෂාවක් සඳහා සදාතන පැවැත්මක් නැත එය කාලයේ යාත්‍රාවත් සමඟ චඤ්චල විය හැක "  ආදී වශයෙන් අරිසෙන් අහුබුදු ශූරීන් විටෙක පවසා ඇත.හෙළ හවුල සංවිධානය සංවිධානය වුණේ මේ භාෂාව වෙනස් වීම රැක ගැනීම සඳහාය නමුත් අද ඒ සංවිධානයේ වියළි ගිය අසූචි පොදක් හෝ සොයාගැනීමට අසීරුය එය කළ නොහැක්කකි මුල් යුගයේ තිබූ සිංහල භාෂාවෙන් බ්ලොගයක් ලිව්වොත් ඒවා තේරුම් ගැනීමට අසීරු වනවා නියතය එදා තිබූ සිංහල අද වෙනස් වී ඇත එවකට සිංහල භාෂාව පැවතියේ සංස්කෘත භාෂාවට සමානාතාවයකින් යුතුව ඇයි විටෙක මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් පවසා ඇත අද සිංහල භාෂාව  ඉංග්‍රීසි,දෙමළ හා වෙනත් භාෂාවල ආභාෂයෙන් වෙනස් වී ඇත එය විදේශ ආක්‍රමණ සමඟ ඇතිවූ මහා වෙනසකි .පුද්ගල පරිණාමය පිළිබද අප අසා ඇත මිනිසා පරිණාමය නොවුණි නම් අප තවමත් හෙළුවැල්ලෙන්ය අප තවමත් නිගඝණ්ඨයන්ය එසේම භාෂා පරිණාමයද විය හැක එදා භාෂණය හා ලේඛණය අද පරිණාමය වී ඇත එය වරදක්ද?

බොහෝ බ්ලොග් කරුවන් තම ලිපි ලියන්නෙ තම රාජකාරී අතරතුර ලැබෙන පොඩි විරාමය තුලය එය ඔවුන්ට කිහිප වතාවක් කියවා නිවැරදි කිරීමට කාල වේලාවක් නැත. සමහර අවස්ථාවල එම ලිපියේ අකුරු අඩුපාඩු හා ව්‍යාකරණ දෝෂ තිබීමට හැකියාව ඇත එය එතරම් ගනන්ගත යුතු නැත එයට හේතුව බොහෝ පුද්ගලයින් විසින් කියවීම සිදුරනු ලබන්නේ එක් අක්ෂරයෙන් අක්ෂරයට නොව වචනයෙන් වචනයටය එසේම ඔවුන්ගේ මොළය විසින් නචන හදුනා ගනු ලබන්නේ මුල් අකුර හා අවසන් අකුර මඟිනි ඒ බව ඇමරිකානු විශ්ව විද්‍යාලයක් මඟින් කළ පරික්ෂණයකින් ද හෙළිවී ඇත එය වඩාත් තහවුරු කර ගැනීමට පහළ ඇති වාක්‍යය කියවන්න

"වැඩකවරුන්ට විරතයි මේක කිවයන්න පුවළුන්"

එබැවින් මගේ අදහස නම් තොරතුරු සන්නිවේදනය කරගැනීමේදී අක්ෂර වින්‍යාසය එතරම් වැදගත් නොවන බවයි කෙසේ නමුත් සිංහල භාෂාව වල පල්ලට ගියාදෙන් කියන එක නොවෙයි මෙයින් මම අදහස් කරන්නෙ සිංහල භාෂාව අපි රට,ජාතිය ආගම වගේම රැක ගත යුතුයි කියල අවධාරණයෙන් කියනව ඒත් ඒ මහා සිංහල භාෂාව මේවගේ වියණුවකදි හෝ අන්තර්ජාලයේ කෙටි සංවාදයකදි (Chat) ඒ තරම් වැදගත් වන්නෙ නෑ සාහිත්‍යයමය රසය දනවන පොත් පත් වියණු සඳහා ඒ මහා භාෂාව රීති සමඟ පරිහරණය කිරීම සුදුසුයි, විහිළු කථාවක් හරි වෙන මොකක් හරි හාස්‍යය  රසය දනවන කථාවකදි ඇත්තටම මේ භාෂා රීති වැදගත්ද? සිංහල භාෂාවේ කෙළ පැමිණියන් එසේ ලියනවාටද ප්‍රශ්නයක් නැත එහෙත් අනෙක් ඒවාද එසේ වියයුතුමයි යැයි කීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නැත.එසේම අද සමහර වදන් කෙටි කර භාවිතා කරණ අවස්ථා අප දැක ඇත  "අනිවාර්යයයෙන් " කියන වචනය වෙනුවට "අනිවා" යැයි පැවසීම වරදක් ලෙස ඇතැමුන් කියා සිටියත් ඔවුන්ගේ තර්කය වූයේ ළාමක දෙයකි එනම් "හුදෙකලා " වැනි වචන එසේ කෙටි කරන්නෙ කෙසේද ? යන්නයි නමුත් නිතර භාවිතා කරන වචන  එහි අර්ථයට හානියක් නොවන ආකාරයෙන් කෙටි කිරීම කිසිසේත්ම වරදක් වන්නෙ නැතැයි සිතේ එසේම ඒ ආකාරයට වචනයක් කෙටි කර භාවිතා කිරීමේදී එය පරුෂ වචන යැයි සම්මත කරගත් වචන වලට සමානවන අවස්ථා තිබේ නම් ඒවා එසේ කෙටි නොකොට භාවිතා කිරීම සීලාචාරය ( virtuous ) එසේ කෙටි කිරීමට හැකි හා නොහැකි වචන ලෙස නිරවුල් කරගැනීමට වත් බුද්ධියක් නැති පිරිස එසේ ඒවාට විරුද්ධව අදහස් දක්වනවා විය යුතුය වචනයක් දෙකක් කෙටි කළ පමණින් සිංහලේ මුළු වචන මාලාවම කෙටි කළ යුතු යයි අදහස් නොවේ ඉංග්‍රිසී හා ද්‍රවිඩ භාෂාවේද එවැනි කෙටි යෙදුම් අපට නිතර දකින්නට ලැබේ උදාහරණයක් ලෙස Because යෙදුම Coz ලෙස භාවිතා වේ. නමුත් අද බ්ලොග් කරණයට පැමිණි පැරෂුට් කරුවන්ට ඇති වී තිබෙන මේ භාෂා රීති උන්මාදය තව කොතරම් කාලෙකට දැයි කිව නොහැක "අලුත ගෙනා මනමාලි වහලෙත් ගොම ගානවලු " මේකත් ඒ වගේ වෙන්න පුළුවන් අපේ භාෂාවෙන් කියනවා නම් මෙය කෙටිකාලීන ?ුකේ අමාරුවකි.


14 comments :

  1. සිරා කතාවක් කියලා තියෙන්නේ...
    ජයවේවා!!!!!!!!!!!!!

    ReplyDelete
  2. //නමුත් අද බ්ලොග් කරණයට පැමිණි පැරෂුට් කරුවන්ට ඇති වී තිබෙන මේ භාෂා රීති උන්මාදය තව කොතරම් කාලෙකට දැයි කිව නොහැක//

    මෙහෙම සීන් එකක් තියනවා කියලා දන්නේත් අදයි :)

    ReplyDelete
    Replies
    1. සිරාවටම තියෙනව... හරියට රාවණා උන්මාදය වගේ

      Delete
  3. සුපිරිම ළිපියකි. 100% +++++
    අපේ රටේ මිනිසුන් පරිනාමය කියන දේ දන්නේ නෑ. ඕනම භාෂාවක් පරිනාමය වෙනවා. අද ටෙක්ස්ට් මැසේජ් වලින් එන වදන් මාලාව කෙතරම් කෙටිද. නමුත් එහින් අදහස් කරන දේ අඩුවක් වෙලා නෑ. දියුණුව කියන්නේ එයයි. 1940 දී පමණ නිකුත්වූ ඉංග්‍රීසී පොතක් කියවන්න ඩික් එකක් (ශබ්දකෝෂය නැතුව වෙන එකක් නෙමෙයී) නැතුවම බෑ. නමුත් අද එහෙම නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා, මාතල්න්ගෙ පරිණාම අදහසත් ලිපියට ඇතුල් කළා

      Delete
  4. එකගයි. බ්ලොග් ලියන එකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ. එක වචනයක් ඇති ඕන තරම් ඇනෝ comment වදින්න. ලියපු දේ තමන්ගේ හිතට එකග නම් එච්චරයි නේ.

    ReplyDelete
  5. මම තිසරගෙ බ්ලොග් එකට ආවෙත් අදමයි. කියවපු පළවෙනි පෝස්ට් එකත් මේක. මේක මම කියෙව්වෙ අධි වේගයෙන් මොකද මම මේ රාජකාරි වෙලාවෙ මේක බැලුවෙ. නමුත් මේ අදහස් බොහොමයක් මමත් පෞද්ගලිකව දරන, නමුත් වචනයට නොනැගූ ඒවා බව කියන්නම ඕනෙ. නියමයි තිසර. ආයෙ එන්නම්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔවු මම හිතන්නෙ හුඟ දෙනෙක් මේ අදහස හිතේ තියන් ඉන්නවා කියල

      Delete
  6. සමාවෙන්න වැරදුනා. කලින් ආවා නේ? මම හිතන්නෙ මම කමෙන්ට් හෙමත් දාලා තියෙනවා
    :) henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම ඒත් පුදුම වුණා පෝස්ට් 300+ වලින් එකක් වත් නොකියෙවුව කිව්වම

      Delete
  7. ඇනෝ කතා එක අතකින් හොඳයි අනෙක් අතට නරකයි
    හැබැයි ඇත්ත තමා නමින් ඇවිල්ලා හොඳ කියලා යන අයම තමයි ඇනෝ ඇවිල්ලා දෙසලා යන්නේ

    ReplyDelete
  8. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...