Ads 468x60px

Tuesday, July 2, 2013

බැළලිය පැටව් කෑම සහ මව් සෙනෙහස.....

සමහර බැළලියන් පැටව් දාලා ඒ පැටව් දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඔක්කොම පැටව් ටික හරි කා දමනව ඒත් ඊළඟ වතාවෙ පැටව් දැම්මම නම් කන්නෙ නෑ මේ හරි ප්‍රශ්නක් ඒත් සමහරු කිව්වෙ අතීතෙ ඉඳන් එන වෛරයක් නිසා එහෙම වෙනව කියල ඒත සමහරු කිව්වෙ සමහර බැළලියන්ට දොළ දුක වගේ එකක් හැදෙනව ඇති කියල තවත් සමහරු කිව්වෙ අමුතුම කථාවක් ඒ තමයි මව් සෙනෙහස කියල... මේ මොන කථාවක්ද? මව් සෙනෙහසට පැටව් කාලා දානවද? ඒක හරිම දුක හිතෙන කථාවක්...


ස්වභාවධර්මය කියන්නෙ මහ පුදුමාකාර දෙයක් තවමත් කාටවත් ඒක වටහා ගන්න වත් බැරි වෙලා තියෙනව තිරිසන් සතුන් බොහෝමයක් වගේ කුඩා කාලයේ සිටම තනිව ජීවත්වෙන්න පටන් ගන්නව මිනිස්සුන්ට වගේ කවලා පොවල වැඩි කාලයක් පැටවුන් නඩත්තු කරන්න අමාරුයි ආයුෂත් කෙටියි ඉතින් තනිව ජීවත් වෙනකොට තනිවම සතුරන්ට මුහුණ දීල බාධක ජය අරගෙන තමාගෙ ආහාරවේල හොයාගන්න අපමණ වෙහෙසක් දරන්න ඕන ඒකට හොදට ශක්තිය තියෙන්න ඕන අංගවිකල හරි දුර්වල හරි රෝගී හරි  එකෙකුට ඒ ජීවිතය ජය ගන්න අමාරුයි අන්න ඒ නිසයි බොහොම දුකෙන් උණත් ඒ වගේ පැටවු හම්බවුණාම උන් විනාශකරල දාන්නෙ ඒ වගේම සමහර අවස්ථාවල එක පැටවකු ඉතිරි කරගෙන ඌ මැණිකක් වගේ පරිස්සම් කරන අවස්ථා එහෙමත් දැකල ඇති අන්න ඌ තමයි එතන ජීවත් වෙන්න සුදුසු එකා  අනවශ්‍ය උන් එහෙම විනාශ කරල නොදැම්මොත් උන් අපමණ දුක් විදලා ටික කලකින්ම මැරිල යනව ... ඒ ටික දන්න බැළලිය එහෙම වෙන්න නොදී ස්වභාව ධර්මයට අනුව මේ විදියට ක්‍රියා කරණව මිනිස්සු නම් බොහොම කැත විදියට තමයි ඒ වගේ පැටව් කන බැළලියන් දිහා බලන්නෙ ඒත් ඒක හරිම සංවේදී කාරණයක්.... තිරිසන් සතුන් අතුරෙන් අංගවිකල හෝ දුර්වල සතුන් ඇත්තේ අල්ප ප්‍රමාණයකි ඒ කුඩා කළම එවැනි සතුන් විනාශ කර දමන බැවිණි.....

මිනිස්සුන්ට වගේ හිතන්න කල්පනා කරන්න ශක්තියක් නැතත් තිරිසන් මොළෙන් කල්පනා කරල කරන්න තියෙන හොඳම දේ තමයි ඌ කරන්නෙ 

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...