Ads 468x60px

Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

Friday, May 2, 2014

මහඇමති දයාසිරි පොල්ල වනා වැඩ පෙන්වයි...

මෙවර 2014 ලෝක කම්කරු දිනයට සමගාවීව පොදුජන එක්සත් පෙරමුණ මඟින් පැවැත්වුණු මැයි පෙළපාලියේ කාගෙත් සිත්ගත් අංගය වූයේ වයඹ මහඇමති ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් පෙළපාලිය පුරාවටම පොළු හරඹ,කඩු හරඹ.බෙර වැයුම් ආදියෙන් ඒකපුද්ගල දක්ශතා ප්‍රදර්ශනයක් (Talent Show) පවත්වමින් ගමන් කිරීමයි...විශේෂයෙන් නැටුම් ගැයුම් වැයුම් වලට හපන් කම් දක්වන ඇමතිතුමා ඉදිරියේදී රංගන ශිල්පියකු ලෙස ද දස්කම් දක්වන්නට බලාපොරොත්තු වන බවට වටින් ගොඩින් ආරංචි කටකථා ගලා යමින් පවතී ......අහුලා ගත් පින්තූර කිහිපයක්  සහ වීඩියෝවක් පහතින්

Thursday, May 1, 2014

එ ජා ප මැයි පෙළපාලියේ සෙල්ලං පිස්තෝල.....

අද දින එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය අම්පාර නගරයේදී පැවැත්වුණා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් සහ දයා ගමගේ මහතාගේ සංවිධානයෙන් තමයි රැලළිය පැවැත්වුනේ ඒ වගේම එහිදී විශාල ජනතාවක් දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් සහභාගි වී තිබුණා මෙහි දී විශේෂ සිදුවීම වන්නේ බොහෝ දෙනෙකු සෙල්ලං පිස්තෝල අතැතිව සහභාගි වීමයි එහි රෑලියේ ඡායාරූප කිහිපයක් පහතින්.....



සෙල්ලං පිස්තෝල අතැතිව 

Monday, March 31, 2014

ගාල්ලෙ ගොං හරක් සහ මාතර හරක්......

2014 මාර්තු 29 වෙනිදා පැවති ඡන්ද ප්‍රථිපල අනුව ගාල්ල සහ මාතර ගැන අන්තර් ජාලයේ බොහෝ සෙයින් කථා බහට ලක් වුණේ මෙලෝ රහක් නැති අශීලාචාර ගති පැවතුම් ඇති ගොං බාන් පිටින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම නිසායි... කෙසේ හෝ මනාප ඡන්ද ප්‍රතිඵල අවසානයේ ගාල්ල  දිස්ත්‍රික්කයෙන් අහන්ට ලැබුණේ ගිය වර පළාත් සභා ඡන්දයේදී එළියේ දාගෙන රඟන සිංහල වත් කථාකරගන්නට බැරි නළඟනක් වෙත ඡන්දය ලබා දී ජයග්‍රහණය කරවූ පරිද්දෙන්ම එවැනිම තවත් ගොං බඩ්ඩක් මෙවරද ජයග්‍රහණය කරවීමට ගාල්ලෙ ගොං බඳින කණු වැනි 26,932 ජනතාවක් ඉදිරිපත් වීමයි... ඇත්තටම මෙවන් අශීලාචාර ගැහැණුන් ඡන්දයක් ජයග්‍රහණය කරවීම එසේ නැත්නම් නායකත්වක් සඳහා සුදුසු යැයි අනුමත කිරීමට තරම් මෝඩ මිනිසුන් තවමත් සිටිනවාය යන්න සිතන විටත් ඇති වන්නෙ කණගාටුවකි...  කිසිදු වැඩගැම්මකට නැති නළු බට්ටන් පත් කිරීම අනුමත කළ නොහැක ... කෙසේ වෙතත් ගාල්ලෙන් ගොං බානක් ඉල්ලුව හොත් ඡන්ද බානට සමානව බෙදී යන හෙයින් මාතරින් තරඟ වැද දිනන්නට සිතා මෙවර පළාත් සභාවට මාතරින් තරග වැදුනු ඇය උදළු තල බෙදමින්  මිනිසුන් රවටා ගැනීමට අපමණ වෙහෙසක් දැරුවද මාතර මිනිසුන් ගාල්ලෙ ගොං හරක් මෙන් නොවන බව කියා පාමින් ඇය ගේ තලය ගෙන ඇය ගෙදර යැවීමට ක්‍රියා කළේය.. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විසින්  ද එවැනිම ගොං භාණ්ඩයක් ඉදිරිපත් කර තිබුණේ ප්‍රසිද්ධිය නිසා පක්ෂයට වැඩි ජයග්‍රහණයක් ගෙනේ යැයි සිතාය ... සිතුවා මදිය මාතර ගාල්ලේ තරම් ගොං වස්සන් වැස්සියන් නැති බැවිණ් ඇයටද අත් වූ ඉරණම පරාජයයි කෙසේ වෙතත් සංසන්ධනාත්වකව බැලුව හොත් ගාල්ලේ සිටින ඡන්දදායක ගොං හරකුත් සහ මාතර ඇති ගොං හරකුන් ගනන අනුව මාතර ප්‍රමාණය ටිකක්  අඩුය.. ගාල්ල 26 932 කි මාතර 19 848 කි වෙනස 7084 කි


Monday, February 27, 2012

අම්පාර උද්ඝෝෂණයේ ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය

ඊයේ දිනයේ දිවයින පුරා දියත්කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ අම්පාර උද්ඝෝෂණය අසාර්ථකම උද්ඝෝෂණ බවට පත්විය. හේතුව එම උද්ඝෝෂණයේදී ගෙන ගිය පෝස්ටර් වල තිබුණේ මෙවැනි වඳන්ය...... බඩුමිල අඩුකරපියව්!, පාන්කාලා හමාරයි!, පෙට්ට්‍රල් මිල අඩුකරව්, ඩීසල් මිල අඩුකරව්, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නවතනු!.... වැනි වදන්ය බලා සිටි අයද මේවා දැක මවිතයට පත්විය... සිදුව ඇත්තේ උද්ඝෝෂණයට යාම සඳහා රැස්වසිටි පිරිසට උද්ඝෝෂණ ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පිරිසක් පැමිණ කඩිමුඩියේ  පෝස්ටර් බෙදා දී ඇත තමන් ආවේ කුමකටදැයි කියාවත් හරි හැඩි නොදත් ජනතාව ඒවා ඔසවාගෙන අපේ ජනාධිපතිට බුදුබව ලැබේවා !, ඇමරිකාව බංගවේවා! ඔබාමා මකබෑවේවා! යූ.එන්.පී කොටි හවුලේ කපුවා ඇමරිකාවද ආදී වශයෙන්  සටන් පාඨ කියමින් අර පෝස්ටර් උස්සන් යන්නට විය...නගරයේ මැද හරියට පැමිණෙත්ම එය දුටු නගරසභා මන්ත්‍රීවරුන් වහාම එම පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කළත් ඒවන විට වෙන්න ඔන හරිය සිද්ධවී හමාරය....මෙය  ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය ක් බව ‍බොහෝ දෙනාගේ අදහසයි......

Monday, January 2, 2012

දයාගෙ සල්ලිවලට දෙකට නැමුණ යූ .ඇන්. පී මංත්‍රී හැත්ත‍‍‍‍‍...

අලුත් අවුරුද්දෙ පළවෙනි ලිපියම දෙහි කැපිල්ලක් වීම ගැන කණගාටුව පළකර සිටිමි.....එක්සත් ජාතික පක්ෂයේ නිලවරණය අවසන් වී දැන් බොහෝ කලක් ගෙවිල ගිහින් ටිකින් ටික ඒ උණුසුම යන්න කලින් මටත් මේකට හොට දාන්න හිතුණ.. ඇත්තටම නිලවරණයෙදි මොකද වුණේ කියනවනම් යූ ඇන් පී යෙ බහුතර මංත්‍රී හැත්ත තමන්ගෙ හෘද සාක්ෂීය පවා මුදලට පාවා දුන්න කියල තමයි කියන්න වෙන්නෙ... ඒ ත් සමහරු නම් කියනව ප්‍රථිපත්තියක් නැති කරුට වඩා රනිල් හොඳයි කියල ඒත් හොඳයි කියන්නෙ කොහොමද යකෝ බඩ යන්න වගේ පරදිනව නම්......


Sunday, March 27, 2011

සජිත් , ප්‍රේමදාස මහත්තයගෙ පුතෙක් නොවෙයි!

හැමෝම වගේ පහුගිය ඡන්දයේ අන්ත පරාජය සමඟ යූ ඇන් පීය ගැන බොහොම කලකිරීමෙන් තමයි කථා කලේ හැමෝම හිතුවෙ මේකෙන් පස්සෙවත් ලොක්ක  අස්වෙලා හම්බන්තොටට නායකත්වය දීල නව ගමනක් අරඹාවි කියල කොහොම වුණත් සිද්ධ වුණේ හැමොම පුදුමයට පත්වන ආකාරයේ දෙයක්... කරු ජයසූරිය මහත්තයට අමතරව තවත් නියෝජ්‍ය නායක කමක් ඇති කරල සජිත්ට දුන්න සජිත් උන්නැහේත් ඒක හිනාවෙලා භාරගත්ත. රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා සජිත් නායක කමට සුදුසුයි කියල යෝජනා කරද්දි ඒ යෝජනාව ස්ව කැමැත්තෙන් අස්කරගන්න තරම් සජිත් තුච්ච වුණේ ඇයි? ඡන්ද කාලෙ මම නායකත්වයට පත්වෙනව , මෙවර යූ ඇන් පී කාරයො අවුරුද්ද කන්නෙ සජිත්ගෙ නායකත්වයෙන්... කියල යටිගිරියෙන් කෑ ගහපු සජිත්ට මොකද වුණේ ??? 

Wednesday, March 23, 2011

දුන්න පොරොන්දු ඉටුකරපල්ලා....

දහසක් පොරොන්දු අහිංසක මිනිසුන්ට වපුරපු අපේ දේශපාලන හැත්ත අද ජයග්‍රහණයෙන් උදම්ව ජයපැන් බොමින් ජයඝොස නඟමින් පාර පුරා පෙළපාලි යති...අහිංසක මිනිසුන්ද ඔවුන්ට අද ඔල්වරසන් දෙමින් බලු කුක්කන් සේ ඔවුන් පිටුපස ගමන් කරති එහෙත් තව නොබෝ දිනකින් සිදුවන දේ කුමක්ද? මිනිසුන්ගේ ජීවිත සුපුරුදු ලෙසට පත් වන අතර අරුන්ගේ සාක්කුවල රුපියල් දහස් ගනන් පිරෙන්නේ ඒ පස්සෙන් ගිය මිනිස්සුන්ගේ රටේ සියලුම මහජනතාවගේ සල්ලි වලිනි....අඩුම තරමින් ඔවුන් ගහන මාටියා පාරටවත් හරියන්නට ජනතාවට සේවයක් කරනවානම් දුක නැත. ජනතාවට සේවය කරන්නට එන බව පවසමින් ගැසූ ඒ පොරොන්දු ඉටු කිරීමට දැන් ඔබට කාලය එළඹ ඇත..

Tuesday, March 22, 2011

රනිල් වල් බල්ලා වෙයිද?

දිගින් දිගටම පරාජය පමනක්ම විඳින අපේ අසරණ යූ ඇන් පී කාරයින්ට අද වැලේ වැල් නැත... ඡන්ද ප්‍රතිඵල දිහා බලමින් ඔවුන් සුසුම් හෙලන්නේ අතීතය ගැන සිහින මවමිනි. පක්ෂයට හිතැති කවදත් යූ ඇන් පී කාරයින් එසේනැත්නම් කැපුවත් ‍කොළ රුධිරය ගලන නියම යූ ඇන් පී කාරයින් අද කඳුළු හෙලන්නේ යූ ඇන් පී ආණ්ඩුවක පෙර මඟ සලකුණු පවා මැකී ගොස් ඇති බැවිණි. ඒ ඉලව් අස්සේ සිරිකොත මන්දිරයේ ගොන් පොර අල්ලන යූ ඇන් පී පාලන හැතිකරය නායකත්වය වෙනුවෙන් ඔවුන් ඔවුන් ඇන කොටා ගනිති. ලෝකයේ එක දිගටම වැඩිම වාරගනනක් පැරදුන විපක්ෂ නායක රනිල් මහතාද  නායකත්වය වෙනත් කෙනෙකුට දීමට මැලිවන්නේ ඔහු ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයා වන බැවණි... ජනතාවට හොරා මහින්ද රාජපක්ෂමහතාගේ පිටිපස්ස ලෙව කන ඔහුට ඒ වෙනුවෙන් මස්කටු ලැබෙන බවද අහිංසක යූ ඇන් පී කාරයින් දන්නෙ නැත...

Monday, February 28, 2011

එළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද?

මිනිසුන් තිරිසනුන් මෙන් එළිමහනේ ප්‍රසිද්ධ ස්ථානයන්හී මලපහ කරන්නේ නැත ඒ විලි ලැජ්ජාව ඇති නිසාය බුදුන්වහන්සේ දේශනාකළ දේව ධර්මයෙන්ද කියවෙන්නෙ හිරි-ඔත්තප්ප නැත්නම් ලැජ්ජ-භය යන කරුණු කාරණාය අධර්මය රජයන යුගයක මෙවැනි එළිමහනේ මලපහ කරන මන්ද මානසිකයින් හිඳීම පුදුම විය යුතු ද නැත...රටට තොරතුරු සපයන  රජයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක ලොක්කෙකු වන මෙම කුක්කා විසින් විපක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ අනෙකුත් මංත්‍රීවරුන්ගේද රජය විවේචනය කරන අයගේ ද චරිතයන් අමු අමුවේම ඝාතනය කර දමන්නේ රජයේ මාධ්‍ය හරියට උගේ යැයි සිතාය අතිගරු ජනාධිපති තුමාගේ සරම පල්ලේ දැවෙටෙමින් කටු කන්නට පුරුදුවී ඇති හෙතෙම විමසුම යක්ෂාවේශය වැනි විකට වැඩසටහන් වලට පිටපත් සපයන්නෙකුද වෙයි විලිලැජ්ජාව ගෑවී හෝ නැති මොහු ආර් ප්‍රේමදාස මහතාගේ ගම්උදාවට බණිමින් දැයට කිරුල හොඳ යැයි පුච්චානාම් කියන්නේ මහජනතාව බබ්බුන් යැයි සිතා විය යුතුය....රටේ විපක්ෂ නායකයා සහ විපක්ෂයේ නායකයින් පිස්සන් යැයි කීමට ඔහු ගන්නා වෙහෙස අපමණය එකම වීඩියෝ පටය නැවත නැවත ප්‍රඡාරය කිරීමෙන්  පොඩි ළමයෙකුට වුවද මොහුගේ මන්ද බුද්ධික කම තේරුම් ගත හැකිය

එවැනි චරිත ලක්ෂණ වලින් හෙබි මෙම කුක්කා විසින් 26 වන දා පැවති ක්‍රිකට් තරඟය පරාජය වූයේ මහේල සහ කිලාන් සමරවීර තරගය පාවාදුන් නිසා බව පවසයි  හැමදාම පොදුපෙරමුණු ආණ්ඩුවක් තියේවී යැයි හිතාගෙන සිටිනවා සේම හැමදාම එකවගේ ලකුණු ගන්නට හැකියයි මෙම කුක්කා සිතා සිටිනවා  විය යුතුය, රජය මොන මල ඉලව්වක් කළද හැමදාම මිනිසුන් ඉවසාවි යැයි සිතා සිටිනවා සේම හැමදාම අපේ ක්‍රිකට් කණ්ඩායම දිනනවා යැයි මොහු සිතා සිටිනවා විය යුතුය....එවැනි මන්ද මානසික හැඟීම් ඇති පුද්ගලයින් මාධ්‍ය ලොක්කන් කලේ කව්ද? අතිගරු ජනාධිපති තුමනි මිනිසුන් ගැවසෙන එළිමහනේ මලපහ කරන මෙවැනි ..පුද්ගලයින් හට මහජන මුදලින් හෝ  වහාම වැසිකිළියක් තනා දිය යුතුව ඇත එසේ නොමැති නම් මොහු විසින් තවදුරටත් ඔබගේ රජමැදුරේ මලපහ කරමින් තව තවත් ගඳ ගස්සවනු ඇත......




පිටපත- මනුස්සකම 

Wednesday, December 22, 2010

කොට ඇඳුම් හා යට ඇඳුම් පිළිබඳ ගරු අමාත්‍ය තනතුර කාටද?

අපේ නූතන නායකයො හදන්නෙ මේක බබා ලන්තයක් කරන්න වගේ.. පාන් මිල වැඩිකරල ජනතාවට විහිළු සපයන අපේ ඇමති වරු කිව්ව හාල් පරිභෝජනය වැඩිකරන්න තමයි එහෙම කරේ  කියල ඔව් ඉතින් අපේ රටේ ඉන්නෙ ආණ්ඩුව කියන ඕනම කුණුහරුපයක් අහල අප්පුඩි ගහ ගහ සතුටුවන ලාංකේය අභිමානවත් ජාතියක් නේ....වීරවංශ ඇමති තුමයි අගමැති තුමයි පාන් මිල තව තවත් වැඩිවේවා කිය කියා මිනිස්සු ගොනාට ඇන්දුව මතක නේ.. ඔන්න ඒවගේ තවත් අඩව්වක් මේ ආණ්ඩුව විසින් ලඟදිම අල්ලන්න ලෑස්ති වෙන්නෙ ඒ තමයි මේ රට ධාර්මීක රටක් කරන්න කියල කොට ඇඳුම් තහනම් කරන්න හදනවා ඒ වගේම යට ඇඳුම් අනිවාර්ය කරනවලු...හික්z

Thursday, November 25, 2010

යූ.ඇන්.පී දුම්මල වරම....

යූ.ඇන් පීයට අරක් ගත් මහා යක්ෂයින් භූතයින් පළවා හැරීමට නැකැත් යෙදී තිබෙන ලබන මස 12 වන දින දුම්මල වරමින් සන්නද්ධ සාමාජිකයින් විසින් මහා යක්ෂයන් භුතයින් පළවා හරිනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතයයි. දේවත්වයට ආසන්න වූ ඩී.ඇස් සේනානායක මහතාගෙන් ඇරඹි එක්සත් ජාතික පක්ෂය පසුකලෙක ජේ.ආර්, ප්‍රේමදාස වැනි මනුෂ්‍යයින් විසින් රැක ගත්තද මේවන විට එක්සත් ජාතික පක්ෂයට අරක්ගත් ඇතැම් මහා යක්ෂයින් ප්‍රේතයින් විසින් එය නැති භංගස්ථාන කොට හමාරය. රටේ ප්‍රභල විපක්ෂයක් නැති කොට ආණ්ඩුව ඉබාගාතයේ යෑම වැලැක්විය නොහැකිය "අම්මා නැති කලට අප්පා කවර කල" කිව්වලු මේ සැරේ අයවැය බැලුවම හිතාගන්න පුළුවන් නේ ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රතිපත්තිය...

Tuesday, September 7, 2010

එක්සත් ජාතික පක්ෂය

රටේ තනි පක්ෂයක් වශයෙන් ඉතා ප්‍රභල පක්ෂයක්ව පැවති එක්සත් ජාතික පක්ෂය අද ගරා වැටෙමින් පවතින පක්ෂයක් බවට පත්වී ඇත.එසේ වන්නට ප්‍රධානතම හේතුව වශයෙන් මා දකින්නේ නායක්වය පිළිබද ප්‍රශ්නයයි..මෙයට සම්පූර්ණ වගකිව යුත්තා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාය ඔහු මේවන විට දේශපාලන වශයෙන් පිරිහීමකට පත්ව ඇත...බොහෝ පාකිෂිකයන් නායකත්වය ප්‍රතික්ෂේප කරති එවැනි තත්වක් තිබියදීත් පක්ෂ නායකත්වය දරා සිටීමට රනිල්මහතාට විලි ලැජ්ජාවක් ද නැත.

Monday, August 9, 2010

මහින්ද-නාමල් පිය-පුතු ගැටුම!

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එතුමාගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ අතර දේශපාලන මත භේදයක් උද්ගතව ඇතැයි කට කථා ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලැබී ඇත. මෙම පිය-පුතු මත භේදයට හේතුව කුමක්දැයි තවමත් නිෂ්චිත වශයෙන් දැන ගැනීමට නොහැකි විය සමහරවිට මෙය ‍‍පෞද්ගලික අමනායක් වියහැකි බව ද ඇතැමුන්ගේ අදහසයි.

Saturday, July 31, 2010

ජොබ් කාරයෝ...

අද දේශපාලකයින් ජොබ් කාරයින් වී ඇත...බොහෝ තරුණ පිරිස ඔවුට උදව් කරන්නේද රැකියාවක් අපේක්ෂාවෙනි දිවා රෑ වෙහෙසෙමින් ගෙයින් ගෙට යමින් පෝස්ටර් අලවමින් දේශපාලකයින් දිනවීමට දහඩිය මහන්සිය හෙලන්නේ රට දිනවීමට වත් ගම දිනවීමටවත් නොවේ තමන්ට හෝ තමාගේ පවුලේ හිතමිත්‍රාදීන්ට රෑකියාවක් බලාපොරොත්තුවෙනි දේශපාකයින්ද මේ අනුව හැඩ ගැසී ඇත්තේ එබැවිණි. තමන්ට කත් ඇදි අයට ජොබ් දෙකතුනක් ලබා දී ඇඟ බේරා ගැනීමට දේශපාලකයින්ද පුරුදු වී ඇත..

Sunday, July 4, 2010

ග්‍රීන් බ්ලඩ්

රනිල් වික්‍රමසිංහ මහතා යූ.ඇන්.පී පක්ෂනායකයා වශයෙන් සිටිය යුතුබව පිළීගන්නා එම පක්ෂයේ ඇතැම් ප්‍රභලයින් මෙම පක්ෂයේ පරිහානියටද හේතු වී ඇත ඒ අතර අන්තර්ජාලයේ මූණුපොතේ සංගමයක් විසින් උපරිමයෙන් රනිල් වික්‍රමසිංහමහතාට සහයෝගය දක්වති ඒය ග්‍රීන් බ්ලඩ් (Green Blood UNP ) නම් වේ.

Thursday, June 17, 2010

මනමාලයා නැති මඟුල් ගෙදර....

අද දින මහා උජාරුවෙන් සමරන ශ්‍රී ලාංකේය විරුදිනය පිළිබඳව යමක් මනුස්සකම වෙනුවෙන් කියන්නට අදහස් කරමි... යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා උර දුන් අතිගරු ජනාධිපති තුමා ඇතුලු දැයේ වීරෝදාර පුද්ගලයින් වැඩිපිරිසක් එකතුවී අද දින මහා උත්සවයකි නමුත් යුධ ජයග්‍රහණයට සෟජුවම උරදුන් රුදුරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර වලටද ගොදුරුවූ ප්‍රධාන චරිතයක් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද  සිරකුටියක හිඳ හිතින් මේ දිනය සමරනවා ඇත....අද ඔහුගේ නමක් හෝ ප්‍රකාශ කිරීමක් සිදු නොවේ මෙම සිදුවීම දුටු ඕනෑම කෙනෙක්ට සිහියට නැගෙන්නේ මේක හරියට මනමාලයා නැති මඟුල් ගෙදරක් වැනිය යන්නයි...

Thursday, June 3, 2010

එක්සත් ජාතික පක්ෂයේ ජනතා නායකයා සජිත් ප්‍රෙමදාස.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරුන් විය යුතුද ? යන ප්‍රශ්නය ඔස්සේ මනුස්සකම බ්ලොග් අඩවිය පැවැත්වූ ජනමතය නිමාවට පත් කරමින් එහි ප්‍රතිඵල ඔබවෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු එම මත විමසුමේදී 64% දෙනා සජිත් ප්‍රේමදාස මහතා සුදුසු යයි ද 27% දෙනා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුයි යන්න ද 9% දෙනා මේ දෙදෙනා හැර වෙනත් කෙනෙකුන් විය යුතුය යන්නත් ප්‍රකාශ කර ඇත. මෙම මත විමසුම සම්පුර්ණයෙන්ම මධ්‍යස්ථව පැවැත් වුණ බවද කිව යුතුය. මිනිසුන්ගේ සැබෑ මතය  සැම විටම රටට හෙළිකරණ  මනුස්සකම බ්ලොග් අඩවියේ මීළඟ මත විමසුම කුමක්දැයි තවමත් තීරණය කර නොමැත ඉදිරියේදී කාලීන මාතෘකාවක් ඔස්සේ මතවිමසුමක් ඉදිරිපත් කෙරෙණු ඇත.



Wednesday, April 28, 2010

එක්සත් ජාතික පක්ෂ නායකයා කවුරුන් වියයුතුද?

එක්සත් ජාතික පක්ෂ නායකයා කවුරුන් වියයුතුද? යන මාතෘකාව ඔස්සේ තවත් දේශපාලනික වශයෙන් මතභෙදයට තුඩුදිය හැකි තරඟයක් පවත්වන්නයි මගේ අදහස.මගේ පෞද්ගලික අදහස නම් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය භාරදීමට කාලය එළඹ ඇති බවයි කෙසේ වෙතත් විවිධ පුද්ගලයින් මේ ගැන විවිධ මත පලකරති බොහෝපිරිසකගේ අදහස් මොනවාදැයි විමසා බලමු. කළ යුත්තේ  පහත ඇති සබැදියෙන් අදාල අඩවිය වෙත පිවිස කැමැත්ත පලකිරීමයි.



Saturday, April 24, 2010

හම්බන්තොටට ඇමතිවරයෙක් දෙන්න...

හම්බන්තොට දිස්ත්‍රික්කය මෙවර මැතිවරණයේදී වඩාත් කතාබහට ලක්වූ දිස්ත්‍රික්කයකි ඒ රාජපක්ෂ පරම්පරාව ආරම්භ වූ බැවිණි නමුත් මෙවර ඇමති මණ්ඩලය පත්කිරීමේදී හම්බන්තොටට කිසිම කැබිනට් ඇමති වරයෙකු නම් නොකිරීම පුදුම සහගතය වැඩිදෙනෙකු බලාපොරොත්තු තබා සිටි චමල් රාජපක්ෂ මැතිතුමාද කථානායක ධුරය භාරගත් බැවිණ් මෙම තත්වය උදාවී ඇත කෙසේවෙතත් දේශපාන පරිනත බවින් මීළඟට සිටි මහින්ද අමරවීර මහතාටද හිමිව ඇත්තේ නියෝජ්‍ය ඇමති කමකි හම්බන්තොට ජනතාවගේ බලාපොරොත්තු කඩකරමින් සිදුව ඇති තත්වය නිසා බොහෝ පාක්ෂිකයන් සහ සියලුම ජනතාව කනස්සල්ලෙන් පසුවෙති.සීඝ්‍රදියුණුවක් කරා ගමන් කරන හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් කැබිනට් ඇමති ධූරයක් ලබා ගැනීමට අතිගරු ජනාධිපති තුමන්ගෙන් ඉල්ලීමක් කළයුතු බව සැමගේ මතයයි.ඇමති වරුන් පත් කිරීමේදී සෑම දිස්තුික්කයකටම අඩුම තරමින් එක් කැබිනට් ඇමති නරයෙක් හෝ පත් කළේනම් එය සුභවාදී තත්වක් යැයි හැගේ ...දිගු කාලීන නිදහස් පක්ෂයේ පාක්ෂීකයකුවන හිටපු කැබිනට් ඇමති මහින්ද අමරවීර මහතාට නැවතත් ඇමති ධුරයක් ලබාදෙන්නේ නම් මැනවි.

Friday, April 23, 2010

නරියාට කුකුළ් කොටුව....

  2010 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් පොදුජන එක්සත් පෙරමුණේ ඇමති මණ්ඩය නොබෝදා තේරී පත්කෙරුණි එහි දී විවිධ හැල හැප්පීම් සිදුවූ බවද නොරහසකි.කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන යන මතයෙහි අතිගරු ජනාධිපති තුමා සිටින බවත් සුදුසුකම් අනුව ඇමති මණ්ඩලය පත් කරනු ඇති බවටත් මිනිසුන් තුල වූයේ දැඩි විශ්වාසයකි ඇමති මණ්ඩලය පත්කෙරුණ ආකාරය ගැන දැනි බොහෝ පිරිස් මත පලකරති.මෙම ජනතා වශ්වාසය ගිලිහී ගිය තැනක් ගැන ඔබට කියන්නට අප පසුබට නොවෙමු.

     එනම් ඇමති මර්වින් සිල්වා මහතා ගැනයි. පසුගිය ලිපියක එතුමා ගේ හොඳ පැත්ත ගැන කරුණු ඉදිරිපත් කර තිබුණද එතුමාගේ නරක පැත්ත ගැනද කියන්නට මනුස්සකම  අඩවිය ඉදිරිපත් වේ....පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ කරුණු කාරණා අතර ඇමති මර්වින් සිල්වා මහතාගේ ක්‍රියා කලාපය විශේෂ වේ තම අනිසි බලය භාවිතා කර ජනමාධ්‍ය ආයතනයන්ට ඇඟිල්ල ගැසීම ඉන් එකකි..ජාතික නාලිකාවේ සභාපතිවරයාට පහරදීමට යෑම,සිරස නාලිකව වෙත අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් කිරීම ආදියත් ජනමාධ්‍ය වේදීන්ට තර්ජනය කිරීම් හා බිය වැද්දීම් කිරීමත් අමතක කලනොහැක..එවන් ක්‍රියා කලාපයක් සහිත් පුද්ගලයෙකුට ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය භාර දීම කොතෙකුත් දුරට සාධාරණද? සුදුස්සාට සුදුසුතැන යන සංකල්පය එතැනින්ම විනාශ වී ගිය බව හැගේ නරියාට කකුල් කොටුව භාරදුනහොත් කුමක් සිදුවේද? ශ්‍රී ලංකා ජනමාධ්‍යයට අහවල් දෙවියන්ගේම පිහිටයි!
ගරු මර්වින් සිල්වා ඇමති තුමණි ඉදිරියේදී එවන් අසාධාරණකම් සිදු නොවන බවට මිනිසුන් ඉදිරියේ ප්‍රතිඥා දියයුතුය.