Ads 468x60px

Wednesday, April 23, 2014

සෙල්ලම් පොලිස්.....

අපි ඉස්සර හින්දි-දෙමළ ෆිල්ම් බලද්දි ඉන්දියාවෙ පොලිසියේ පජාති වැඩ හොඳට දැකල තියෙනව ඒත් අද ඒ ෆිල්ම් වල තියෙන දේවල් මෙහේ සජීවීව දැකගන්න  අවස්ථාව උදාකරල දීල තියනව මින් පෙර කිසිදු ආණ්ඩුවකින් නොවුණ ආකාරයට අද ඇස් කණාපිටම ඒ දේවල් සිද්ධවෙන්න පටන් අරගෙන ...ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ කියල අපි ඒ කාලෙ හිතන් හිටියෙ ඒත් දැන්....... !! පක්ෂ පාට කුමක් වුවත් ඇස් කණා පිටම අසාධාරණය පෙනි පෙනි ඒවා ගැන මුකුත් නොකියා නිවටුන් සේ ඉන්න තරම් අපි තවමත් කුජීත වෙලා නැති නිසා මේ විදියෙ පොඩි හරි සටහනක් තියන්න හිතුවෙ....දේශපාලන බලපුළුවන්කාරකම් අද හැම තැනකම රජ කරනවා යකෝ අපට දැන් වෙලා තියෙන්නෙ මේව දැක දැක නොදැක්ක වගේ ඉන්නද?  නැත්නම් ඉතින් මුන් සේරම මරාගෙන මැරෙන්න තමයි වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු රකින්න හිටපු ආරක්ෂා කරන්න හිටපු උන් සාමය ආරක්ෂා කරන්න හිටපු උන් අද අපිටම එරෙහි වෙලා.. ඇත්තටම ඉන්නෙ සෙල්ලං පොලිසියක් ,රිමෝට් පොලිසියක් දේශපාලුවන්ගෙ ,ලොක්කන්ගෙ අතේ තියෙන රිමෝට් එකෙන් උන් ටික පාලනය වෙනව ඇත්ත පිස්තෝල පවා අද උන්ට සෙල්ලං ඒව වෙලා... උන්ට නං මේව සෙල්ලං තමයි ....

එක එකා කියන විදියට තම ආත්ම ගෞරවය පවා බල්ලට දමලා මෙහෙම ජෝබ් කරල හම්බකරන් කාලා මොකටද ? තොපේ ඉපදෙන්න ඉන්න ළමයට පවා ඔව පලිසන් දෙනවා යකෝ... තොපිට හෙන ගහනව ..ඒත් තොපිට ඔය ඕඩර් දෙන ලොක්කන්ට එහෙම වෙන්නෙ නෑ ඒක තමයි ආශ්චර්යය..... ඒක තමයි දුක . ඔය කාකි ෂුට් ගලවලා දාලා අමුඩයක් ගහගෙන කුඹුරු කොටාගෙන කාපල්ල .. නැත්තන් හිඟා කාපල්ල ඊට වැඩිය හොඳයි ඒක... නැත්තම් ඒ අභිමනවත් සේවය මහ එකාලාගෙන ඉල්ලගනිල්ලා.... සක්කිලි නොවී....


Monday, April 21, 2014

ඩවුන්ලෝඩ් වේගය වැඩි කරන පහසු කම් සපිරි සුපිරි භාණ්ඩයක්!


මීට පෙර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වෙනුවට භාවිතා කල Eagle Get ගැන කිව්ව. අද කියන්න යන්නෙ ඊටත් වඩා හොඳ නොමිලයේ භාවිතා කළ හැකි සුපිරි සොෆ්ට්වෙයාර් එකක් ගැන මේකෙ නම Flash Get අනිත් ඒවත් එක්ක බලන කොට මේකෙ තියෙන වෙනස තමයි සමාන්‍ය බාගත කිරීම් සඳහා පමණක් නොව ටොරෙන්ට් භාගත කිරීම් සදහාද භාවිතා කල හැකි වීම ඕන්න නොමිලෙ දෙන නිසා දාලාම බලන්න හොඳ නම් හැමදාම තියා ගන්න නැත්නම් ඉතින් Uninstall කරල දාන එකනේ......

 http://down5.flashget.com/flashget3.7.0.1220en.exe

Wednesday, April 2, 2014

ICC World Twenty20 Semi-Final සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න.....

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදවේ පිල අතර හෙට පැවැත්වෙන තරඟය සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න පහත සබැඳියෙන්.....


live streaming of t20 world cup match


Tuesday, April 1, 2014

මයික්‍රෝෙසොෆ්ට් එක්සෙල් සඳහා කදිම ටූල් එකක්! (Powerful toolbox for Microsoft Excel )

Ms Excel භාවිතා කිරීමේදී අපට ලබා දී ඇති  පහසුකම් වලට අමතරව තවත් පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය වන අවස්ථා එමටයි උදාහරණයක් වශයෙන් MS Word වල ඇති Change Case පහසුකම එක්සෙල් වලදී අවශ්‍ය වීම වැනි දේවල්...ඉතින් ඒවගේ අඩුපාඩු  රැසක් මෙම ටූල් බොක්ස් එකෙන් කරගන්න පුළුවන් මෙම මෙවලම් කට්ටලයේ නම Kutools සම්පුර්ණ නෙමිලයේ බාගතකරගෙන භාවිතා කිරීමට හැකියාව තියෙනව මෙම Tool Box එක Install කර ගැනීමෙන් පසුව පහත ආකාරයේ මෙනුවක් එක්සෙල් වෙත ලැබෙනව


එමගින් අපට අවශ්‍යය වැඩ කටුයුතු සිදු කරගන්න පුළුවන් උදාහරණයක් ලෙස සිම්පල් කැපිටල් මාරු කරගැනීම සඳහා එහි ඇති Text Tool--> Change Case  ලෙස උපදෙස් තෝරාගත යුතුය. පහත සබැඳියෙන් Download කරල  Install කරගන්න