Ads 468x60px

Saturday, December 21, 2013

සියලු දෝෂ නිවාරණයි...PC එක සුද්ද කරමු

ඔබේ පරිගණකයේ ඇති බොහෝ දෝෂයන් මඟහරවා ගැනීමට හා එමඟින් පරිගණකයේ වේගය වැඩි කරගැනීමටත් Pc Cleaner Pro නැමැති මෙම වැඩසටහන ඔබට උපකාර වේවි පහත සබැඳියෙන් එම වැඩසටහන ලබාගෙන ලියාපදිංචි කරගෙන පාවිච්චි කරලම බලන්න 


Password is- manussakama

Thursday, December 19, 2013

ලැප්ටොප් එකෙන් WIFI දෙන පහසුම ක්‍රමය

ලැප්ටොප් එකෙන්  WIFI Hotspot පහසුකම ක්‍රියාත්මක කර ගැනීමට ඉතා පහසුම ක්‍රමය තමයි ඒ සඳහා Software එකක් බාවිතා කිරීම එමඟින් ඉතාම පහසුවෙන් තවත් ලැප්ටොප් එකකට හො ස්මාර්ට් ෆොන් එකක් සඳහා  Internet Share කරගන්න පුළුවන් පහත තියෙන සබැඳියෙන් එම එක බාගත කරල කර ගන්න එක Instal කරල අවශ්‍ය පරිදි Settings හදලා Swith On කරන්න විතරයි තියෙන්නෙ


Sunday, October 6, 2013

සීනි වැඩි ද? එහෙනම් මේක කියවන්න...(1 කොටස)

රුධිරයේ සීනි ප්‍රමාණය නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම අද සමාජයේ බොහෝ පුද්ගලයින්ට ඇති ගැටලුවකි අප ගන්නා ආහාර වර්ග එයට බොහෝ සේයින් බලපායි මුලින්ම අපි බලමු සීනි ප්‍රමාණය වැඩිවීම සිදුවුව හොත් එමඟින් ඇති විය හැකි ලක්ෂණයන් මොනවාද කියා බලමු... 
නිතර නිතර ක්ලාන්ත ගතියක් ඇති වීම

Monday, September 30, 2013

Windows XP Service Pack 2 නම් 3 වලට මාරුකරගන්න ලේසිම ක්‍රමය....

Windows XP Service Pack 2 වලට බොහෝමයක් වැඩසටහන් සපෝට් කරන්නෙ නෑ ඒ වගේම වින්ඩොස් එක්ස් පී එකට 2014 ඉඳන් අලුතින් නිෂ්පාදනය වන කිසිම වැඩසටහනක් සහයෝගය දෙන්නෙ නැති බව දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ කොහොම වුණත් දැනට අපට අවශ්‍ය‍ කෙරන වැඩසටහන් වත් ධාවනය කරවන්න Windows XP Service Pack 3 වලට මාරු කරගන්න ඕන ඒ සඳහා මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න හැබැයි 100% විශ්වාසය තැබිය නොහැකියි හේතුව මෙහිදී සම්පූර්ණ ලිපිගොනු අකෘතිය වෙනස් නොවන බැවිණි කෙසේ වුවත් සමහර වැඩසටහන් මෙම ක්‍රමය මඟින් ධාවනය වන බව අත්හදා බලා ඇත.... ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න..

change windows xp service pack 2 to service pack 3


01) Start 
 
02) Run
03) "Regedit" ලෙස ටයිප් කර OK කරන්න
04) HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows ලෙස උපදෙස් තෝරාගන්න
05) 

ඉහත රූපයේ පෙනෙන පරිදි CSDVersion ඩබල් ක්ලික් කර එහි ඇති Value Data අවස්ථාව 200 ලෙස සටහන් වී ඇති අතරය එය 300 ලෙස වෙනස් කිරීම සිදු කළ යුතුය දැන් ඔබට අවශ්‍ය වැඩසටහන් ස්ථාපනය කර බලන්න මෙම ක්‍රමය අසාර්ථක වුවහොත් Windows XP SP Update එකක් සිදු කිරීම කළ යුතුය

පෙට්ටියට දැමීම හෙවත් Dropbox

පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ  ගබඩා කරන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ෆයිල් Share කිරීම සඳහාද මෙය යොදාගත හැක .

Monday, August 12, 2013

තේ සමඟ ඉඟුරු ...

සමහරු නම් ප්ලේන්ටි වලට ඉඟුරු දාල බොන්න කැමතියි ඒත් තවත් සමහරු ඒකට අකමැතියි ඒත් එහෙම බොනවනම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳ දෙයක් ,අපි බලමු ඉඟුරු ප්ලේන්ටි වලින් ලැබෙන වාසි මොනවද කියල...

  • ආහාර අජීරණය වලකයි
  • උදරයේ ඇතිවන අපහසුතා සංසිදුවයි
  • රෝගාබාධයන් සඳහා ශරීරයේ ඇති ප්‍රතිශක්තිය ඉහල නංවයි
  • මානසික ආතතිය (Stress) අවම කරයි
  • ස්වසන පද්දතිය ආශ්‍රිත සාමාන අපහසුතාවයන් මඟහරවයි
  • තරබාරුවීම අඩු කරවයි
  • සාමාන්‍ය රුධිර සංසරණය විධිමත් කරයි
 

අන්තර්ජාලය ඇසුරෙන්....

Saturday, August 3, 2013

වැලිවේරිය....

කැරලි මර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ලද කැරලි මර්ධන කණ්ඩායම් සිටියදී හමුදා පිරිසක් හෝ නිල නොලත් හමුදා පිරිසක් විසින් පසුගිය දා ගැමි ජනතාව වෙත එල්ල කල ප්‍රහාරය මනුස්සකම විසින් හෙළා දකින අතර පසුගිය යුධ  කාලය තුල ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනෙකු රට රැකගන්නට වෙරදැරූ රණ විරුවන් වෙනුවෙන් කොතෙකුත් බෝධිපූජා හා විවිධ පිංකම් කරන්නට ඇත්ද අනේ උඹලට අතුරු අන්තරාවක් නම් වෙන්න එපා කියල....එහෙව් කරපු අපේ අහිංසක මිනිසුන් අසාධාරණයක් වෙනුවෙන් පාරට බැස්සාම ලොකු ලොක්කන්ගෙ ඕඩර් වලට අමානුශික අන්දමින් ජනතාවට පහර දීම තුච්ච යැයි කිව යුතුය....ඕඩරේකට උනත්, නිසි හෙවිල්ලක් බැලිල්ක් නැතිව පිස්සු බල්ලන් සේ හතර අතේ වෙඩි තැබීම කොතෙකුත් දුරට සාධාරණද? ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමක් කරන්නේ මරණ චේතනාවෙන්මය මරල හරි මුන්ටික බය කරපල්ල කියල නියමෙට ඕඩර් එක ලැබෙන්න ඇති..නැතහොත් රබර් උණ්ඩ හෝ කඳුළු ගැස් ආදිය ඒ සාඳහා භාවිතා කිරීමට හැකියාව නොතිබුණේද?.. උද්ඝෝෂනයට සහභාගි නොවූ අහිංසක මිනිසුන්ට පවා අද සිය ජීවිතය  අහිමි වී ඇත්තේ එදා අපි වෙනුවෙන් අපිටට පිහිට වූ අපේ රට බේරගන්නට දහඩිය මහන්සිය ලේ හෙළූ රණ විරුවන්ගේ වගකීමක් නැති ක්‍රියාකලාපය නිසා නොවෙද? .. විනය නැත්තවුන් ඉදිරියේ තම විනය බල්ලට දැමීම ලැජ්ජා සහගතය....

එසේම දේශපාලුවන්ගේ කටුකන බල්ලන් නොවී නිළ ඇඳුමේ මහිමය රැක ගැනීම හමුදාවේ විනය රැක ගැනීම රටේ මිනිසුන් රැක ගැනීම ඔබේම සහෝදර සහෝදරයින් රැක ගැනීම ඔබේ වගකීමයි...

පිටපත- මනුස්සකම



Tuesday, July 2, 2013

බැළලිය පැටව් කෑම සහ මව් සෙනෙහස.....

සමහර බැළලියන් පැටව් දාලා ඒ පැටව් දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඔක්කොම පැටව් ටික හරි කා දමනව ඒත් ඊළඟ වතාවෙ පැටව් දැම්මම නම් කන්නෙ නෑ මේ හරි ප්‍රශ්නක් ඒත් සමහරු කිව්වෙ අතීතෙ ඉඳන් එන වෛරයක් නිසා එහෙම වෙනව කියල ඒත සමහරු කිව්වෙ සමහර බැළලියන්ට දොළ දුක වගේ එකක් හැදෙනව ඇති කියල තවත් සමහරු කිව්වෙ අමුතුම කථාවක් ඒ තමයි මව් සෙනෙහස කියල... මේ මොන කථාවක්ද? මව් සෙනෙහසට පැටව් කාලා දානවද? ඒක හරිම දුක හිතෙන කථාවක්...

Monday, June 3, 2013

බොහෝ දේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න...(ආධුනිකයන් සඳහා)

මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ.

Monday, May 27, 2013

නිවන් නොයා පත්තුකරන් යන අපේ හාමුදුරුවෝ...(සංවාදයට විවෘතයි)

සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක.. 


පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් සේ සලකන පිරිස බොහෝය නමුත් එම ක්‍රියාව ඉතා පහත් ක්‍රියාවකි තමාගේ ජීවිතය තොර කිරීම බුදු දහමට අනුව ප්‍රභල පාපකර්මයකි මිනිසුන්ගේ හිත් සුවපත් කිරීමට , බුදුදහම රැක ගැනීමට සසුනට පිවිසි ‍භික්ෂුණ් වහන්සේලා සියදිවි හානි කරගන්නවා නම් බුදුදහමේ සැබෑ අරුථවත් නොදැන මෙතෙක් කල් චීවරය දරා සිටියා විය යුතුය එසේ නමු ඔහු චීවර ධාරියෙක් පමණි..එසේම එය බුද්ධ සාසනයේ පිරීහීමට පවා බලපාන සාධකයකි භික්ෂුණ් වහන්සේලාද අනෙක් අගාම්වල මෙන් අන්තගාමී ක්‍රියා පිළිවෙත් ඇසුරු කරයි නම් බුදුදහමේ පිරීහීමට එය රුකුලකි. බුදු දහම අනුව සිය දිවි හානි කරගැනීම අපා ගතවන පාපකර්මයකි නිර්වාණයට එය බාධාවකි විද්‍යාවට අනුව නම්  සිය දිවි හානිකරගැනීම මානසික දුර්වලතාවයක් හො පුද්ගල පෞරුෂත්ව ආබාධ නිසා ඇති කරගන්නකි.

වෙබ් කැම් එකට සපොට් කරන නියම රෙකෝඩර් එකක්.....

මම මේ කියන්න හදන්නෙ වීඩියෝ රෙකෝඩර් එකක් ගැන ඒ වගේම ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරගන්නත් මෙකෙන් පුළුවන් (Debut Video Capture Software) වැඩි බරකුත් නෑ දාගෙන බලන්න හොඳද කියල පහල තියෙන සබැඳියෙන් ගන්න--

Extract Password is "manussakama"

Thursday, May 23, 2013

බොදු බැති ගී- පන්සලෙන්

වෙසක් පොසොන් කියන්නෙ ඉතින් සියලු බෞද්ධයන්ගේ වැදගත්ම මාස දෙකක් මේ දවස් ටිකේ පිං අතේ වැඩ නම් බොහෝමයක් සිද්ධ වෙනව දන්සල් දාන මාන විවිධ බොදු වැඩසටහන් ආදිය හැම තැනම ඉතින් මේවගේ අවස්ථා වලට බොදු ගීත වාදනය කරන්නත් අවශ්‍යවෙන අවස්ථා තියෙනව ඉතින් අන්තර්ජාලයෙන් බොදු බැති ගීත ටිකක් හොයාගන්න අමාරුයි, තැන තැන විසිරිලා තියෙන ඒවා එකතු කරන්න ගියොත් ටිකක් අමාරුයි ඉතින් අන්තර්ජාලයේ මේව එකතු කරල තියෙන තැන් තියෙනව එහෙම තැනක් තමයි අන්තර්ජාලයේ  පන්සල කියල කියන්නෙ එතන බෞද්ධයින්ට අවශ්‍ය බොහෝ දේ තියෙනව බලන්න ඒ අඩවියට ගිහින් බොදු බැති ගී පොදියක්ම බාගත කරගන්න ඕනනම් පහත තියෙන ලින්ක් එකට යන්න

Bodu Bathi Gee - Download Link


සිංහල මගුල් සිංදු... (Sinhala Wedding Songs)

මේ ඊයෙ පෙරේදා අපේ හිතවතකුගෙ වෙඩින් එකකට (වෙඩින් කිව්වට ඒක මගුලක්) සිංදු ටිකක් පෙන් එකට දාලා දෙන්න කියල කිව්ව ඒත් මගේ ළඟ තිබුනෙ නෑ අන්තර්ජාලයෙන් හෙව්වා ඒත් සිංදු එක එක තැන තිබුණෙ ඒ නිසා මට හිතුණා කාටත් ගන්න පුළුවන් තැනක සිංදු පොදියක් දාලා තියන්න සිංදු 24 ක් විතර මෙතන තියෙනවා පහළ තියෙන සබැඳියෙන් බා ගත කරගන්න පුළුවන් හැමෝම බාලා තියාගන්න කොයි මොහොතෙ හරි ඕන වෙනවා....


(Extract Password is "manussakama")

Thursday, April 25, 2013

සිංදු නොමිලයේ ඩවුන්ලෝඩ් කරගන්න පහසුම තැනක්.....

සිංහල දමිල හින්දි ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති ගීත පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් ගැනයි කියන්න හදන්නෙ අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් අතර දැනටමත් මේක ප්‍රචලිතයි Music Files Share කර ගන්න තමයි මේ තැන තියෙන්නෙ මේකට කියන්නෙ "සවුන්ඩ් ක්ලවුඩ්ස්"  කියල මේ සයිට් එකෙන් ඔන්ලයින් සිංදු අහන්න වගේම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් Download Link එක නම් හැම සිංදුවකටම නැහැ හැබැයි එහෙම නැති සිංදු Sound Clouds Downloader එකක් හරහා පහසුවෙන්ම  Download කර ගන්න පුළුවන් Sound Clouds වල තියෙන පහසුකම් තමයි

  • විවිධ භාෂා වල ගීත ඇසීම
  • ගීත බාගත කිරීම
  • තමන්ට Play List එකක් සකස් කර ගැනීමට ඇති හැකියාව
  • ගීත හෝ ශබ්ධ  ලේඛණයන් අන්අය සමග බෙදා හදා ගැනීමට හැකීවීම
  • මෙහි ඇති ගීත ෆේස්බුක් ට්විටර් වැනි සමාජජාලා වෙබ් අඩවිවලටද Share කිරීමට හැකිවීම
  • ගීත Upload කිරීම
  • ගීත සඳහා Comments ඉදිරිපත් කිරීම
ආදී ප්‍රයෝජන රාශියක් තියෙනව අදම Register  වෙලා මේ වාසි අත්විඳින්න පහත සබැඳි බාවිතා කරන්න


Friday, March 22, 2013

දැන් ඒකි මගේ නැන්දා බං....

ඔන්න එක්තරා ටියුෂන් ක්ලාස් එකක කොල්ලො දෙන්නෙක් අතර මෙන්න මේ වගේ සංවාදයක් සිද්ධ වුණා බලන්නකො මොකද්ද කියල-

අමල්- ආ මචන් කොහොමද ? මේ මං අහන්න කියල හිටියෙ උඹ සඳුනිට බොක්කෙන්ම ට්‍රයි කරා නේද?

ජනිත්- ඔව් බං....

අමල්- ඉතින් මොකද වුණේ? උඹ තාම ඒකිගෙන් ඇහුවෙ නැද්ද?

ජනිත්- ඇහුව බං ඇහුවා...

අමල්- ඉතින් කෙල්ල මොකද කිව්වෙ?

ජනිත්- මම දුප්පත් නිසා බෑ කිව්ව බං..

අමල්- ඉතින් උඹ උඹේ සල්ලිකාර මාමා ගැන කිව්වෙ නැද්ද?

ජනිත්- කිව්ව කිව්ව...

අමල්- ඉතින් ඒ කියලවත් කෙල්ල කැමති වුණේ නැද්ද?

ජනිත්- ඒ කියල තමයි කෙළව ගත්තෙ

අමල්- ඒ කියන්නෙ?

ජනිත්- මචං දැන් ඒකි මගේ නැන්දා වෙලා බං.....



වින්ඩොස් ඇක්ටිවේට් කරගන්න තටමන්න ඕන නෑ...

මම මේ කියන ක්‍රමය නීති විරෝධි තමයි හැබැයි එහෙමයි කියල අපි මොකටද පර සුද්දන්ට අපේ සල්ලි වියදම් කරන්නෙ උන් ඒ කාලෙ අපේ ඒව කඩා වඩා ගත්තට උන් අපිට තාම ණයයි ඒ නිසා උන්ගෙ ණය අපි මේ විදියට හරි පියව ගන්න ඕන.ඕනෑම වින්ඩොස් මොහයුම් පද්දතියක් සක්‍රිය කරගන්න මේ ක්‍රමයෙන් පුළුවන් කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳියෙන් අදාල වැඩසටහන බාගත කරගන්න එක ඊට පස්සෙ ඒ ෆෝල්ඩර් එක තුල තියෙන Microsoft Windows 8 Activator(All Edition) කියන ෆයිල් එක Open කරගන්න ඊට පස්සෙ පහත ආකාරයට උපදෙස් තෝරා ගන්න වෛරස් ගාර්ඩ් එක ටික වෙලාවකට Disable කරල තමයි මේ ටික කරන්න ඕන




වින්ඩොස් 8 සඳහා-
1. Run activator as admin

2. Click Windows 8 Install/Uninstall
3. Wait until restart
4. Your windows  has been activated

අනෙකුත් වින්ඩොස් මෙහෙයුම් පද්දති සක්‍රිය කිරීම සඳහා එහි ඇති Beginner Mode or Advance Mode භාවිතා කළ හැක....

Extract Password is "manussakama"

Saturday, March 16, 2013

බොහෝ දේ නොමිලයේ Download කරගන්න මෙන්න ක්‍රමයක්!


GoforFiles

මේ ක්‍රමය භාවිතා කරමින් ඔබට අවශ්‍යය කරන ඔනෑම පරිගණක වැඩසටහනක් එහෙමත් නැත්නම් චිත්‍රපටයක් වීඩියෝ ක්‍රීඩාවක් වගේ ඕනෑම ආකාරයක වැඩසටහන් නොමිලයේ බාගත කරන්න පුළුවන් ඒ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ පහත සඳහන් සබැඳියෙන් Goforfiles කියන වැඩසටහන ලබාගැනීමයි ඉන්පසු එම වැඩසටහන පරිගනකයේ පිහිටුවාගත (Install)  යුතුයි


ඉන්පසු Goforfiles වැඩසටහනේ ඇති Search අවස්ථාව භාවිතා කොට අපට අවශ්‍ය දේ සොයා ගැනීම කළ හැක ඉන්පසුව එන Search Result අවස්ථාවෙන් Download  Button අවස්ථාව භාවිතා කර Download කර ගත හැක.


ඉහත සඳහන් Goforfiles වල මුල් අවස්ථාවේ Category එකෙන් අවශ්‍ය එකක් තෝරාගැනීමට හැකියාව ඇත එසේ නොමැති නම් Search අවස්ථාව භාවිතා කර වැඩසටහන් සොයාගැනීමද කළ හැක


Sunday, March 3, 2013

Avast 8 උණු උණු වේ......

Avast 8  වෛරස් ගාර්ඩ් කිව්වම ඉතින් දැන් හැමෝම වගේ දන්නව කිසි කරදරයක් නැති  වෛරස් ගාර්ඩ් එකක් ඔන්න එකේ අලුත්ම සංස්කරණයක් එළි දක්වලා Avast 8 කියල මේක වින්ඩොස් 8 වලට ගැලපෙන්න තමයි ඔවුන් නිර්මාණය කරල තියෙන්නෙ ස්වරූපය (Interface)  වුණත් වින්ඩොස් 8 වලට ගැලපෙනවා.. අදම අලුත් වැඩසටනට Upgrade කරගන්න 2038 වෙනකම් Register වෙන Serial Key ටිකකුත් දෙන්නම්... අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරන්න ඕනත් නෑ නේ ඒ නිසා කිසි වදයක් නෑ...


Zip Password is- manussakama


Thursday, February 28, 2013

වින්ඩොස් Boot Menu එක Edit කරන්න ඕනද?

ගොඩක් අයට තියෙන ගැටලුවක් නිසා මේ ලිපිය ලියන්න හිතුනා වින්ඩොස් 7,8 වගේම XP වලදි පවා බූට් මෙනු එක එන්න පුළුවන් අවස්ථා තියෙනව මෙහෙයුම් පද්දති දෙකක් ඇතුල් කරපු අවස්ථා වලදි නම් අනිවාර්යයෙන්ම බූට් මෙනු එක එනව මොකද එතනින් අපට අවශ්‍යය කරන මෙහෙයුම් පද්දතිය තෝරගන්න ඕන නිසා ඒ වගේ සමහර අවස්ථාවල එක මෙහෙයුම් පද්දතියක් තිබුණත් බූට් මෙනු එක පෙන්නන අවස්ථා අපි දැකල තියෙනව ඒ වගේ අවස්ථාවකදී ඒ බූට් මේනූ එක නොපෙන්වා කෙළින්ම මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් විශේෂ වැඩසටහනක් මඟින් එය පහසුවෙන්ම සිදුකළ හැක ඒ වැඩසටහන් අතර Easybcd කියන වැඩසටහන යෙදාගෙන හරිම සරලව ඒ කටයුත්ත සිදුකරගන්න පුළුවන් 
(Boot Menu)

Wednesday, February 27, 2013

සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී රෙප් (වින්ඩොස් 7,8 සඳහා)


(මෙ‍ම ලිපිය 2011 වර්ෂයේ දී ලියන ලද්දකි)

සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන්, කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ හැබැයි කී රෙප් වින්ඩොස් 7 හා වින්ඩොස් 8 සමඟ වැඩකරන්න යොදාගන්න පුළුවන් මේවගේ වැඩසටහන් කිහිපයක් ගැනම දැනගෙන හිටිය කියල පාඩුවක් වෙන්නෙ නෑ නේ ඒ නිසා හැමෝටම දැනගන්නත් එක්ක ඒ වැඩසටහනත් හැමෝටම ගන්න පුළුවන් තැනක දාන්න හිතුනෙ හදිස්සියකට ගන්න එක එක්කෙනාගෙන් හිඟාකන්න යන්න ඕන නෑ නේ ඒ නිසා ....


Saturday, February 2, 2013

Boot Menu එකේ Windows 7 දෙකක් පේනවද?

Windows 7 පරිගණකයට Install කල පසු යම් යම් ගැටලු නිසා සමහර අවස්ථාව වල  Boot Menu එකේ Windows 7 මෙහෙයුම් පද්දති දෙකක් ඇති බව පෙන්නයි නමුත් එක් අවස්ථාවක් පමණක් ක්‍රියාත්මක වෙයි මෙහි දී බෝහෝ දෙනෙකු කරන්නෙ නැවත මෙහෙයුම් පද්දතිය ඇතුල් කිරීමයි එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත එහි ඇති ක්‍රියාකාරී නොවන කොටස ඉවත් කිරීම මඟින් එම Dual Boot Menu අවස්ථාව දර්ශණය නොකොටම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම සිදුවේ පහත ආකාරයට උපදෙස් තෝරාගන්න-

Start 
In the Search text box, type msconfig and then press Enter 
After msconfig dialog-box is launched, Go to the "Boot" Tab
Select the Boot entry you want to Delete
Click the "Delete" Button and then press "OK"



Thursday, January 24, 2013

සිංදුවක් කියල ආතල් එකක් ගමු

හැමදාම සිංදු අහල නේ ෆන් ගන්නෙ දැන් අපි ඒ ක්‍රමය ටිකක් වෙනස් කරල සිංදු කියලම ආතල් එකක් ගමු හැබැයි ඉතින් වැඩේට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගන්න ඕන සුළුවට කරනවනම්,

Friday, January 4, 2013

Facebook Chat මත පින්තූර....

Facebook Chat කරන විට ඒ හරහා පින්තූර පෙන්වීමට සැලැස්වීමට හැකියාව ඇත එමඟින් යමෙකු වෙත පින්තූරයක් පෙන්වීමට අවශ්‍යනම් එය පහසුවෙන්ම කළ හැක ඒ සඳහා යම් කේත ක්‍රමයක් භාවිතා කරයි පින්තූරයේ වර්ණ කේත බවට පරිවර්ථනය කිරීම මඟින් එම පින්තූරය ගොඩනඟයි එසේ කේත බවට පරිවර්ථනය කිරීම සඳහා පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කළ හැක