Ads 468x60px

Saturday, February 21, 2015

බයියන් යනු .....

හිටපු ජනාධිපති තුමා අයවැය කථාවෙදි කිව්ව කොහොමද බයියන්ගෙ වැඩ... කියල එත් එතුමාවත් බයියො කියන්නෙ කාටද කියල නොදැන වෙන්න ඇති... 

මම ටිකක් හොයල බැලුව කවුද මේ බයියෝ කියන්නෙ කියල... කථාව මෙහෙමයි ඌව වෙල්ලස්ස කැරැල්ල සමයෙ සිංහලයින් බොහෝ පිරිසක් පපුව ඉස්සරහට දාලා සටනට ගියා ඒත් සිංහලයින්ගෙන් සුළු පිරිසක් විතරක් සටනට බය වුණා ... ඒ බය වුණ පිරිස බිබිල හරහා මහියංගනය, පොළොන්නරුව වගේ පැති වලට බයේ පැනල ගියා එහෙම පැනල ගියපු පිරිස කැළේ අතරමං වුණා ඊට පස්සෙ අපේ ආදීවාසීන් එක්ක මෙම පිරිස ජීවත්වෙන්න පටන් ගත්ත ආදිවාසීන් වන වැදි ජනතාවත් එයාල බයේ පැනල ආපු නිසා බයියෝ කියල තමයි ආමන්ත්‍රණය කලේ ඒදා පටන් තමයි මේ බයියන් කියන පිරිස ඇති වුණේ අදටත් එම ප්‍රෙද්ශවල ඒ බයියන් ජීවත් වෙනව ... ඔන්න ඔහොම තමයි බයියෝ ඇති වුණේ හැබැයි දකුණු පලාතටත් එහෙම සටනට බයේ පැනල ගියපු පිරිසක් හිටියද කියල නම් දන්නෙ නෑ .......