Ads 468x60px

Showing posts with label අලුත් වන ලෝකය. Show all posts
Showing posts with label අලුත් වන ලෝකය. Show all posts

Thursday, August 23, 2012

ලෝකයේ මිල අධිකම කක්කුස්සි...

උදේ පාන්දර අහවල් ස්ථානයකදි තමයි මට මේ ගැන හොයන්න හිතුණෙ හෙව්ව වගේම හම්බ වුණා ලෝකයේ මිල අධිකම වැසිකිලි පෙට්ටිය...මේක කැරට් 24 තනි රත්තරන් සහ දියමන්ති වලින් තමයි හදල තියෙන්නෙ ජපානයේ 2002 වර්ෂයේදී නිමවුණ මෙකෙ වටිනාකම ඇරිකානු ඩොලර් $720,000 ලංකා මුදලින් බැලුවොත් කෝටි 9.5 අපිට නම් මේව අරගෙන අහවල්වැඩේ කරන්න හිතෙන්නෙ නෑ මේකෙ යන්තම් පස්සපැත්ත තියාගෙන හිටියත් ඇති කියල හිතෙනව....බලන්න පහල තියෙන ඡායාරූපය

Monday, August 13, 2012

නාසා මඟින් නිකුත් කෙරුණ අඟහරු ග්‍රහයාගේ නවතම ඡායාරූප

ඇමරිකාවේ නාසා ආයතනය මඟින් ගුවන් ගත කරන ලද අඟහරු මත පතිත කරනු ලැබූ යානාව මඟින් ගන්නා ලද නවතම ඡායා රූප නාසා ආයතනය මඟින් නිකුත් කර ඇත.පහත දැක්වෙන්නෙ එම ඡායා රූප එකතුවයි මෙතෙක් කිසිම ජීවියකු එහි සිටින බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී නොමැත.

Saturday, April 28, 2012

ඇවිදින්නත් සහකරුවෙක්!

ඉස්සර මිනිස්සු කිව්වෙ ඇවිද්ද පය දහස් වටී කියල ඒත් දැන් ඒ පයටත් සහකරුවෙක් හදල හොන්ඩා කියන ලෝක ප්‍රසිද්ද තාක්ෂණික ආයතනය විසින් තමයි මේ නවතම සොයාගැනීම කරල තියෙන්නෙ මේ රෝබෝ උපකරණයෙන් ඇවිදින්න වඩාත් පහසු කරවනව  ඇ‍ශරීරයේ බර කකුල් දෙකට දෙන්නෙ නැතිව මේ උපකරණය භාවිතයෙන් ඇවිදින්න පුළුවන් මෙන්න මේක තමයි ඒ උපකරණය


මේක භාවිතා කරණ විදිය පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්..කොහොමද ජපන් හපන්?


Wednesday, March 10, 2010

නිදාගන්න තැනක් නැද්ද?

ලෝකයේ වෙනත් රටවල (පෝසත්) ගිමන් මහන්සියට නිදාගන්න නියම ප්ලේස් තියනව ලගදි ආපු විද්‍යුත් තැපෑලක තිබිල මට මේ පිංතූර ටික හම්බ වුනේ  ආයෙ කියල වැඩක් නෑ මාර අදහස ගිමන් මහන්සියට වාඩිවෙන්න නෙවෙයි නිදාගන්න වුනත් පුළුවන් විදියට මේ Sleep Box එක නිර්මාණය කරල තියෙන්නෙ. ඒක ඇතුලෙ මාර සැප තමා ඒ මදිවට අන්තර්ජාලය සහිත Laptop එකකුත් තියල තියනව තමන්ගේ වැඩක් කරගන්න. අපේ රටේ නම්  Laptop එකක් තිව්වොත් විනාඩි පහක් වත් තියෙන එකක් නෑ ඕක උස්සගෙන යනව Laptop නොවෙයි මෙහේ වගේ නම් Sleep Box එක පිටින්ම උස්සන් යන්නෙ.
පිටට පෙ‍නෙන ආකාරය-


 
ඇතුලත දර්ශනයක්-

හරස් කඩක්-