Ads 468x60px

Tuesday, June 1, 2010

මෙන්න පලු...

වියලි කළාපීය ප්‍රදේශයන් හී විශේෂයෙන් දකුණු පළාතේ හම්බන්තොට ප්‍රදේශයේ ඇති "පලු"  ඉතා විශාල ගස් වර්ගයකි පලු ගස් ඉතා විශාල සේම එහි හටගන්නා කුඩා ගෙඩි ඉතාම රසවත් පලතුරක්ද වෙයි සෑම අවුරුද්දකම මැයි-ජුනි මාසවලදී පලු ගස් ගෙඩිවලින් බරවෙයි පලු ගෙඩි ඉදුනු පසු තද කහ පැහැයක් ගනී.බොහෝ පිරිස් මෙම කාලයට "පලු" කැඩීම සඳහා කැළයට ඇතුල්වෙයි එය ඉතාමත් විනෝදජනක ගමනක් මෙන්ම තරමක භයානක ගමනක්ද වෙයි කැති,පොරොව, වැනි අයුධ සමඟ කැළයට ඇතුලුවෙයි එමෙන් පිපාසය සඳහා වතුරබෝතල්ද රැගෙන යාම අනිවාර්යය වේ.එම කණ්ඩායමට විශාල ගස් නැගීමට පුරුදු පුද්ගලයෙක් ද සිටිය යුතුය පලු කැඩීම සිදු කරන්නේ විශාල පලු ගස්වලට නැග එහි අතු කපා බිම හෙලයි පසුව ගසයට සිටින පුද්ගලයන් එම ගෙඩි කඩා භාජනයකට එක් රැස් කර අවසානයේ සම සමව එම පලු ගෙඩි බෙදාගැනීම සිරිතකි. පලු කැඩීම ඉතාම අනතුරුදායක ක්‍රියාවකි එයට හේතුව පලු ගස් ඉතා විශාල බැවිණි එසේම පලු ගස් වල එතුන එරමිණියා නම් දරුණු කටු සහිත වැල් නිසා එහි නැගීමද ඉතා අසීරුය එමෙන් ගස මුදුනේසිට පහලට අතු කපා දැමූවිට එහි ඉදුනු පලු ගෙඩි බොහෝමයක් බිමට වැටීමෙන් අත්තක ඉතුරුනව පලු ප්‍රමාණය ඉතාම අඩුය එබැවිණ් විශාල ගස් ප්‍රමාණයක නැගීමටද සිදුවේ සමහර අතු පහත ඇති කුඩා ගස් මතට වැටීමෙන් එවා ගැනීමට අපහසුය.
පලු


අනෙක් භයානක තත්වය නම් කැළය තුල අලින් ගැවසීමය පලු ගස් ඇත්තේ කැළයේ ඇතුලට වන්නටය කැළය පටන් ගත් තැනම ඇති ගස් වේලාසනින්ම  ඒ අවට සිටින ගොවීන් විසින් කප්පාදු කරයි එබැවිණ් පලු කැඩීම සඳහා කැලයේ මැදටම යායුතුවේ කෙසේ වෙතත් පලු ඉතාම රසවත් පලතුරකි කැඩූපසු වැඩිවේලාවක් යන්නට පත්තෙන් නරක්වී යයි එබැවින් වෙනත් ප්‍රදේශවලට මෙම පලතුර ගෙනයාමටද හැකියාවක් නැත වියළි කලාපීය වැසියන්ට පමණක් ලැබුණු මෙම මහඟු දායාදය සියලු ලාංකේයන්ට හෙලි කිරීම පිණිස මනුස්සකම අඩවියෙහි පලකිරීමට අපේක්ෂා කළෙමු..
විශාල පලු ගසක්
පලු ගසක නැග අතුකපන අයුරු


කැපූ අතුවල පලු නෙළන අයුරු

කැළය තුලට ගමන් කරමින්



 
පලු සොයා පසුගිය දිනක කැළයේ ගිය අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක්ද ඉහත දක්වා ඇත.මෙම ගමන සඳහා  සංජීව රොෂාන්, උපුල් කුමාර,අජිත් ප්‍රියංකර සහ කැලේගැන දන්නා සුදුමල්ලී ද සහභාගි විය.

1 comment :

  1. හරිම වටින පෝස්ට් එකක් . . .

    මේවා කාලා නැති නමිත් විතරක් අහලා තිබුනු මම වගේ අයට මේක ලොකු දෙයක් හරියටම ඒ ගැන දැන ගන්න . ..

    ස්තූතියි

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...