Ads 468x60px

Saturday, May 26, 2012

වඳුරු මල්...


පහත තිබෙන්නෙ දෙමුහුන් ඕකිඩ් වර්ග දෙකකි එක් වර්ගයක් වදුරකුගේ මුහුණට තරමක් සමාන කමක් දක්වන අතර අනෙක් මලේ වඳුරකුගේ ශරීරයට සමාන කමක් දක්වවයි...



Thursday, May 24, 2012

"ඉන්ටර්නෙට් නැති ඉඩම නිකන්වත් එපා..." -සඳරු

මේක වෙලා තියෙන්නෙ අම්පාර පැත්තෙ...ටවුන් එකට ටිකක් දුරින් ගොඩක් ලාබෙට ඉඩමක් තියෙන බව සඳරුට ආරංචි වුණා දවසක් මිනිහ නිවාඩුවකුත් දමල ඒ ඉඩම බලන්න තවත් යාළුවෙක් එක්ක සෙට්වුණා හැබැයි ඒ යනකොට තමන්ගෙ ලැප්ටොප් එකත් ගන්න සඳරු අමතක කරේ නෑ ඒත් යාළුව ඇහුව 
"ඉඩම් බලන්න යන්න ලැප්ටොප් මොකටද මචන් .., ඔව් ඉතින් උඹ කක්කුස්සියට ගියත් ඕක අරන්නේ යන්නෙ"

'උඹට ඒකෙන් වැඩක් නෑ යමන් කෝ"

Saturday, May 19, 2012

පිළිකාවට අත වනන හට්ටි මුට්ටි....

අද බෙහෝ දෙනා ඉවුම් පිහුම් සඳහා යොදාගන්නේ ඇලුමිනියම් (Aluminium) එමෙන්ම පහසුව සඳහා ආහාර නොඇලෙන බඳුන් (Teflon Pans or Nonstick Pans) භාවිතයත් ඉහල ගිහින් ඒත් මේ බඳුන් අපට මොනතරම් අහිතකර ද යන්න ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. මේ බඳුන් භාවිතයෙන් පිළිකා හැදෙනව කිව්වොත් සමහරු හිතනව අපේ පරම්පරාවෙ කාටවත් පිළීකා නෑ ඒ නිසා අපට පිළීකා හැදෙන්නෙ නෑ කියල ඒත් ඒක වැරදි මතයක් ඕනෑම කෙනෙක්ට ඕනෑම මොහොතක පිළිකාවක් හට ගන්න පුළුවන් සිගරට් වලින් පිළිකා හැදෙනව කියල හැමෝම දන්නව ඒත් ඇලුමිනියම් බඳුන් පිළිකා කාරකයක් කියල අඩුම තරමෙ ජනමාධ්‍යයකින් වත් හෙළි කරන්නනෙ නෑ හේතුව තමයි සිගරට් කියන්නෙ කෙටි කාලීන පිළිකා කාරකයක් ඒත් ඇලුමිනියම් බඳුන් කියන්නෙ දිගු කාලීන පිළිකා කාරකයක් ඒ කොහොම උනත්  තමන්ගෙ ජීවිතයට ආදරේ කරන  වගේම අනුන්ගෙ ජීවත වලට ආදරේ කරන හැමෝම මෙම ඇලුමිනියම් බඳුන්, භාවිතයෙන් ඉවත් කළොත් තමා හොඳ ඒවෙනුවට මැටි බඳුන්යොදාගන්න එක විකල්පයක් නොවෙයි හේතුව ඒවා භාවිතය අපහසුයි ඒ වගේම රත්වීම සඳහා වැඩි කාලයක් ගන්නව ඒ නිසා වැඩි ගෑස්/දර/භූමිතෙල් පරිභෝජනයක් ඇතිවෙනව ඒ නිසා කළ යුත්තේ මල නොබැ‍‍‍ඳෙන වානේ ( Stainless Steel) බඳුන් යොදාගන්න එක.ඒක තමයි හොඳම විකල්ප අවස්ථාව.



Thursday, May 17, 2012

වැරදුණු මැජික්‍...(සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න)

මැජික් කියන්නෙ කලාවක් හැබැයි මැජික් කාරයින්ටත් වරදින අවස්ථා තියෙනව මේකත් ඒවගේ දෙයක් මේ වීඩියෝ පටය සංවේදී පුද්ගලයින් හා ගැබිණි මවුන් නැරඹීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි.



ගෙදරදීම දත් බෙහෙත් හදන හැටි

දත් බෙහෙත් බලට නිකරුණේ මුදල් වියදම් කරන්න ඕන නෑ ගෙදරදිම ස්වාභාවික දත් බෙහෙත් හදාගන්න පුළුවන් අවශ්‍ය දෑ-

  • බේකිං සෝඩා (සෝඩියම් බයිකාබනේට්) කෝප්ප 1/2
  • පිරිසිදු පොල්තෙල් කෝප්ප 1/4
  • පෙපර්මින්ට් තෙල් බින්දුවක් පමණ


සාදන ක්‍රමය- මේ සියල්ල එකට දමා කල්කයක් වන තුරු මිශ්‍ර කරන්න


සැලකිය යුතුයි- මූලාශ්‍ර අන්තර්ජාලයෙන්,අත්හදා බලා නොමැත

Wednesday, May 16, 2012

කොලෙස්ටරොල් වලට ලේසිම බෙහෙත.....

පිෂ්ටඨාතුව එහෙමත් නැත්නම් කොලෙස්ටරොල් කියන එක දැන් දැන් හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් ලෙඩ රෝග කියන ඒව කොයි වෙලාවෙ හැදෙයිද කියල කියන්න බෑ අපි මේ හැම දේටම සූදානම් වෙන එක කෝකටත් හොඳයි ඇත්තටම මේක කොලෙස්ටරොල් පාලනයට,රුධිරයේ සීනි වැඩිවීම හෝ දියවැඩියා වට,ආමවාතය,ශ්වේත රක්තය හෙවත් ලියුකෙමියාවට මෙන්ම රුධිරය කැටි ගැසීම ආශ්‍රිත රෝගාබාධ වලට හා මතක ශක්තිය වර්ධනය කරවීමටත් ඉතා සුදුසු බෙහෙතක්...

කුරුඳු කුඩු තේහැදි භාගයක් පමණ පිරිසිදු මී පැණි මේස හැන්දකට දියකර උදෑසන ආහාර වේලට ප්‍රථමව පානය කිරීම තමයි කරන්න තියෙන්නෙ මේ විදියට මාස කිහිපයක් හරි කරන්න පුළුවන් නම් ඉහත කී ආබාධ වලින් ආරක්ෂාවීමට පුළුවන්....


මූලාශ්‍ර- අන්තර්ජාලයේ පිළිගත් වෛද්‍ය ලිපි ලේඛණවලින්...

සියලු රෝග නිවාරණයි...(දියවැඩියා රෝගීන්ට විශේෂයි)

අද කාලයේ කාටද ලෙඩ රෝග නැත්තෙ පොඩි එකාගෙ ඉඳල වයසක උන්දැ දක්වාම ලෙඩ ලෙඩ ලෙඩ... ඉතින් මේ ලෙඩ ටිකක් හරි පාලනය කරගන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපට ගන්න පුළුවන් වැඩ බොහෝයි ඉතින් මේකත් එවැනිම පොඩි ඖෂධයක්.. රාත්‍රී    පිරිසිදු ඇල්වතුර පිරවූ  වතුර වීදුරුවකට හෝ වීදුරු බෝතලයකට උළුහාල් ඇට කිහිපයක් දමා හොදින්වසා තබන්න උදේපාන්දරම නැගිටලා ඒකෙ තියෙන උළුහාල් ඇට අයින් කරල හිස් බඩටම බීගෙන බීගෙන යන්න..(ඒ උළුහාල් ටික අපරාදෙ වෙන්නෙ නෑ කෑම උයන කොට ඒවට දාන්න පුළුවන්) හැමදාම මේක මේවිදියට කළොත් ලෙඩරෝග රාශියකට මේක පිළියමක් වේවී විශේෂයෙන් දියවැඩියාව පාලනය කරගැනීමට මේක කදිමයි කියල තමයි බොහෝ දෙනෙක් කියන්නෙ.... 

Thursday, May 10, 2012

Thursday, May 3, 2012

පැණි කොකිස්!

අවුරුද්දට හැමෝම වගේ කොකිස් නම් කන්න ඇති කොකිස් කියන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් අද මම කියන්න හදන්නෙ කොකිස් අමුතු ක්‍රමයකට සකස් කරන ගන්න විදිය.. පැණි කොකිස් කියන එක නුවර පැත්තෙ නම් ජනප්‍රිය කෑමක්.. අවුරුද්ද කාලෙට එහෙම නැත්නම් උත්සව අවස්ථාවලදි ඉතුරු වන කොකිස්  මේ විදියට හදාගන්න පුළුවන්..හදන්න හරිම ලේහෙසියි

මුලින්ම ඉතුරු වුණ කොකිස් නැවත තෙලෙන් බැඳීම කල යුතුයි එම කොකිස් රස්නෙපිටම අරගෙන එහි මැදට (දාර දිගේ)  කිතුල් පැණි වත්කල යුතුයි එම කිතුල් පැණි පිටතට හැලීම වැලැක්වීම සඳහා රත්කරගත් සහල් පිටි ටිකක් එයට උඩින් එක්කළ යුතුයි....කිතුල් පැණි කොකිස් වලට උරාගත් පසු එහි රස කිව නොහැකි තරම්ය.


හදනහැටි කිව්වෙ- අරුණිකා දිල්හානි

මනුස්සකම වෙසක් පැතුම....


Tuesday, May 1, 2012

බුදු හේත්තු....

එක්තරා සුළු දැව ව්‍යාපාරිකයෙක් ගස් කිහිපයක් කැපීම සඳහා ග්‍රාමනිළධාරියාගෙන් අවසරය ලබාගැනීමේ අයදුම් පතක් පුරවා ඔහුගේ අනුමැතිය ගැනීම සඳහා ඉදිරිපත් කළේය.. මෙය කියවා බැලූ ග්‍රාමනිළධාරියා තමන් මීට පෙර අසා නොමැති ගස් වර්ගයක් බැවින් ඔහුගේ ලිපි ලේඛන අවුස්සන්නට වුයේ මෙම ගස් වර්ගය කැපීම සඳහා අවසරය දියහැකි දැයි බැලීමටය ඔහු එහි සඳහන් කර ඇත්තේ "බුදු හේත්තු ගස්' යන නමයි නමුත් එවැනි ගස්වර්ගයක් ගැන එම ලේඛනයන්ගේ ද සඳහන් නොවුණි එබැවිණ් ග්‍රාමනිළධාරියා මෙසේ අසන්නට විය-

ග්‍රාමනිළධාරියා- මුදලාලි බුදු හේත්තු කියන්නෙ මොන ගස් වර්ගයද? මම අහලම නෑ නේ..
මුදලාලි- මහත්තයා ඒව මේ වැඩකට නැති වතුර බහින ගස් වර්ගයක්

ග්‍රාමනිළධාරියා ආ..එහෙමද...කියා අත්සන් කර අවසරය ලබාදී ඇත... "බෝ ගස්" කැපීම තහනම් බැවිණ් ඒ සඳහා "බුදු හේත්තු" ලෙස යොදා අවසරය ලබා ගත් බව මුදලාලි පැවසුවේ සිනාමුසු මුහුණින්ය....

කථාව- සිරිල් සිංහක්කාර

එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?

මේක බස් එකේ සිදුවුණ සිදුවීමක්.. ඔන්න දවසක් බස්එකක ඒ තරම් සෙනගත් නැති වෙලාවක එක මනුස්සයෙක් නැගල මරිසිපාලගෙ කකුල පාගගෙනම ඉන්නව.. මරිසිපාල මිනිහා දිහා බැලුව මිනිහා ටිකක් හැඩි දැඩි පොරක් කෝකටත් කියල මරිසිපාල ඒ මෑන්ගෙන් මෙන්න මෙහෙම අහනව..

මරිසිපාල- මහත්තයා, නේවි එකේද?
කකුල පාගගෙන ඉන්න මිනිහා- නෑ

මරිසිපාල- එහෙනම් පොලිස්සියේද?
මිනිහා- නෑ ඇයි?

මරිසිපාල- එහෙනම්..මර්වින් සිල්වගෙ කවුරුහරිද?
මිනිහා- නෑ නෑ

මරිසිපාල- එහෙනම්.. පී.එස්.ඩී එකේද?
මිනිහා- නෑ නෑ ඇයි අහන්නෙ?

මරිසිපාල- හා එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?
මිනිහා- නෑ නෑ නෑ

මරිසිපාල- මහත්තයෝ එහෙනම් මහත්තයගෙ කකුල මගේ කකුලෙන් පොඩ්ඩක් එහාට ගන්නවද?

කථාව- සිරිල් සිංහක්කාර