Ads 468x60px

Showing posts with label සමාජීය-අසාධාරණකම්. Show all posts
Showing posts with label සමාජීය-අසාධාරණකම්. Show all posts

Wednesday, April 23, 2014

සෙල්ලම් පොලිස්.....

අපි ඉස්සර හින්දි-දෙමළ ෆිල්ම් බලද්දි ඉන්දියාවෙ පොලිසියේ පජාති වැඩ හොඳට දැකල තියෙනව ඒත් අද ඒ ෆිල්ම් වල තියෙන දේවල් මෙහේ සජීවීව දැකගන්න  අවස්ථාව උදාකරල දීල තියනව මින් පෙර කිසිදු ආණ්ඩුවකින් නොවුණ ආකාරයට අද ඇස් කණාපිටම ඒ දේවල් සිද්ධවෙන්න පටන් අරගෙන ...ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ කියල අපි ඒ කාලෙ හිතන් හිටියෙ ඒත් දැන්....... !! පක්ෂ පාට කුමක් වුවත් ඇස් කණා පිටම අසාධාරණය පෙනි පෙනි ඒවා ගැන මුකුත් නොකියා නිවටුන් සේ ඉන්න තරම් අපි තවමත් කුජීත වෙලා නැති නිසා මේ විදියෙ පොඩි හරි සටහනක් තියන්න හිතුවෙ....දේශපාලන බලපුළුවන්කාරකම් අද හැම තැනකම රජ කරනවා යකෝ අපට දැන් වෙලා තියෙන්නෙ මේව දැක දැක නොදැක්ක වගේ ඉන්නද?  නැත්නම් ඉතින් මුන් සේරම මරාගෙන මැරෙන්න තමයි වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු රකින්න හිටපු ආරක්ෂා කරන්න හිටපු උන් සාමය ආරක්ෂා කරන්න හිටපු උන් අද අපිටම එරෙහි වෙලා.. ඇත්තටම ඉන්නෙ සෙල්ලං පොලිසියක් ,රිමෝට් පොලිසියක් දේශපාලුවන්ගෙ ,ලොක්කන්ගෙ අතේ තියෙන රිමෝට් එකෙන් උන් ටික පාලනය වෙනව ඇත්ත පිස්තෝල පවා අද උන්ට සෙල්ලං ඒව වෙලා... උන්ට නං මේව සෙල්ලං තමයි ....

එක එකා කියන විදියට තම ආත්ම ගෞරවය පවා බල්ලට දමලා මෙහෙම ජෝබ් කරල හම්බකරන් කාලා මොකටද ? තොපේ ඉපදෙන්න ඉන්න ළමයට පවා ඔව පලිසන් දෙනවා යකෝ... තොපිට හෙන ගහනව ..ඒත් තොපිට ඔය ඕඩර් දෙන ලොක්කන්ට එහෙම වෙන්නෙ නෑ ඒක තමයි ආශ්චර්යය..... ඒක තමයි දුක . ඔය කාකි ෂුට් ගලවලා දාලා අමුඩයක් ගහගෙන කුඹුරු කොටාගෙන කාපල්ල .. නැත්තන් හිඟා කාපල්ල ඊට වැඩිය හොඳයි ඒක... නැත්තම් ඒ අභිමනවත් සේවය මහ එකාලාගෙන ඉල්ලගනිල්ලා.... සක්කිලි නොවී....


Saturday, February 8, 2014

මේ ඔබේ අවදානය පිණිසයි.......! (අකලට මිලින මල් කැකුළු)

(පිටපත- බ්ඟුසර ඕපාත)
කාගේ හෝ වරදකට තවත් මල් කැකුලක් අකලට පරවී ඇත..
සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට facebook හා අන්තර්ජාලය පිළිබද මනා අවබෝදයක් දීම කඩිනම් කලයුතු වන්නේය..කාලින අවශ්‍යතාවක් වන එය ඔහුන්ට ලබාදෙන හමුදා පුහුණුවට වඩා වැදගත්ය..
මන්ද නැතහොත් මෙවැනි අකලට පරවන අන්තිම මල වෙනුෂා සටහන් නොකරන නිසාවෙනි...
"අපිට ඕවා ඔය කලේ තිබුනේ නැ" කියල සමහරක් වැඩිහිටියෝ දෙන ගොන් talk හාස්‍යට කරුණකි.එදාට වඩා අද සමාජය හත් පසින්ම වෙනස්ය..

Saturday, August 3, 2013

වැලිවේරිය....

කැරලි මර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ලද කැරලි මර්ධන කණ්ඩායම් සිටියදී හමුදා පිරිසක් හෝ නිල නොලත් හමුදා පිරිසක් විසින් පසුගිය දා ගැමි ජනතාව වෙත එල්ල කල ප්‍රහාරය මනුස්සකම විසින් හෙළා දකින අතර පසුගිය යුධ  කාලය තුල ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනෙකු රට රැකගන්නට වෙරදැරූ රණ විරුවන් වෙනුවෙන් කොතෙකුත් බෝධිපූජා හා විවිධ පිංකම් කරන්නට ඇත්ද අනේ උඹලට අතුරු අන්තරාවක් නම් වෙන්න එපා කියල....එහෙව් කරපු අපේ අහිංසක මිනිසුන් අසාධාරණයක් වෙනුවෙන් පාරට බැස්සාම ලොකු ලොක්කන්ගෙ ඕඩර් වලට අමානුශික අන්දමින් ජනතාවට පහර දීම තුච්ච යැයි කිව යුතුය....ඕඩරේකට උනත්, නිසි හෙවිල්ලක් බැලිල්ක් නැතිව පිස්සු බල්ලන් සේ හතර අතේ වෙඩි තැබීම කොතෙකුත් දුරට සාධාරණද? ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමක් කරන්නේ මරණ චේතනාවෙන්මය මරල හරි මුන්ටික බය කරපල්ල කියල නියමෙට ඕඩර් එක ලැබෙන්න ඇති..නැතහොත් රබර් උණ්ඩ හෝ කඳුළු ගැස් ආදිය ඒ සාඳහා භාවිතා කිරීමට හැකියාව නොතිබුණේද?.. උද්ඝෝෂනයට සහභාගි නොවූ අහිංසක මිනිසුන්ට පවා අද සිය ජීවිතය  අහිමි වී ඇත්තේ එදා අපි වෙනුවෙන් අපිටට පිහිට වූ අපේ රට බේරගන්නට දහඩිය මහන්සිය ලේ හෙළූ රණ විරුවන්ගේ වගකීමක් නැති ක්‍රියාකලාපය නිසා නොවෙද? .. විනය නැත්තවුන් ඉදිරියේ තම විනය බල්ලට දැමීම ලැජ්ජා සහගතය....

එසේම දේශපාලුවන්ගේ කටුකන බල්ලන් නොවී නිළ ඇඳුමේ මහිමය රැක ගැනීම හමුදාවේ විනය රැක ගැනීම රටේ මිනිසුන් රැක ගැනීම ඔබේම සහෝදර සහෝදරයින් රැක ගැනීම ඔබේ වගකීමයි...

පිටපත- මනුස්සකම



Tuesday, January 3, 2012

ඉන්දියන් ඒවා හොඳනැත්නම් ගන්නෙ අහවල් ඒව ද?

බොහෝ වෙද්‍යවරුන් පවසන්නේ ඉන්දියන් බෙහෙත් හොඳ නැති බවයි නමුත් අද සියලුම රජයේ ඔසුසල්වල රජයේ රෝහල් වල, පෞද්ගලික ඔසුසල් වල  වැඩිපුර ඇත්තේද ඉන්දියන් බෙහෙත්ය. මෙම තත්වයට වග කිවයුත්තෝ කවරහුද? මෙයට රජය වගකියයුතු ය....රජයේ ඇමතියන් සහ බලධාරීන්  කුණු කොල්ලයට වැඩි කොමිස් පිට ඉන්දියාවෙන් බෙහෙත් වර්ග ගෙන්වා අනෙකුත් රටවලින් බෙහෙත් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර දමා ඇත.අහිංසක මිනිසුන්ගේ ලෙඩ රෝග දඩමීමා කරගත් මේ රජයේ වගකිවයුතු හැතිකරය නිසා රටේ ලෙඩ රෝග වලින් පීඩිත ජනතාව පත්ව ඇත්තේ මහත් අපහසු තාවකටය. එදා රිසි සේ මිලට ගත් බෙහෙත් වර්ග අද කළුනික සොයනවා සේය.....

Friday, April 29, 2011

මනුස්සකම අඩවියට විරුද්ධව 119 පැමිණිල්ලක්.....

පසුගියදා මනුස්සකම අඩවියට එරෙහිව යම් කිසි, කියවා තේරුම් ගැනීමට අසීරු තවත් අධි මන්ද බුද්ධික මිනිසකු විසින් 119 අංකය ඔස්සේ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශන අංශය මාගෙන් කට උත්තරයක් ලබා ගත්තේය...පහත සඳහන් ලිපියෙන් මහින්ද යන නම භාවිතා කිරීම තුලින් අතිගරු ජනාධිපති තුමාගේ කීර්ති නාමයට කැළලක් වන බව පවසමින් පැමිණිල්ල ගොනු කොට තිබිණඑළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද?  මෙම පැමිණිල්ල මාවෙත ඉදිරිපත් කල සැනින්   මහින්ද මහ රහතන් වහන්සේ මිහින්තලා පර්වතයේ සිට තිස්ස නමින් අමතමින් ඇසූ අඹ පැනය මගේ සහියට නැගුනේය. එකම නම ඇති පුද්ගලයින් රටේ කොතෙකුත් ඇද්ද? මනුස්සකම අඩවිය කිසිවිටකත් අතිගරු ජනාධිපති තුමාගේ නමට හෝ රටටේ කීර්ති නාමයට කිසිදු කැලළක් නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි. එසේම කුමන බාධකයක් පැමිණියද තරාතිරම/නිල බලය කුමක් වුවත් යම් කිසි පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් සිදු කරනුලබන ඕනෑම  අසාධාරණ ක්‍රියා කාලාපයකට විරුද්ධ වීමට මනුස්සකම පසුබට නොවන බවද අවධාරණයෙන් යුතුව ප්‍රකාශකර සිටිමි.කියවා තේරුම් ගැනීමට අසීරු නොමේරු මොල ඇති ඔල මොට්ටලයින්ට හා උගත් කම තිබුණමුත් බුද්ධිමත්කම අඩු හිස් මිනිසුන් වෙනුවෙන් විශේෂ මනුස්සකම බ්ලොග් අඩවියක් ලඟදීම එළි දක්වන බවද දන්වා සිටිමි.

Wednesday, February 2, 2011

නිදහස් දිනයේ එළිබහින දේශප්‍රේමී කක්කුස්සි කටවල්......

ලංකාවේ පැවැත් වෙන සෑම නිදහස් දිනයකදීම හැමෝම ගයන්නේ එකම  ගීතයකි එය එදා සිට අද දක්වා ගැයූ ගීතයමය.. නිදහස් දිනය කිට්ටු වෙන කොටම අපේ දේශපාලුවන්ට හැදෙන්නේ රට ගැන පුදුම පස්සපැත්තෙ අමාරුවකි ඔවුන් දත් මිටි කමින් මේක අපේ රට මේක මගේ රට යැයි කියමින් රටේනැති පුරසාරම් දොඩවති එමෙන්ම රට වෙනුවෙන් දිවි පිදීමටත් ඉදිරිපත් වෙන්නාක් මෙන් හඟවති. එදා පර සුද්දන්ගෙන් ගත්තු නිදහස අද අපේම එකාලම අපිට නැති කරල. යකෝ, තුන්වේල කාල ඇඳල ඉන්න බැරුව අපි සමරන වල්බූරු නිදහස කුමක්ද? රජය කරන කියන හැම කුණුහරුපයකටම එහෙමයි හාමුදුරුවනේ.... කිය කියා ප්‍රශස්ථි ගී ගායනා කරන්න සිද්ධවෙලා තියෙන රටක අපිට ඇත්තේ අහවල් නිදහසක් ද? අලිමදිවට හරක් කිව්වලු.... ඒකෙම ඈයො නායකත්වය වෙනුවෙන් කුලල් කා ගන්න ආණ්ඩුවටම හරියන   විපක්ෂයකුත් තියනවනේ.. ඔනම බලුවැඩක් බූරු වැඩක් කරල රජයේ ගුණ වයන එවුන්ට අභය දානය දීල දේශප්‍රේමී යට ඇඳුම අන්දල රජගෙට යවන ඒ වගේම රජයට විරුද්ධව වචනයක් වත් කටින් පිටකරන එව්න් දේශද්‍රෝහීන් කියල හිර ඇඳුම අන්දලා හිරගෙට යවන පාලනයක් තුල අපිට අද අභිමානයෙන් සමරන්න තරම් නිදහසක් ඇත්තෙම නැති තරම්... රට දැය සමය වෙනුවෙන් දිවි දුන් අතීත අභීත දැයේ දූ පුතුන් හොල්මන්-අවතාර වෙලා මුන්ගෙ අසාධාරණ වලට එරෙහි වෙන්න වත් එනව නම් කියල හිතෙනව, මොකද ජීවත් වෙලා ඉන්න අපිට මුන්ට එරෙහිව කල හැකි කෙන්ගෙඩියක් නැති නිසා....


Enhanced by Zemanta

Monday, October 11, 2010

Gossip Lanka මන්ද මානසික කථා සහ ODEL කැලෑ නීතිය.

ඉහත සඳහන් බ්ලොග් කරුවා විසින් දිගින් දිගටම යම් කිසි කාන්තාවක් විසින් සිදුකරන ලදැයි කියන ඇඳුම් හොරකමක් සම්බන්ධයෙන් කථා කරන ආකාරය ඔබ දකින්නට ඇත කෙසේ නමුත් පසුගිය දිනක ඇය ඔඩෙල් නම් ආයතනය තුල හසුවූ රෙදි සමඟ දන ගස්සවා සිටිබව කියමින් ඡායා රෑප කිහිපයක් පළකර තිබුණි ඇත්ත නැත්ත කුමක් වුවත් නීතිය අතට ගෙන ගරු මර්වින් සිල්වාගේ කැළෑ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔඩෙල් ආයතනයට ඇති අයිතිය කුමක්දැයි සොයා බැලිය යුතුවේ . ඉහත සඳහන් අඩවිය වගකීමෙන් යුතුව එම ඡායා රූප පළකර ඇති බවත් පෙනෙන්නට ඇත එසේනම් කළ යුත්තේ නීතිය අතට ගෙන දඩුවම් කිරීමට එරෙහිව ඔඩෙල්  ආයතනයට විරුද්ධ කථා කිරීමයි නැතහොත් නඩු පැවරීමයි එසේ වුවහොත් ඉහත කතෘ වරයාද වග උත්තර කරුවකු වේ. හොරකම් කිරීම වැරදි දෙයක් යැයි අප අවිවාදයෙන් පිළි ගනී එසේම එය රටට හෙළි කිරීමට වැරද්දක් නොවේ නමුත් එම ආයතනයේ දන ගස්සවා ඇති එම ඡායා රූප ප්‍රසිද්ධ කිරීම නොවටී එසේ දන ගැස්සවීම අනුමත කිරීම නොවටී ..... මනුස්සකමට උචිත නොවේ...

.

Monday, October 4, 2010

මේ සොච්චමත් තොපිම තියාගනිව්!

ලෝක වැඩිහිටි දිනය ගැන පහුගිය දවස්වල හැමොටම වගේ තිබුණෙ පුදුම කැක්කුමක් ඉතින් ගොඩක් වැඩසටහන් එහෙමත් විශාල මුදල් වැයකිරීම් කරල සංවිධානය කරල තිබුණ...හැමොම වගේ ඒ ගැන කථා කර නිසා මනුස්සකම වෙනුවෙන් වැඩිහිටි‍යන්ට සාධාරණයක් ඉටු කරන්න පොඩි හඬක් නඟන්න ඕන කියල හිතුණ. රජය විසින් වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන පිං පඩිය රුපියල්වලින් කීයද? කියන්න කනගාටුයි එය රුපියල් 100/- තරම් කුඩා මුදලක් නමුත් ඒ මුදල ගන්නත් අදාල දිනයට තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉන්න වැඩිහිටියො දිහා බැලුවම දැනෙන්නෙ හිතට දුකක් අද කාලෙ රුපියල් සියයකින් කරන්න පුළුවන් කජ්ජක් ති‍‍බේද?  එය එක් බත් පාර්සලයක් ගැනීමට යන්තම් ප්‍රමාණවත් වන මුදලක් පමණි. දුර බැහැර ප්‍රදේශයක සිටින පුද්ගයෙකු මෙම මුදල ගැනීමට බස් කුළිය වශයෙන් රුපියල් විසිපක් වියදම් කළහොත් කඩේකට ගොස් බනිස් ගෙඩියක් කා තේ උගුරක් බිව්වොත් ඉතුරුවෙන සොච්චම අහවල් දෙයක් කරන්නද?

Tuesday, September 7, 2010

18 වන විවස්ථා සංසෝධනයට අපගේ විරෝධය!

රාජ්‍ය බලය වැඩිකරන එමෙන්ම  පෞද්ගලිකත්වයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් , පාලකයින්ගේ බලය වෙනුවෙන් ඉදිරිපත් කරන 18 වන විවස්ථා සංසෝධනයට මනුස්සකම අඩවියේ දැඩි විරෝධය!

Tuesday, August 31, 2010

නැති බැරි කම් මැද අහක දමන්නද ඔබෙ මව් ළමැදේ කිරි එරුනේ..(සංවාදයට විවෘතයි)

පසුගිය දිනක මූණු පොතේ සුදේශ් කරුණාතිලක මහතා පළකල ඡායා රූපයක් සම්බන්දයෙන් ගොඩනැගුණු සංවාදයක් නිසා මේ ප්‍රශ්නය ගැන කථා කරන්නට සිතක් පහල විය.පහත් ඇති ඡායා රූපය පිළිබඳ අවධානය යොමු කරන්න....

 මෙම ඡායා රූපයේ සිටින්නේ මීට වසර තිහකට පමණ පෙර විදේශිය යුවලකට හදාවඩා ගන්නට දුන් තම දියණිය නැවත තම මව සොයා පැමිණි අවස්ථාවකි බොහෝ දෙනෙක්ට මෙය සංවේදී අවස්ථාවක් වෙන්නටත් පුළුවන් නමුත් ..... මෙවන් දෑ සිදුවීමට හේතුව කුමක්දැයි වීමසීම අපගේ යුතුකමකි ඒ මෙවන් දෑ ඉදිරියට සිදු නොවීම පිණිසය.... බොහෝ දෙනෙකු ලාංකේය දරුවන් පිටරටිටුන්ට විකිණිම පිළිබඳ මුනිවත රකිති එසේම සමහරුන් සමාජය පිට වැරුද්ද පැටවීමට උත්සාහ කරති එසේම තමත් සමහරුන් පිරිමියා වැරදි යැයි අඟිල්ල දිගුකරති එසේම තවත් සමහරුන් ගැහැණියගේ දුර්වල කම ගැන කියති....තම දරුවන් මුදලට විකිණිම පිළිබඳ සම්පුර්ණ වගකීම බාරගත යුත්තේ තම දෙමාපියන්ය..

තමන්ගේ දරුවන් පිරරට්ටුන්ට විකුණා තම හිත හදාගන්නට හැකි නම් ඒ අම්මාගේ දරුසෙනෙහස් කොතනද? දුප්පත් කම වැනි සාධක මත තම දරුවන්ට ඉදිරියේදී සැප විදීමට යැයි යහපත් චේතනාවෙන් මේ අම්මාවරුන් තම දරුවන් මුදලට විකුනනවාද? හදාගන්නට දෙන මිනිසුන් දරුවාට හොඳින් සලකාවි යැයි අනුමාන කිරීමට හැකිද ? 



මතු සම්බන්ඳයි....

Saturday, July 31, 2010

රථ වාහන පොලිසිය..

අද මුළු පොලිස් දෙපාර්තමේන්තුවම රථ වාහන පොලිසිය බවට පත් වී ඇත. සියලුම පොලිස් ස්ථාන වල සිටින ග්‍රාමාරක්ෂක භටයාගේ සහ පොලිස් සහායකයාගේ සිට ඉහල පොලිස් නිලධාරියා දක්වාම පාරට බැස විසිල් ගසමින් රටවාහන පාලනය කිරීම, රථවාහන් පරික්ෂාව, බලපත්‍ර පරික්ෂාව, දඩ නියම කිරීම්, සහ උසාවි ඉදිරිපත් කිරීම් ආදී සියලු කටයුතු සිදු කරනු දැක ගත හැක වාහනයකින් ගමනක් යෑමට පිටත් වූ අවස්ථාවේ සිට අවසන් වන අවස්ථාව දක්වා මීටර සියයෙන් සියයට වාහන නවතා පොලිස් නිලධාරීන්ට තම බලපත් ඉදිරිපත් කළ යුතුව ඇත. මීට පෙර මෙම ක්‍රියාව සිදු කළේ රථ වාහන පොලිය මඟින් වුවත් අද සියලුම පොලිස් නිලධාරීන් මෙම ක්‍රියාවන් වලට දායක වී ඇත.මෙය ඇත්තටම ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් යැයි පැවසිය යුතුය. මේ නිදහස් ලංකාවේ නිදහසේ ගමනක් යන්නට නොහැකි නම් අපට ඇති නිදහස කුමක්ද?

ජොබ් කාරයෝ...

අද දේශපාලකයින් ජොබ් කාරයින් වී ඇත...බොහෝ තරුණ පිරිස ඔවුට උදව් කරන්නේද රැකියාවක් අපේක්ෂාවෙනි දිවා රෑ වෙහෙසෙමින් ගෙයින් ගෙට යමින් පෝස්ටර් අලවමින් දේශපාලකයින් දිනවීමට දහඩිය මහන්සිය හෙලන්නේ රට දිනවීමට වත් ගම දිනවීමටවත් නොවේ තමන්ට හෝ තමාගේ පවුලේ හිතමිත්‍රාදීන්ට රෑකියාවක් බලාපොරොත්තුවෙනි දේශපාකයින්ද මේ අනුව හැඩ ගැසී ඇත්තේ එබැවිණි. තමන්ට කත් ඇදි අයට ජොබ් දෙකතුනක් ලබා දී ඇඟ බේරා ගැනීමට දේශපාලකයින්ද පුරුදු වී ඇත..

Wednesday, June 23, 2010

විදුහල්පතින්-ගුරුවරුන් නොමැතිව ළමයි අයාලේ යයි..

රජයේ සේවකයන් දිවයිනේ ඕනෑම තැනක සේවය කිරීමට බැඳී සිටියි එහෙත් පහුගියදා අම්පාර ප්‍රදේශයේ විදුහල්පති වරුන් වෙනත් පාසල්වලට මාරු කර හැරීම නිසා එම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ප්‍රදේශයින්හී පාසල් ළමුන්ගේ මව්වරුන් සහ පියවරුන්ද කුපිත කරවමින් නොබෝදා අම්පාර නගරයේ නැටූ නාඩගම සිනා උපදවන සුළුය උද්ඝෝශකයෝ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය කරා ‍ගොස් එහිද සටන් පාඨ කියමින් උද්ඝෝශනය කර ඇත.

Tuesday, June 22, 2010

කුප්පි ලාම්පුවට හෙණ ගහල!

එන්න එන්නම ආණ්ඩුව විසින් අහිංසක අසරණ මිනිසුන් තලා පෙළා දමන්නට පෙළඹී ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. නිල්බලකායට සහ ආණ්ඩුව ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කල ධනපතීන්ගේ /කලාකරුවන්ගේ මන දොල සංසිදුවීම පිණිප සුඛෝපබෝගී භාණ්ඩ වල මිල පහත දමන ආණ්ඩුව දුප්පත් මිනිසාගේ මඩිස්සලේ හූරා කති. එසේම කිරිපිටි මිල වැඩි කළා සේම ඉදිරියේදී පාන් පිටි මිල හා සියලුම පිටිවලින් තැනූ කෑම ජාතිවල මිල වැඩි කරන බවක්ද දැනගන්නට ලැබී ඇත....

Thursday, June 17, 2010

දෙහිවල තැපැල් කාර්යාලයේ නිලධාරීන් ලියාපදිංචි ලිපියක් ගැන කිව් හැටි....

පහුගිය දිනක මනුස්සකම අඩවියට වගකිවයුතු නිලධාරීන් කිව් අපූරු කථාවක් ගැන අසන්නට ලැබින. ජූනි මස 4 වන සිකුරාද හම්බන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් දෙහිවලට තැපැල් කළ ලියාපදිංචි කරන ලද ලිපිය 19 වන සෙනසුරාදා වන විටත් නොලැබීම හේතුවෙන් මේ පිළිබද හම්බන්තොට තැපැල් කාර්යාලයෙන් විමසීමක් සිදු කළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එදිනම එය දෙහිවල කාර්යාලය වෙත යැවූ බවකි පසුව දෙහිවල කාර්යාලයෙන් ද මේ ලිපිය පිළිබඳ විමසීමක් සිදුකළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එම ලිපිය අස්ථාන ගත වී ඇති බවත් කාර්ය බහුල බැවින් එම ලිපිය සොයාදිය නොහැකි බවත්ය එහිදී එම ලිපිය පිළීබද විමසීමට ගිය පුද්ගලයා ඔවුන්ට කියා ඇත්තේ එය ලියා පදිංචි ලිපියක්ය යන්නයි එහිදී දෙහිවල තැපැලි කාර්යාලයේ නිලධාරින් පවසා ඇත්තේ,

Tuesday, June 8, 2010

මණ්ඩලේ කචල්

මේ දිනවල අම්පාර ප්‍රදේශය ඉතාම පැහැදිලි කාලගුණයක් ද ඇත නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියා කාලාපය නම් ලැජ්ජා සහගතය දිනකට විදුලිය තිබෙන ප්‍රමාණයට වඩා විදුලිය නැති වාර ගනන ඉහලය එමෙන්ම සෑම සෙනසුරාදිවකම පාහේ දවස පුරා විදුලිය විසන්දි කර ඇත එසේම ඉරිදා ද බොහෝවිට විදුලිය කපා තැබේ. සෑම පැය දෙකකට හෝ තනකට වරක් අනිවාර්යයෙන් විදුලිය විසන්ධි වී නැවත ලැබේ මේ ලෙස වරින් වර විදුලිය විසන්ධි වීම නිසා ප්‍රදේශයේ විදුලි උපකරණ විශාල ප්‍රමාණයකට දැඩි බලපෑමක් එල්ලවී ඇත එසේම රජයේ සහ පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයකට මෙය බාධාවක් වී ඇත. මෙම ක්‍රියා වලිය අද ඊයේ සිදුවූවක් ද නොවේ නමුත් බලධාරීන් ද මෙම සිදුවීම සම්බන්ධව නිහඩ පිළීවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි ප්‍රශ්නයකි? වෙනත් ප්‍රදේශ හා සැසදූ කල අම්පාර ප්‍රදේශයේ ලංකා විදුලිබල මණ්ඩලය ඉතාමත් අලස ලෙස හා අකාර්යක්ෂම ලෙස ක්‍රියා කරණ බව කිවයුතුය.

නව විදුලිබල ඇමති තුමණි මේ ඔබේ අවධානය පිණිසයි!

Sunday, May 2, 2010

ජරාම පාර අම්පාර....

අම්පාර කියන්නෙ නැගෙනහිර පළාතෙ ප්‍රධානතම නගරයක් එහෙත් මේ දක්වා කිසිම සංවර්ධන වැඩපිළිවෙලකට අයත් නැති නගරයත් අම්පාර. අම්පාර නගරයට එන ඕනැම පුද්ගලයෙකුට ඇයි මේ...?? කියල හිතෙනව මේ ප්‍රධාන නගරයේ පාරවල් ටික දැක්කම ඇවිදගෙන යන්නත් එපා වෙනව වැස්ස දවසට නගරය එකම මඩ වගුරක් මිනිහෙක්ට පාරක යන්න බෑ මඩ වලින් නැහැවෙනව ඒ මදිවට ප්‍රධාන බස් නැවතුම් පල තියෙන්නෙ අස්සක.. කාක්කන්,කොක්කුන්,වව්ලන්ගේ රජ දහන...අලුත් ඇඳුමක් ඇදගෙන ගමනක් යන්න ගියොත් ඒ කුරුල්ලන්ගෙ වසුරු ප්‍රහාර වලට ලක්වෙන එකේ ගැලවෙන්න නම් අමාරුයි කුඩයක් හරි ඉහලන්න වෙනව.

Monday, April 5, 2010

අන්තර්ජාලයෙන් SMS තහනම්!

අනේ ඉතින් අපේ අහිංසක අසරණ අන්තාර්ජාලය භාවිතා කරන කොල්ලො කෙල්ලො ‍එස් .එම් .එස් යවන්න සල්ලි නැති නිසා අන්තර්ජාලය හරහා නොමිලේ එස් .එම් .එස්  යවන්න පුරුදු වෙලා හිටිය.ඒපහසු කම දීල තිබුනෙ ඩයලොග් සමාගම සහ මොබිටෙල් සමාඟම .. ඒත් ඉතින් කිරි අප්පට බල්ලො පැනපි! ඔන්න ..ඩයලොග් සමාගම සහ මොබිටෙල් සමාඟම කථා වෙලාද මන්ද හිටි හැටියෙම ඒ පහසු කම තහනම් කරල! හ්ම්....දැන් ඉතින් තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන ගහපල්ල කෝ එස්.එම්.එස්....ඇමරිකාවෙන් පටන් ගත්තම ළඟම තියෙන රට ඉන්දියාව දක්වා අන්තර්ජාලයෙන් එස්.එම් එස් සේවාව ක්‍රියාත්මක වෙද්දි අපේ රටේ දුප්පත් මිනිස්සු මරාගෙන කන මෙවැනි සමාඟම් හිතන්නෙ බලුමස් විකුනලා හරි තමන්ගෙ මඩිය තර කර ගන්න මුන්ට බැන බැන මුන්ගෙ කකුල් ලෙවකනව ඇරෙන්න අපිට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් තියද? ඔකත් ඉතින් මෛත්‍රී සිතින් ඉවසමු හැමදාම කරනව වගේ.
 &


Monday, March 29, 2010

අන්තර්ජාල මහ ගෙදරත් අන්තර්ජාලය තහනම්!

ලංකාවටම ඉන්ටර්නෙට් දෙන පුරෝගාමියා ලෙස ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවන්ට අන්තර්ජාලය තහනම් කර ඇත. මෙම කථාව ඇසූ ඕනෑම කෙනෙක්ට මතක් වෙන්නෙ වඩුවාගෙ ගෙදරත් පුටුවක් නැත යන කථාවයි.එසේ අන්තර්ජාලය තහනමට ලක්වීමට ඇති හේතුව වශයෙන් එහි කළමණාකාරීත්වය දක්වන්නේ ඵලදායී තාවය වැඩි කරණු පිණිස මෙම පියවර ගන්නා ලද බවයි.අන්තර්ජාලය තිබුණහොත් ඵලදායීතාවය නැති වන්නේ කෙසේද? එසේ නම් ටෙලිකොම් කලමණාකාරීත්වයට තම සේවකයන් පිළිබද ඇත්තේ අවිශ්වාසයක්ද? අඩුම තරමින් විකිපීඩියා වෙත ගොස් නොදන්නා කරුණක් වත් දැන  ගැනීමට අයිතියක් නැද්ද? තමාගේ විද්‍යුත් තැපෑල පරික්ෂාකිරීමට කැ‍ෆේ වලට යෑමට වීම ගැන ඔවුන් ලැජ්ජා වෙති.අපටත් එය විහිළුවක් වැනිය.

Wednesday, March 24, 2010

ලැජ්ජයි කියන්නෙ විලි ලැජ්ජයි! (දෙවන වෙළුම)

මා පසුගිය කලක පාසල් ජාලය තුල තිබූ වෙබ් අඩවි වලට මොකද වුනේ? යන කාරණාව යටතේ කතා කළා මේ වන විට එම පාසල් වෙබ් අඩවි නැවතත් යතා තත්වයට පත් වී ඇති අතර යම් පරිශ්‍රමක් දරා මේ ලෙස හෝ යථා තත්වයට පත් කිරීම ගැන මොරටුව සරසවියේ අදාල අංශය වෙත යම් ස්තුතියක් පුද කිරීමට සිතුණි . නමුත් මෑතක දී කළ වෙබ් අඩවි ඉවත්ව ගොස් ඇති අතර 2007-2008 කාල වලදී සැදූ අඩවි පමණක් දැකගත හැකි අතර මෑතකදී කළ යාවත්කාල කිරීම් කිසිවක් නැවත ලැබි නොමැත. මෙසේ වීමට හේතුව දිගු කාලයකින් Sever Tape Backup නොගැනීම විය හැක. ‍කෙසේ නමුත් ඉදිරියට මෙවැනි අකටයුතු කම් සිදු නොවීමට අදාල අංශය පියවර ගන්නේ නම් ඔවුනට අපගේ ආචාරය පුදකර සිටීමට කැමැත්තෙමු.