පැන මඩකඩිති වැව් තාවුල වැහි කාලේ ..
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ..
සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ..
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ....
මේ සිංදුව ඇහුවම අපේ ඇස් වලින් කඳුළු එන තරම් සංවේදී වෙනව අපි අපේ සුන්දර පාසල් කාලයට මොහෙතකට ගමන් කරනවා වගේ දැනෙනවා . මෙහිදී සුනිල් එදිරිසිංහ නම් අසහාය කලාකරුවාගේ සුන්දර කටහඬ මේගීතයේ සුන්දරත්වයට මොණර පිලක් වගේ..මෙහා පළමු පදපේලි වලින් පැවසෙන්නෙ ගුරුවරයා සිසුන්ට යා යුතු නිවැරදි මඟ පෙන්වන ආකාරයයි මඩ ගොහොරු නැමැති කරදරවලින් බේරී හරි මාර්ගයේ යන ආකාරය ගැන ගීත රචකයා උපමාවක් යොදමින් කියා පායි දෙවන පද පේලි වලදී යම් උපහාසාත්මක යෙදවුමක් භාවිතා කර ඇත සිප් කිරි පෙවූ මූසිලයන් උඩුමාලේ... යනුවෙන් සිසුන්ඉහළ ස්ථාන වල වැජබුනත් ගුරුවරයා එතැනම බව මින් කියවේ.
සාමා අමර විකුණති බස් පොලේ කජු..
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු..
උගතමනා ශිල්පය පිල් කඩ නොපැතූ..
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ......
මෙම කොටසින් කියැවෙන දේ ගැන විමසුමු, මෙම කොටසේ පළමු පද පේලි දෙකෙන් කියවෙන්නේ එකල ශිල්පය ඔනෑකමින් හදාරා නොමැති අය අද දුක්විදින බවත්,උගතමනා ශිල්පය පිල් කඩ නොපැතූ..වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ...... යන්නෙන් අදහස් වන්නේ එසේ දුක් විඳින පුද්ගලයන් පසු තැව්ල් වන ආකාරය නොවෙද? ඒ දුන් දඬුවමේ අගය දැන් ඔවුනට වැටහෙන බව කියා පෑමට උත්සාහ දරා ඇත.
රන්මසු පට පිලි අභරණ උරණවෙලා....
සමන්පිච්ච කැකුළිය ගෙයි මිළීන වෙලා....
ගුරු නිවහනේ කඳුළට උල්පතක් වෙලා..
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා...
මෙම කොටස ගීතයේ සංවේදීම කොටස සේ මා දකී පාසල් ගුරුවරයකුගේ කථාවේ අවසන් ජවනිකාව මෙය ලෙස කිව හැක එකළ ලොකුහාමිනේ යැයි අදහස් කරන්නේ පාසලේ මුල් ගුරුතුමාගේ බිරිදයි එසේම මෙම ගීතයේදී මෙම කථාවට ලක්වූ ගුරුතුමාගේ බිරිද පාසල් ගුරුවරියක් යැයි සිතේ . රන්මසු පට පිලි අභරණ උරණවෙලා....සමන්පිච්ච කැකුළිය ගෙයි මිළීන වෙලා....ගුරුනිවහන අභාවයට ගොස් ඇති අතර ඇය මෙලොවින් සමු ගත් ආකාරයක් මෙහිදී කිය වේ.