Ads 468x60px

Wednesday, December 22, 2010

කොට ඇඳුම් හා යට ඇඳුම් පිළිබඳ ගරු අමාත්‍ය තනතුර කාටද?

අපේ නූතන නායකයො හදන්නෙ මේක බබා ලන්තයක් කරන්න වගේ.. පාන් මිල වැඩිකරල ජනතාවට විහිළු සපයන අපේ ඇමති වරු කිව්ව හාල් පරිභෝජනය වැඩිකරන්න තමයි එහෙම කරේ  කියල ඔව් ඉතින් අපේ රටේ ඉන්නෙ ආණ්ඩුව කියන ඕනම කුණුහරුපයක් අහල අප්පුඩි ගහ ගහ සතුටුවන ලාංකේය අභිමානවත් ජාතියක් නේ....වීරවංශ ඇමති තුමයි අගමැති තුමයි පාන් මිල තව තවත් වැඩිවේවා කිය කියා මිනිස්සු ගොනාට ඇන්දුව මතක නේ.. ඔන්න ඒවගේ තවත් අඩව්වක් මේ ආණ්ඩුව විසින් ලඟදිම අල්ලන්න ලෑස්ති වෙන්නෙ ඒ තමයි මේ රට ධාර්මීක රටක් කරන්න කියල කොට ඇඳුම් තහනම් කරන්න හදනවා ඒ වගේම යට ඇඳුම් අනිවාර්ය කරනවලු...හික්z

Thursday, December 9, 2010

ටයි පටිය හා අපේ ඇත්තෝ....

අපේ ශ්‍රී ලාංකික බොහෝ දෙනාද අද ටයි පටිය පැලඳීම බහුලව සිදුකරති නමුත් එහි ඇති අර්ථය ,තේරුමක් කුමක්දැයි දන්නා පිරිස අල්පය. ටයි පටිය පලඳින කිහිප දෙනෙකුගෙන් කල විමසීමකදී මට ලැබුණ පිළිතුරු එකිනෙකට පරස් පරය. ඒවා නම් මෙසේය.....

ගුරුවරුන්ට ඩ්‍රයිවින් ලයිසන්....

පසුගියදා පාර්ලිමේන්තුවටත් ගිය ඩ්‍රයිවින් ලයිසන් ප්‍රශ්නය ගැන මනුස්සකමටත් කතා කරන්න හිතුණ මොකද මේක රටේ ප්‍රශ්නයක් වුන නිසා....ජාත්‍යන්තර පරිගනක මෙහෙයුම් බලපත්‍රය කියල කියන්නෙ ලෝකයේ රටවල් කිහිපයක්ම සම මට්ටමින් පිළිගන්නා පාඨමාලාවක් ප්‍රධාන වශයෙන් මෙම පාඨමාලාවට ඇතුලත් වන්නේ මයික්‍රෝසොෆ්ට් ආයතනය මඟින් නිකුත් කරන වින්ඩොස් මෙහෙයුම් පද්දතිය ,කාර්යාල මෘදුකාගය , අන්තර්ජාලය, හා විද්‍යුත් තැපෑල කියන කොටස් ටික. බොහෝ පරිගණක ඉගැන්නුම් ආයතන වලත් මෙම විෂය නිර්දේශය ඉතාම ජනප්‍රියයි මාස 6ක ඩිප්ලෝමා කියල උගන්වන්නෙත් මේ ටික. ඉතින් අධ්‍යාපන අමාත්‍යංශයත් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම අයි.සී.ඩී.එල් නැත්නම් ජාත්‍යන්තර පරිගනක මෙහෙයුම් බලපත්‍රය නැමැති පාඨමාලාව ගුරුභවතුන් වෙනුවෙන් ඔවුන්ගේ පරිගණක දැනුම ඔප නැංවීම සඳහා ලබා දෙන්න කටයුතු කරල තියෙනව දින 18 වැනි කාලයක් නිවාඩු සහ දීමනා සහිතව. නමුත් මෙතන ඇති වී තිබෙන ගැටලුව මේ පාඨමාලාවෙන් ගුරුවරුන් ප්‍රයෝජන ගන්නවාද නැද්ද යන්නයි.

Wednesday, December 1, 2010

ලුණුගම්වෙහෙර ජලාශයත් වාන්දමයි....(ඡායාරූප)

ලුණුගම්වෙහෙර ජලාශ‍යේත් පසුගියදා වාන් දොරටු හයම විවෘත කිරීමට සිදුවිය එසේම ඒ හේතුවෙන් තිස්සමහාරාම,දෙඹරවැව,මාගම,කිරින්ද වැනි ප්‍රදේශයන්හී කිරිඳි ඹය අවට දැනටමත් ජලයෙන් යටවී ඇත.

Thursday, November 25, 2010

යූ.ඇන්.පී දුම්මල වරම....

යූ.ඇන් පීයට අරක් ගත් මහා යක්ෂයින් භූතයින් පළවා හැරීමට නැකැත් යෙදී තිබෙන ලබන මස 12 වන දින දුම්මල වරමින් සන්නද්ධ සාමාජිකයින් විසින් මහා යක්ෂයන් භුතයින් පළවා හරිනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතයයි. දේවත්වයට ආසන්න වූ ඩී.ඇස් සේනානායක මහතාගෙන් ඇරඹි එක්සත් ජාතික පක්ෂය පසුකලෙක ජේ.ආර්, ප්‍රේමදාස වැනි මනුෂ්‍යයින් විසින් රැක ගත්තද මේවන විට එක්සත් ජාතික පක්ෂයට අරක්ගත් ඇතැම් මහා යක්ෂයින් ප්‍රේතයින් විසින් එය නැති භංගස්ථාන කොට හමාරය. රටේ ප්‍රභල විපක්ෂයක් නැති කොට ආණ්ඩුව ඉබාගාතයේ යෑම වැලැක්විය නොහැකිය "අම්මා නැති කලට අප්පා කවර කල" කිව්වලු මේ සැරේ අයවැය බැලුවම හිතාගන්න පුළුවන් නේ ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රතිපත්තිය...

Monday, November 15, 2010

මටම ඔබ හිමිවෙන්න.......

ගෙබි ජූස්.......

චීනය වැනි රට වල ආහාර සංස්කෘතිය සැකසී ඇති ආකාරය අනුව මැඩියන් (ගෙම්බන්) ආහාරයට ගැනීම සාමාන්‍ය දෙයකි නමුත් අපගේ රටවල නම් මැඩියන්,ගැරඬියන් වැනි සතුන් ආහාරයට ගැනීම සිදුවන්නේ කලාතුරකිනි චීනය වැනි රටවල මෙම මැඬියන්ගෙන් සාදන ලද යුෂ පානය කිරීමට බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වයි විශේෂත්වය වන්නේ මේ සඳහා පණ ඇති මැඬියන් භාවිතා කිරීමයි එසේ ප්‍රාණය සහිත මැඬියන්ගෙන් සාදන ලද යුෂමය පානය තුලින් මිනිසාගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් සුභධායක බව ඔවුන්ගේ මතයයි එසේම මියගිය බිළිඳු කලළයන්ගෙන් සදාගන්නා යුෂමය පානයන්ද දැනට චීනයේ භාවිතාවන බව ද පැවසෙති.

පින්තූර-

Sunday, November 14, 2010

නොකියූ නොකියා කථාවක්...

නොකියා ජංගම දුරකථන අද ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රියයි හේතුව ඉතින් දිගුකල් පැවැත්ම තමයි නොකියා ජංගම දුරකථනයෙන් ඉතින් බල්ලෙක්ට උනත් ගහන්න පුළුවන් කෑලි ටික එකතුකරල ඔන් කරාම අනිවාර්යයෙන් වැඩ ඒත් ඉතින් මේව හදන්නෙ කොහොමද කියල ගොඩක් දෙනෙක් දැකල නැතුව ඇති ඉතින් මම අද පෙන්වන්නෙ නොකියා ෆැක්ට්‍රියෙ දුරුලභ ගනයේ පින්තූර ටිකක් බලන්නකෝ කොහොමද කියල..

ටයිප් කරන්න හුරු වෙන්න නියම වැඩසටහනක්..

අද කාලෙ ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි වේගයෙන් ටයිප් කරන්න බැරිකම සාමාන්‍යයෙන් අපේ ටයිප් කරන වේගය 35 wpm න් ඉහල වත් තියෙන්න ඕන ඉතින් ඒකට හුරුකරවන හොඳ සොෆ්ට්වෙයාර් එකක් හම්බවුණා ඒ තමයි Mavis Beacon Teaches Typing Platinum 20කලින් නම් භාවිතා කලේ ටයිපින් මාස්ටර් ඒත් මට හිතෙනව මේක ඊට වැඩිය හොඳයි වගේ ඒ නිසා හැමෝ එක්කම බෙදාගන්න හිතුණ කොහොම උනත් මේකත් අරගෙන භාවිතා කරල බලන්න පොඩි ළමයින්ට නම් වඩාත් හොඳයි පහළ තියෙන සබැඳියෙන් බාගන්න පුළුවන්...Top 10 වර්ග කිරීමට අනුව දැනට දෙවන ස්ථානයේ තියෙන්නෙත් මේක තමයි

Password- manussakama

Thursday, November 11, 2010

වෛරස් නිසා සැඟවී ගිය පහසුකම් නැවත ලබාගන්න ලේසිම ක්‍රමයක්!

වෛරස් නිසා අපේ පරිගණකවල ඇති බොහෝමයක් පහසුකම් සැගවී යයි උදාහණයක් ලෙස Folder Option, Reg-edit, Cmd Console, වැනි දේ, ඉතින් මේව අපහු ගන්න ගියාම දසවද විඳින්න වෙනව GP-Edit වලින් වෙනස් කරගන්න පුළුවන් උනත් ඒකට ටිකක් තටමන්න වෙනව ඒ නිසා දන්න නොදන්න හැමෝටම ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ පරිගණක වැඩසටහන පරිගනකයේ ස්ථාපනය කර ගන්න එක ඒ වැඩසටහනේ නැවත ලබා ගතයුතු වැඩසටහන මත ක්ලික් කර Re-enable අවස්ථාව තෝරාගැනීම විතරයි කරන් තියෙන්නෙ වෛරස් ගැන විශ්වාස කරන්න බෑ නේ ඒ නිසා කෝකටත් මේ වැඩසටහන පරිගනකයේ ස්ථාපනය කරගන්න එක ඇඟට ගුණයි

Sunday, November 7, 2010

පරිගණකයේ Beep ශබ්දයෙන් දෝශය හදුනාගනිමු

බොහෝ පරිගණක වල දෝශයන් පරිගණකය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇසෙන ශබ්දයෙන් හදුනාගත හැක දෘඩාංග කාර්මික ශිල්පීන්ට මෙන්ම පරිගණක අලුත් වැඩියාව පිලීබඳ පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයින් ශබ්දය ඇසූ පමණින්ම දෝශය කුමක්දැයි නිගමනය කරති එසේ සුවිශේෂි හැකියාවක් නැති එහෙත් පරිගණක අලුත්වැඩියාවට කැමැත්තක් දක්වන අයට එම ශබ්දයන් හදුනාගැනීමට  හැකි පරිගණක වැඩසටහන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි මෙය  Beep Code Viewer  නම් වැඩසටහනයි පහත ඇති සබැඳියෙන් එය නොමිලයේ ලබාගත හැක ඔබටත් යම් ප්‍රයෝජනයක් ගැනීමට මෙම වැඩසට උපකාරවේ යැයි සිතමි.



ටයිප් කරන අතරතුර ටච් පෑඩ් වදයක්ද?

ලැප්ටොප් භාවිතා කරන අයට සමහර වෙලාවට ටච් පෑඩ් එක මාර වදයක් දෙන්නෙ මොකද ටයිප් කරන කොට අත ටච් පෑඩ් එකේ වැදුනොත් එහෙම මොකක් හරි වැඩසටහනක් ක්‍රියාත්මක වෙනව අන්න එතකොට ඉතින් මල පනිනව ඉතින් ඒකට හොද විසඳුමක් මම කියන්නම් කරන්න තියෙන්නෙ පොඩි වැඩසටහනක් ලැප්ටොප් එකේ ස්ථාපනය කිරීම පමණයි ඒ වැඩසටහන මඟින් කෙරෙන කාර්යය නම් ටයිප් කරන අතරතුර ටච් පෑඩ් එක අක්‍රිය කර තැබීමයි පහත තියෙන සබැඳියෙන් ගොස් එම අඩවියෙන් නොමිලයේම මෙම වැඩසටහන ලබාගැනීමේ හැකියාවක් තියෙනව .මම හිතනව වැඩසටහන හොඳයි කියල.


Friday, November 5, 2010

සිංහල බ්ලොග්කරණ තරගාවලිය විහිළුවක්!

රාජකීය විදුහලේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මඟින් පවත්වන්නට යෙදී තිබෙන සිංහල බ්ලොග්කරණ තරගාවලිය විහිළුවක් බව කිව යුතුය එසේ කීමට හේතුව නම් එහි සම්පත් දායකත්වය දරන්නේ සිංහල බ්ලොග් ලිවීමට සම්බන්ධ පිරිසක් වීමයි එසේම ඔවුන් එක්තරා බ්ලොග් කියවනයකට සම්බන්ධ පිරිසක් වීමයි නරියාට කුකුල් කොටුවක් භාරදුන හොත් සිදුවන්නේ කුමක්ද? එය අප සැවොම දනිමු රාජකීය විද්‍යාලයේ භාෂා හා සාහිත්‍ය ඒකකයේ සම්පූර්ණ සම්පත් දායකත්වයක් දීමට තරම් දක්ෂයින් නොමැතිද? එසේනම් එම ඒකකය පරපෝෂිත ඒකකයක් ලෙස හැදින්වීමට අකමැත්තෙන් වුවද සිදුවේ එසේම රාජකීය විදුහලේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් පඹයින්ද? ශ්‍රී  ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය  අනුග්‍රහය දැක්වීම සාධාරණ උවත් එහි සම්පත් දායකත්වය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය නම් වූ පෞද්ගලික අරමුණු මූලික කරගත් ඊනියා සංසදයට පැවරීම ගැන සිංහල බ්ලොග් කරුවන් වශයෙන් අපගේ කණගාටුව ප්‍රකාශකර සිටින්නෙමු. තිබෙන දැනුම හා සම්පත් භාවිතයෙන් අඩුපාඩු ඇතිව හෝ මෙම තරඟයේ සම්පූර්ණ මෙහෙයවීම හා දායකත්වය රාජකීයයන් ගන්නේ නම් එය නම්බු සහිතය.

Saturday, October 30, 2010

අන්තර්ජාලය තුල කුඩා දරුවන් ආරක්ෂිතද?

අන්තර්ජාලයේ සැරිසරන විට බලන වෙබ් අඩවි වලින් 25% වත් කුණුහරුප වෙබ් අඩවි බටහිර විවෘත සමාජීය ක්‍රමය අපේ සංස්කෘතියත් දැනටමත් බාගයක්ම ගිලගෙන ඉතින් මේ අන්තර්ජාලයේ ඇති අසභ්‍යය වෙබ් අඩවි වලක්වන්න අපේ ජනාධිපතිතුමාට තියා සක්කරයගෙ පුතා වයිමටත් බෑ.ඒව කොහොම වුනත් අපේ පුංචි එවුන් වත් මේකෙන් ආරක්ෂා කරගන්න එක හොදයි අපි නම් දැන් කොහොමත් නරක් වෙලානේ.

Wednesday, October 27, 2010

අදට වයස කීයද? හරියටම දැනගන්න එක්සෙල් වලින් පොඩි වැඩසටහනක් හදමු.

බොහෝ ආයතන වල සේවය කරන ලිපිකරුවන්ට සහ පාසල්වලට ඉතා වැදගත් වන මයික්‍රෝසොෆ්ට් එක්සෙල් වැඩසටහනක් ගැන කියන්න හිතුණෙ, මේක කරන්නෙ කොහෙමෙද කියල ගොඩක් අය අහන නිසා... අප ඒ සඳහා යොදාගන්නෙ DATEDIF Function එක.  පහත දක්වා ඇති සකස්කරන ලද Function එක Excel sheet එකේ Cell (A2) එකක් මත ලියන්න A1 වෙත උපන් දිනයක් ඇතුල් කර අදට (පරිගණකයේ දිනයට) වයස නිවැරදි ලෙස දැනගන්න එසේම මෙහිදී තිබිය යුතු Date Format එක වන්නේ පරිගණකයේ ඇති Date Format එකයි

Tuesday, October 26, 2010

තමුසෙ!

එක්තරා පුද්ගලයෙකු තමන්ට අසභ්‍යවචනයෙන් බැනවැදුන බව කියමින් පුද්ගලයෙකුට විරුද්ධව නඩුවක් පවරා තිබුණි එම නඩුව විභාගවන දින පැමිණි පුද්ගලයා හා නඩුකාරවරයා අතර ඇතිවූ සංවාදය මෙසේය..

නඩුකාර තුමා- දැන් යුශ්මතාට විත්තිකරු කියපු අසභ්‍ය වචන මොනවද?

පැමිණිලිකරු- ස්වාමීණි! විත්තිකරු මට බැන්නෙ 'තමුසෙ" කියල

නඩුකාර තුමා- තමුසෙ? ඉතින් අයිසේ, ඕක නඩුදාන්න දෙයක්ද ? "තමුසෙ" කියන්නෙ හොඳ සිංහල වචනයක්නේ තමුසෙ කියන්නෙ "තමුන් වහන්සෙ" කියන එක කෙටි කරල නේ.මේ නඩුව ඉල්ලා අස්කරගෙන සාමාදාන වෙනව!

පැමිණිලිකරු- (නඩුකාර තුමා දෙසට හැරී) හරි තමුසෙ කියනව නම් මම එහෙම කරන්නම්.

Tuesday, October 19, 2010

ඔක්කොම එකට.... ජංගම දුරකථන සඳහා

මෙන්න ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා අපූරු වැඩසටහනක්..!!!! සුප්‍රසිද්ධ වැඩසටහන් වන Skype, MSN Messenger, Google Talk, AIM, ICQ® , Facebook , Twitter  යන සියල්ල එකම වැඩසටහනක් හරහා සම්බන්ද කිරීමට මෙම වැඩසටහන සමත්. අපේ ජංගම දුරකථනයට වෙන වෙනම මේ වැඩසටහන් දාන්න අවශ්‍ය නෑ දැන් මිනි ෆ්රින්ග් (Mini Fring) තියන නිසා.....කරන්න තියෙන්නෙ MiniFring  අඩවියට ගිහින් එහි ඇති Download යන අවස්ථාව තෝරලා තමන්ගෙ රට,දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය එහි ඇතුලත් කරල Free Download කියන බොත්තම ක්‍රියාත්මක කිරීමයි....(පහත පෙනෙන පරිදි)

Tuesday, October 12, 2010

හොල්මන් අඩවිය දැන් අලුත් නිවසක හොල්මන් කරයි!

හොල්මන් අඩවිය දැන් නව නිවහනකට ගොස් හොල්මන් කරයි පැරණි හොල්මන් නිවස වූයේ http://holmanadaviya.blogspot.com නමුත් දැන් http://www.ghostlanka.info හී සිට හොල්මන් කරනු ඇත..... ඔබත් අදම හොල්මන් අඩවිය බලන්න.

අවවාදයයි- හෘදයාබාධ වැළදී ඇති පුද්ගලයින් සහ ගැබිණි මව් වරුන් මෙම අඩවියට පිවිසීමෙන් වලකින්න

Monday, October 11, 2010

පොලිසියේ මාමලට හොරාව අල්ලලාම දෙමු.

ඔබේ ජංගම දුරකථනය සොරා ගතහොත් එය අපටම සොයාගත හැකි විදියක් ගැනයි අද මම කියන්න හදන්නෙ පොලිසි ගියොත් කියන්නෙ හොරා අල්ලන් එන්න කියල නේ ඔන්න පොලිසියටත් හොරාත් අල්ලා දෙන්න මේක නියම ක්‍රමයක්  ! හැබැයි දැනටමත් බොහෝ දෙනෙක් මේක පාවාච්චි කරනවාත් ඇති....ප්‍රතිඵල සිකුරුයි! හැබැයි ගැටලුව නම් මේක Sony Ericsson දුරකථන වලට විතරයි බාවිතා කරන්න පුළුවන් .බලන්න ඔබේ දුරකථනයත් පහත සඳහන් ඒවායින් එකක් ද කියල...

Gossip Lanka මන්ද මානසික කථා සහ ODEL කැලෑ නීතිය.

ඉහත සඳහන් බ්ලොග් කරුවා විසින් දිගින් දිගටම යම් කිසි කාන්තාවක් විසින් සිදුකරන ලදැයි කියන ඇඳුම් හොරකමක් සම්බන්ධයෙන් කථා කරන ආකාරය ඔබ දකින්නට ඇත කෙසේ නමුත් පසුගිය දිනක ඇය ඔඩෙල් නම් ආයතනය තුල හසුවූ රෙදි සමඟ දන ගස්සවා සිටිබව කියමින් ඡායා රෑප කිහිපයක් පළකර තිබුණි ඇත්ත නැත්ත කුමක් වුවත් නීතිය අතට ගෙන ගරු මර්වින් සිල්වාගේ කැළෑ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔඩෙල් ආයතනයට ඇති අයිතිය කුමක්දැයි සොයා බැලිය යුතුවේ . ඉහත සඳහන් අඩවිය වගකීමෙන් යුතුව එම ඡායා රූප පළකර ඇති බවත් පෙනෙන්නට ඇත එසේනම් කළ යුත්තේ නීතිය අතට ගෙන දඩුවම් කිරීමට එරෙහිව ඔඩෙල්  ආයතනයට විරුද්ධ කථා කිරීමයි නැතහොත් නඩු පැවරීමයි එසේ වුවහොත් ඉහත කතෘ වරයාද වග උත්තර කරුවකු වේ. හොරකම් කිරීම වැරදි දෙයක් යැයි අප අවිවාදයෙන් පිළි ගනී එසේම එය රටට හෙළි කිරීමට වැරද්දක් නොවේ නමුත් එම ආයතනයේ දන ගස්සවා ඇති එම ඡායා රූප ප්‍රසිද්ධ කිරීම නොවටී එසේ දන ගැස්සවීම අනුමත කිරීම නොවටී ..... මනුස්සකමට උචිත නොවේ...

.

Sunday, October 10, 2010

පාස්වර්ඩ් කඩමු.....

රහස් පද දාල පරිගණකය ලොක් කරගෙන මොනව කරනවද දන්නෙ නෑ මේක අයින් කරගන්න විදියක් තිබුණනම්.! ඔව් ඔබටත් පුළුවන් ඕනම පුංචි මහත්තයෙක්ගෙ පරිගණකයේ පාස්වර්ඩ් නැතිකරල දාන්න වින්ඩොස් එක්ස්පර්ට් (windows XP) වල විතරක් නෙමෙයි විස්ටා වලත් පාස්වර්ඩ් නැති කරල දාන්න පුළුවන් සමහරු කියයි Administration පාස්වර්ඩ් අයින් කරන්න බෑ කියල ඒව ඔක්කොම බොරු මම දෙන්නම් හොද භාණ්ඩයක් පාස්වර්ඩ් ඉවත් කරන.

Monday, October 4, 2010

මේ සොච්චමත් තොපිම තියාගනිව්!

ලෝක වැඩිහිටි දිනය ගැන පහුගිය දවස්වල හැමොටම වගේ තිබුණෙ පුදුම කැක්කුමක් ඉතින් ගොඩක් වැඩසටහන් එහෙමත් විශාල මුදල් වැයකිරීම් කරල සංවිධානය කරල තිබුණ...හැමොම වගේ ඒ ගැන කථා කර නිසා මනුස්සකම වෙනුවෙන් වැඩිහිටි‍යන්ට සාධාරණයක් ඉටු කරන්න පොඩි හඬක් නඟන්න ඕන කියල හිතුණ. රජය විසින් වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන පිං පඩිය රුපියල්වලින් කීයද? කියන්න කනගාටුයි එය රුපියල් 100/- තරම් කුඩා මුදලක් නමුත් ඒ මුදල ගන්නත් අදාල දිනයට තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉන්න වැඩිහිටියො දිහා බැලුවම දැනෙන්නෙ හිතට දුකක් අද කාලෙ රුපියල් සියයකින් කරන්න පුළුවන් කජ්ජක් ති‍‍බේද?  එය එක් බත් පාර්සලයක් ගැනීමට යන්තම් ප්‍රමාණවත් වන මුදලක් පමණි. දුර බැහැර ප්‍රදේශයක සිටින පුද්ගයෙකු මෙම මුදල ගැනීමට බස් කුළිය වශයෙන් රුපියල් විසිපක් වියදම් කළහොත් කඩේකට ගොස් බනිස් ගෙඩියක් කා තේ උගුරක් බිව්වොත් ඉතුරුවෙන සොච්චම අහවල් දෙයක් කරන්නද?

Wednesday, September 29, 2010

Facebook Animation Emotions (මූණුපොතේ ගැජට්-බැජට්)

මූණුපොත භාවිතාකරන පුද්ගලයන්ට දැන්  Facebook Animation Emotions භාවිතා කිරීමට අවස්ථාව ලැබී ඇත ඒ සඳහා කළයුත්තේ පහත ඇති සබැඳියෙන් එම අඩවියට ගොස් එහි ඇති කුඩා වැඩසටහන බා ගෙන ස්ථාපනය කරගැනීමයි ඉන්පසු ඔබට චලනය වන Emotions මඟින් ඔබගේ අදහස කෙටියෙන් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ....

Sunday, September 26, 2010

සිංහල බෞද්ධයිනි, අලින්ට-ඇත්තුන්ට පාඩුවේ ඉන්න දීපල්ලා....

වනාන්තරයෙ ඉන්න අලින් අල්ලා පංසල්වල ගාල්කරගෙන පෙරහැරක් තියෙන කොට ඌට දසවද දිදී දම්වැල් වලින් බැඳගෙන දක්කාගෙන යන්නේ අපේ සැදැහැවත් බෞද්ධයින්ම නේද?  දළදාවහන්සේ වත් අනෙකුත් ධාතූන් වහන්සේලාවත් මේ අහිංසක සතුන්ගේ පිටේ තබා දක්කාගෙන යෑම අනුමත කරන සිංහල බෞද්ධයිනි, බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමේ නාමයෙන් පිංසිදුවෙයි දැන්වත් මේ අමන ක්‍රියාව නවතා දමනු!.

Saturday, September 25, 2010

අන්තර්ජාලයේ නොමිලයේ E-Book බාගන්න පහසුම විදියක්...

දන්නවනේ මොනවද E-Book කියල අන්තර්ජාලයේ .PDF, .PPT, .DOC ක්‍රම වලට ගබඩාකර ඇති ලේඛණ සොයන්න Google වලින් පුළුවන් උනත් ටිකක් තටමන්න වෙනව මෙන්න මේ වගේ සයිට් එකකින් නම් වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන් පහල තියෙන සබැඳිය භාවිතා කරල සර්ච් කරල බලන්න 

පට්ට පපර - (දාගෙන නටන්න.....)

දන්නවනේ පපර බෑන්ඩ් කියන්නෙ මොනවද කියල.ඔය ක්‍රිකට් මැච් වලදි ,පෙරහැර වලදි  එහෙම මොණර නැටුම සිංහ නැටුම වගේ නැටුම් නටන්නෙ මේ පපර බෑන්ඩ් ගහ ගහ නේ.. කතරගම පෙරහැරේදි නම් ඉතින් වැඩිපුරම තියෙන්නෙ පපර බෑන්ඩ් නේ.. ඔන්න උත්සව අවස්ථාවක දි නැටුම් තෙල් එහෙම ගහපු අයටත් මේක නියම තමා... ඒ වගේම නටන්න අකමැති අය වුණත් මේ සංගීත ඛණ්ඩ දැම්මොත් නම් ඉබේටම නැටවෙනව.ඔන්න එහෙනම් පහත තියෙන සබැඳියෙන් පපර බෑන්ඩ් සංගීත පොකුර බා ගන්න කෝ......




Thursday, September 23, 2010

අන්තර්ජාලයේ නොමිලයේ ඩවුන්ලෝර්ඩ් (Download) පහසුම විදිය.....

අනිතර්ජාලයේ සිංදු සහ නොයෙකුත් දේවල් Download කරන්න හොයන කොට ඉතින් එපා වෙනව Google වලින් හෙව්වොත් සයිට් කිහිපයක්ම බලල තමයි අදාල දේ බාන්න වෙන්නෙ ඔන්න ඉතින් ඒකට හොදම සර්ච් එන්ජිමක් තමයි මම දෙන්න හදන්නනෙ ‍හැමෝම දන්නව ඇතිනේ බාන්න (Download)  පහසුම සයිට් එක තමයි Mediafire කියන සයිට් එක ඒ හැරෙන්න තව Megaupload , Rapidshare , Badongo , 4Shared , Depositfiles , Zshare , Taringa , Rapidspread වගේ වෙබ් අඩවි ගොඩක් තියනව මේවයින් අපට පුළුවන් අපේ Files වුණත් තැන්පත් කරල තියන්න ඉතින් ගොඩක් අය කරන්නෙ තමන් වෙබ් අඩවියක් හැදුවම ඒකට අවශ්‍ය කරන Files මේවගේ File Hosting අඩවියකට දාලා තමන්ගෙ අඩවියට ඒක Link කරන එක...

Tuesday, September 7, 2010

18 වන විවස්ථා සංසෝධනයට අපගේ විරෝධය!

රාජ්‍ය බලය වැඩිකරන එමෙන්ම  පෞද්ගලිකත්වයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් , පාලකයින්ගේ බලය වෙනුවෙන් ඉදිරිපත් කරන 18 වන විවස්ථා සංසෝධනයට මනුස්සකම අඩවියේ දැඩි විරෝධය!

එක්සත් ජාතික පක්ෂය

රටේ තනි පක්ෂයක් වශයෙන් ඉතා ප්‍රභල පක්ෂයක්ව පැවති එක්සත් ජාතික පක්ෂය අද ගරා වැටෙමින් පවතින පක්ෂයක් බවට පත්වී ඇත.එසේ වන්නට ප්‍රධානතම හේතුව වශයෙන් මා දකින්නේ නායක්වය පිළිබද ප්‍රශ්නයයි..මෙයට සම්පූර්ණ වගකිව යුත්තා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාය ඔහු මේවන විට දේශපාලන වශයෙන් පිරිහීමකට පත්ව ඇත...බොහෝ පාකිෂිකයන් නායකත්වය ප්‍රතික්ෂේප කරති එවැනි තත්වක් තිබියදීත් පක්ෂ නායකත්වය දරා සිටීමට රනිල්මහතාට විලි ලැජ්ජාවක් ද නැත.

Friday, September 3, 2010

ලැජ්ජ නැති කම!

"ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි " කියන එක අපි සමහර තැන් වලදි භාවිතා කරනව ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඇයි මෙහෙම කියන්නෙ කියල මේකට පදනම් වූ කථාව මොකද්ද කියල.... හරි මම අද කියන්න හදන්නෙ මේ කියමනේ නිධාන කථාව... ඔන්න ඉස්සර කාලෙ මහ මුදලි තුමාට තිබුණ ලොකු වත්තක් මේ වත්තෙ පළතුරු, පොල්, එහෙම ගොඩක් තිබුණ ඒ වගේම මේ වත්තෙ ආරක්ෂාවට මිනිහෙක් හිටියත් වැඩක් වුණේ නම් නෑ මොකද පොඩි ළමයි වගේම ගැහැණුන් මේ වත්තට පැනල පළතුරු කඩාගෙන දර එහෙමත් එකතු කරගෙන තමයි යන්නෙ .... මහ මුදලි තුමා මේ වත්තෙ දැන්වීමකුත් ගහල තිබුණ "ඇතුල් වීම තහනම්" කියල ඒත් වැඩක් වුනේ නෑ .. ඕන්න දවසක් මහ මුදලිතුමාම මේ වත්තෙ පළතුරු කඩන ,දර එකතු කරන අය අල්ල ගන්න හිතාගෙන වත්තට වෙලා හිටිය ඒත් වැඩක් වුණේ නෑ මුදලි තුමා එහා කොනට යනකොට මෙහා කොනෙන් ගැහැණුන් සහ ළමුන් රිංගලා ඇවිත් පළතුරු කඩනව මුදලිතුමාට වත් බය නෑ...

Tuesday, August 31, 2010

නැති බැරි කම් මැද අහක දමන්නද ඔබෙ මව් ළමැදේ කිරි එරුනේ..(සංවාදයට විවෘතයි)

පසුගිය දිනක මූණු පොතේ සුදේශ් කරුණාතිලක මහතා පළකල ඡායා රූපයක් සම්බන්දයෙන් ගොඩනැගුණු සංවාදයක් නිසා මේ ප්‍රශ්නය ගැන කථා කරන්නට සිතක් පහල විය.පහත් ඇති ඡායා රූපය පිළිබඳ අවධානය යොමු කරන්න....

 මෙම ඡායා රූපයේ සිටින්නේ මීට වසර තිහකට පමණ පෙර විදේශිය යුවලකට හදාවඩා ගන්නට දුන් තම දියණිය නැවත තම මව සොයා පැමිණි අවස්ථාවකි බොහෝ දෙනෙක්ට මෙය සංවේදී අවස්ථාවක් වෙන්නටත් පුළුවන් නමුත් ..... මෙවන් දෑ සිදුවීමට හේතුව කුමක්දැයි වීමසීම අපගේ යුතුකමකි ඒ මෙවන් දෑ ඉදිරියට සිදු නොවීම පිණිසය.... බොහෝ දෙනෙකු ලාංකේය දරුවන් පිටරටිටුන්ට විකිණිම පිළිබඳ මුනිවත රකිති එසේම සමහරුන් සමාජය පිට වැරුද්ද පැටවීමට උත්සාහ කරති එසේම තමත් සමහරුන් පිරිමියා වැරදි යැයි අඟිල්ල දිගුකරති එසේම තවත් සමහරුන් ගැහැණියගේ දුර්වල කම ගැන කියති....තම දරුවන් මුදලට විකිණිම පිළිබඳ සම්පුර්ණ වගකීම බාරගත යුත්තේ තම දෙමාපියන්ය..

තමන්ගේ දරුවන් පිරරට්ටුන්ට විකුණා තම හිත හදාගන්නට හැකි නම් ඒ අම්මාගේ දරුසෙනෙහස් කොතනද? දුප්පත් කම වැනි සාධක මත තම දරුවන්ට ඉදිරියේදී සැප විදීමට යැයි යහපත් චේතනාවෙන් මේ අම්මාවරුන් තම දරුවන් මුදලට විකුනනවාද? හදාගන්නට දෙන මිනිසුන් දරුවාට හොඳින් සලකාවි යැයි අනුමාන කිරීමට හැකිද ? 



මතු සම්බන්ඳයි....

Thursday, August 26, 2010

මේ කවුද? හිතාගන්න පුළුවන්ද?

පහත තියෙන ඡායා රූප වල ඉන්නෙ කවුද කියල අදුන ගන්න පුළුවන්ද බලන්න ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙක් හදුනාගන්න පුළුවන් උන අය පහලින් සටහනකුත් තියන්න කවුද කියල.....

Monday, August 9, 2010

මහින්ද-නාමල් පිය-පුතු ගැටුම!

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එතුමාගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ අතර දේශපාලන මත භේදයක් උද්ගතව ඇතැයි කට කථා ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලැබී ඇත. මෙම පිය-පුතු මත භේදයට හේතුව කුමක්දැයි තවමත් නිෂ්චිත වශයෙන් දැන ගැනීමට නොහැකි විය සමහරවිට මෙය ‍‍පෞද්ගලික අමනායක් වියහැකි බව ද ඇතැමුන්ගේ අදහසයි.

Sunday, August 1, 2010

මේ පින්තූරය කුමක්ද?

පහත ඇති පින්තූරයේ මැද ඇති කුඩා සුදු රවුම ( ඩොට් එක) දිහා පරිගණකයේ තිරයට අඟල් 12 ක් හෝ අඟල් 6ක් කිට්ටුවී ඇසිපිය නොසොල්වා තත්පර 30 ක් පමන බලා හිඳින්න පසුව තනි පැහැයක් සහිත බිත්තියක් මත (සුදු නමි වඩාත් හොඳයි) එක වරම බලන්න පසුව ඇසිපිය ගසමින් බිත්තිය දෙස බලන්න  එවිට බිත්තිය මතින් යම් හැඩයක් දිස්වනු ඇත ඒ හැඩය කුමක්ද? ඔබට පෙනුන ආකාරය ගැන සටහනක් තබන්න.....
.



Enhanced by Zemanta

Saturday, July 31, 2010

රථ වාහන පොලිසිය..

අද මුළු පොලිස් දෙපාර්තමේන්තුවම රථ වාහන පොලිසිය බවට පත් වී ඇත. සියලුම පොලිස් ස්ථාන වල සිටින ග්‍රාමාරක්ෂක භටයාගේ සහ පොලිස් සහායකයාගේ සිට ඉහල පොලිස් නිලධාරියා දක්වාම පාරට බැස විසිල් ගසමින් රටවාහන පාලනය කිරීම, රථවාහන් පරික්ෂාව, බලපත්‍ර පරික්ෂාව, දඩ නියම කිරීම්, සහ උසාවි ඉදිරිපත් කිරීම් ආදී සියලු කටයුතු සිදු කරනු දැක ගත හැක වාහනයකින් ගමනක් යෑමට පිටත් වූ අවස්ථාවේ සිට අවසන් වන අවස්ථාව දක්වා මීටර සියයෙන් සියයට වාහන නවතා පොලිස් නිලධාරීන්ට තම බලපත් ඉදිරිපත් කළ යුතුව ඇත. මීට පෙර මෙම ක්‍රියාව සිදු කළේ රථ වාහන පොලිය මඟින් වුවත් අද සියලුම පොලිස් නිලධාරීන් මෙම ක්‍රියාවන් වලට දායක වී ඇත.මෙය ඇත්තටම ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් යැයි පැවසිය යුතුය. මේ නිදහස් ලංකාවේ නිදහසේ ගමනක් යන්නට නොහැකි නම් අපට ඇති නිදහස කුමක්ද?

ජොබ් කාරයෝ...

අද දේශපාලකයින් ජොබ් කාරයින් වී ඇත...බොහෝ තරුණ පිරිස ඔවුට උදව් කරන්නේද රැකියාවක් අපේක්ෂාවෙනි දිවා රෑ වෙහෙසෙමින් ගෙයින් ගෙට යමින් පෝස්ටර් අලවමින් දේශපාලකයින් දිනවීමට දහඩිය මහන්සිය හෙලන්නේ රට දිනවීමට වත් ගම දිනවීමටවත් නොවේ තමන්ට හෝ තමාගේ පවුලේ හිතමිත්‍රාදීන්ට රෑකියාවක් බලාපොරොත්තුවෙනි දේශපාකයින්ද මේ අනුව හැඩ ගැසී ඇත්තේ එබැවිණි. තමන්ට කත් ඇදි අයට ජොබ් දෙකතුනක් ලබා දී ඇඟ බේරා ගැනීමට දේශපාලකයින්ද පුරුදු වී ඇත..

Friday, July 30, 2010

කක්ක පොලිස්....

ඇන්ඩම් චූටි කාලෙ කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය ලියුම් කාරයෙක් මෙන්න මෙහෙම අහනව....

ලියුම්කාරයා- ඇන්ඩම්....චී චී....කැතයි නේ මොකද්ද බබා ඔයා ඔය කරන්නෙ?
ඇන්ඩම්- මම මේ කක්කි වලින් ලියුම් කාරයෙක් හදනවා....හිහ්

Thursday, July 29, 2010

කොට ඇඳුම් තහනම්!

ලංකාව තුල ව්‍යප්ත වී යන ඩෙංගු වසන්ගතය තුරන් කිරීම සඳහා මෙතෙක් සාර්තක වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට රජය අපෝසත් වී ඇත එසේම එයට පිළියමක් ලෙස කොට ඇඳුම් තහනම් කිරීමට සෞඛ්‍ය අමාතංශය පිඹුරුපත් සකසමින් සිටින බව වාර්ථාවේ එසේම සියලුම පාසල්වල නිල ඇඳුම කාලෝචිතව වෙනස් කල යුතු බව ඔවුන්ගේ අදහසයි දැනටමත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් වල මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ ගැහැණු ළමයින්ට සුදු ගවුමට අමතරව සුදු දිග කලිසමක් හදුන්වා දී ඇත එසේම නගරබද ප්‍රදේශයන්ගේද කොට ගවුම් ඇදීම තහනම් කර ඒ වෙනුවට දිගු ඇඳුම් භාවිතය හදුන්වා දීමට අදහස් කරන බවද ආරංචිමාර්ග සඳහන් කරයි....(පුවතක්)

Sunday, July 25, 2010

DFX Audio Enhancer- ලස්සනට සිංදු අහන්න

පරිගණකයෙන් සිංදු අහන එක අපි හැමෝම කරන දෙයක් සමහර වෙලාවට හිතෙනව ශබ්දය ටිකක් වැඩි උනානම් කියල මීට වැඩිය ගුණාත්මක බවින්  වැඩි උනානම් කියල ඉතින් අන්න ඒ වෙලාවට පාවිච්චියට ගන්න හොද වැඩසටහනක් තමයි මේ...මෙකෙන් ශබ්දය විවිධ ආකාරයෙන් වෙනස් කරන්න පුළුවන් ඒ වගෙම වින්ඩොස් මීඩියා ප්ලේයර් එක සමඟ හොදින් වැඩකරනව..කථා ඇති බා ගෙනම බලමු හොඳයිද කියල...

Tuesday, July 13, 2010

මේක මගේ ගෙදර...නෑ යකෝ මගේ ගෙදර????

ඔන්න එක දවසක් දෙන්නෙක් තැබෑරුමකට වෙලා හොදටම බිව්ව එදා ඔවුන් දෙන්නම බිලා තියෙන්නෙ පහුවදාට රටේම අරක්කු තහනම් කරනව කියල හිතාගෙන..කන සාක්කුවේ.. තැබෑරුම වහන්න හදන කොට දෙන්නටම නැගිටින්න සිද්ද වුණා.ඒදෙන්න ම පාරට බැහැට යන්න පිටත් වුණා..මෙන්න මෙහෙම කිය කිය..

Saturday, July 10, 2010

නොමිලයේ Download කරන්නෙ කොහොමද? (අන්තර්ජාල ආධුනිකයින් සඳහා පමණයි)

මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ.

Friday, July 9, 2010

මව මරා දරුවා පැහැරගත් තිරිසනා...

සොභාදහම කියන්නෙ හරි අපූරු දෙයක්..සමහර වෙලාවට අපේ පරිසරයෙ සිද්ධවෙන දේවල් තේරුම් ගන්නත් අමාරුයි.මට අන්තර්ජාලයේ සැරිසරද්දි ලැබුණා හොඳ දර්ශනයක් ,බැබුන් මව මරල දාල බැබුන් පැටියත් එක්ක හුරතල් වෙන කොටිදෙනක් ගැන තිබෙන දර්ශනයක් ඉතාම දුර්ලභ ගනයේ එකක්..පොඩ්ඩක් හැමෝම බලන්න වෙන්නෙ මොකද්ද කියල? 


Wednesday, July 7, 2010

පාසලක් තුල විනය රැකගන්න කළයුත්තේ...

පහුගිය ටිකේ අරුණ සර් ගෙ බ්ලොග් එකේ පලවෙලා තිබුණ අදහස් දැක්කම මට හිතුණ පාසලක් තුල විනය රැක ගන්න කළයුත්තේ කුමක්ද? පිළිබඳ මත විමසුක් පවත්වන්න.උගත් බුද්ධිමත් හැමෝගේම මේ පිළීබදව දක්වන අදහස් මොනවද කියල බලමු සමහර විට මේඅදහස් තුලින් අධ්‍යාපන ‍අංශයන්හී රැදි සැමටම හොඳ නිගමනයන් වලට එන්න ප්‍රළුවන් වෙයි මොකද බුද්ධිමතුන්ගෙ අදහස් නිසා... ‍පහල ඇති සබැඳියෙන් එම මත විමසුමට පිවිසෙන්න ඔබගේ වෙනත් අදහස් ඇත්නම් එහි  comments වෙත ගොස් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න...

භිහිසුණු අත්දැකීම් සයිබර් අවකාශයට....



Tuesday, July 6, 2010

හොඳ කෙල්ලෙක් එක්ක යාළුවෙන්න ඕන හොඳ ගතිගුණ සහ හොඳ පෞර්ෂයක් ලු!

හොඳ කෙල්ලෙක් එක්ක යාළුවෙන්න තියෙන් ඕන හොඳම දේ කුමක්ද කියා පැවැත්වූ මත විමසුම අවසන් කරමින් එහි ප්‍රතිඵලය ඔබවෙත ගෙන ඒමටයි සැරසෙන්නෙ තියෙන්න ඕන "හොඳ ගතිගුණ" කියල තමයි ගොඩක් අය කියල තිබුනේ හැබැයි ඊට ටිකක් සමාන්තරව "හොඳ පෞර්ෂයක්" තියෙන්න ඕන කියලත් කට්ටිය කියල තිබුණ ඉතින් තුන්වෙනියට නම් තිබුණෙ "හොඳ රැකියාවකුත්" ඕන කියල අනිත් අදහස් නම් සමානව තමයි බෙදිල ගිහින් තිබුණෙ විශේෂත්වය තමයි "දේපොල වතුපිටි" කියන එකට කිසිම කෙනෙක් කැමැත්ත පල කරල තිබුනෙ නෑ.මේ ප්‍රතිඵලය අවංක අදහස් නම් ඉතින් ගොඩක් හොඳ තත්වක් මොකද හේතුව දැන් දැන් මිනිස්සු මනුස්සකම ගැන හිතනව කියල අපට පොඩි නිගමනයකට එන්න පුළුවන්.ඉස්සරනම් මුල්තැන ලැබුනෙ කඩවසම් බව,දේපොල වතුපිටි, සමාජ තත්වය,ජනප්‍රියත්වය කියන දේවල් වලට නමුත් හොඳගතිගුණ,පෞර්ෂය,රැකියාව යන සාධක ගැන දැන් දැන් හිතනව... හැබැයි තවමත් ‍මේ ටික තේරුම් ගන්න බැරි පිරිසකුත් ඉන්නව කියල නම් කියන්න ඕන...

Monday, July 5, 2010

ග්‍රීන් ටෙස්ට් (දුම් පරික්ෂාව) නිසා චාටර් කන වාහන කාරයින්...

ඔබත් වාහන හිමියෙක් නම් ඉතින් මම මේ කියන චාටර් එක අනිවාර්යයෙන්ම කාල ඇති කොළඹ ගැන නම් මම දන්නෙ නෑ පිට පළාත් වලනම් වාහන කාරයින් මේ ග්‍රීන් ටෙස්ට් නැත්නම් දුම් පරික්ෂාව නිසා කන්නෙ මාර කට්ටක් ඒකට හේතුව තමයි මෙම දුම් පරික්ෂාව සඳහා පිහිටවන ලද ග්‍රීන් ටෙස්ට් මධ්‍යස්ථාන ඇත්තේ එක් දිස්ත්‍රික්කයකට (පිට පළාත්) එකක් බැගින් වීමයි. තම වාහනයේ දුම් පරික්ෂාව වෙනුවෙන් කිලෝ මීටර 50කටත් වඩා වැඩි දුරක තම වාහනය පැදවීමට සිදුවෙයි උදාහරණයක් ලෙස තණමල්විල වාහන හිමි කරුවකු අම්බලන්තොට ග්‍රීන් ටෙස්ට් මධ්‍යස්ථානය දක්වා රිය පැදවිය යුතුව ඇත.මෙය සාර්ථක පරිසර හිතකාමි වැඩසටහනක් වුවද මෙමඟින් වාහන හිමි කරුවන් පත්වන්නේ දැඩි අපහසුතාවයකටය. මෙම දුම් පරික්ෂණ මධ්‍යස්ථාන සෑම ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල භුමියක් තුල හෝ බද්ධව ඇති කරන්නේ නම් ඉතා යෝග්‍ය බව අපගේ මතයයි. එමඟින් එකම ස්ථානයකින්   දුම් පරික්ෂාවද වාහන බලපත්‍රයද ලබාගත හැකි වනු ඇත.බලධාරීන් මේ පිළීබඳ අවධානය යොමු කරන්නේ නම් මැනවි.රටේ ජනයාගේ පහසුකම් වැඩි දියුණු කිරීම රජය සතු යුතුකමකි!



Sunday, July 4, 2010

Format Factory (Free Media Converter)

Format Factory නැමැති මෘදුකාංගය සම්පූර්ණ නොමිලයේ ලබාදෙන ගොඩක් අයට ප්‍රයෝජනවත්  Media Converter එකක් . Media Converter එකක් කියල කියන්නෙ අපට මෙමඟින් පුළුවන් ඕනෑම Video/Audio/Pictures File වල Format එක වෙනස් කර ගන්න උදාහරණයක් විදියට MPG එකක් 3GP විදියට වෙනස් කරගන්න.... මේ ගැන වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ මොකද අද කාලෙ වැඩි දෙනෙක් මේ දේවල් ගැන දන්න නිසා..මේ වැඩසටහන පාවිච්චි කරල බලන්න මම හිතන්නෙ වැඩකරගන්නත් හරි ලේසියි..

පහත සඳහන් සබැඳියන් තුලින් විස්තර ලබාගත හැක

ග්‍රීන් බ්ලඩ්

රනිල් වික්‍රමසිංහ මහතා යූ.ඇන්.පී පක්ෂනායකයා වශයෙන් සිටිය යුතුබව පිළීගන්නා එම පක්ෂයේ ඇතැම් ප්‍රභලයින් මෙම පක්ෂයේ පරිහානියටද හේතු වී ඇත ඒ අතර අන්තර්ජාලයේ මූණුපොතේ සංගමයක් විසින් උපරිමයෙන් රනිල් වික්‍රමසිංහමහතාට සහයෝගය දක්වති ඒය ග්‍රීන් බ්ලඩ් (Green Blood UNP ) නම් වේ.

Friday, July 2, 2010

උන්ට පුළුවන්නම් ඇයි අපිට බැරි??

පහුගිය දා තිස්සමහාරාම යූනියන් ඇෂුවරන්ස් හි සේවයේ නියුතු ජනක මංජුල සහෝදරයගෙන් අලුත් අදහසක් සහිත ඊමේල් එකක් ලැබුණ..හිතා ගන්නත් බැරි දර්ශනයක් තමයි ඒකෙ තිබුණෙ.පුංචි අහිංසක මුව පැටියෙක් සමඟ සෙල්ලම් කරන දරුණු කොටි රංචුවක්..ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලත් මට හිතුණ තිරිසන් සතුන්ට මිනිස් ගුණ පහල වෙලා මිනිසුන්ට තිරිසන් ගති පහළ වෙනව වත්ද කියල මේක බලපු ඕනම කෙනෙක්ට හිතෙනව. සතුරන්ට මිතුරුව ඉන්න තිරිසන් වෙච්ච උන්ට පුළුවන් නම් සතුරන් එක්ක මිතුරු වෙන්න මිනිස්සු වෙච්ච අපිට ඇයි බැරි? බලන්නකෝ ඒ පිංතූර ටික....

Wednesday, June 23, 2010

විදුහල්පතින්-ගුරුවරුන් නොමැතිව ළමයි අයාලේ යයි..

රජයේ සේවකයන් දිවයිනේ ඕනෑම තැනක සේවය කිරීමට බැඳී සිටියි එහෙත් පහුගියදා අම්පාර ප්‍රදේශයේ විදුහල්පති වරුන් වෙනත් පාසල්වලට මාරු කර හැරීම නිසා එම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ප්‍රදේශයින්හී පාසල් ළමුන්ගේ මව්වරුන් සහ පියවරුන්ද කුපිත කරවමින් නොබෝදා අම්පාර නගරයේ නැටූ නාඩගම සිනා උපදවන සුළුය උද්ඝෝශකයෝ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය කරා ‍ගොස් එහිද සටන් පාඨ කියමින් උද්ඝෝශනය කර ඇත.

Tuesday, June 22, 2010

කුප්පි ලාම්පුවට හෙණ ගහල!

එන්න එන්නම ආණ්ඩුව විසින් අහිංසක අසරණ මිනිසුන් තලා පෙළා දමන්නට පෙළඹී ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. නිල්බලකායට සහ ආණ්ඩුව ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කල ධනපතීන්ගේ /කලාකරුවන්ගේ මන දොල සංසිදුවීම පිණිප සුඛෝපබෝගී භාණ්ඩ වල මිල පහත දමන ආණ්ඩුව දුප්පත් මිනිසාගේ මඩිස්සලේ හූරා කති. එසේම කිරිපිටි මිල වැඩි කළා සේම ඉදිරියේදී පාන් පිටි මිල හා සියලුම පිටිවලින් තැනූ කෑම ජාතිවල මිල වැඩි කරන බවක්ද දැනගන්නට ලැබී ඇත....

ජංගම දුරකථනයේ හොරා පොලිසියට අල්ලලාම දෙමු!

ඔබේ ජංගම දුරකථනය සොරා ගතහොත් එය අපටම සොයාගත හැකි විදියක් ගැනයි අද මම කියන්න හදන්නෙ පොලිසි ගියොත් කියන්නෙ හොරා අල්ලන් එන්න කියල නේ ඔන්න පොලිසියටත් හොරාත් අල්ලා දෙන්න මේක නියම ක්‍රමයක්  ! හැබැයි දැනටමත් බොහෝ දෙනෙක් මේක පාවාච්චි කරනවාත් ඇති....ප්‍රතිඵල සිකුරුයි! හැබැයි ගැටලුව නම් මේක Sony Ericsson දුරකථන වලට විතරයි බාවිතා කරන්න පුළුවන් .බලන්න ඔබේ දුරකථනයත් පහත සඳහන් ඒවායින් එකක් ද කියල...

Monday, June 21, 2010

පුළුවන් නම් කුණුහර්ප 20ක් කියපන්...!

නොබෝදා මා සේවය කරන ස්ථාන අසල මිනිසුන් පිරිසක් කුණුහර්ප කියමින් බැණ ගන්නා ආකාරයක් ඇසී මා ද ඒ දෙසට අවධානය යොමු කළේය   . එහී දී මට අසන්ට ලැබුනේ වචන ඉතා සුළු ප්‍රමාණයකි... කුණුහර්ප යනු තම ආවේගයන් පළකිරීම සඳහා තම භාෂාව හා බැලූවිට එහි නිතර නොකියවෙන වචන හා නුහුරු වචන භාවිතා කරමින් තනා ගත්  වචන කිහිපයකි. සිංහලයේ පමණක් නොව ඕනෑම භාෂාවක මෙවැනි වචන මාලාවන් ඇත.සමහර මිනිසුන් මේවා ඇසීම දැඩි සේ පිළිකුල් කරති එසේම සමහර මිනිසුන් මෙම වචන භාවිතා කිරීම දැඩි ‍සේ පිළිකුල් කරති තවත් සමහරුන් තම දරුවන්ට මෙවා ඇසීමටවත් ඉඩ නොතබයි මෙම වචන වලට බිය වෙති.

Friday, June 18, 2010

නූර්ති ගීත පොදියක් !

අසා රසවිදිය හැකි දුර්ලබ අපූරු නාඩගම් හා නූර්ති ගී පොදියක් මනුස්සකමට ලැබුණා ඉතින් මේ ගීත ටික හැමෝ එක්කම බෙදාගෙන රසවිදින්න ඕන කියල හිතුණ නිසා තමයි මේ විදියට අඩවියේ පළකරන්නෙ නිතර ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් අහන්න නොලැබෙන ගීත ටිකක් පහල තියන සබැඳියෙන් අරගෙන අහලම බලන්න කෝ....

Thursday, June 17, 2010

මනමාලයා නැති මඟුල් ගෙදර....

අද දින මහා උජාරුවෙන් සමරන ශ්‍රී ලාංකේය විරුදිනය පිළිබඳව යමක් මනුස්සකම වෙනුවෙන් කියන්නට අදහස් කරමි... යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා උර දුන් අතිගරු ජනාධිපති තුමා ඇතුලු දැයේ වීරෝදාර පුද්ගලයින් වැඩිපිරිසක් එකතුවී අද දින මහා උත්සවයකි නමුත් යුධ ජයග්‍රහණයට සෟජුවම උරදුන් රුදුරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර වලටද ගොදුරුවූ ප්‍රධාන චරිතයක් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද  සිරකුටියක හිඳ හිතින් මේ දිනය සමරනවා ඇත....අද ඔහුගේ නමක් හෝ ප්‍රකාශ කිරීමක් සිදු නොවේ මෙම සිදුවීම දුටු ඕනෑම කෙනෙක්ට සිහියට නැගෙන්නේ මේක හරියට මනමාලයා නැති මඟුල් ගෙදරක් වැනිය යන්නයි...

දෙහිවල තැපැල් කාර්යාලයේ නිලධාරීන් ලියාපදිංචි ලිපියක් ගැන කිව් හැටි....

පහුගිය දිනක මනුස්සකම අඩවියට වගකිවයුතු නිලධාරීන් කිව් අපූරු කථාවක් ගැන අසන්නට ලැබින. ජූනි මස 4 වන සිකුරාද හම්බන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් දෙහිවලට තැපැල් කළ ලියාපදිංචි කරන ලද ලිපිය 19 වන සෙනසුරාදා වන විටත් නොලැබීම හේතුවෙන් මේ පිළිබද හම්බන්තොට තැපැල් කාර්යාලයෙන් විමසීමක් සිදු කළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එදිනම එය දෙහිවල කාර්යාලය වෙත යැවූ බවකි පසුව දෙහිවල කාර්යාලයෙන් ද මේ ලිපිය පිළිබඳ විමසීමක් සිදුකළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එම ලිපිය අස්ථාන ගත වී ඇති බවත් කාර්ය බහුල බැවින් එම ලිපිය සොයාදිය නොහැකි බවත්ය එහිදී එම ලිපිය පිළීබද විමසීමට ගිය පුද්ගලයා ඔවුන්ට කියා ඇත්තේ එය ලියා පදිංචි ලිපියක්ය යන්නයි එහිදී දෙහිවල තැපැලි කාර්යාලයේ නිලධාරින් පවසා ඇත්තේ,

Tuesday, June 15, 2010

හින්දි ගීතය

සෝනු නිගම්
ඉදිරිපත් කිරීම බී එම්.පී 3

Sunday, June 13, 2010

මෙන්න මේ වෛරස් ගාඩ් එක හොඳයි...(අලුත්ම සංස්කරණය)

Avast කියන වෛරස් ගාර්ඩ් එක මීට කලින් ගොඩක් අය පාවිච්චි කරල ඇති නේ.... හැබැයි මේ Avast වල අලුත්ම සංස්කරණය නම් වැඩිදෙනෙක් භාවිතා කරල නැතුව ඇති ඒකට හේතුව මේකෙ ලියාපදිංචි කරපු එකක් හොයාගන්න බැරි කම ඒත් නොමිලයේ භාවිතා කරන්න පුළුවන් Avast Home Edition එක නම් ගන්න පුළුවන් ඒත් ඉතින් නොමිලේ දෙන ඒවට ගොඩක් අය කැමති නෑ සල්ලි ගෙවල ගන්න තියන ඒවයි හොර කොපි භාවිතයට තමයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ඉතින් එහෙම අයට භාවිතා කරන්න Avast Pro 5 සංස්කරණය නම් මම හොයා ගත්ත සල්ලි ගෙවල ගන්නව නම් ඉතින් $39.95 වෙනව ලේසි නෑ... පරිගණකයේ ස්ථාපනය කරල අප්ඩේට් කරලත් බැලුව අව්ලක් නෑ හොඳයි වගේ....කැමති අයට Free Home Edition එක භාවිතා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් පහත තියන සබැඳියෙන් ගිහින්  Avast Pro 5 එකේ හොර පිටපත ගන්නත් පුළුවන් හොර කිව්වට හොරමත් නෙවෙයි.... 

Saturday, June 12, 2010

අන්තර්ජාල කුණාටුව.....

අන්තර්ජාලයේ වේගවත්ව සැරිසරන්න කවුද අකමැති? ඒත්....ඉතින් අපි හිතන වේගය, අපි බලාපොරොත්තු වන වේගය සාමාන්‍ය සම්බන්ධතාවක නැහැනේ ඉතින් තියන අන්තර්ජාල වේගය දශමයකින් හරි වැඩි කරගන්න තියනවනම් ඒකට කවුරුත් කැමතියි.ඉතින් මටත් හම්බවුණා ඒ වගේ අන්තර්ජාලයේ වේගය තරමක් හෝ වැඩි කරගන්න පුළුවන් වැඩසටහනක් නම නම් දාලා තියෙන්නෙ "අන්තර්ජාල කුණාටුව" (Internet Cyclone) කියල. මේකෙ කියල තියෙන්නෙ නම් සියට දෙසියයක් වේගය වැඩි වෙනව කියල ඒවා මේවා කොහොම වුණත් සියයට දශම පහක් වත් මේකෙන් වැඩිවෙනව නම් හොඳයි පාවිච්චි කරල බලමු හරි නැත්තම් කරන්න ඕන දේ දන්නව නේ (හැබැයි මට බනින්නෙ නැතිව).



Thursday, June 10, 2010

හොඳ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තියෙන්න ඕන හොඳම දේ??

බොහෝ මිරිමින් තමාට සුදුසු සහකාරියක් සොයා ගැනීමට අපෝසත්ව හිතට එකඟ නැති සහකාරියකට අවසානයේ කැමැත්ත පලකරමින් තම පව්ල් ජීවිතය අවුල් කර ගනිති...සමහරුන් තමන්ට හොඳ කෙල්ලකු සමඟ යාළුවන්ට සුදුසු කමක් නැතැයි මානසිකව පීඩා විදිති කෙසේ වෙතත් තමන්ට සුදුසු හොඳ කෙල්ලක් සමඟ හාද වීමට අවශ්‍ය විශේෂ සුදුසුකම් මොනවාදැයි දැන ගැනීමටත් විනෝදාශ්වාදය පිණිසත් මේ පිලිබඳ මත විමසුක් පැවැත් වීමට මනුස්සකම අඩවිය තීරණය කර ඇති අතර මෙහි දී ඔබගේ පෞද්ගලික මතය පලකිරීමටද අවස්ථාව සලසා ඇත.පහත සඳහන් සබැඳියෙන් එම මත විමසුම වෙත ගොස් ඔබේ වටිනා අදහසත් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දැනුම් දෙමු.



Tuesday, June 8, 2010

මණ්ඩලේ කචල්

මේ දිනවල අම්පාර ප්‍රදේශය ඉතාම පැහැදිලි කාලගුණයක් ද ඇත නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියා කාලාපය නම් ලැජ්ජා සහගතය දිනකට විදුලිය තිබෙන ප්‍රමාණයට වඩා විදුලිය නැති වාර ගනන ඉහලය එමෙන්ම සෑම සෙනසුරාදිවකම පාහේ දවස පුරා විදුලිය විසන්දි කර ඇත එසේම ඉරිදා ද බොහෝවිට විදුලිය කපා තැබේ. සෑම පැය දෙකකට හෝ තනකට වරක් අනිවාර්යයෙන් විදුලිය විසන්ධි වී නැවත ලැබේ මේ ලෙස වරින් වර විදුලිය විසන්ධි වීම නිසා ප්‍රදේශයේ විදුලි උපකරණ විශාල ප්‍රමාණයකට දැඩි බලපෑමක් එල්ලවී ඇත එසේම රජයේ සහ පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයකට මෙය බාධාවක් වී ඇත. මෙම ක්‍රියා වලිය අද ඊයේ සිදුවූවක් ද නොවේ නමුත් බලධාරීන් ද මෙම සිදුවීම සම්බන්ධව නිහඩ පිළීවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි ප්‍රශ්නයකි? වෙනත් ප්‍රදේශ හා සැසදූ කල අම්පාර ප්‍රදේශයේ ලංකා විදුලිබල මණ්ඩලය ඉතාමත් අලස ලෙස හා අකාර්යක්ෂම ලෙස ක්‍රියා කරණ බව කිවයුතුය.

නව විදුලිබල ඇමති තුමණි මේ ඔබේ අවධානය පිණිසයි!

Saturday, June 5, 2010

ඕපන් සෝස්


"මනුස්සකම" සිංහල චිත්‍රපටය

මනුස්සකම නම්න් අලුත් සිංහල චිත්‍රපටියක් නිපදවෙමින් පවතින බව මනුස්සකම බ්ලොග් අඩවියට වාර්ථාවිය.එම චිත්‍රපටය සුනිල් ටී මහතාගේ නිෂ්පාදනයකි ප්‍රවීණ රංගධරයන් වන ජීවන් කුමාරතුංග සහ සනත් ගුණතිලක සමඟ එක්වන තාරුණ්‍යය සිය රංගනයෙන් ඇද බැඳ ගත් රන්ජන් රාමනායක, රිදී තිරයට පෑයූ අලුත්ම තරුව චරිත් අබේසිංහ එකට එක්කොට අති සුන්දර දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සුනිල් ටී. සැරසෙයි.මනුස්සකම වෙනුවෙන් කෙරෙන මෙම නව නිර්මාණය සඳහා අපගේ සුභපැතුම්!


Thursday, June 3, 2010

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න අලුත් ක්‍රමයක්!

අන්තර්ජාලයෙන් මුදල් හොයන නව ක්‍රම සොයන සැමට මෙන්න තවත් ක්‍රමයක් මෙහි සාර්ථකත්වය කෙබඳුදැයි කීමට තවමත් නොහැක මෙය තවමත් ප්‍රායෝගිකව අත්හදා බලා නොමැති අතර මේ පිළිබඳ කිසිදු වගකීමක් මෙම අඩවිය මඟින් නොගන්නා බවද කිව යුතුය මෙය සාර්ථක දැයි අත්හදා බැලීම ඔබ  සතු කාර්යයකි.යම් දෙයක් දැනගත් සැනින් සියල්ල සමඟ එය බෙදා හදා ගැනීම මනුස්සකම බැවිණ් මෙවැනි දේ පිළිබඳ හෙලි කිරීමට අප අපේක්ෂා කරන්නෙමු.පහත ඇති සබැඳියෙන් එබට වැඩි විස්තර දැන ගැනීමට හැකියාව ඇත.මෙහි සත්‍යතාවක් නොමැති නම් නොපමාව දැනගත යුත්තන්ගේ දැන ගැනීම පිණිස මෙම පුවතට ඔබගේ ඒ වටිනා අදහස් එකතු කරන මෙන්ද ඉල්ලා සිටිමි.



එක්සත් ජාතික පක්ෂයේ ජනතා නායකයා සජිත් ප්‍රෙමදාස.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරුන් විය යුතුද ? යන ප්‍රශ්නය ඔස්සේ මනුස්සකම බ්ලොග් අඩවිය පැවැත්වූ ජනමතය නිමාවට පත් කරමින් එහි ප්‍රතිඵල ඔබවෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු එම මත විමසුමේදී 64% දෙනා සජිත් ප්‍රේමදාස මහතා සුදුසු යයි ද 27% දෙනා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුයි යන්න ද 9% දෙනා මේ දෙදෙනා හැර වෙනත් කෙනෙකුන් විය යුතුය යන්නත් ප්‍රකාශ කර ඇත. මෙම මත විමසුම සම්පුර්ණයෙන්ම මධ්‍යස්ථව පැවැත් වුණ බවද කිව යුතුය. මිනිසුන්ගේ සැබෑ මතය  සැම විටම රටට හෙළිකරණ  මනුස්සකම බ්ලොග් අඩවියේ මීළඟ මත විමසුම කුමක්දැයි තවමත් තීරණය කර නොමැත ඉදිරියේදී කාලීන මාතෘකාවක් ඔස්සේ මතවිමසුමක් ඉදිරිපත් කෙරෙණු ඇත.



Tuesday, June 1, 2010

මෙන්න පලු...

වියලි කළාපීය ප්‍රදේශයන් හී විශේෂයෙන් දකුණු පළාතේ හම්බන්තොට ප්‍රදේශයේ ඇති "පලු"  ඉතා විශාල ගස් වර්ගයකි පලු ගස් ඉතා විශාල සේම එහි හටගන්නා කුඩා ගෙඩි ඉතාම රසවත් පලතුරක්ද වෙයි සෑම අවුරුද්දකම මැයි-ජුනි මාසවලදී පලු ගස් ගෙඩිවලින් බරවෙයි පලු ගෙඩි ඉදුනු පසු තද කහ පැහැයක් ගනී.බොහෝ පිරිස් මෙම කාලයට "පලු" කැඩීම සඳහා කැළයට ඇතුල්වෙයි එය ඉතාමත් විනෝදජනක ගමනක් මෙන්ම තරමක භයානක ගමනක්ද වෙයි කැති,පොරොව, වැනි අයුධ සමඟ කැළයට ඇතුලුවෙයි එමෙන් පිපාසය සඳහා වතුරබෝතල්ද රැගෙන යාම අනිවාර්යය වේ.එම කණ්ඩායමට විශාල ගස් නැගීමට පුරුදු පුද්ගලයෙක් ද සිටිය යුතුය පලු කැඩීම සිදු කරන්නේ විශාල පලු ගස්වලට නැග එහි අතු කපා බිම හෙලයි පසුව ගසයට සිටින පුද්ගලයන් එම ගෙඩි කඩා භාජනයකට එක් රැස් කර අවසානයේ සම සමව එම පලු ගෙඩි බෙදාගැනීම සිරිතකි. පලු කැඩීම ඉතාම අනතුරුදායක ක්‍රියාවකි එයට හේතුව පලු ගස් ඉතා විශාල බැවිණි එසේම පලු ගස් වල එතුන එරමිණියා නම් දරුණු කටු සහිත වැල් නිසා එහි නැගීමද ඉතා අසීරුය එමෙන් ගස මුදුනේසිට පහලට අතු කපා දැමූවිට එහි ඉදුනු පලු ගෙඩි බොහෝමයක් බිමට වැටීමෙන් අත්තක ඉතුරුනව පලු ප්‍රමාණය ඉතාම අඩුය එබැවිණ් විශාල ගස් ප්‍රමාණයක නැගීමටද සිදුවේ සමහර අතු පහත ඇති කුඩා ගස් මතට වැටීමෙන් එවා ගැනීමට අපහසුය.

Wednesday, May 19, 2010

පුංචි තැඹිලි පැලේත් ගෙඩි හැදිලා....!!!

නොබෝදා මනුස්සකම අඩවියට අපූරු පුවතක් වාර්ථා විය, ඉතා කුඩා තැඹිලි පැලයක ගෙඩි හට ගැනීමක් පිළීබඳයි මෙම සිදුවීම සිදුව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ කුඩාගම් 01 විජිත මහතාගේ ගෙවත්තේ පැලකර තිබූ තැඹිලි පැලයකය ඒම අපූරු දුරුලභ සිදුවීම රසික දිනේෂ් මහතා විසින් මනුස්සකම අඩවිය වෙතා එවා තිබුණි පහතින් දිස්වෙන්නේ එහි ඡායා රූපයකි.


Tuesday, May 18, 2010

ඔන් ලයින් කවිමඩුව නොහොත් ඔෆිස් කවි

පසුගිය දින කිහිපයකදී ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය මගින් ඉදිරිපත් කරන ලද ඔන්ලයින් කවි මඩුව බොහෝ පිරිසක් අතර ජනප්‍රිය විය එහිදී කවි 4000කට අධික සංඛ්‍යාවක් ලියවී තිබේ.එම කිවි වල ගුණාත්මක බවක් නැතැයි ඇතැමුන් සිතුවත් එම කවි තුලින් ඔවුන් ඔවුන් ලබාගත් තෘප්තිය ඉහලය..මෙම ඔන්ලයින් කවි හුදෙක් ඔෆිස් කවි යැයි හදුන්වා දීමට හැක කාර්යාල සේවකයින් මෙන්ම විවධ ආයතනයන්හී සේවයේ නියුතු පුද්ගලයින් තම මානසික ආතතිය සමනය කරගැනීම සඳහා ඔන්ලයින් පත්තර කියවීම, පින්තූර බැලීම, වීඩියෝ දර්ශන නැරඹීම,බ්ලොග් කියවීම වැනි දේට හුරු වී සිටිති මෙම ඩිජිටල් කවි සංවාද ද ඒ සඳහා කදිම අදහසක් බැව් හැ‍ගෙයි.

එසේම මෙවැනි සජීවී කවි සංවාද මණ්ඩපයක අවශ්‍යතාවය දැනෙමින් පවතින බවද කිවයුතුය. කලාවට බර සිංහල බ්ලොග් කරුවන් වශයෙන් අපගේ අදහස නම් එම පැවැත් වූ කවි මණ්ඩපය ඉදිරියේදී මාසයකට දින කිහිපයක් හෝ විවෘත කර තැබීමට කටයුතු පිළියෙල කරන්නේ නම් අගනේය! යන්නයි. මෙම ඉල්ලීම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ  සියලුම පාලක වරුන්ටයි....!

Monday, May 10, 2010

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය...

දිගින් දිගටම අසාර්ථක තත්වයක පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට කාලය එළඹ ඇත තරුණ ක්‍රීඩකයන් හට අවස්ථාව ලබාදී ක්‍රිකට් පිටියෙන් සමුගෙන හැත්තෑ දහසකටත් අධික මාතර ප්‍රදේශයේ ජනතාවක් වෙනුවෙන් සේවය කිරීම කැපවීම සනත් ජයසූරිය මැතිතුමා සතු යුතුකමකි.තම ජයග්‍රහණය සැමරීමටවත් නොසිට පෞද්ගලික තරඟාවලියකට සහභාගිවූ එතුමා දැනට පැවැත් වෙන විස්සයි විස්ස තරඟාවලියේ දී කිසිදු දස්කමක් පෙන්නුම් නොකළේය.

අඩුම තරමින් එම සත්කාරක රටේදීවත්  ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී සීරුවෙන් හෝ පහසුවෙන් සිටීමටවත් මෙතුමා නොදන්නේද? අත් ඉදිරියට තබා දැඟලිලි ස්වභාවයෙන් ඒ අවස්ථාවට මුහුණ දුන් අයුරු දැක ගැනීමට හැකි විය ඒබව  මා තරඟ කිහිපයකදීම අධ්‍යනය කළේය එබැවිණ් මෙහි සඳහන් කිරීමටද සිතුණි.වගකිවයුතු ශ්‍රී ලාංකිකයෙක් හැටියටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියටත් සියලු ලෝකවාසීන් ඉදිරියේදී හැසීරීමද ක්‍රීඩාවට වඩා වැදගත් යැයි සිතේ..

යෝගා සිංහලෙන්........

යෝගා කලාව පිළිබඳ උනන්දුවක් ඇති සැම වෙනුවෙන් නිර්මාණය වුණ අලුත්ම සිංහල වියණුවක් (බ්ලොග්) ශ්‍රී ලංකා යෝගා නමින් එළිදක්වා ඇත මෙම කලාව ඉදිරිපත් කරණුයේ ප්‍රවීණ යෝග උපදේශක රුක්ෂාන් මහතා විසිණි ඉදිරියේදී යෝගා ක්‍රම පිළිබඳව පුළුල් දැනුවත් කිරීම් මෙම අඩවිය හරහා සිදුකරන බව ඔහු අප සමග පැවසූහ.එමෙන් එහි ඇති යෝගා මිතුරු සමාජයේ ලියාපදිංචි වීම තුලින් යෝගා කලාව සම්බන්ඳ කරුණු රාශියක් ඉගෙන ගැනීමට හා නොයෙකුත් ප්‍රදේශවල කෙරෙන පුහුණු කදවුරු සඳහා සහභාගීවීමට ද අවස්ථාව ලැබෙනු ඇත. පහත සබැඳියෙන් යෝගා අඩවියට ගොඩවන්න.......


කවිමඩුවෙ කවීන් අතර ගැටුමක්..!

ලාංකීය සිතිවිලි බ්ලොග් කියවනය මඟින් සංවිධානය කරනු ලබන කවිමඩුව වැඩසටහන පැවැත් වීමට දින කිහිපයක් තිබියදී කවිමඩුවේ කවීන් අතර මහා ගැටුමක් වර්ධනය වෙමින් පවතී තැන තැන කුඩා කණ්ඩායම් අතරද ගැටුම් උත්සන්න වී ඇත මේ ගැටුම සඳහා ලාංකීය සිතිවිලි සංවිධායකයින්ද සම්බන්ධ බව ආරංචි මාර්ග සඳහන් කරයි.ඉදිරියේදී පැවැත්වීමට නියමිත කවිමඩුව වඩාත් අවේගශීලී සහ මඩවලින් පිරුණු එකක් වන බව දැනටමත්  මෙම පුර්ව ක්‍රියා තුලින් පෙනෙන්නට ඇත . ගැටුම වඩාත් උත්සන්න වුවහොත් සාධාරණ හා සාමකාමී කවිමඩුවක් පැවැත්වීමට නිරික්ෂණ කමිටුවක් පත්කිරීමට ද ඉඩ ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙම කවින් අතර ඇතිවූ ගැටුමක් සමනය කිරීමට ගිය පිරිසකටද කිවියෙන්ම පහර එල්ලවී ඇත...මෙම කවිමඩුව පූර්ව ප්‍රඩණ්ඩ ක්‍රියාව සියැසින් දැකගැනීම සඳහා පහත සබැඳියට ගොඩවන්න

කවියන් අතර ඇතිවූ ගැටුම

Sunday, May 9, 2010

එළ හරකයි මී හරකයි!

ලංකා රාජ්‍ය තොරතුරු ජාලය (LGN) අද ලංකාව පුරා ව්‍යාප්ත කර  ඇති රාජ්‍ය සේවයට ඉතාම ප්‍රයෝජන වත් පද්දතියකි ඉක්ටා ආයතනය හා ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව කරන මෙම වැදගත් ව්‍යාපෘතියේ යම් අඩුපාඩුද ඇත.කෙසේ වෙතත් ඉක්ටා ආයතනය විසින් නිති විරෝධී පරිගනක වැඩසටහන් මේ රටින් තුරන් කිරීම උදෙසා මෙම ජාලයේ පරිගණක සඳහා විවෘත කාර්යාල මෘදුකාංග (Open Office) හදුන්වා දී ඇත එමෙන් විද්‍යුත් තැපෑල සඳහාද තන්ඩර් බර්ඩ් (Thunderbird)නැමැති විවෘත වැඩසටහන හදුන්වා දී ඇත නමුත් මෙම වැඩසටහන් සියල්ලම ධාවනය කිරීම සඳහා ලබාදී ඇති මෙහෙයුම් පද්දතිය වන්නේ වින්ඩොස් විස්ටා (Windows Vista)මෙහෙයුම් පද්දතියයි නිති විරෝධි වැඩසටහන් නැවැත් වීම සඳහා ඉහත කී විවෘත වැඩසටහන් හදුන්වා දෙමින් විස්ටා වැනි මුදල් ගෙවා ලබාගත යුතු වැඩසටහනක් මෙහෙයුම් පද්දතිය සඳහා යොදා ගැනීම කොතෙකුත් දුරට සාර්ථක ද? එය හරියට එළ හරකකු සහ මී හරකකු සංසංර්ගයේ යෙදවීමක් වැන්නය

Saturday, May 8, 2010

For Mobile users

An SMS making rounds urging mobile users to beware of calls from some mobile numbers saying it could harm the brain is false- TRC Chief

Tuesday, May 4, 2010

වත්සලාගෙ හොල්මන....

තිස්සමහාරාම අලුත්ගොඩ පාරේ වත්සලාගේ හොල්මන හොල්මන් කරපු හැටි බලන්න හොල්මන් අඩවියට ගොඩවෙන්න
http://holmanadaviya.blogspot.com/

It is a lat...ඔබ ගැනමයි!

Sunday, May 2, 2010

ජරාම පාර අම්පාර....

අම්පාර කියන්නෙ නැගෙනහිර පළාතෙ ප්‍රධානතම නගරයක් එහෙත් මේ දක්වා කිසිම සංවර්ධන වැඩපිළිවෙලකට අයත් නැති නගරයත් අම්පාර. අම්පාර නගරයට එන ඕනැම පුද්ගලයෙකුට ඇයි මේ...?? කියල හිතෙනව මේ ප්‍රධාන නගරයේ පාරවල් ටික දැක්කම ඇවිදගෙන යන්නත් එපා වෙනව වැස්ස දවසට නගරය එකම මඩ වගුරක් මිනිහෙක්ට පාරක යන්න බෑ මඩ වලින් නැහැවෙනව ඒ මදිවට ප්‍රධාන බස් නැවතුම් පල තියෙන්නෙ අස්සක.. කාක්කන්,කොක්කුන්,වව්ලන්ගේ රජ දහන...අලුත් ඇඳුමක් ඇදගෙන ගමනක් යන්න ගියොත් ඒ කුරුල්ලන්ගෙ වසුරු ප්‍රහාර වලට ලක්වෙන එකේ ගැලවෙන්න නම් අමාරුයි කුඩයක් හරි ඉහලන්න වෙනව.

Wednesday, April 28, 2010

එක්සත් ජාතික පක්ෂ නායකයා කවුරුන් වියයුතුද?

එක්සත් ජාතික පක්ෂ නායකයා කවුරුන් වියයුතුද? යන මාතෘකාව ඔස්සේ තවත් දේශපාලනික වශයෙන් මතභෙදයට තුඩුදිය හැකි තරඟයක් පවත්වන්නයි මගේ අදහස.මගේ පෞද්ගලික අදහස නම් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය භාරදීමට කාලය එළඹ ඇති බවයි කෙසේ වෙතත් විවිධ පුද්ගලයින් මේ ගැන විවිධ මත පලකරති බොහෝපිරිසකගේ අදහස් මොනවාදැයි විමසා බලමු. කළ යුත්තේ  පහත ඇති සබැදියෙන් අදාල අඩවිය වෙත පිවිස කැමැත්ත පලකිරීමයි.



හොඳම සින්ඩිය කුමක්ද?

ඉහත මාතෘකාව ඔස්සේ පැවැත්වූ තරඟය (මතබේදයට තුඩුදුන්) නිමා කිරීමට මනුස්සකම අඩවිය තිරණය කළේය කෙසේවෙතත් මෙහි ප්‍රතිඵලය නිර්ව්‍යාජව ඉදිරිපත් කිරීමට ද කටයුතු කරමු.මෙම තරඟයේ ප්‍රතිඵල මෙසේය...

  1. සිංහල බ්ලොග් කියවනය (ලබාගත් ඡන්ද ප්‍රතිශතය 54%)
  2. ලාංකීය සිතිවිලි  (ලබාගත් ඡන්ද ප්‍රතිශතය 42%)
  3. කොත්තු  (ලබාගත් ඡන්ද ප්‍රතිශතය 05%)
සිංහල බ්ලොග් කියවනය වෙත "මනුස්සකම" වෙතින් සුභපැතුම්!

පිරිමින්ගෙ බොළඳ කම..

පුංචිකාලෙ පුංචි ගෑණු ළමයි කැමති බෝනික්කන්ට ඒත් පුංචි පිරිමි ළමයි කැමති යෝධයින්ට...කල් ගතවන විට මේක වෙනස් වෙනව ඒ කියන්නෙ අනිත් පැත්ත පෙරලෙනව ලොකු උණාම ගෑණුලමයි කැමති යෝධයින්ට ඒත් පිරිළමයින් කැමති බෝනික්කන්ට..මේ කථාව සම්පූර්ණ ඇත්ත.මේ නිසාම මට හිතුණ බොළඳ කම පිළීබඳව ටිකක් වැඩිපුර හොයල බලන්න ඒ සඳහා මම යොදාගත්තෙ සිග්මන් ප්‍රොයිඩ් (Sigmund Freud) කියන ප්‍රකට මනෝවිද්‍ය දාර්ශනිකයාගේ පොත් කිහිපයක්.වර්ථමානයේ ආදරය කරන්නට පිවිසි පිරිමි ළමයින් අතුරින් 80% පමණ බොළඳ බවින් පෙළෙනව කියලයි  තතු දන්නෝ පවසන්නෙ එයට ප්‍රධාන හේතුව මනුස්ස සිතුම් පැතුම් හරි ආකාරව වටහා නොගැනීමයි.ගැහැණු ළමයකු අභියස බොළඳ වීමෙන් ඇතිවන්නේ එම ගැහැණු ළමයා තුල පිරිමියා යන්න පිළිබඳ තිබූ ආකල්ප (ගෞරවය හා පෞර්ෂ පිළිබද ආකල්ප) පලුදුවීමයි එමෙන් කාන්තාවක් පිරිමියා තුලින් බලාපොරොත්තු වන්නේ මොනවාද?

ඉස්තිරික්කය....

අද උදේ කමිසය මදින්න හදන කොට ස්තිරික්කයේ මුහුණත මත යම් තට්ටුවක් බැඳී තිබුණි එසේ වන්නට හේතුව ඇඳුම් මත ඇති ධුවිලි අංශු හා රෙදි වර්ණ කිරීමට යොදාගන්නා රසායනික ද්‍රවයයන් රත්වීම නිසා තටිටුවක් ලෙස ස්තිරික්ක මුහුණත මත බැඳීම විය හැකිය.එසේ තට්ටුවක් බැඳුන හොත් රෙදි මැදීම ඉතා අසීරුය රත් වූ විට ඒම මැලියම් වැනි දව්‍ය අපගේ ඇඳුම් මත තැවරීමටද ඉඩ ඇත. මෙම තට්ටුව ඉවත් කිරීමට ඉතා අපහසුය බොහෝ දෙනෙක් නොදන්නා කමින් යම් උපකරණයන්ගෙන සීරීමට තැත් කරයි එහිදී ස්තිරික්ක මුහුණතට හානී වී රෙදි මදින විට එම රෙදි සීරීමකට ලක්වේ එබැවිණ් මෙම ස්තිරික්කය මත බැදෙන තට්ටුව ඉවත් කිරීමට පහසුම ක්‍රමයක් කියන්නට කැමති ගොඩක් දෙනෙක් අතර බෙහෙවින් ජනප්‍රිය දෙයක්..ස්තිරික්කය රත්වෙන්නට හැර පැනඩෝල් පෙත්තක් ගෙන එය පරෙස්සමින් එම තට්ටුව බැඳී ඇති ස්ථාන මත අතුල්ලන්න එවිට එම තට්ටුව ද්‍රව බවට පත්වනු දැකිය හැක එය වේලෙන්ට ප්‍රථම රෙදි කඩකින් පිසදා හරින්න ලෙහෙසියෙන්ම එම බැඳී ඇති තට්ටුව ඉවත් කරගත හැක.

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ගරු සභාපති තුමණි !

සිංහල බ්ලොග් කලාව දැනට ව්‍යප්තවී ඇති ප්‍රමාණය ගැන සතුටුවිය නොහැක මෙය අධ්‍යාපන,සමාජීය,දේශපාලන හා නොයෙකුත් අංශ වලට ඉතා ප්‍රයෝජනවත් එකකි නමුත් ලංකාව තුල අන්තර්ජාලය භාවිතා කරන පිරිසත් සමග සංසන්දනය කලහොත් සිංහල බ්ලොග් ගැන දන්නෙ එයින් සියට 5% ත් අඩු පිරිසක්.මේවන විටත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයක් ක්‍රියාත්මක වූවද එය ඉතාම අක්‍රිය තත්වයේ පවතින්නකි සිංහල බ්ලොග් ලියන්නේද කියවන්නේද එකම පිරිසක් බව පෙනීයන කරුණකි.දිනකට එක් අඩවියකට පිවිසෙන ප්‍රමාණය දළ වශයෙන් 500 හෝ ඊට ආසන්න ගනනකි. මෙම කලාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට සිංහල බ්ලොග් ලියන්නන්ටද වගකීමක් ඇත.

Sunday, April 25, 2010

සිංහල බ්ලොග් කඹඇදී‍මකුත් පවත්වමු!

හ්ම්...සිංහල බ්ලොග් මැරතන් එකත් ඉවර වුණා ඒ උණුසුම පිටම මට  අපූරු අදහසක් ආව නරකද සිංහල බ්ලොග් කඹඇදී‍මක් සහ කොට්ට පොර ඉසව්වක් පැවැත්වුවොත් හැබැයි ඒ ඉසව් දෙකම ඊයෙම ආරමභවෙලා තියනව හැබැයි ඒක රහස් සෙල්ලමක් ...සින්ඩි දෙකක් අතර.කොහොම වුණත් ඉදිරියේදි මම හිතනව මේ ඉසව් සාර්ථකව පැවැත්වෙයි කියල.:)

Saturday, April 24, 2010

මිනිස් රවුම

හම්බන්තොටට ඇමතිවරයෙක් දෙන්න...

හම්බන්තොට දිස්ත්‍රික්කය මෙවර මැතිවරණයේදී වඩාත් කතාබහට ලක්වූ දිස්ත්‍රික්කයකි ඒ රාජපක්ෂ පරම්පරාව ආරම්භ වූ බැවිණි නමුත් මෙවර ඇමති මණ්ඩලය පත්කිරීමේදී හම්බන්තොටට කිසිම කැබිනට් ඇමති වරයෙකු නම් නොකිරීම පුදුම සහගතය වැඩිදෙනෙකු බලාපොරොත්තු තබා සිටි චමල් රාජපක්ෂ මැතිතුමාද කථානායක ධුරය භාරගත් බැවිණ් මෙම තත්වය උදාවී ඇත කෙසේවෙතත් දේශපාන පරිනත බවින් මීළඟට සිටි මහින්ද අමරවීර මහතාටද හිමිව ඇත්තේ නියෝජ්‍ය ඇමති කමකි හම්බන්තොට ජනතාවගේ බලාපොරොත්තු කඩකරමින් සිදුව ඇති තත්වය නිසා බොහෝ පාක්ෂිකයන් සහ සියලුම ජනතාව කනස්සල්ලෙන් පසුවෙති.සීඝ්‍රදියුණුවක් කරා ගමන් කරන හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් කැබිනට් ඇමති ධූරයක් ලබා ගැනීමට අතිගරු ජනාධිපති තුමන්ගෙන් ඉල්ලීමක් කළයුතු බව සැමගේ මතයයි.ඇමති වරුන් පත් කිරීමේදී සෑම දිස්තුික්කයකටම අඩුම තරමින් එක් කැබිනට් ඇමති නරයෙක් හෝ පත් කළේනම් එය සුභවාදී තත්වක් යැයි හැගේ ...දිගු කාලීන නිදහස් පක්ෂයේ පාක්ෂීකයකුවන හිටපු කැබිනට් ඇමති මහින්ද අමරවීර මහතාට නැවතත් ඇමති ධුරයක් ලබාදෙන්නේ නම් මැනවි.

සිංහල බ්ලොග් මැරතන් හොරවැඩ..

ඊයෙ රෑ තමයි රෑ කවුරු කවුරුත් රාත්‍රියේ ටෝච් අල්ලගෙන මැරතන් දිව්වනේ මුලු සයිබර් යායම එකම කලබලයක් මමත් මැරතන් බලන්න කියල කලින් පොඩි නින්දක් දාන්න ගිහින් උදේ 7.30 ඇහැ ඇරෙන කොට දැන් තමයි වැඩකිඩ බැලුවෙ ඒත් මට දැන ගන්න ලැබුණ විදියට මේ මැරතන් එකේදි වැඩි පිරිසක් තහනම් උත්තේජක අරගෙන තමයි දුවල තියෙන්නෙ ඒ කියන්නෙ සම්පූර්ණ ප්‍රෝඩාවක් කරල තියෙන්නෙ කලින් ලිපි ලියල ඒව Draft කරල තියාගෙන සැරින් සැරේ ඒව Publish කරල. කමක් නෑ ඒකට නිදිවරන්න හරි වුණා නේ හොර වැඩනම් කොතනද සිදුනොවෙන්නෙ කොහොම වුණත් කිහිප දෙනෙකුට විතරයි ඒ විදියට හොඳ නුවණක් තිබිල තියෙන්නෙ.
පින්තූරෙ ගත්තෙ මෙතනින්-http://blog.inetlanka.com/bloggame.php

ඔක්කොම එකට...All in One..! (ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා)

මෙන්න ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා අපූරු වැඩසටහනක්..!!!! සුප්‍රසිද්ධ වැඩසටහන් වන Skype, MSN Messenger, Google Talk, AIM, ICQ® , Facebook , Twitter  යන සියල්ල එකම වැඩසටහනක් හරහා සම්බන්ද කිරීමට මෙම වැඩසටහන සමත්. අපේ ජංගම දුරකථනයට වෙන වෙනම මේ වැඩසටහන් දාන්න අවශ්‍ය නෑ දැන් මිනි ෆ්රින්ග් (Mini Fring) තියන නිසා.....කරන්න තියෙන්නෙ MiniFring  අඩවියට ගිහින් එහි ඇති Download යන අවස්ථාව තෝරලා තමන්ගෙ රට,දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය එහි ඇතුලත් කරල Free Download කියන බොත්තම ක්‍රියාත්මක කිරීමයි....(පහත පෙනෙන පරිදි)

ඉන්පසු තමාගේ දුරකථනයට එන කෙටිපණිවිඩයේ ඇති සබැඳිය ඔස්සේ ජංගම දුරකථනයේ එම වැඩසටහන ස්ථාපනය කරගන්න පුළුවන් ඊටපස්සෙ ඉතින් රහස් පදයක් දීල ඇතුල්වෙලා ස්කයිප් නම් එහෙමයි ෆේස් බුක් නම් හහෙමයි අවශ්‍ය වැඩසටහන තෝරලා ඇතුල්වෙන්නයි තියෙන්නෙ දැන් ඉතින් දවසෙම චැට්.....

වැඩිවිස්තර සඳහා ෆ්රින්ග් අඩවියට යන්න- http://www.fring.com/fring_is/what_is_fring/

Friday, April 23, 2010

නරියාට කුකුළ් කොටුව....

  2010 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් පොදුජන එක්සත් පෙරමුණේ ඇමති මණ්ඩය නොබෝදා තේරී පත්කෙරුණි එහි දී විවිධ හැල හැප්පීම් සිදුවූ බවද නොරහසකි.කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන යන මතයෙහි අතිගරු ජනාධිපති තුමා සිටින බවත් සුදුසුකම් අනුව ඇමති මණ්ඩලය පත් කරනු ඇති බවටත් මිනිසුන් තුල වූයේ දැඩි විශ්වාසයකි ඇමති මණ්ඩලය පත්කෙරුණ ආකාරය ගැන දැනි බොහෝ පිරිස් මත පලකරති.මෙම ජනතා වශ්වාසය ගිලිහී ගිය තැනක් ගැන ඔබට කියන්නට අප පසුබට නොවෙමු.

     එනම් ඇමති මර්වින් සිල්වා මහතා ගැනයි. පසුගිය ලිපියක එතුමා ගේ හොඳ පැත්ත ගැන කරුණු ඉදිරිපත් කර තිබුණද එතුමාගේ නරක පැත්ත ගැනද කියන්නට මනුස්සකම  අඩවිය ඉදිරිපත් වේ....පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ කරුණු කාරණා අතර ඇමති මර්වින් සිල්වා මහතාගේ ක්‍රියා කලාපය විශේෂ වේ තම අනිසි බලය භාවිතා කර ජනමාධ්‍ය ආයතනයන්ට ඇඟිල්ල ගැසීම ඉන් එකකි..ජාතික නාලිකාවේ සභාපතිවරයාට පහරදීමට යෑම,සිරස නාලිකව වෙත අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් කිරීම ආදියත් ජනමාධ්‍ය වේදීන්ට තර්ජනය කිරීම් හා බිය වැද්දීම් කිරීමත් අමතක කලනොහැක..එවන් ක්‍රියා කලාපයක් සහිත් පුද්ගලයෙකුට ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය භාර දීම කොතෙකුත් දුරට සාධාරණද? සුදුස්සාට සුදුසුතැන යන සංකල්පය එතැනින්ම විනාශ වී ගිය බව හැගේ නරියාට කකුල් කොටුව භාරදුනහොත් කුමක් සිදුවේද? ශ්‍රී ලංකා ජනමාධ්‍යයට අහවල් දෙවියන්ගේම පිහිටයි!
ගරු මර්වින් සිල්වා ඇමති තුමණි ඉදිරියේදී එවන් අසාධාරණකම් සිදු නොවන බවට මිනිසුන් ඉදිරියේ ප්‍රතිඥා දියයුතුය.

Wednesday, April 21, 2010

ගරු ආරක්ෂක ලේකම් තුමනි !

යුධ ජයග්‍රහණයෙන් පසු වසරකට ආසන්න කලක් ගත වූවද තවමත් එම ලබාගත් නිදහසේ ඵලය සම්පූර්ණයෙන්  ජනතාවට ලැබී නොමැත. මා එසේ කීමට හේතුව නම් තැන තැන දමා ඇති පොලිස් මාර්ග බාධක ජනතාවට ඇත්තටම බාධාවක් වන බැවිණි යුද්ධය පැවති දින වලදී නම් එය අපේ ආරක්ෂාවට මහත් රුකුලක් වුනි නමුත් අද අති ගරු ජනාධිපති තුමන් හා ආරක්ෂක අංශයේ සියල්ල එකතුවී ත්‍රස්තවාදය මුලින් උපුටා දමා ඇති මොහොතක මෙසේ මාර්ග බාධක යොදමින් ජනතාවට බාධා කරන්නේ මන්ද? මාතර-අම්පාර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයකුට පෙර මාර්ග බාධක 12ත්-14ත් අතර ප්‍රමාණයක් පසුකිරීමට සිදුවූ නමුත් තවමත් පොලිස් මාර්ග බාධක 3ත් 5ත් අතර ප්‍රමාණයකදී බසයෙන් බැසීමට සිදුවේ එසේම එම මාර්ග බාධක වලදී සියලුම පුද්ගලයින්ගේ විස්තරද පොතක සටහන් කරගනී  හැදුනුම් පතෙහි ඇති නම,ලිපිනය,හැදුනුම්පත් අංකය සහ තමාගේ ගමන් ආරම්භය සහ ගමනාන්තය ඔවුනට ඉදිරිපත් කළ යුතුය බස්රථය තුල මගීන් 50ක් හෝ ඊට වැඩි ගනනක් සිටින අවස්ථාවක දී අඩුම තරමින් විනාඩි 30ක් හෝ ඊට වැඩි වෙලාවක් පෝලිමේ සිටීමට සිදුවේ.

Tuesday, April 20, 2010

සයිස් දහයෙ සෙරෙප්පුවේ රහස කුමක්ද?

සයිස් දහයෙ සෙරෙප්පුවේ රහස කුමක්ද? දෙවන ලුතිනන් ප්‍රියන්ත ගුණසේකර මහතා හෙළිකරන සත්‍ය කතාව.... ඇත්ත දැනගන්න හොල්මන් අඩවිය බලන්න.

Monday, April 19, 2010

ගිරා මල....

මල් වර්ග විවිධ හැඩයන්ගෙන් දැකගත හැක නාරිලතා මල කාන්තාවකකගේ ස්වරූපයට බෙහෙවින් සමාන මලකි එසේම කුරුල්ලන්,මිනිසුන් ,සතුන් හා නොයෙකුත් හැඩ වලින් පුෂ්පයන් දැකගත හැක මෙයත් එවැනි පුෂ්පයකි ගිරවකුගේ ස්වරූපය ගත් මෙම අපූරු පුෂ්පය තායිලන්තයේ මල් උයනකින් හමුවී ඇත ගිරවකුගේ හොටය ඇතුළුව සියලුම අංගයන්ගෙන් සමන්විත මෙම පුෂ්පය ලංකාවේ පරවි මලට මදත් සමාන කමක් දක්වයි නමුත් එයට වඩා වර්ණවත් වීම මෙහි විශේෂත්වයයි..පහත දක්වා ඇත්තේ එම ගිරා මලයි..

ගරු සනත් ජයසූරිය මංත්‍රී තුමණි..!

දේශපාලන උණුසුම තවමත් පහව ගොස් නැත එනිසාම දේශපාලනයට සම්බන්ධ දෙයක් ගැනම කතා කරන්නට සිතුණි. සනත් ජයසූරිය යනු ලෝක ක්‍රිකට් වීරයෙකි එමෙන් අප හදවත් තුල ක්‍රීඩකයෙක් ලෙස දේවත්වයෙන් පිදුම් ලබයි නමුත් පසුගිය වකවානුවේදී ඔහු ලාංකේය දේශපාලනයට පිවිසියේ ක්‍රීඩකයෙකු ලෙසද ක්‍රියා කරන ගමන්ය.ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් පොදු ජන එක්සත් පෙරමුණ යටතේ තරඟවැද දිස්ත්‍රික්කයේ පළමු වෙනියාද විය.නමුත් ඔහුට නියමිත දිනට ඡන්දය ප්‍රකාශ කිරීමට වත් විවේකයක් නොමැති විය ඉන්දිය ප්‍රාන්තයකට ඇති ලැදියාවක් නිසා ඔහු එම ප්‍රාන්තය ජයග්‍රහණය කරවීම සදහා එතෙර බලා ගියේ මැතිවරණ කොමසාරිස් තුමාගේ විශේෂ නියෝගයක් මත වේලාසන ඡන්දයද ප්‍රකාශ කිරීමෙන් පසුවය.

Saturday, April 10, 2010

"බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ"

කවුද කැමති හැමදාම පරදින්න කවුද හැමදාම පරදින්නෙ වෙන කවුද ඉතින් යූ ඇන් පී කාරයො මිසක් අතීතයේදි තම තමන් මහන්සියෙන් ගොඩනඟපු පක්ෂය අද අන්ත විදියට පරාද වෙන කොට පැරණි පාක්ෂිකයින් අසරණව සුසුම් හෙළනව මේ සැරෙත් පැරදියි කියල.දවසක් වයස්ගත පුද්ගලයෙක් කියනව ජීවත්ව ඉන්නකම් අපිට යූ.ඇන්.පී ආණ්ඩුවක් දැක ගන්න ලැබෙන්නෙ නෑ කියල මටත් ටිකක් දුක හිතුණ.මේවට වගකියන්න ඕන පක්ෂයේ නායකයා ගරු රනිල් වික්‍රමසිංහ හැමදාම විපක්ෂ නායක තුමා ....මට මෙන්න මේවිදියෙ දෙයක් මතක් වෙනව "බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ"' මේ තරම් පරාද වෙලත් පක්ෂයේ සියලුදෙනාගෙන් සමාව ඉල්ලලා පක්ෂනායක කමින් ඉවත් වෙන්න සදාචාරයක් නැති නායකයෙක්...දේශපාලන පරිනත භාවය පමණක් තිබූ පමනින් රටක් දිනවන්න බෑ ඒකට ආකර්ෂණයක් තියෙන්න ඕන මෙතුමාගේ ඒ ආකර්ශණය ඇත්තෙම නෑ අඩුම ගානෙ විමල් වීරවංශට වැඩියවත් මනාප ගන්න එතුමාට අද නොහැකි වෙලා තියනව පක්ෂ නායකයට පක්ෂයේ සමහරුන්ගෙ මනාපෙවත් නැහැ.

Friday, April 9, 2010

මර්වින් සිල්වාට ගොඩක් අය කැමතියි!

පහුගිය වකවානුවේදී ලංකාවේ මැර චරිතයක් ලෙස මාධ්‍ය විසින් හුවා දක්වනලද ආචාර්ය මර්වින් සිල්වා මහතා මෙවර මැතිවරණයෙන් විශීෂ්ථ ජයග්‍රහණයක් ලබාගෙන ඇත මොහු මෙතරම් මැර නම් දිනුවේ කොහොමද? මිනිසුන් විසින් මොහු පිළිගත්තේ මන්ද? ඕනෑම මිනිසකු තුල ඇති මනුස්සකම නිසා නොවෙද? අසාධාරණයට එරෙහිව කෑගහන අහිංසක මිනිසුන්ට අද සමාජයේ නිසි තැනක් නොමැත ඔවුන් මෝඩයින් යැයි කියා සමාජයෙන් කොන් කර දැමීමට බොහෝ ප්‍රභල මිනිසුන් කැමති වෙති එමෙන් මර්වින් සිල්වා මහතාද එවැන්නෙකි තමන්ට පහර ගහන විට හිස පහත් කරගෙන සිටීමට කැමැතක් දක්වන්නේ අමනයින්ය හිතට එන දේ නිර්ව්‍යාජව පැවසීම නොකර වෙනත් දෙයක් පැවසීම වංචාවක් ය මර්වින් සිල්වා සැබෑ අවංක මිනිසෙකි තමාගේ හිතට එන දේ හරි හෝ වැරදි නිර්ව්‍යාජව පැවසීම උසස් මිනිස් ගතියක් සේ මා දකී ඔනෑම මිනිසකු තුල ඇති සංවේදීතාවය මෙතුමා තුලද ඇත තම නිවසට ආහාර ගැනිමට ආසන්න වෙලාවකදී පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට (ඕනෑම තරාතිරමක) "කෑම ටිකක් කමු" යැයි කියන්නේ හදිසි මංත්‍රීවරයෙකි සමහර මංත්‍රීවරුන් දහඩිය වැකුණු මිනිසුන් අප්‍රිය කරති නමුත් මිනිසුන්ගේ දහඩිය සුවඳ හදුනන මර්වින් සිල්වා වැන්නවුන් අපේ පාර්ලිමේන්තුවට අවශ්‍ය බව එක්ලක්ෂ පනස්එක්දහසක් පමණ මිනිසුන් පිළීගෙන ඇත.ගරු මර්වින් සිල්වා මැතිතුමනි ඔබට රටට වැඩදායී පුද්ගලයකු වන්නට මනුස්සකම වෙතින් සුභපැතුම්!


1  Basil Rajapaksa - 425861
2. Sudarshani Pranandupulle - 186140
3. Mervin Silva - 151085
4. Ven Athuraliye Rathna - 112010
5. Filix Perera - 69938
6. Ruvan Ranathunga - 66488
7. Lasantha Alagiyavanna - 65939
8. Sarana Gunawardana - 61150
9. Dulip Wijesekara - 51469
10. Vasantha Senanayaka - 51124
11.Pandu Bandaranayaka - 49613
12.Sarath Kumara Gunarathna - 46040