සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට facebook
හා අන්තර්ජාලය පිළිබද
මනා අවබෝදයක් දීම කඩිනම් කලයුතු වන්නේය..කාලින අවශ්‍යතාවක් වන එය ඔහුන්ට ලබාදෙන
හමුදා පුහුණුවට වඩා වැදගත්ය..
මන්ද නැතහොත් මෙවැනි අකලට පරවන අන්තිම මල
වෙනුෂා සටහන් නොකරන නිසාවෙනි...
"අපිට ඕවා ඔය කලේ තිබුනේ නැ" කියල
සමහරක් වැඩිහිටියෝ දෙන ගොන් talk හාස්‍යට කරුණකි.එදාට වඩා අද සමාජය හත් පසින්ම වෙනස්ය..
ගුරුවරුද පාසල් දරුවන් කෙරේ තවත් ලං විය
යුතුව ඇත..
තැලෙන දරුවා තවත් තැලෙන විට වෙනුෂලා බිහිවීම
අරුමයක් නොව..!
දරුවකු මනෂිකව ප්‍රශ්නයකට මුහුණපා ඇති විටක
තවත් එම දරුවාව මනෂිකව වැට්ටවීම විදුහල් පතිට හෝ ගුරුවරුන්ට පට්ට ආතල් එකකි...
බොහෝ ගුරුවරුන්ද විදුහල්පතිගෙන් එක දා
ගැනීමට එසේ කරති...වැඩිහරියක් ගුරුවරියන්ය...
බොහෝ ගුරුවරුන් එසේ කිරීමෙන් තමන්ගේ දරුවාගේ
කුණු හෝදා හරියි.
සැමවිටම පහත් තැනින් ජලය ගලා බසී..
අප පාසල් ගිය වකවානුව තුල අපට පාසල තුල
අම්මලා තාත්තලා සිටියා මතකය..අද ඉන්නේ බාප්පලා කුඩම්මලාය.....
අද පාසල් ගුරුවරියන් fashion modelsය
ගුරුවරුන් Bussnesmanලාය...
එදා මෙන් දරුවන්ට ලං වන්නට ගුරුවරුන්ට්
උවමනාවක් නැත..something එක ඔහුනට
ලැබෙන නිසා දරුවාගේ මනශිකත්වයට ඔහුන් දුරය..
තවද කිසිම විටක දරුවන් වෙසියන් හෝ පකයන්,පරයන් වන්නේද නැත...
දරුවා ඇමතීමට බොහෝ කාරුණික වදන් ඇති අතර
දරුවාට අවවාදය කිරීමද සාපේක්ෂ වන්නේය.. මන්ද දරුවන් එකී නෙකාට විවිධ මනාෂික මට්ටම්
ඇති නිසාය.
අද ගුරුවරුන් ඒවා නොදනී...ඔහුන්ගේ තැබෑරුම්
මානශිකත්වය හෝ මෙගා මානශිකත්වය දරුවන්ට නොගලපෙන්නේය..
පාසල් දරුවන්ගේ මනෂිකත්වය අද දවසේ කෙසේද
යන්න සැම ගුරුවරයකුටම හොදින් තේරුම් ගත හැකි උනා නම් වෙනුෂා හෙටත් පාසල් එන්නේය...
ඉතිහාසය තුලද දම්මිලා සුගත්ලා සිටියේය..එම
නිසා ගොළු හදවත බිහිවිය..කරුණාසේන ජයලත් ප්‍රබන්ධකයකු නොවන්නේය... අවාසනවකට
දම්මිලට සුගත්ලට hand phone හෝ facebook
තිබුනේ නැත.
තිබුන නම් දම්මිගේ poto කැල්ලක් සුගත්ගේ facebookiයේද tag වන්නේය....
ජංගම දුරකතයක් හෝ facebook ගිණුමක් හෝ ප්‍රේමවන්තයෙක්
හිටි පමණට ඇය වෙසියකු නොවන්නේය... මන්ද ඔහුන් දරුවන්ය....
අපචාරයට ලක් වූ අල්තිනයිලාද දුයිශේන්ලා වැනි
ගුරුවරුන් නිසා ජිවත් විය...ගුරු ගීතය යනු චින්ගීස් අයිත්මතව් කහනවට ලියු පොතක්
නොවන්නේ ඉතිහාසය අල්තිනයිලා දුයිශේන්ලා වෙනුවෙන් සාක්ෂී සපයන හෙයිනි.
අද සමාජය තුල වෙනුෂා වෙනුවෙන් ඇගිලි දික්
කරන බොහෝ දෙනාට එක් දෙයක් අමතක වී ඇත එය නම් වෙනුෂාද තවමත් දරුවෙක් බවය.....
පවුල තුල අඩුලුහුඩුකම් , අඩු ආරක්ෂාව ලැබෙන
වෙනුෂලා තවත් සමාජයේ ජිවත් වෙති...ඔහුනට පාසල තුල ගුරුවරුන්ගේ අවදානය යොමු විය
යුතු අතර ඒ දරුවන් වෙනුවෙන් මනාෂික උපදේශන පාසල තුලින් ලැබිය යුතුය..කෙලින්ම
කිවොත් පාසල තුල ගුරු මෑණිවරුන් පියවරුන් බිහිවිය යුතුය...
ගුරු ගීතයේ වැනි දුයිෂේන් ලා බිහිවිය
යුතුය...
අඩුම ගුරු විදුහලකදී හෝ ගුරු ගීතය වැනි
පොතක් ගුරුවරුන් කියවා වටහා තිබුනා නම් හෙට වෙනුෂා පාසැල වෙනුවෙන් නැටුම් තරගයකට
යන්නේය...
පාසැල් ගාස්තු ගෙවා ගත නොහැකි වූ විට
පන්තිබාර ගුරුවරයාගේ පිඩනයට ලක්ව වලපනේදී සදුනි ශානිකා නම් 12 හැවිදිරි අහිංසක
දුප්පත් දැරිය පොල්අතු නිවසේ පියස්සේ එල්ලී මැරුණ රටක පාසල් ක්ෂේත්‍රය තුල වෙනුෂා
ඉමන්දී බණ්ඩාර සොහොයුරියට සිදුවූ සිදුවීම ගැන අප පුදුම වියයුතුද නැත...
වරද ෆේස්බුක් නෙවෙයි අර විදුහල්පති ගොනාගේ කුහක මානසිකත්වය.
ReplyDelete