අද සමාජයේ පච්ච කලාව සාමාන්‍ය අංගයක් බවට පත්වී තිබේ බටහිර සංස්කෘතියට නැඹුරු බොහෝ පිරිස් මෙම පච්ච කලාවට ප්‍රිය තාවයක් දක්වයි. පච්ච කලාවේ ආරම්භ නව ශිලා යුගය තරම් ඈත අතීතය දක්වා දිවයයි ක්‍රි.පූ 3100 පමණ පැරණි අයිස්මෑන් ඔට්සි නැමැති ශරීර කොටස් මත පච්ච වැනි නිර්මාණ කර ඇති ආකාරයක් පුරා විද්‍යාඥයින් සොයාගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාවේ පච්ච කලාව බිහි වූයේ ඉංග්‍රීසින්ගේ ආක්‍රමණ වලින් පසුව බව බොහෝ දෙනාගේ පිළි ගැනීම වුවත් එය ලංකාවේද ඈත අතීතය දක්වා දිව යන්නකි.
හෙළ වෙදකම ප්‍රචලිතව පැවති ලංකාවේ මෙන්ම ඉන්දියාවේද විශ්මිත නිල ශාත්‍රය හෙවත් නිල අල්ලා ලෙඩ සුව කිරීම පැවතුණි ඒ අනුව එක් නිලයක් එක් වරක් පමණක් ඇල්ලිය හැකි අවස්ථා වෙද මහතුන් විසින් නිර්දේශ කොට තිබුණි දෙවනි වතාවේදීද එම නිලය ඇල්ලුවහොත් ඔහුගේ මරණය සිදුවේ එබැවිණ් එය ඉන්පසුව ඔහු හෝ ඇය පරික්ෂා කරන වෙද මහතුන් දැනගත යුතුය. පුස්කොල වල ලියා තබා හෝ එවැණි දේ ජීවිත කාලයම ආරක්ෂා කිරීම අපහසු බැවිණ් එයට පිළියමක් වශයෙන් නොමැකෙන ලෙස සම මත මෙම නිලය මා පළමුවරට අල්ලා ඇත.... යනුවෙන් සඳහනක් තබන ලදී පසු කාලීනව මෙය කලාවක් බවට පත්වී යම් උපදේශාත්මක වැකි... ගීත කොටස් ..කවි වැනි වදන් නොමැකෙන ලෙස සම මත සටහන් තැබීමට මිනිසුන් පෙළබී ඇත .... ඉන්පසුව පින්තූර පවා සම මත ඇදීම සිදුවිය...
එතැන් පටන් ලංකාවේද පච්ච කලාව ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත... දැන් ඔබට වැටහෙනවා ඇති පච්ච කලාව සුද්දන්ගෙන් පැමිණි දෙයක් නොවන බව.