Ads 468x60px

Wednesday, February 2, 2011

නිදහස් දිනයේ එළිබහින දේශප්‍රේමී කක්කුස්සි කටවල්......

ලංකාවේ පැවැත් වෙන සෑම නිදහස් දිනයකදීම හැමෝම ගයන්නේ එකම  ගීතයකි එය එදා සිට අද දක්වා ගැයූ ගීතයමය.. නිදහස් දිනය කිට්ටු වෙන කොටම අපේ දේශපාලුවන්ට හැදෙන්නේ රට ගැන පුදුම පස්සපැත්තෙ අමාරුවකි ඔවුන් දත් මිටි කමින් මේක අපේ රට මේක මගේ රට යැයි කියමින් රටේනැති පුරසාරම් දොඩවති එමෙන්ම රට වෙනුවෙන් දිවි පිදීමටත් ඉදිරිපත් වෙන්නාක් මෙන් හඟවති. එදා පර සුද්දන්ගෙන් ගත්තු නිදහස අද අපේම එකාලම අපිට නැති කරල. යකෝ, තුන්වේල කාල ඇඳල ඉන්න බැරුව අපි සමරන වල්බූරු නිදහස කුමක්ද? රජය කරන කියන හැම කුණුහරුපයකටම එහෙමයි හාමුදුරුවනේ.... කිය කියා ප්‍රශස්ථි ගී ගායනා කරන්න සිද්ධවෙලා තියෙන රටක අපිට ඇත්තේ අහවල් නිදහසක් ද? අලිමදිවට හරක් කිව්වලු.... ඒකෙම ඈයො නායකත්වය වෙනුවෙන් කුලල් කා ගන්න ආණ්ඩුවටම හරියන   විපක්ෂයකුත් තියනවනේ.. ඔනම බලුවැඩක් බූරු වැඩක් කරල රජයේ ගුණ වයන එවුන්ට අභය දානය දීල දේශප්‍රේමී යට ඇඳුම අන්දල රජගෙට යවන ඒ වගේම රජයට විරුද්ධව වචනයක් වත් කටින් පිටකරන එව්න් දේශද්‍රෝහීන් කියල හිර ඇඳුම අන්දලා හිරගෙට යවන පාලනයක් තුල අපිට අද අභිමානයෙන් සමරන්න තරම් නිදහසක් ඇත්තෙම නැති තරම්... රට දැය සමය වෙනුවෙන් දිවි දුන් අතීත අභීත දැයේ දූ පුතුන් හොල්මන්-අවතාර වෙලා මුන්ගෙ අසාධාරණ වලට එරෙහි වෙන්න වත් එනව නම් කියල හිතෙනව, මොකද ජීවත් වෙලා ඉන්න අපිට මුන්ට එරෙහිව කල හැකි කෙන්ගෙඩියක් නැති නිසා....


Enhanced by Zemanta

2 comments :

  1. කතාව හරියටම හරි මචන්. අපේ රටේ ඉන්න බහුතරය බූරුවන් වීම ගැන තියෙන්නෙ පොඩ් කලකිරීමක්. ඕන කුණුහරුපයක් කිව්වම ඒක අනුමත කරන්න ඉන්න හෙන්චයියලාගෙ හයියෙන් වැජබෙන දේශපාළුවො වගකීමක් නැති දිව දෙකේ කතා කියන එකට වගකියන්න ඕන අපේ මිනිස්සුමයි.

    ReplyDelete
  2. සම්පුර්ණ ඇත්ත .. බොරුව කොච්චර රජ වෙළද කිවුවොත් දන අපේ මිනිස්සුන්ට ඉර පෙන්නලා අන්න හඳ කියල මහින්ද කිවුවොත් එකත් පිළිගනී

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...