මේ පරිගණක මෘදුකාංගයේ නම තමයි ඉන්ක්ස්කේප් (Inkscape) මේක විවෘත මෘදුකාංගයක් (Open Source) මෙම මෘදුකාංගය භාවිතා කරමින් පරිගණකයෙන් අපූරුවට චිත්‍ර නිර්මාණය කරන්න පුළුවන් හරියට Illustrator වගේ හැබැයි ඒ තරම්ම නම් හොඳයි කියන්න අමාරුයි කොහොම වුණත් නොමිලේ දෙන එකක් නිසා කට ඇරල හොඳයි කියන්න පුළුවන්..... පහත තියෙන සබැඳියෙන් බාගත කරන් පාවිච්චි කරල බලන්න පාවිච්චි කරන විදිය දන්නෙ නැත්නම් අන්තර්ජාලයේ ඕන තරම් ඉන්ක්ස්කේප් ගැන පාඩම් (Tutorials) ලබාගන්න පුළුවන්
Monday, October 31, 2011
ගුරු හොරු
මේක අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික පරිගණක ඉගැන්වුම් මධ්‍යස්ථානයක වුන කනගාටුදායක සිදුවීමක් ප්‍රදේශයේ පාසල් ගුරුභවතුන්,රජයේ උසස් නිළධාරීන් මෙන්ම තරුණ තරුණියන් , කුඩා දරු දැරියන්ද එම ආයතනයේ ඉගෙනුම ලබනවා පසුගිය දිනක එම ආයතනයේ පරිගණක උපදේශිකාවගෙ රු.15,000/- පමණ වටින ජංගම දුරකථනය හිටි හැටියේ අතුරුදහන් වෙලා මුළු ආයතනය පුරාම පරික්ෂා කළත් දුරකථනය නම් ලැබුණෙ නෑ ඉතින් එම උපදේශිකාවට සිදුවුණා නීතියේ පිහිට පතන්න ඒත් ඉතින් සැක කරන්න නම් කෙනෙක් හිටියෙ නෑ මොකද එම අවස්ථාවේ ආයතනයේ ඉගෙනුම ලැබුවේ පාසල් ගුරුභවතුන් නිසා...
Sunday, October 30, 2011
MP3 වල ධාරිතාවය අඩු කරගන්න පහසුම විදියක්.....
සමහර ජංගම දුරකථන වල මතක ධාරිතාවය ඉතාම අඩුයි ඒ වගේම මෙමරි පතෙහිත් මතක ධාරිතාවය අඩු වුවහෝත් එහි ගබඩා කලහැකි MP3 සිංදු ප්‍රමාණය අඩුවෙනව ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි එම සිංදුවල ධාරිතාවය අඩුකර ගැනීම .සිංදුවේ ගුණාත්මක බවට ඒ තරම්ම හානියක් වෙන්නෙත් නැතිව මේ කාර්යය පහසුවෙන් සිද්ධ කරගන්න තියෙනව නම් ඉතින් හොඳයි අන්න ඒ වැඩේට හොඳම වැඩසටහනක් තමයි මම අද හදුන්වල දෙන්නෙ මේක Freeware එකක්...ඒ වගේම Portable නිසා පෙන් එකක වුණත් දාගෙන වැඩකරන්න පුළුවන් භාවිතා කරන්නත් හරිම ලෙහෙසියි
පහත සබැඳියෙන් බා ගන්න පුළුවන්
Password :- manussakama
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Friday, October 28, 2011
කොරියානු භාෂා විභාගය ප්‍රතිඵල-2011 ( Korean language exam results )
පසුගිය 15 සහ 16 යන දෙදින පැවැත්වූ කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර පහත සඳහන් සබැදියෙන් තම විභාග අංකය යොදා ප්‍රතිඵල දැනගැනීමට හැකියාව ඇති අතර එම විභාගයෙන් කොරියාවෙහි සේවය සඳහා තේරී පත්වූවන් ගේ සම්පූර්ණ නාම ලේඛනය ද මෙහි දක්වා ඇත
The results of the Korean examination which was held on last 15 and 16
has been released and that the results could be viewed through web
site, says Bureau of Foreign Employment.By inserting the respective index number of the candidate on following web site of Sri Lanka Bureau of Foreign Employment and can download all selected list from Manussakama
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Sunday, October 23, 2011
ඔබේ ජංගම දුරකථනයට අලුත් තාලෙ නාද රටා සහ තවත් දෑ ...
හැමදාම අහන රිංග්ටෝන් එක වෙනුවට අලුත් එකක් අහන්න තියෙනවනම් හොඳයි කියල සමහර වෙලාවට අපිට හිතෙනව ඒත් එහෙම හොඳ ටෝන් එකක් හොයාගන්න නම් ටිකක් අමාරුයි ඒකට ඉතින් ගූගල් එක දෙවනත් කරන්න වෙනව...මමත් ඔහොම හොයාගෙන යනකොට ටිකක් හොඳයි කියල හිතෙන ජනප්‍රිය වෙබ් අඩවියක් හම්බවුණා ඒකෙ සිංහල,දෙමළ,හින්දි,ඉංග්‍රීසි ඔය හැම වර්ගෙම ඒව තියෙනව ඒවගේම වෝල් පේපර් උනත් ගන්න පුළුවන්.කපුට කෑමක් දැක්කම හැමෝටම අඬගහල බෙදා හදා ගන්නව වගේ... ඔන්න ඒක හැමෝ එක්කම බෙදාගන්න හිතුවා පහල තියෙන සබැඳියෙන් ඒ අඩවියට ගිහින් බලන්න...

ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Sunday, October 16, 2011
පරිගණක තර්ක ක්‍රීඩා.... (Logic Game)
පරිගණක
භාවිතා කරන ඔබ දන්ව ඇති හැම මෙහෙයුම් පද්දතියක් සමඟම පරිගණක ක්‍රීඩා කට්ටලයක්
නොමිලේම ලබා දීලා තියෙනව කියල ඒත් සමහරු හිතන්නෙ එහෙම ගේම් ටිකක් දාලා තියෙන්නෙ
පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න වෙන්න ඇති කියල..නමුත් එම ක්‍රීඩා ඒ විදියට එක් කරන්න
හේතුව තමයි පරිගණකයෙන් යම් ක්‍රියාකාරකමක් එක දිගට සිදුකර විට එයින් හට ගැනෙන
මානසික ආතථිය සමනය කරන්න.පරිගණක ක්‍රිඩා කියන්නෙ හරියට භාවනාවක් වගේ දෙයක් මනස එක්
අරමුනක පිහිටුවන්න සමත් ක්‍රීඩා රාශියක් තියෙනව ඒ වගේ තර්කානුකූල ක්‍රිඩාත් මේ
අතරින් සුවිශේෂයි අද මම ඔබට දෙන්නෙ එවැනි තර්කානුකූල ක්‍රිඩා කිහිපයක් මෙම ක්‍රිඩා
ගොඩක් අය අතර බෙහෙවින් ජනප්‍රියයි හරියට මේව තේරවිලි වගේ ...මෙම ප්ලෑෂ් ක්‍රිඩා
නිපදවන්නෙ ප්ලැස්ට්ලිනා කියන ආයතනය. ඒව ක්‍රීඩා කරන
ආකරය පහතින් දක්වල තියෙන්නෙ
Extract Password is "manussakama"
01) Help the Man-
මේක
ඇත්තටම අපි පොඩි කාලෙ අහපු තේරවිල්ලක් මිනිහයි බැටළුවයි එළවළු
පෙට්ටියයි වෘකයයි තමයි මෙකෙ චරිත. මේ හැමදේම
ගඟකින් එගොඩ කරන්න ඕන හැබැයි එක ඔරුවයි තියෙන්නෙ ඒ වගේම එක සැරයකට ගෙනයන්න පුළුවන්
එක දෙයික් විතරයි එක්කො බැටළුව, එළවළු
පෙට්ටි නැත්නම් වෘකයා ඒවගෙම වෘකයයි බැටළුවයි එකට තියන්නත් බෑ බැටළුවයි එළවළු
පෙට්ටියයි එකට තියන්නත් බෑ කොහොම හරි මේ ඔක්කොම එගොඩ කරන්නත් ඕන....
02) Missionaries And Cannibals-
පුජකයො
තුන්දෙනා සහ පෝරිසාදයො තුන්දෙනා තමයි මේ ගේම් එකේ ඉන්නෙ
.පෝරිසාදයො කියන්නෙ මිනීමස් කන එවුන්ට. මේකෙදිත් ගඟකින් එගෙඩ වෙන්න තමයි ඕන හැබැයි
එක ඔරුවක් තමයි තියෙන්නෙ හැම වෙලාවෙම පූජකයින්ට මේ යක්කු සමාන වෙන්න ඕන නැත්නම්
පූජකයින්ගෙ බලය අඩු වුනොත් යක්කු ඔවුන්ව මරාගෙන කනවා පූජකයො තුන් දෙනයි එක
යකයි උනත් ප්‍රශ්නයක් නෑ මීට වැඩිය කියන්න ගියොත් වැඩේ අහුවෙන නිසා ඔය ඇති
03) Cross the Bridge-
මේ ගේම්
එකේ තියෙන්නෙත් ඒදණ්ඩකින් එගොඩ වෙන්න .. කට්ටිය ෆැමිලි ට්‍රිප් එකක්
යන්න ගිහින් වුන අකර තැබිබියක් රෑ බෝ වුණ වෙලාවක් තප්පර තිහක් පමණක් දැල්වෙන
ලාම්පුව අරගෙන ඒ දණ්ඩෙන් එගොඩ වෙන සීන් එකක් .ඒකෙ ඒ ඒ අයට ඒදණ්ඩෙන් එගොඩ වෙන්න
ගතවන කාලය දක්වලා තියෙනව ඒ වගෙම එකවර දෙන්නෙකුට ඒදණ්ඩෙන් එගොඩ වෙන්න පුළුවන්
හැබැයි ආපහු ලාම්පුව ගේන්නත් කෙනෙක්ට මේ පැත්තට එන්න වෙනව බලන්න තප්පර 30 න් මොවුන් එගොඩ කරවන්න
පුළුවන්ද කියල
04) Frogs Logic-
මේකෙ නම ගෙඹි
තර්ක. ලංකාවෙ
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ගෙම්බො දෙපැත්තට පිල් මාරුවෙන හැටි තමයි මෙකෙන්
කරන්න තියෙන්නෙ නිල් පාට ගෙම්බො කොළපාට එවුන් ඉන්න පැත්තටත් කොළපාට ගෙම්බො නිල්පාට
එවුන් ඉන්න පැත්තටත් මාරු කරන්න ඕන හැබැයි මංත්‍රීල විලි ලැජ්ජ නැතුව ආපහු හැරිල
ආවට ගේම් එකේදි නම් ආ පස්සට පනින් බෑ ඉස්සරහටම විතයි.
05) Scales Logic-
මේකෙ නම තරාදි
තර්ක. බෝතල්
ටිකක් අතුරෙන් කෘතීම
බෝතලය හොයන එක තමයි කරන්න තියෙන්නෙ බෝතල් තුන් සැරයක් කිරල බලන්න අවස්ථාව දෙනව .
කිරල බලල කෘතීම බෝතලය එකවර තොරන්න ඕන ටිකක් හිතන්න විතරයි තියෙන්නෙ කිරලම බලන්නකෝ
මේ
සියලුම ක්‍රිඩා පහත තියෙන සබැඳියෙන් බා ගන්න පුළුවන් . ZIP එකේ රහස් වචනය තමයි "manussakama"

ප්‍රභේදය-
විනෝදාත්මක
Subscribe to:
Posts
(
Atom
)