Ads 468x60px

Monday, October 31, 2011

ගුරු හොරු


මේක අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික පරිගණක ඉගැන්වුම් මධ්‍යස්ථානයක වුන කනගාටුදායක සිදුවීමක් ප්‍රදේශයේ පාසල් ගුරුභවතුන්,රජයේ උසස් නිළධාරීන් මෙන්ම තරුණ තරුණියන් , කුඩා දරු දැරියන්ද එම ආයතනයේ ඉගෙනුම ලබනවා පසුගිය දිනක එම ආයතනයේ පරිගණක උපදේශිකාවගෙ රු.15,000/- පමණ වටින ජංගම දුරකථනය හිටි හැටියේ අතුරුදහන් වෙලා මුළු ආයතනය පුරාම පරික්ෂා කළත් දුරකථනය නම් ලැබුණෙ නෑ ඉතින් එම උපදේශිකාවට සිදුවුණා නීතියේ පිහිට පතන්න ඒත් ඉතින් සැක කරන්න නම් කෙනෙක් හිටියෙ නෑ මොකද එම අවස්ථාවේ ආයතනයේ ඉගෙනුම ලැබුවේ පාසල් ගුරුභවතුන් නිසා...

අම්පාර පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙක් ආයතනයට ඇවිත් විස්තර අරගෙන ගියා මෙන්න ටික දවසකට පස්සෙ නැතිවූණ දුරකථනය කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක් ලග තිබිල IMEI අංකය ඔස්සේ විදුලි සංදේශ නියාමක කොමිසම විසින් සොයාගෙන අම්පාර පොලිසියට විස්තර ටික දීල තිබුණ ඒත් ප්‍රශ්නය නම් අම්පාරෙ නැතුවුණ ජංගම දුරකථනය කොහොමද කුරුණෑගලට ගියේ කියල විස්තර ටිකෙන් ටික හොයාගෙන යද්දි එම කාන්තාවගේ සොහොයුරිය අම්පාරෙ ප්‍රධානපෙළේ පාසලක ගුරුවරියක් පුදුමෙ කියන්නෙ එම ගුරුවරිය එම ජංගම දුරකථනය නැතිවූ දාම පරිගණක ආයතනයට ඇවිත් තියෙන්නෙ තම සහතික පත්‍රය ගන්න දඹුළු ගිහින් තලගොයිත් මරන එක අපේ මිනිස්සුන්ගෙ සිරිත නේ ඉතින් ඒ ගුරුවරියටත් හිතෙන්න ඇති මේස උඩ තිබුණ ජංගම දුරකථනය අරන්  ගිහින් තමන්ගෙ කුරුණෑගල ඉන්න නැගණියට  දුන්නෙ තෑග්ගක් හැටියට.

උඩක්-බිමක් නොදන්න නංගිව පොලිසියෙන් අල්ලන් යන කොට තමයි ටීචර්ටත් තරු පෙනුනෙ ...නමුත් අක්කගෙ රැකියාව ගැන හිතල නංගි වරද පිලිගත්ත නිසා අක්ක ඒ අවමානයෙන් බේරුණත් තමන්ගෙ හෘද සාක්කියෙන් නම් කවදාවත් බේරෙන්න බැරිවෙයි ඒ වගේම මේක ඇයගෙ පළමු වන හොරකම නොවන බවත් ගුරුවිවේකාගාරයේ ඇය මජික් කාරිය බවත් දැනගන්න ලැබුණෙ පස්සෙ... ලෝකෙ උතුම්ම වෘත්තිය ගුරු වෘත්තිය ලු එහෙත් මෙවැනි ගුරු හොරුන් මුලු ගුරු සංහතියම හෑල්ලුවට පත් නොකරන්නේද?


2 comments :

  1. අර කියමනක් තියෙනවනෙ අනේ කාලේ - වනේ වාසේ කියලා...අනේ ඉතින් මේ වගේ අයට කොහොමද ගුරුවරු කියන්නෙ....

    ReplyDelete
  2. @දිල්- කතාව ඇත්ත...අද කාලෙ පාසල් අධ්‍යාපනය පිරිහිලා...පාසල් ගුරුවරුන්ට වැඩිය ගෞරවයක් දැන් ටියුෂන් ගුරුවරුන්ට තියෙනව

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...