Ads 468x60px

Sunday, October 16, 2011

පරිගණක තර්ක ක්‍රීඩා.... (Logic Game)

පරිගණක භාවිතා කරන ඔබ දන්ව ඇති හැම මෙහෙයුම් පද්දතියක් සමඟම පරිගණක ක්‍රීඩා කට්ටලයක් නොමිලේම ලබා දීලා තියෙනව කියල ඒත් සමහරු හිතන්නෙ එහෙම ගේම් ටිකක් දාලා තියෙන්නෙ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න වෙන්න ඇති කියල..නමුත් එම ක්‍රීඩා ඒ විදියට එක් කරන්න හේතුව තමයි පරිගණකයෙන් යම් ක්‍රියාකාරකමක් එක දිගට සිදුකර විට එයින් හට ගැනෙන මානසික ආතථිය සමනය කරන්න.පරිගණක ක්‍රිඩා කියන්නෙ හරියට භාවනාවක් වගේ දෙයක් මනස එක් අරමුනක පිහිටුවන්න සමත් ක්‍රීඩා රාශියක් තියෙනව ඒ වගේ තර්කානුකූල ක්‍රිඩාත් මේ අතරින් සුවිශේෂයි අද මම ඔබට දෙන්නෙ එවැනි තර්කානුකූල ක්‍රිඩා කිහිපයක් මෙම ක්‍රිඩා ගොඩක් අය අතර බෙහෙවින් ජනප්‍රියයි හරියට මේව තේරවිලි වගේ ...මෙම ප්ලෑෂ් ක්‍රිඩා නිපදවන්නෙ ප්ලැස්ට්ලිනා කියන ආයතනය. ඒව ක්‍රීඩා කරන ආකරය පහතින් දක්වල තියෙන්නෙ
Extract Password is "manussakama"

01) Help the Man-
මේක ඇත්තටම අපි පොඩි කාලෙ අහපු තේරවිල්ලක් මිනිහයි බැටළුවයි එළවළු පෙට්ටියයි වෘකයයි තමයි මෙකෙ චරිත. මේ හැමදේම ගඟකින් එගොඩ කරන්න ඕන හැබැයි එක ඔරුවයි තියෙන්නෙ ඒ වගේම එක සැරයකට ගෙනයන්න පුළුවන් එක දෙයික් විතරයි එක්කො බැටළුවඑළවළු පෙට්ටි නැත්නම් වෘකයා ඒවගෙම වෘකයයි බැටළුවයි එකට තියන්නත් බෑ බැටළුවයි එළවළු පෙට්ටියයි එකට තියන්නත් බෑ කොහොම හරි මේ ඔක්කොම එගොඩ කරන්නත් ඕන....

02) Missionaries And Cannibals-
පුජකයො තුන්දෙනා සහ පෝරිසාදයො තුන්දෙනා තමයි මේ ගේම් එකේ ඉන්නෙ .පෝරිසාදයො කියන්නෙ මිනීමස් කන එවුන්ට. මේකෙදිත් ගඟකින් එගෙඩ වෙන්න තමයි ඕන හැබැයි එක ඔරුවක් තමයි තියෙන්නෙ හැම වෙලාවෙම පූජකයින්ට මේ යක්කු සමාන වෙන්න ඕන නැත්නම් පූජකයින්ගෙ බලය  අඩු වුනොත් යක්කු ඔවුන්ව මරාගෙන කනවා පූජකයො තුන් දෙනයි එක යකයි උනත් ප්‍රශ්නයක් නෑ මීට වැඩිය කියන්න ගියොත් වැඩේ අහුවෙන නිසා ඔය ඇති

03) Cross the Bridge-
මේ ගේම් එකේ තියෙන්නෙත් ඒදණ්ඩකින් එගොඩ වෙන්න .. කට්ටිය ෆැමිලි ට්‍රිප් එකක් යන්න ගිහින් වුන අකර තැබිබියක් රෑ බෝ වුණ වෙලාවක් තප්පර තිහක් පමණක් දැල්වෙන ලාම්පුව අරගෙන ඒ දණ්ඩෙන් එගොඩ වෙන සීන් එකක් .ඒකෙ ඒ ඒ අයට ඒදණ්ඩෙන් එගොඩ වෙන්න ගතවන කාලය දක්වලා තියෙනව ඒ වගෙම එකවර දෙන්නෙකුට ඒදණ්ඩෙන් එගොඩ වෙන්න පුළුවන් හැබැයි ආපහු ලාම්පුව ගේන්නත් කෙනෙක්ට මේ පැත්තට එන්න වෙනව බලන්න තප්පර 30 න් මොවුන් එගොඩ කරවන්න පුළුවන්ද කියල

04) Frogs Logic- 
මේකෙ නම ගෙඹි තර්ක. ලංකාවෙ  ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ගෙම්බො දෙපැත්තට පිල් මාරුවෙන හැටි තමයි මෙකෙන් කරන්න තියෙන්නෙ නිල් පාට ගෙම්බො කොළපාට එවුන් ඉන්න පැත්තටත් කොළපාට ගෙම්බො නිල්පාට එවුන් ඉන්න පැත්තටත් මාරු කරන්න ඕන හැබැයි මංත්‍රීල විලි ලැජ්ජ නැතුව ආපහු හැරිල ආවට ගේම් එකේදි නම් ආ පස්සට පනින් බෑ ඉස්සරහටම විතයි.

05) Scales Logic-

මේකෙ නම තරාදි තර්ක. බෝතල් ටිකක් අතුරෙන් කෘතීම බෝතලය හොයන එක තමයි කරන්න තියෙන්නෙ බෝතල් තුන් සැරයක් කිරල බලන්න අවස්ථාව දෙනව . කිරල බලල කෘතීම බෝතලය එකවර තොරන්න ඕන ටිකක් හිතන්න විතරයි තියෙන්නෙ කිරලම බලන්නකෝ


මේ සියලුම ක්‍රිඩා පහත තියෙන සබැඳියෙන් බා ගන්න පුළුවන් . ZIP එකේ රහස් වචනය තමයි "manussakama"





Enhanced by Zemanta

7 comments :

අදහස් මොනවද කියල කියලම යන්න...