Ads 468x60px

Tuesday, February 28, 2012

කතරගම-ලුණුගම්වෙහෙර මැණික් කථා.....

පහුගිය දිනවල කතරගම-ලුණුගම්වෙහෙර පාර හදන්න ගිහින්  නිල් මැණික් ඉල්ලමක් පෑදුන කථාව හැමෝම දන්නවනේ ඉතින් ඔය ආරංචිය ලැබුන මහා ජනගංඟාව මැණික් හාරන්න හිතාගෙන ලුණුගම්වෙහෙරින් වැව් බැම්ම දිගේ කතරගම පැත්තට යන්න වුණා තවත් පිරිසක් තිස්සමහාරාමය හරහා කතරගම දිහාවට යන්න වුණා අන්තිමට මැණික් ඉඩම් ටික කෝටි 27 කට කට්ටි කරල විකුණපු නිසා මිනිස්සුන්ට ඒ දිහාවට යන්න නොහැකි වුණා ඒත් බෙරළිහෙල පැත්තෙ සඳගල ආරණ්ණය සේනාසනය අවටත් මැණික් ඇති බවට රාවක් පැතුරුණ නිසා මිනිස්සු වැල නොකැඩී ඒ පැත්තටත් යන්න වුණා ‍බේරුවල, කළුතර,ගාල්ල,මාතර, තංගල්ල, වීරකැටිය, රත්නපුර,පැල්මඩුල්ල ආදී දුරබැහැර  ප්‍රදේශවලිනුත් ජනගංඟා මේ දිහාවට ගලන්න වුණා සාමාන්‍ය වැසියන් විතරක් නෙවෙයි දේශපාලන කාරයිනුත් මැණික් මුදලාලිලත් මේ අතර වුණා මේ දින කිහිපයේ මැණික් හාරන්න ආපු පිරිස ලක්ෂ පහකටත් වඩා වැඩි බවයි ඇතැමුන් පවසන්නෙ.... කොහොම වුණත් මේ මැණික් ගැරිල්ල අතරෙ සිදුවුණ සිදුවීම් බොහෝය.....




ඒ අතරින් සත්‍ය සිදුවීම් කිහිපයක් ඔබ හමුවේ තබන්නම්- බෙරළිහෙල කුඩාගම් 01 කොලුගැටයකුටත් පාරෙ තිබිල නිල් මැනිකක් හම්බ වෙලා ඒත් මේ කොලුවා මේකෙ වටිනාකම දන්නෙ නෑ කොහොම වුණත් ඒ දිනවල තිස්සමහාරාමයට ආපු විනිල් මැණික් මුදලාලිට මේ මැණික් ගල දීලා හොඳගානක් ගන්න තමයි මොහු හිතුවෙ ඔහු විනිල් මුදලාලිට මේ නිල් මැණික පෙන්නුව මුදලාලි ගත්කටටම කිවුව මම ඔයාට පනහක් දෙන්නම් කියල....කොල්ල කිව්ව මහත්තයෝ පනහකට නම් බෑ මට ත්‍රී වීලර් එකයි මෝටර් බයික් එකයි ගන්න හය හමාරක් දෙන්න කියල මුදලාලිත් හිනාවෙලා ඒ වෙලාවෙම ලක්ෂ හය හමාරක් දුන්න..... හැබැයි මුදලාලි 50 කියල තියෙන්නෙ ලක්ෂ 50 කියන එකයි මූ හිතල තියෙන්නෙ 50 දාහක් කියල ඒකයි ලක්ෂ 6.5 ඉල්ලුවේ කොල්ල පවු නේ.......

ලුණුගම්වෙහෙර රණවිරු ගම්මානෙ එක් කාන්තාවක් තම පුරුෂයාට වද දෙනව මැණික් හාරන්න අපිත් යමු පොඩි ගලක් අහුවුණත් ඇතිනේ කියල ගෑනිගෙ වදෙන් බේරෙන්න බැරුව හැන්දෑවෙ 6 ට විතර ගෑණිත් එක්ක මෝටර් සයිකලයෙන් මැණික් හම්බවුන දිහාවට ගියා සෙනග කඩිගුලක් ඇවිස්සුනා වගේ කොහොම හරි දෙන්නම බැහැල ටිකදුරක් ඇවිදගෙන ගිහින් බෑග් එකකට පස් පුරවන්න පටන්ගත්ත. එක පාරටම දුවගෙන ආපු කොල්ලෙක් ගෑනිගෙ මාලෙ කඩාගෙන දිව්ව මාලෙ කඩන් දුවනෝ කියල කෑ ගැහුවත් මිනිහා අතුරුදහන් රත්තරන් මාලෙ වටිනාකම ලක්ෂ 2ටත් වඩා වැඩිලු. එදා ගෙදර එන ගමන් මිනිහා මෙන්න මෙහෙම කිව්වලු
 "දැන් තමුසෙට මැණික් උන සනීපද? වැඩියෙන් ගන්න ගිහින් තියෙන එකත් නැති කරගත්තනේ දැන් ගෙදර ගිහින් තැම්බෙන දෙයක් කාලා පාඩුවෙ ඉමු"

මැණික් හාරපු තැන රොටී විකුණපු මනුස්සයගෙ ආදායම දිනකට රුපියල් 10,000/- පන්නනවලු එක පොල් රොටියක් රුපියල් 50/- කට තමයි අලෙවි කරල තියෙන්නෙ දිනකට රොටී 200 පන්නලා විකුණනවා කියල තමයි මිනිහ නම් කියන්නෙ.ඒ වගේම බත් පාර්සල් විකුණපු අයගෙ ආදායමත් රුපියල් 20,000/- ට වඩා වැඩි බව තමයි ඔවුන් කිව්වෙ ගැරුම් වට්ටි ලොරියක් රත්නපුරෙන් අරන් ඇවිත් තියාගෙන විකුණුවා එක වට්ටියක් රුපියල් 1000/- ගානෙ ඔවුන් කියන්නෙ මේවන විට වට්ටි 600 ක් පමණ විකුණුන බවයි එසේනම් ඔවුන්ගෙ ආදායම මේ දින කිහිපයේ දි ලක්ෂ 6 ක් ඒ අස්සෙ තම වැසිකිලියද මැණික් ඉල්ලමක් කරගත් පිරිසකුත් හිටියා ගමේ මිනිස්සු, දුරබැහැරින් ආපු තැන තැන මලපහ කරන්නට අකමැති වැදගත් මහත්වරුන් හා නෝනා වරුන්ට තම වැසිකිලිය රුපියල් 100/- හා 200/- යන ගනන් අරගෙන පාවිච්චි කරන්න ඉඩ දුන්න දවසකට 200 දෙනෙක් වැසිකිලිය පාවිච්චි කළොත් ආදායම දහදාහත් විසිදාහත් කිට්ටු කරනව.

ඒ වගේම ගංජා බිස්නස් එකත් හොර අරක්කු බිස්නස් එකත් ගජරාමෙට සිද්ධවෙලා තියෙනව ඒ වගේම මිනිස්සුන්ගෙ මෝටර් සයිකල් ගනනාවක්ම ඒ දවස්වල පැහැරගරනීමට ලක්වුණා සමහර වාහන වල රෝද ත් ගලවගෙන ගිහින් ඒ වගේම ත්‍රීවීලර්වල තිබුණු කැසට් ප්ලේයර් හා බෆල් නැතිවුණ බඩු අතර ප්‍රධාන ඒව...වැඩියෙන් ගන්න ගිහින් තිබුණ එකත් නැතිකරන් ආපු අය එමටයි

ඒ වගේම අහුවුණ මැණික් කුණු කොල්ලයට ගත්තු මැණික් මුදලාලිල තමයි  මේකෙන් වැඩිපුරම හම්බ කළේ......




1 comment :

  1. patta ne modayo kiyanne ithin lankaavama thama..moleth lankaave ma thamaa..dekama ape rate una eka thamay duka....

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...