Ads 468x60px

Tuesday, March 20, 2012

රෙද්දෙ මැජික්....

මේක කලින් දාපු ලිපියක් අලුතෙන් බ්ලොග් බලන්න ආපු අයට දැනගන්න ආපහු දාන්න හිතුණා හැබැයි මේක මැජික් කිව්වට මැජික්මත් නෙවෙයි පොඩි සෙල්ලමක් බලන් ඉන්න අයට නම් මැජික් වගේ තමයි. 


මෙහෙමයි කරන්නෙ, කාඩ් කුට්ටම අරගෙන අත් දෙකත් හෙඳට වැහෙන්න විදියට රෙද්දකින් වහ ගන්න කාඩ්ටික ඔක්කොම අංක සටහන් නොකරපු පැත්ත උඩට සිටින සේ තියා ගන්න ඕන ඉස්සරහ ඉන්න කෙනාට කියන්න  රෙද්ද අස්සෙන් හිමිහිට කොළයක් අරගෙන බලලන්න කියල ඒ බලන අතරෙදි අර පුද්ගලයාට නොදැනෙන ලෙස කාඩ් ටික අනෙත් අතට හරව ගන්න (අංක සටහන් කල කොටස උඩට හිටින සේ) දැන් එයාට කියන්න කොළය තමන්ට ඕන තැනක තියන්න කියල (හැබැයි රෙද්ද උස්සන්න  නම් දෙන්න එපා එතකොට වැඩේ මාට්ටු) එතකොට ඒ පුද්ගලය කොළය තියන්නෙ ගත්ත විදියටමයි ඒ කියනෙ අංක සටහන් කල පැත්ත යටට සිටින සේ. දැන් අරන් බලන්න එයා බලපු කොළය මොකද්ද කියල අපිට කියන්න පුළුවන් මොකද අනිත් කොළ ඔක්කොම එකම දිශාවකට තියෙන කොට ඒ කොලේ විතරක් අනෙක් අතට තියෙන්නෙ. ඇයි අපි කාඩි ටික අනෙක් අතට හැරෙව්ව නේ මම කියපු දේ පැහැදිලි වුණාද දන්නෙ නෑ කමක් නෑ කට්ටියට පොඩ්ඩක් හිතන්නත් ඉඩ තියන්න ඕන දැන් ඉතින් පොඩි එවුන් ටිකක් වටකරගෙන ඔය මැජික් එක කරන්න තියෙන්නෙ.

1 comment :

  1. දිගටම පුලුවන්නම් කාඩ් සෙල්ලම් ගැන ලියන්න. හුඟ දෙනෙක් බලයි කියලා හිතෙනවා.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...