Ads 468x60px

Thursday, September 6, 2012

ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙන් හමුවේ...

අටපට්ටම වගේ විශේෂිත වැඩසටහන් කරන රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායමකට දුරකථන ඇමතුමින් විශේෂ ආරංචියක් ආව ඒ තමයි ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙ ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙ ගෙදර තියෙනව කියල ඒ ආරංචිය අහපු නිෂ්පාදන කණ්ඩායම මේ පැරණි උදැල්ල පිළිබඳව ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙන් ඇහුවෙ දුරකථනය ඔස්සෙ ඉතින් ඔහු කිව්වෙත් 

මේක හද්ද පරණ උදැල්ලක් මහත්තයෝ මේක අපේ කිරිකිත්තා පාවිච්චි කරපු  එකක් මං හිතන්නෙ මේකට අවුරුදු දෙසීයපනහකටත් වැඩියි

මෙය හොඳ ආරංචියක් බව හිතූ නිෂ්පාදක කණ්ඩායම සියලුම කැමරා ආම්පන්නද සමඟ එම උදැල්ලෙ දර්ශණ වීඩියෝ ගත කිරීම සඳහා පොළොන්නරුවට පිටත් විය  ඉතාම අසීරුවෙන් පොළොන්නරුවේ සිට කිලෝමීටර් ගනනාවක් පැමිණිමෙන් පසු ටිකිරිබණ්ඩාර ගොවි මහතාගේ නිවට පැමිණිමට නිෂ්පාදක කණ්ඩායමට හැකිවිය 

ටිකිරි බණ්ඩාර මාමේ අපි රූපවාහිනියෙන් එදා කෝල් කළේ අපි අපිට අර පරණ උදැල්ල බලන්න පුළුවන්ද?

හහ් හහ් හහ් මොකෝ බැරි .. මහත්තයෝ ඔක්කොටම කළින් අපි තැඹිලි වතුර ටිකක් බීල හිටිමුද?

අන්න ඒකනම් හොඳ අදහස... සියල්ලොම තැඹිලි වතුරෙන් සප්පායම් විය

මේන්න මේ තියෙන්නෙ ඒ කිව්ව උදැල්ල ...

ඈ... මේක මේ අලුත් කිඹුල උදැල්ලක් නේ.. නිෂ්පාදක කණ්ඩායම ඒ මේ අත හරවමින් උදැල්ල බලමින් කීවේය

කවුද කියන්නෙ ? මහත්තයල මේ මගුලක් කථා කරනව මේක මම පණ වගේ ආරස්සා කරපු අපේ පරම්පරාවෙන් පරම්පරාවට එන උදැල්ල මේකෙන් තමයි අපේ පරම්පරාවේ හැමෝම ගොවිතැන් බත් කෙරුවෙ..

හරි කොහොමද එහෙනම් මෙච්චර කළක් මේ තලේ නෙගෙවී මේකෙන් වැඩ කළේ....මේකෙ මිට කැඩෙන්නෙ නැතුව මෙච්චර කල් වැඩ කළේ?

මහත්තයල මේ කුණුහබ්බ කථාකරනව මම ඔය උදැල්ලට දැනට තල 5කට වැඩිය දාල තියෙනව ඕකට මිටිම ගහන්න ඇති 10කට වැඩිය මෙහෙම නේ මහත්තයො උනේ තලේ වැඩක් නැති වුණාම තියෙන මිටටම තමයි තලේ ගහන්නෙ මිට වැඩක් නැති වුණාම තියෙන තලේටම තමයි මිට ගහන්නෙ කොයි වෙලාවක වත් මේ උදැල්ල විසි කරල දාලා තලෙයි මිටයි එකට ගහල නෑ

නිෂ්පාදක කණ්ඩායමට හීන් දාඩිය දමන්නට විය තවත් මේ ගැන ඔහු සමඟ තර්ක කිරීම නිෂ්ඵල බව දැනගත් ඔවුන් අසල සිටි බල්ලාට ලැජ්ජාව  දමා බල්ලාගෙ ලැජ්ජාව අරගෙන නැවතත් කෙළඹ බලා එන්නට පිටත් විය.


4 comments :

  1. හොක්කි හොක්කි හූ කිවුවලු...
    මාර බයිට් එක...

    ReplyDelete
  2. හී හී..මරු කතාව..:)

    ReplyDelete
  3. අයියෝ පව් අප්පා.... නිෂ්පාදක කණ්ඩායම

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...