Ads 468x60px

Tuesday, August 21, 2012

කොටි ස්නයිපර් කාරයාගේ වැරදුන කුරුමානම...

කොක්අඩිචෝලෙ කිව්වම ඉතින් කොටි කලබල බහුලවම තිබුණ පළාතක් මේක එහේ තිබුණ පොඩි ආමි කෑම්ප් එකක වුණ සිදුවීමක් ඒ ආමි කෑම්ප් එක භාරව හිටියෙ කැප්ටන් කුරුප්පුආරච්චි කියල කෙනෙක් ඔන්න දවසක් කෑම් එක පිරික්ෂා කරන්න බ්‍රිගේඩියර් පාලිත සේරම් එනව කියල කැප්ටන්ට දැනගන්න ලැබුණ කැප්ටන් ආමි කෑම්ප් එක නිසිලෙස තිබේ දැයි පරික්ෂා කළා එහෙම කරල බ්‍රිගේඩියටර් එන්න දවසකුත් යැව්වා ඒ අනුව බ්‍රිගේඩියර් ඇතුලු තවත් නිළධාරීන් කිහිපදෙනෙක් ඒ නියමිත දිනට කෑම්ප් එකට ආව කෑම්ප් එකට ඇවිල්ල බ්‍රිගේඩිය එහි ආරක්ෂක තත්වය ගැන කැප්ටන්ගෙන් ඇහුව කිසිම ප්‍රශ්නයක් නැති බව තමයි කැප්ටන් කිව්වෙ බ්‍රිගේඩියර් සාමාන්‍ය සෙබලෙක්ගෙන් ආරක්ෂක තත්වය ගැන ඇහුවමත් කිව්වෙ වටේම ක්ලියර් සර් ...කියල

එහෙම කිව්ව නිසා බ්‍රිගේඩියත් බය නැතුව පපුව ඉස්සරහට දාලා කෑම්ප් එක වටේ සෙසු නිළධාරීන් එක්ක යන්න පටන් ගත්ත... කෑම්ප් එකේ දකුණු පැත්තෙන් ඇවිදගෙන යනකොට එකපාරටම වෙඩි පහරවල් කිහිපයක් බ්‍රිගේඩියර්ගෙ පැත්තට එල්ල වුණා. ඒ බුලට් වැදුනෙ බ්‍රිගේඩිය හිටපු තැනම ඔලුවට අඩි එක හමාරක් දෙකක් තරම් උඩින් තිබුණ ටකරන් හඩ් එකට ඒකෙ මේ විදියට බුලට් ගනනාවක්ම වැදිල තිබුණු ආකාරයත් දැකගන්න ලැබුණ බ්‍රිගේඩිය එක පාරටම ඩවුන් ඩවුන් .... කියල කෑ ගැහුව බ්‍රිගේඩියර් එක්ක ආපු සියලුම නිළධාරීන් ඩවුන් වුණා ඒත් කැප්ටන් සහ කෑම්ප් එකේ නිළධාරීන් එහෙමම හිටගෙන හිටියා බ්‍රිගේඩියර්ට මල පැනල කුණුහර්පෙකුත් කියල අයිසෙ $$@%^ ඩවුන් වෙයින් පෙන්නෙ නැද්ද වෙඩි තියනව ... එක අහපු සාමාන්‍ය සෙබලෙක්ට පොඩි හිනාවකුත් ගියත් හිනාව තද කරගෙන හිටියෙ.... බ්‍රිගේඩියර් ඩවුන්ලා ඉඳගෙන කැප්ටන්ට බණිනවා දැන් ඔක්කොම ක්ලියර් කියල නේද කිව්වෙ මේ වෙඩි තියන්නෙ කවුද? කොහෙන්ද කියල ඇහුව....


සර් ඔය කොටි ස්නයිපර් කාරයෙක් ....

ස් ස් ස්නයිපර්!!!!

ඔව්... 

ඉතින් හත්ඉලවුවේ කොහෙද මිනිහ ඉන්නෙ 

අන්න අර පේන තල්ගස් තුනෙන් මැද ගහේ තමයි මිනිහ අට්ටාලෙ හදාගෙන ඉන්නෙ දැන් මාස ගනනාවක් මිනිහ එතන

මොන මල ඉලව්වක් කථා කරනවද යකෝ....$%$$@$% ගහපිය ඕකට කුඩුවෙන්න මෝටාර්...

අපෝ සර් ඒකනම් කොහොමවත් කරන්න බෑ මිනිහ තමයි මේ පැත්ත භාරව ඉන්න ස්නයිපර් කාරය 

ඉතින් ඒක තමයි හත්වළාමේ මං කියන්නෙ ඕකව මකබෑවෙන්න තියන්න කියල

සර් මිනිහාගෙ ඇස් වපරයක් තියෙනව මිනිහා තියෙන ෂොට් ඔක්කොම වදින්නෙ ඉලක්කයට වඩා අඩි දෙකක් විතර උඩින්... ඒ නිසා අපිට මිනිහගෙන් කිසි කරදරයක් නෑ දැන් ඔය මිනිහා මැරුවොත් වෙන කෙනෙක් ඔය පැත්තට දානව ඒ එන කෙනා මේ වගේ වපරයෙක් වෙන්න බෑ නේ සර්....

ආ ඒකත් එහෙමද?

කියල බ්‍රිගේඩියර් නැගිටලා හයියෙන් හිනා වුණා... බයිනෝ එක අරන් මිනිහව ටිකක් ලොකු කරල බැලුව බලන කොට වැඩේ ඇත්ත මිනිහ ඉවක් බවක් නැතුව පිට පිට වෙඩි තියනව ඒව ඔක්කොම යන්නෙ අඩි දෙකක් තුනක් උඩින් බව බ්‍රිගේඩියර් සැක හැර දැනගත්ත මිනිහට අභය දානය දුන්න එක හොඳයි කියල බ්‍රිගේඩියර්ත් කිව්වලු...

කථාව- සිරිල් සිංහක්කාර මහතා


23 comments :

  1. ආදර්ශමත් කතාවකි...

    ReplyDelete
  2. ඵල ඵල.... සිරා කතාව!

    ReplyDelete
  3. Rear Admiral Sarath Weerasekara.August 21, 2012 at 3:18 AM

    Mama hitanne oya siril mahattaya gramarkshaka batatayek hatiyata wada karapu kale wenna ati.

    ReplyDelete
    Replies
    1. Na Cyril kiyanne school Teacher kenek- ahe school akak english egannuwa

      Delete
  4. මේ කතාවේ ප්‍රහසනය මීට වඩා උසස් තත්වයකට ගන්න තිබුනා කිසිම නිලධාරියකුගේ නම් නොදා හිටියනම්. මොකද ශ්‍රී ලංකා යුද හමුදාව ගැන දැනුමක් තියන සෑහෙන පිරිසක් බ්ලොග් බලනවා. ඒ නිසා ඒ ඒ කාලවලදී ක්‍රියාන්විත ප්‍රදේශවල සිටිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සෑහෙන පිරිසක් සේවය කල ස්ථාන දන්නවා. කොක්කඩිචෝලේ ප්‍රදේශයට අදාලව බ්‍රිගේඩියර් පාලිත කෙනෙක් හිටියේ නැහැ. බ්‍රිගේඩියර් සේරම් කෙනෙක් කොහොමවත් හමුදාවේ හිටියේ නැහැ. හිටපු බ්‍රිගේඩියර් පාලිතලා දෙන්නම ඔය ප්‍රදේශයේ සේවය කලේ නැහැ. කැප්ටන් කුරුප්පුආරච්චිලානම් ඕනේ තරම් ඇති. ඒ නිසා කරන්න තිබුනේ කඳවුර භාර නිලධාරියා, බලසේනාධිපති වරයා, වශයෙන් අර නිලධාරීන් දෙදෙනාව හඳුන්වන්නයි. ඒ වගේම බලසේනාධිපති වරයෙක් කවදාවත් කඳවුරු මුරයේ ඉන්න සෙබළකුගෙන් අහන්නේ නැහැ කඳවුරේ ආරක්ෂක තත්වය. කඳවුරේ සම්පූර්ණ ආරක්ෂක සැලැස්ම අතිශයින් රහසිගත දෙයක්. එය දන්නේ ඒ සඳහා අවසරය ඇති නිලධාරීන් පමණයි. සොල්දාදුවා දන්නේ හදිසියකදී කලයුත්තේ කුමක්ද කියන එක පමණයි. බලසේනාධිපති වරයකු සොල්දාදුවකුගෙන් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ මෙයයි. 'ඔබ මෙතන මුරයේ ඉන්නවිට සතුරු ප්‍රහාරයක් එල්ලවූවොත් කරන දේ මොනවාද? අනික් කාරණේ තමයි ස්නයිපර් සොල්දාදුවකුට මෙවැනි වැරදීමක් වෙන්නට බැහැ. ඔහුට වෙඩි කෝණයක් දීලා තියනවා. ඒ වෙඩි කෝණය තුල පමණයි වෙඩි තියන්නේ. ඔහුගේ ඇසක් වපරනම් ඔහු ඒ වෙඩි කෝණයේ ඉහලට පහලට හරහට වෙඩි තියනවා මිසක් අංශක 180 ක් ආපසු හැරී කඳවුර දෙසට වෙඩි තබන්නේ නැහැ. කතාව හදපු කෙනා අතින් සිදුවූ අතිශයින් හාස්‍යජනක වරද එයයි. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ එවැනි වැරදි ආකාරයට වෙඩි තියන සොල්දාදුවෙක් කිසි විටකත් ස්නයිපර් රාජකාරියේ යොදවන්නේ නැහැ. වැරදි වෙඩි තැබීම් දෙක තුනක් කල ගමන් ඔහු සිටින තැන සතුරාට නිරීක්ෂණය වී සතුරාගේ ප්‍රහාරයට ලක්වෙනවා. කතාව කියපු කෙනා ස්නයිපර් තුවක්කු කරුවන් යෙදවීමේ මූලධර්ම පිළිබඳව කිසිදු දැනීමක් නැති කෙනෙක්. ආදුනික සෙබළුන් නම් පුහුණුව ලබන කාලයේ හතර අතට වෙඩි තබන වෙලාවල් තියනවා.

    'හඩ්' එක යනු සොල්දාදුවන් විසින් මෙන්ම සමහර සාමාන්‍ය පුද්ගලයන් විසින්ද වරදවා උච්ඡාරණය කරන වචනයක්. නිවැරදි වචනය හට් එක (hut)


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. නියම විචාරය.... කථාවක් ලියද්දි නම් ගම් මනංකල්පිත ඒව යොදන එකෙන් රසයට බාධාවක් වෙන්නෙ නෑ කියල මම හිතනව ඒ වගේම එහෙම මනංකල්පිත තැනක් නමක් දැම්මොත් කියවන්නන්ට ඒ කථාව වටහ ගන්න ටිකක් අමාරු වෙනව මොකද නැගෙනහිර ප්‍රදේශයේ එක්තරා හමුදා කදවුරක ප්‍රධානියා කියල මටත් ලියන්න තිබුණ ඒත් ඒක ඇත්ත වගේම ලියන්න ඕන නිසා මෙවැනි ප්‍රයෝග භාවිතා කිරීම සුදුසුයි...

      සිංහලුන් ඉංග්‍රීසි වචන විවිධ විධියට වෙනස් කරල භාවිතා කරන අවස්ථා තියෙනව සාජන් මහත්තයට සාම් මහත්තය කියල කියනව ඔබ අහල තියනවද? කෝප්‍රල්ට කෝපල් කියල කියනව අහල තියනවද ඒ පහසුව සඳහා මම හඩ් කියල ලිව්වත් ඔබත් අපූරුවට ‍ඒ වචනයෙන් කියන දේ පැහැදිලි කරගෙන තියෙනව ඒ නිසා ඒ වචනෙන් වැරදි අර්ථ කථනයක් මේ කථාවට ආව කියන්න බැහැ නේද?

      කොහොම උනත් විචාරය කියන දේ ඕනම විදියකට කරන්න පුළුවන්..ඒ නිසා ඔබේ අදහස් වටිනව ලෝකයේ කථාව ඇතිවුනේ පළමුව දෙවැනියටයි විචාරය ඇති වුනේ

      Delete
    2. නිවැරදි කිරීම-වගේම එහෙම මනංකල්පිත තැනක් නමක් නොදැම්මොත්

      Delete
  5. මෙහි එන සියලුම ස්ථාන නම් ගම් මනංකල්පිත බව සලකන්න

    ReplyDelete
  6. ඔබ කොක්කඩිචෝලේ කඳවුර කියා ලිවීම, යුද හමුදාවට කල බරපතල අපහාසයක් බව, ඉතා දැඩිව සහ අප්‍රසාදයෙන් යුතුව අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ, වසර 35 ක සේවා කාලයක් ඇති, හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙසයි. ඔබේ කතාවෙන් පෞද්ගලිකව එම කඳවුරට අපහාස කර තිබෙනවා.එය නීතික්රුත්‍යයක් දක්වා යා හැකි වරදක්. ඔබ කියන්නේ කොක්කඩිචෝලේ කඳවුරේ සැඟවුණු වෙඩිකරුවන් ලෙස ඇස් වපර අයද යෙදවූ බවයි.
    ලේඛන කලාවේ මූලධර්ම හෝ ආචාර ධර්ම පිලිබඳ මූලික අවබෝධය ඔබට තිබුනානම් ඔබට කරන්නට තිබුනේ පළාත, දිස්ත්‍රික්කය,ආසන්න වෙනත් නගරයක නම යොදා මේ කතාව ලිවීමයි. එහි කිසිදු වරදක් නැහැ. ඔබ දැනට බ්ලොග් ලිපි 200 කට වඩා ලියා ඇති බව පෙනෙනවා. නමුත් මතක තබාගන්න නියම හාස්‍යය දනවන ලිපි ලිවීම අතිශයි අමාරුයි. බොහෝ බ්ලොග්කරුවන් හාස්‍යය කියා අමු කුණුහරප ලියන්නේ ඒ පරිනත බව නැති නිසයි.
    සින්හලුන්ටවත් වෙනත් කිසිම ජාතියකටවත් බැහැ වෙනත් භාෂාවක වචන තම භාෂාවේ ව්‍යාකරණ රීති වලට පටහැනිව හෝ තමන්ට සිතෙන සිතෙන ආකාරයට වෙනස් කිරීමට. එසේනම් ලංකාවේම වෙනත් පලාතක, හට් (hut)හුට්‌ කියා උච්ඡාරණය කලොත් එයත් පිළිගන්න වෙනවා.සිංහල භාෂාවට වචන එක්වන්නේ තත්සම,තද්භව, සහ නිෂ්පන්න යන රීති අනුව බව ඔබ දන්නවා ඇතැයි සිතනවා. ජනමාධ්‍ය උපාධිය හෝ ඩිප්ලෝමාව ලබාගත පමණින් මාධ්‍ය පණ්ඩිතයන් වී සිටින සමහර කුක්කන් කික්කියන් ගැන මා ලියා ඇති ලිපියක් මෙතනින් බලන්න.
    http://jangun.wordpress.com/2011/12/31/අනිවාර්යයෙන්-වැසිකිලිය-හ/
    යුදහමුදා සෙබළුන්ගේ වැරදි යෙදුම් අසාතිබේදැයි ඔබ මගෙන් ඇසීම නිසා මම හොඳ හාස්‍ය රසයක් වින්දා. බොහොම ස්තුතියි. අන්න ඔබ හොඳ විහිළුවක් කරලා තියනවා.
    වාර්තාකරණයේ තිබියයුතු විශේස ලක්ෂණයක් තමයි (රීතියක්) කිසියම් උප සංස්කෘතියකට අයත් වචන යෙදීමේදී වරහන් තුල ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් යෙදීම. ඔබට කරන්නට තිබුනේ හඩ් යන වචනයට ඉදිරියෙන්, හමුදා සෙබළුන් කියන්නේ එහෙමයි කියා යෙදීමයි. නැතිනම් එය ඔබේ වචනයක් බවට පත්වෙනවා. මා එය නිවැරදි කලේ ඒ නිසයි.
    විචාරය කිසිසේත් තමන්ට ඕනේ විදිහට කරන්න බැහැ. නිර්මාණයක් නැත්නම් විචාරයක් නෑ කියන්නේ කිකිළිය හා බිත්තරය කතාව වගේ දෙයක්. විචාරයේදී නිවැරදි පිළිගත් මූලධර්ම මත පිහිටා එය කලයුතුයි. සාධනීය සහ තාර්කික ලක්ෂණ අනභියෝගාත්මකව ඉදිරිපත් වියයුතුයි. තව කරුණු ගොඩක් තියනවා.
    මගේ අදහස් දැක්වීමෙන් පසු මේ කතාව මනඃකල්පිත කතාවක් කියා යෙදුවේ කිසියම් අපහාසයක් වී ඇති බව ඔබටම පැහැදිලිව පෙනෙන නිසා නොවේද? ඔබ මනංකල්පිත කියා ලියා තිබෙන්නේ මනඃකල්පිත යන වචනයයැයි සිතමි.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. "පෞද්ගලිකව එම කඳවුරට අපහාස කර තිබෙනවා.එය නීතික්රුත්‍යයක් දක්වා යා හැකි වරදක්ඔබ කියන්නේ කොක්කඩිචෝලේ කඳවුරේ සැඟවුණු වෙඩිකරුවන් ලෙස ඇස් වපර අයද යෙදවූ බවයි.." ඔබට නැවත වරක් කථාව කියවන ලෙස මම යෝජනා කරමි එයට හේතුව සැඟවුණ වෙඩික්කරුවා කොටියෙකි මෙහිදී අපහාස කර ඇත්තෙ කොටි ත්‍රස්ථවාදියාට බව මෙහිදී පැහැදිලි වේ

      ඔබ කියන ආකාරයේ සිංහල පරිනත බවක් බ්ලොක් කරුවන් සතු වියයුතු නැත මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට ලිව්වම හොදටම ප්‍රමාණවත් මිනිසුන් භාෂාවේ ව්‍යාකරණ රීති වලට වහල් වෙන්නෙ නෑ ඇමරිකාවේ සිදු කල පරික්ෂණයකින් හෙළි වුණේ මිනිසුන් වචනයක සියලුම අකුරු කෙරෙහි අවධානයක් නොදක්වන බවත් වචනයක මුල් අකුර හා අවසාන අකුර පමණක් බොහෝ අවස්ථා වලදී හදුනාගෙන මොළය විසින් එම සම්පූර්ණ වචනය ග්‍රහණය කරගන්නා බවයි මෙන්න මේ ටික කියවලා බලන්න , වැඩකවරුන්ට විරතයි මේක කිවයන්න පුවළුන්, ඇත්තටම මේක ඕනම කෙනෙක්ට කියවලා තේරුම් ගන්න පුළුවන්...

      " ඔබට කරන්නට තිබුනේ හඩ් යන වචනයට ඉදිරියෙන්, හමුදා සෙබළුන් කියන්නේ එහෙමයි කියා යෙදීමයි. නැතිනම් එය ඔබේ වචනයක් බවට පත්වෙනවා. මා එය නිවැරදි කලේ ඒ නිසයි"-

      හඩ් කියන එක හමුදා නිළධාරීන් විතරක් නෙවෙයි ගමේ ගොඩේ අයත් බහුලව භාවිතා කරන වදනයක් ඒ වචනය ඔබ තේරුම් ගත්ත කියන්නෙ අනිත් අයට සිම්පල් නේ ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා භාෂා රීතියට ලියන්නෙ සාහිත්‍යමය නව කථා කෙටි කථා විචාර ‍ගද්‍යය පද්‍යය වගේ දේවල් ඒත් මම ලියන්නෙ සාහිත්‍ය රසයක් දනවන එකක් නෙවෙයි අපේ භාෂාවෙන් සරලව කෙරෙන විවිධ කතාන්දර පමණයි.ඕනනම් මට ඔබටත්වඩා හොඳින් භාෂාව හසුරුවලා ලියන්න පුළුවන්...


      Delete
    2. ගනන් ගන්න එපා අපෙත් පොරක් හිටිය ඔහොම "කොස් කන්න දුන්නම වත්තෙ හතර මායිම් හොයන පොරක්...."

      Delete
    3. මගේ අදහස් දැක්වීමෙන් පසු මේ කතාව මනඃකල්පිත කතාවක් කියා යෙදුවේ කිසියම් අපහාසයක් වී ඇති බව ඔබටම පැහැදිලිව පෙනෙන නිසා නොවේද?

      ඇත්ත... ඔබ වැනි බහුශ්‍රැත පුද්ගලයින්ගේ අවධානය තකා එසේ ‍ලිවීමට සිදුවිය...

      Delete
  7. අනේ ඔබ හමුදා කටයුතු පිලිබඳ නොදැණුමක අතරමංව යන වන්කගිරියක තරම. ඔබේ කතාවේ හැටියට ඒ සැඟවුණු වෙඩිකරු කොටියෙක්. හොඳයි එහෙමනම් ඒ කඳවුර භාර නිලධාරියා තම බලසේනාධිපතිට කඳවුරු නිරීක්ෂණ සංචාරයක් සඳහා ඇරයුම් කරන්නේනම් යටත්පිරිසෙයින් කඳවුර අවට මීටර් 500 ක වත් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට පිරිස් කඳවුරෙන් පිටතට යවනවා. එය හමුදාවේ ස්ථාවර නියෝගයක්. කොටි වෙඩිකරු මීට පෙරත් වෙඩි තබා තිබුන නිසා නේද ඔහු බලසේනාධිපතිට කියන්නේ ඒ වෙඩි නොවදින බව. නමුත් හොඳින් මතක තබාගන්න ඒ බව කලින් නොකියා කඳවුරේ ආරක්ෂාව තහවුරු නොකර එවැනි උසස් නිලධාරියකු කවදාවත් කඳවුරකට ගෙන්වන්නේ නැහැ. එමෙන්ම කඳවුර ආරක්ෂා සහිත බව කියා එවැනි නිලධාරියකු ගෙන්වා අරවගේ සිද්ධියක් වූ පසු ඒ කොටියා නිතර වෙඩි තබන බවත් ඒවා වදින්නේ නැති බවත් කිව්වානම් ඒ කපිතාන් වරයට එරෙහිව අනිවාර්යයෙන් (දැන් ඉන්න සමහර කුප්පීදු බ්ලොගාලා කියන 'අනිවා' නොවේ)විනය පියවර ගන්නවා. නොදන්නා දෙයක් ලියන්න ගොස් අනාගත්තා මෙන්ම එය නැවත නැවත හෝදන්න ගියාම ඔබේ අතින්මයි තවත් මඩ ඉහෙන්නේ. එනිසයි ඔබ මා බහුශෘත පුද්ගලයකු ලෙස අවසානයේදී නොකැමැත්තෙන් හෝ පිළිගන්නේ. /හඩ් කියන වචනය හමුදාවේ විතරක් නොවේ ගමේ ගොඩේ අයත් කියනවා/ ඒ සමස්තය අලලා තමයි මා කිව්වේ උප සංස්කෘතීන් කියලා. නොතේරීම ගැන කනගාටුයි. තමන්ගේ භාෂාවෙන් හරියට ලියන්න බැරි බ්ලොග් කරුවන් බහුතරයක් අත තිබෙන ඉතා හොඳින් කලින් සූදානම් කළ (well prepared and pre cooked) උත්තර මම නිතර කියවා ඇති බැවින් අක්ෂර වින්‍යාසය ගැන ඔබ කියා තිබෙන සියල්ල අවඥාවෙන් බැහැර කරමි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හමුදාවෙ කෙනෙක් නිසා මේව දන්නව ඇති එහෙත් සාමාන්‍ය කෙනෙක් මේව දන්නෙ නෑ එයා කථාව ලියන්නෙ අහන විදියට ඒ ගැන අධ්‍යනය කරල ලියන්න ගියොත් මේකට මාස දෙක තුනක් වත් යාවි මේක හමුදා නිළධාරියෙක් ලිව්වනම් හරියට ලියනව කියල මම පිළිගන්නව ඒත් මම පරිගණක අංශයේ කෙනෙක් ඔන්න ඒ ගැන ලිපි ලියද්දි කාටවත් ඇඟිල්ලක් ගහන්න තියන්නෙ නැතුව ලියන්න පුළුවන්.. ඒක මම පිළිගන්නව ඒත් එහෙමයි කියල අපි කථා නොලිය ඉන්න කියල( නොදන්න මගුල් නොකර ඉන්න) ඔබ යෝජනා කරනව නම් ඒක වැරදියි.වැරදි වැරදි හරි ලියන එක නේද වැදගත්.. වැරැද්ද පෙන්වා දීම ඔබට කරන්න පුළුවන් ඒ ගැන තර්ක කරල පිළිගන්න එක මගේ වැඩක්...කෙනෙක් කිව්ව පලියට පිළිගන්න සිරිතක් මගේ නෑ...ඒකයි මම තර්ක ඉදිරිපත් කරන්නෙ ...ඒක මඩ අනාගැනීමක් කියල හිතන ඔබේ අදහස ගැන මට පුදුමයි විචාර කියන එකේ තේරුමවත් ඔබ දන්නෙ නෑ කියල මට හිතුණ

      ඔබ සැබෑ හෙළ භාෂා හසුරුවන්නෙක් නෙවෙයි...ඔබ සිංහල වචන ඉංග්‍රීසි වචන සමඟ සංසන්ධනාත්මකව බලන කෙනෙක් ඒ වගේම කුප්පීදු වැනි වචන සිංහල භාෂාවෙ වචන ද? සිංහල ශබ්දකෝෂයකින් ඔය චචන හොයන්න පුළුවන්ද? අනිවාර්යයෙන් කියන එක අනිවා කියල භාවිතා කරනව මමත් දැකල තියනව ඕක සිංහල භාෂාවේ විතරක් නෙවෙයි ඉංග්‍රීසියෙත් තියෙනව උදාහරණයක් because--Coz ඒක ශබ්දකෝෂයකින් හොයන්න බෑ

      උප සංස්කෘතීන් කියන්නෙ යම් එක් අංශයක් තුල ඔවුන් ඔවුන්ගේ සංනිවේදනයන් පහසු කරගැනීම උදෙසා සකස් කරගන්නා යෙදුම් වලට එක් අංශයක් කිව්වම ඒක කැම්පස් එකක්, පාසලක්,ආරක්ෂක අංශය ආදී අංශයන් ගන්න පුළුවන් ඒත් ආරක්ෂක අංශයයි-සාමාන්‍යය ජනතාවයි කියන දෙක එකට ආඳලා ඒකට උප සංස්කෘතියක් කියන එක විහිළුවක්...ඒකට කියන්නෙ පොදු ජනවහර කියල ඔබගේ භාෂාදැනීමද මේ????

      Delete
  8. අහෝ තරුණ මහතාණෙනි, ඔබ තවත් බොහෝ දේ උගතයුතු බව පැහැදිලිවම පෙනෙයි. /ඒ සමස්තය අලලා තමයි මා කිව්වේ උප සංස්කෘතීන් කියලා/ මේ කොටස තේරුම නොගත් ඔබ ඔබේ පිළිතුරේ අවසාන ඡේදය නිකරුනේ නාස්ති කරගෙන තිබෙනවා. ඒ කොටසින් මා අදහස් කලේ විවිධ උප සංස්කෘතීන් තමයි.
    මේ කතාව ලියන්න අවශ්‍ය හමුදා දැණුම නොවෙයි. කිසියම් ප්‍රවෘත්තියක සමස්තය අලලා ලිවීමට හැකි රචනා ශක්තියයි. මෙය ලිවිය හැකි එක විදිහක් මේ. ඔන්න ඒක හමුදා කඳවුරක් තිබුනා . . . පැත්තේ. දවසක් ඒ ප්‍රදේශය බාර බලසේනාධිපති හදිසියේම ආවා කඳවුර බලන්න. කඳවුරේ ඇවිදිමින් සිටියදී එක වරම වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. බලසේනාධිපති වහාම බිම දිගාවී බීතවී සිටියා මොකද මේ වෙන්නේ කියා. නමුත් කඳවුරේ අය එය ගණන් ගන්නේ නැහැ. බලසේනාධිපති ඇහුවා මොකද තමුසෙලා ඩවුන් නොගියේ කියලා. සොල්දාදුවෝ කිව්වා අයියෝ සර් දැන් ඉන්න ත්‍රස්තවාදීන්ට හරියට ඉලක්කෙට වෙඩි තියාගන්න බැහැ. ඉතින් අපි ඔය වෙඩි වලට බය නැහැ කියලා.
    ඔබ සැබෑ හෙළ භාෂා හසුරුවන්නකු නොවෙයි. අහෝ මහතාණෙනි ඔබද මමද සැබෑ හෙළ භාෂා හසුරුවන්නෝ නොවෙමු. හැබැයි ඔබ ලියා තිබුනා ඔබට අවශ්‍යනම් මට වඩා හොඳ සිංහලෙන් ලිවිය හැකියි කියා. අනේ මමනම් එතරම් හීනමානයෙන් නොපෙලෙමි. කුප්පීදු කියන වචනය ගැන ඔබේ නොදැනීම ගැන අතිශයින් කණගාටු වෙමි. සිංහල විශ්වකෝෂය කියවා නැත්නම් දැකලාවත් නැද්ද? ඉඩ ලද විටෙක ජාතික පුස්තකාලයට යාම යෙහෙකි. අත්දුටුවයි සත්තයි. සිංහල ගැමි වහර, ඒ පිලිබඳ ලියැවුණු විශේෂ පර්යේෂණ ග්‍රන්ථ වලින් උගෙනීම යහපති.
    දැන් ඉන්න පරපුර හිතන්නේ ඉංගිරිසියේ වචන හදන විදිහටම සිංහලයේද වචන හැදිය හැකි බවයි. අඳෝමැයි, ඔය අමනොඥ අදහස තමයි සමහර බ්ලොග් කරුවන් ඉදිරිපත් කරන ලාමක තර්කයක් වන්නේ, සිංහල භාෂා රීති ගැන මෙලෝ හසරක් නොදත්කම නිසා. ඔය කියන ආකාරයට සිංහල වචන කොට කලොත් 'හුදෙකලා' කියන වචනය කොහොම කොට කරයිද කියා මට බයයි.
    ඔබට පරිගණක අංශයේ ලිපි ලිවිය හැකිව ඇති. නමුත් සිද්ධියක සමස්තය රැගෙන එය හාස්‍යය දනවන ලෙස රචනා කිරීමේදී දැක්වූ දුර්වලතා තමයි මා විවේචනය කලේ. පිළිගැනීම හෝ නොගැනීම ඔබේ වැඩක් බව නොදැන නොවෙයි මා විවේචන ලියන්නේ. අදහස් දැක්වීමට ඔබේ බ්ලොග් පිටුවේ අවසර ලබාදී ඇති බැවිනුයි ලියන්නේ. එසේම බ්ලොග් පිටු වල ලියන මගේ පළමු විවේචනය නොවෙයි මේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  9. කුප්පීදු යන වචනය සිංහල විශ්වකෝෂයේ නැති බව කිවයුතුයි....මා දැනටමත් එය පරිහරණය කරයි අලුත් සංස්කරණයක් ඇත්දැයි නොදනිමි.එසේ හැම වචනයක්ම වෙනස් කළයුතු යැයි මොඩ තර්ක ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස ඉල්ලමි එසේ කෙටි කළහැකි වචන තියෙනව නොහැකි වචනත් තියෙනව.."පුස්තකය" "පුක" කියල කෙටි කරන එක සුදුසු නෑ "අනිවාර්යයෙන්" කියන එක "අනිවා".. කිව්වොත් ඒ වචනෙට වෙනත් අර්ථයක් නැති නිසා කෙටි යෙදුමක් විදියට භාවිතා කරන්න පුළුවන් කියල මම හිතනව

    කොහොම උනත් ඔබ යෝජනා කරන කථාවක් ලියනවිට තිබිය යුතු ගුණාංග හොඳයි කියල හිතෙනව බලමු අපි තව ඉදිරියට හමුවෙනවා නේ මම මින් පසුව ලියන ලිපි වලටත් මේවිදියෙ විචාර ලියන්න.. නොදන්න දේවල් තර්කකරල වටහා ගැනීම මගේ සිරිත ඒ නිසා දිගටම මනුස්සකම එකක් ඔබ හිදීවි කියල බලාපොරොත්තු වෙනව...

    ReplyDelete
  10. ස්තුතියි. නැවත හමුවෙමු.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  11. මමත් ඔය පැත්තේ විශේෂ බලකායක සේවය කරලා තියෙනවා.එත් ඉතින් ඉලක්ක වරදින කොටිනම් හිටියේ නැහැ.අපි බොහොම විමසිලිවන්තව වැඩ කලේ.විහිළු කතාවකට උනත් ප්‍රමිතියක් තියෙන්න ඕන.අනිත් අතට තල් ගස් තුනෙන් එකක සතුරා සැඟවී සිටින බව දනී නම් කලයුත්තේ තමන් සතුව sniper අවියක් නොමැති නම් වඩාත් දුර වෙඩි තැබිය හැකි G P M G හෝ MPMG අවියක් යොදාගෙන සතුරාටත් වෙඩි තැබීමයි.ඔබ සිතන ලෙසට ගෙවුන යුද්දය කෙසේවත් පහසු එකක් වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නියම හමුදා සෙබලෙක් නම් තම අනන්‍යතාවය රහිතව කමෙන්ට් එකක් වත් දාන්නෙ නෑ..

      Delete
    2. විචාරක මහතා නම් සේවයෙන් විශ්‍රාම ලැබූ කෙනෙක්.නමුත් මා එසේ නොවේ ආයතනය සමග ඇති බැඳීම් නිසා සැඟවී අදහස් දැක්වීමට සිදුවී ඇත.මට ඔබ සමග වාද කිරීමේ කිසිදු අදහසක් නැත.මම දේශප්‍රේමියෙකු හෝ භාෂා ප්‍රේමියෙකු නොවෙමි.නිකමට අදහස් දැක්වීමක් පමණක් කලෙමි.

      Delete
    3. අනන්‍යතාව රහිතව අදහස් දැක්වීමෙන් ඔබ කොහොමද කියන්නේ නියම සෙබලෙක් නොවන බවට....!!
      පටු අදහස් කරපින්නා ගෙන ඉන්න එපා සහෝදරයා..!!!
      අපි දන්නවා දැන් ඔබලාට ඒ මෙහෙවර අමතකයි කියල...!!
      ~අධිෂ්ටානයෙන් අභිතව අරමුණ කරා...~

      Delete

අදහස් මොනවද කියල කියලම යන්න...