Ads 468x60px

Sunday, January 22, 2012

හතු (බිම්මල්) බයිට්....

අද මම කියන්න හදන්නෙ ගොඩක් අය නොදන්න කෑමක් ගැන ..හැමෝම හතු කියන්නෙ මොනවද කියල දන්නව නේ මේවට බිම්මල් කියලත් කියනව හරිම රසවත් කෑමක්....හැබැයි හතු ගැඹුරු තෙලේ බැඳල කාල තියෙනවද එහෙනම් අපි බලමු රසම රස හතු බයිට් එකක් හදා ගන්නෙ කොහොමද කියල ඔය අඩියක් පුඩියක් ගහන වෙලාවට නම් ඉතින් මරුම තමා...හිටගෙන බොන්න පුළුවන්



අවශ්‍යය දෑ-

  1. හතු (බිම්මල්) ග්‍රෑම් 200 පමණ
  2. බිත්තර දෙකක්
  3. ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  4. මාගරින් හෝ පොල්තෙල්
සාදන ක්‍රමය- 

මුලින්ම බිත්තර දෙක හොඳින් මිශ්‍ර කරගන්න පසුව බිම්මල් හොඳින් සෝදා පිරිසිදු කර සිහින් තීරු ලෙස ඉරා ගන්න නැතිනම් සාමාන්‍ය කැබලි ලෙස කපා ගන්න ඉන් පසුව  ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ඒවායේ තැවරෙන ආකාරයට එකතු කරගන්න භාජනයකට තෙල් හෝ මාගරින් දමා මදක් රත් වෙන්නට මද ගින්නේ තබන්න පසුව බිම්මල්  කැබලි කිහිපයක් එකවර ගෙන ඒවා හොඳින් මිශ්‍ර කරගත් බිත්තර සාරු මත ගිල්වා ඒවා රත්වුණ තෙල් භාජනයට දමා රන්වන් පැහැ ගැන්වෙන තුරු බැද ගන්න‍....එච්චරයි තව ටිකක් රස කරන්න ඕන නම් උඩින් තක්කාලි සෝස් එක්කර ගන්න නැතහොත් දෙහි ඇඹුල් ටිකක් එක්කර ගන්න... ‍

3 comments :

  1. Labana Senasuradata hadala balannam, thanks

    ReplyDelete
  2. හතු වර්ග කිහිපයක් තියෙන නිසා මොන වර්ගයේ හතුද මේකට අරන් තියෙන්නෙ කියල කිව්වොත් හරි, පින්තූරයක් දැම්මොත් හරි ලොකු උදව්වක්... මැම වර්ගයෙන්ම මෙහෙම හදන්න බැරිව ඇතිනේ... ස්තුතියි...

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...