රටේ තනි පක්ෂයක් වශයෙන් ඉතා ප්‍රභල පක්ෂයක්ව පැවති එක්සත් ජාතික පක්ෂය අද ගරා වැටෙමින් පවතින පක්ෂයක් බවට පත්වී ඇත.එසේ වන්නට ප්‍රධානතම හේතුව වශයෙන් මා දකින්නේ නායක්වය පිළිබද ප්‍රශ්නයයි..මෙයට සම්පූර්ණ වගකිව යුත්තා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාය ඔහු මේවන විට දේශපාලන වශයෙන් පිරිහීමකට පත්ව ඇත...බොහෝ පාකිෂිකයන් නායකත්වය ප්‍රතික්ෂේප කරති එවැනි තත්වක් තිබියදීත් පක්ෂ නායකත්වය දරා සිටීමට රනිල්මහතාට විලි ලැජ්ජාවක් ද නැත.
Tuesday, September 7, 2010
Friday, September 3, 2010
ලැජ්ජ නැති කම!
"ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි " කියන එක අපි සමහර තැන් වලදි භාවිතා කරනව ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඇයි මෙහෙම කියන්නෙ කියල මේකට පදනම් වූ කථාව මොකද්ද කියල.... හරි මම අද කියන්න හදන්නෙ මේ කියමනේ නිධාන කථාව... ඔන්න ඉස්සර කාලෙ මහ මුදලි තුමාට තිබුණ ලොකු වත්තක් මේ වත්තෙ පළතුරු, පොල්, එහෙම ගොඩක් තිබුණ ඒ වගේම මේ වත්තෙ ආරක්ෂාවට මිනිහෙක් හිටියත් වැඩක් වුණේ නම් නෑ මොකද පොඩි ළමයි වගේම ගැහැණුන් මේ වත්තට පැනල පළතුරු කඩාගෙන දර එහෙමත් එකතු කරගෙන තමයි යන්නෙ .... මහ මුදලි තුමා මේ වත්තෙ දැන්වීමකුත් ගහල තිබුණ "ඇතුල් වීම තහනම්" කියල ඒත් වැඩක් වුනේ නෑ .. ඕන්න දවසක් මහ මුදලිතුමාම මේ වත්තෙ පළතුරු කඩන ,දර එකතු කරන අය අල්ල ගන්න හිතාගෙන වත්තට වෙලා හිටිය ඒත් වැඩක් වුණේ නෑ මුදලි තුමා එහා කොනට යනකොට මෙහා කොනෙන් ගැහැණුන් සහ ළමුන් රිංගලා ඇවිත් පළතුරු කඩනව මුදලිතුමාට වත් බය නෑ...
ප්රභේදය-
විනෝදාත්මක
Tuesday, August 31, 2010
නැති බැරි කම් මැද අහක දමන්නද ඔබෙ මව් ළමැදේ කිරි එරුනේ..(සංවාදයට විවෘතයි)
පසුගිය දිනක මූණු පොතේ සුදේශ් කරුණාතිලක මහතා පළකල ඡායා රූපයක් සම්බන්දයෙන් ගොඩනැගුණු සංවාදයක් නිසා මේ ප්‍රශ්නය ගැන කථා කරන්නට සිතක් පහල විය.පහත් ඇති ඡායා රූපය පිළිබඳ අවධානය යොමු කරන්න....
මෙම ඡායා රූපයේ සිටින්නේ මීට වසර තිහකට පමණ පෙර විදේශිය යුවලකට හදාවඩා ගන්නට දුන් තම දියණිය නැවත තම මව සොයා පැමිණි අවස්ථාවකි බොහෝ දෙනෙක්ට මෙය සංවේදී අවස්ථාවක් වෙන්නටත් පුළුවන් නමුත් ..... මෙවන් දෑ සිදුවීමට හේතුව කුමක්දැයි වීමසීම අපගේ යුතුකමකි ඒ මෙවන් දෑ ඉදිරියට සිදු නොවීම පිණිසය.... බොහෝ දෙනෙකු ලාංකේය දරුවන් පිටරටිටුන්ට විකිණිම පිළිබඳ මුනිවත රකිති එසේම සමහරුන් සමාජය පිට වැරුද්ද පැටවීමට උත්සාහ කරති එසේම තමත් සමහරුන් පිරිමියා වැරදි යැයි අඟිල්ල දිගුකරති එසේම තවත් සමහරුන් ගැහැණියගේ දුර්වල කම ගැන කියති....තම දරුවන් මුදලට විකිණිම පිළිබඳ සම්පුර්ණ වගකීම බාරගත යුත්තේ තම දෙමාපියන්ය..
තමන්ගේ දරුවන් පිරරට්ටුන්ට විකුණා තම හිත හදාගන්නට හැකි නම් ඒ අම්මාගේ දරුසෙනෙහස් කොතනද? දුප්පත් කම වැනි සාධක මත තම දරුවන්ට ඉදිරියේදී සැප විදීමට යැයි යහපත් චේතනාවෙන් මේ අම්මාවරුන් තම දරුවන් මුදලට විකුනනවාද? හදාගන්නට දෙන මිනිසුන් දරුවාට හොඳින් සලකාවි යැයි අනුමාන කිරීමට හැකිද ?
මතු සම්බන්ඳයි....
ප්රභේදය-
සමාජීය-අසාධාරණකම්
Thursday, August 26, 2010
මේ කවුද? හිතාගන්න පුළුවන්ද?
පහත තියෙන ඡායා රූප වල ඉන්නෙ කවුද කියල අදුන ගන්න පුළුවන්ද බලන්න ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙක් හදුනාගන්න පුළුවන් උන අය පහලින් සටහනකුත් තියන්න කවුද කියල.....
ප්රභේදය-
විනෝදාත්මක
Sunday, August 15, 2010
Monday, August 9, 2010
මහින්ද-නාමල් පිය-පුතු ගැටුම!
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එතුමාගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ අතර දේශපාලන මත භේදයක් උද්ගතව ඇතැයි කට කථා ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලැබී ඇත. මෙම පිය-පුතු මත භේදයට හේතුව කුමක්දැයි තවමත් නිෂ්චිත වශයෙන් දැන ගැනීමට නොහැකි විය සමහරවිට මෙය පෞද්ගලික අමනායක් වියහැකි බව ද ඇතැමුන්ගේ අදහසයි.
ප්රභේදය-
දේශපාලන
Sunday, August 1, 2010
මේ පින්තූරය කුමක්ද?
පහත ඇති පින්තූරයේ මැද ඇති කුඩා සුදු රවුම ( ඩොට් එක) දිහා පරිගණකයේ තිරයට අඟල් 12 ක් හෝ අඟල් 6ක් කිට්ටුවී ඇසිපිය නොසොල්වා තත්පර 30 ක් පමන බලා හිඳින්න පසුව තනි පැහැයක් සහිත බිත්තියක් මත (සුදු නමි වඩාත් හොඳයි) එක වරම බලන්න පසුව ඇසිපිය ගසමින් බිත්තිය දෙස බලන්න එවිට බිත්තිය මතින් යම් හැඩයක් දිස්වනු ඇත ඒ හැඩය කුමක්ද? ඔබට පෙනුන ආකාරය ගැන සටහනක් තබන්න.....
.
.
ප්රභේදය-
විනෝදාත්මක
Saturday, July 31, 2010
රථ වාහන පොලිසිය..
අද මුළු පොලිස් දෙපාර්තමේන්තුවම රථ වාහන පොලිසිය බවට පත් වී ඇත. සියලුම පොලිස් ස්ථාන වල සිටින ග්‍රාමාරක්ෂක භටයාගේ සහ පොලිස් සහායකයාගේ සිට ඉහල පොලිස් නිලධාරියා දක්වාම පාරට බැස විසිල් ගසමින් රටවාහන පාලනය කිරීම, රථවාහන් පරික්ෂාව, බලපත්‍ර පරික්ෂාව, දඩ නියම කිරීම්, සහ උසාවි ඉදිරිපත් කිරීම් ආදී සියලු කටයුතු සිදු කරනු දැක ගත හැක වාහනයකින් ගමනක් යෑමට පිටත් වූ අවස්ථාවේ සිට අවසන් වන අවස්ථාව දක්වා මීටර සියයෙන් සියයට වාහන නවතා පොලිස් නිලධාරීන්ට තම බලපත් ඉදිරිපත් කළ යුතුව ඇත. මීට පෙර මෙම ක්‍රියාව සිදු කළේ රථ වාහන පොලිය මඟින් වුවත් අද සියලුම පොලිස් නිලධාරීන් මෙම ක්‍රියාවන් වලට දායක වී ඇත.මෙය ඇත්තටම ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් යැයි පැවසිය යුතුය. මේ නිදහස් ලංකාවේ නිදහසේ ගමනක් යන්නට නොහැකි නම් අපට ඇති නිදහස කුමක්ද?
ප්රභේදය-
සමාජීය-අසාධාරණකම්
ජොබ් කාරයෝ...
අද දේශපාලකයින් ජොබ් කාරයින් වී ඇත...බොහෝ තරුණ පිරිස ඔවුට උදව් කරන්නේද රැකියාවක් අපේක්ෂාවෙනි දිවා රෑ වෙහෙසෙමින් ගෙයින් ගෙට යමින් පෝස්ටර් අලවමින් දේශපාලකයින් දිනවීමට දහඩිය මහන්සිය හෙලන්නේ රට දිනවීමට වත් ගම දිනවීමටවත් නොවේ තමන්ට හෝ තමාගේ පවුලේ හිතමිත්‍රාදීන්ට රෑකියාවක් බලාපොරොත්තුවෙනි දේශපාකයින්ද මේ අනුව හැඩ ගැසී ඇත්තේ එබැවිණි. තමන්ට කත් ඇදි අයට ජොබ් දෙකතුනක් ලබා දී ඇඟ බේරා ගැනීමට දේශපාලකයින්ද පුරුදු වී ඇත..
ප්රභේදය-
දේශපාලන
,
සමාජීය-අසාධාරණකම්
Friday, July 30, 2010
කක්ක පොලිස්....
ඇන්ඩම් චූටි කාලෙ කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය ලියුම් කාරයෙක් මෙන්න මෙහෙම අහනව....
ලියුම්කාරයා- ඇන්ඩම්....චී චී....කැතයි නේ මොකද්ද බබා ඔයා ඔය කරන්නෙ?
ඇන්ඩම්- මම මේ කක්කි වලින් ලියුම් කාරයෙක් හදනවා....හිහ්
ප්රභේදය-
විනෝදාත්මක
Subscribe to:
Comments
(
Atom
)















