Ads 468x60px

Saturday, July 31, 2010

ජොබ් කාරයෝ...

අද දේශපාලකයින් ජොබ් කාරයින් වී ඇත...බොහෝ තරුණ පිරිස ඔවුට උදව් කරන්නේද රැකියාවක් අපේක්ෂාවෙනි දිවා රෑ වෙහෙසෙමින් ගෙයින් ගෙට යමින් පෝස්ටර් අලවමින් දේශපාලකයින් දිනවීමට දහඩිය මහන්සිය හෙලන්නේ රට දිනවීමට වත් ගම දිනවීමටවත් නොවේ තමන්ට හෝ තමාගේ පවුලේ හිතමිත්‍රාදීන්ට රෑකියාවක් බලාපොරොත්තුවෙනි දේශපාකයින්ද මේ අනුව හැඩ ගැසී ඇත්තේ එබැවිණි. තමන්ට කත් ඇදි අයට ජොබ් දෙකතුනක් ලබා දී ඇඟ බේරා ගැනීමට දේශපාලකයින්ද පුරුදු වී ඇත..
නමුත් වැඩි පිරිසකට සිදුවන්නේ කැඩූ මී වදය අනුන්ට දී අත ලෙවකා පාඩුවේ සිටීමටය..පහුගිය ඡන්ද කාලයේද මේ දෙය ඒ ආකාරයෙන්ම සිදුවූ බව කිව යුතුය ජනසභා ලේකම් තනතුරට මුවා වී උපාධිධාරීන් යොදවා තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගත් ලොක්කන් අද සුර සැප විඳිති නමුත් එම තනතුර හිමි වනවානම් හිමි වන්නේද දක්ෂතා හෝ සුදුසුකම් මත නොවනු ඇත ඇමතිතුමාගේ හෝ මනත්‍රී තුමාගේ ළඟම හිතවතුන්ට මෙම තනතුරු බෙදී යනු ඇත.කට්ට කාගෙන දේශපාලකයන් දිනවන්නට උරදුන් අහිංසක තරුණ තරුණියන්ට හුලංය...

කෙසේ නමුත් දේශපාලකයින් සම්පුර්ණ වැරදියි කියා ඔවුන් දෙසට ඇඟිල්ල දිගු කිරීම මනුස්සකම නොවේ දේශපාලකයින් ජොබ් කාරයින් කිරීමට මූලික වූවෝ කවරහුද? වග කිව යුත්තන් කවුද? සිතා බැලිය යුතු කාලය එළඹ ඇත... මින් ඉදිරියටත් එවන්දේ නොවන්නට අප කළ යුත්තේ කුමක්ද?

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...