Ads 468x60px

Wednesday, August 22, 2012

වර්ගපූර්ණිකාවේ බොරුවක් "මනුස්සකම" හෙළිකරයි...

වර්ගපූර්ණිකාව කියන්නෙ ළඟදි ජනප්‍රිය වුණ වියණුවක් ඒත් මෙහි පළකරන  සමහර පට්ටපල් බොරු අතටම අහුවුණාම නොකියම බෑ ඉතින් ඒ නිසා කියන්න හිතුණ 

NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.


කියල තිබුණ ලිපියෙ මෙන්න මෙහෙම රූපයක් දාල තිබුණ මතකද?


ඒකෙ කියල තිබුණෙ මේ පෙනෙන්නේ රාවණා රජුගෙ සඳ මත ඇති නාසා මධ්‍යස්ථායක් බවයි ඒත් මේ කථාව පට්ටපල් බොරුවක් කියල මනුස්සකම හොයාගත්ත .... බලන්න පහල තියෙන පින්තූරය

Saturn's moon Mimas peeps out from behind the larger moon Dione

මෙය 2011 දෙසැම්බර් මස ඇමරිකාවේ නාසා ආයතනය  විසින් යවන ලද කසිනි නම් අභ්‍යාවකාශ යානය විසින් ලබා ගත් සමීප ඡායාරූපයකි එමඟින් තහවුරු වන්නෙ යම් ස්ථම්භයක් හෝ ගේඩනැගිල්ලක් නොවන බවත් මෙහි ඈතට සිලින්ඩරාකාර හැඩයකින් දර්ශනය වන්නෙ තවත් චන්ද්‍රයකු බවත් මෙම දන්ද්‍රයා සෙනසුරු ග්‍රහයාට අයත් වන බවයි නාසා ආයතනය පවසන්නෙ 

12 comments :

  1. හත් දෙයියනේ ඌ ඒක ලියන්නේ ආතල් එකට...

    ReplyDelete
  2. boru kiyanna epa machan... api raawanaa adahana minissu. වර්ගපූර්ණිකාව අපේ පවුලෙ ඔක්කොම බලනවා... රාවණා අදහන්න ගත් දින සිට අපේ ජීවිත යහපත් උනා

    ReplyDelete
  3. වර්ගපුර්නිකාව යනු රාවනා පුරාවෘතය විකෘති කරමින් ආතල් එකක් ගැනීමට හෝ රාවනා ගවේෂකයන් ලෙස පෙනී සිටිමින් සුරංගනා කතා ලියන්නන් හට පහර ගැසීමට හෝ ලියනු ලබන බ්ලොගයකි. එහි සියලු ලිපි ලියවෙන්නේ මේ සඳහාය. මෙහි දැක්වෙන ලිපි සීරියස් නොගන්න.. එහි සැබෑ අරමුණ තේරුම් ගෙන එය රස විඳින්න.. (තවම මෙය තේරී නැති අයගේ අවධානය සඳහායි.)

    ReplyDelete
    Replies
    1. Legend එකක් එහෙම නැත්නම් පුරාවෘතයක් කියන්නෙ ලිඛිත සාධක නැති කථාවස්තු වලට ඉතින් රාවණා කථාවත් එහෙම එකක් ඒක මෙහෙමයි කියල කෙනෙක්ට කියන්න බෑ විකෘති කරනව කියන්නත් බෑ මොකද ඒ තොරතුරු වල නිශ්චිත කරුණු කාරණා නැති නිසා දැනට පැවත එන කථාවත් ඔයවගේ කෙනෙක්ගෙ නිර්මාණයක් විය හැකියි එසේම තව අවුරුදු ගනනාවකින් වර්ගපූර්ණිකාව කියන දේවල් ඔය පුරාවෘතයට කතුවෙන්නත් බැරි නැහැ...

      Delete
    2. Thisara Priyankra
      //එසේම තව අවුරුදු ගනනාවකින් වර්ගපූර්ණිකාව කියන දේවල් ඔය පුරාවෘතයට කතුවෙන්නත් බැරි නැහැ...//
      දැන් යන විදියට නං එහෙම වෙයි වගේ. :)

      Delete
  4. රාවණා බයිලා.. වාල්මිකිගේ සුරංගනා කතා වලට මෙහේ මරා ගන්නවා

    ReplyDelete
    Replies
    1. දැන්නෙ නැති නිසා අහන්නෙ "වාල්මිකිගේ' කියන්නෙ මොකක්ද?

      Delete
    2. වාල්මිකී කියන්නේ පට්ට හොරෙක්..

      Delete
    3. ආ ඇත්තද මම මෙච්චරකල් හිතන් හිටියෙ මිකීමවුස් වගේ එකෙක් වෙනන ඇති කියල

      Delete
    4. වාල්මිකී යනුද හෙළ පදයකි..

      වල් - මිකී => වල් මීයා => වල් මීවනපලානයා

      හැක.. හැක.. හැක..

      Delete
  5. WARAGA POORA NIKAWE THIYENNE AMU PATTAPAL KEBARA BAWA DANNE NEDDA?

    ReplyDelete
  6. මොනවා කියන්නදැයි නොදනිමි.

    මෙය බලා සැනසෙන්න.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...