Ads 468x60px

Saturday, July 31, 2010

රථ වාහන පොලිසිය..

අද මුළු පොලිස් දෙපාර්තමේන්තුවම රථ වාහන පොලිසිය බවට පත් වී ඇත. සියලුම පොලිස් ස්ථාන වල සිටින ග්‍රාමාරක්ෂක භටයාගේ සහ පොලිස් සහායකයාගේ සිට ඉහල පොලිස් නිලධාරියා දක්වාම පාරට බැස විසිල් ගසමින් රටවාහන පාලනය කිරීම, රථවාහන් පරික්ෂාව, බලපත්‍ර පරික්ෂාව, දඩ නියම කිරීම්, සහ උසාවි ඉදිරිපත් කිරීම් ආදී සියලු කටයුතු සිදු කරනු දැක ගත හැක වාහනයකින් ගමනක් යෑමට පිටත් වූ අවස්ථාවේ සිට අවසන් වන අවස්ථාව දක්වා මීටර සියයෙන් සියයට වාහන නවතා පොලිස් නිලධාරීන්ට තම බලපත් ඉදිරිපත් කළ යුතුව ඇත. මීට පෙර මෙම ක්‍රියාව සිදු කළේ රථ වාහන පොලිය මඟින් වුවත් අද සියලුම පොලිස් නිලධාරීන් මෙම ක්‍රියාවන් වලට දායක වී ඇත.මෙය ඇත්තටම ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් යැයි පැවසිය යුතුය. මේ නිදහස් ලංකාවේ නිදහසේ ගමනක් යන්නට නොහැකි නම් අපට ඇති නිදහස කුමක්ද?

සැකකටයුතු වාහන හෝ ඉඳහිට කරන පරික්ෂාවන්ට කිසිවකු අකමැති නැත නමුත් තොර තෝචියක් නැතිව මේ ආකාරයෙන් වාහන පරික්ෂා කිරීමට යෑම වහන කරුවන්ගේම දැඩි කනස්සල්ලට හේතු වී ඇත..... මෙය හරියට බල්ලාගේ වැඩේ බූරුවා කිරීමක් වැනිය. රථ වාහන පොලිසියක් සෑම පොලිස් ස්ථානයකම පිහිටුවා තිබිය දීත් අහක සිටින් පොලිස්කාරයිනුත් එම අශයට මැදිහත් වීම කෙතෙක් දුරට සාධාරණද? 

ගරු පොලිස්පති තුමනි මේ ඔබේ අවධානයටයි!


2 comments :

  1. හුඟක් අය පාරට බැහල ඉන්නෙ ජරාවක් බලාගෙන

    ReplyDelete
  2. මෙය බල්ලගෙ වැඩේ බූරුවා කිරීමක් නොව බල්ලගේ වැඩේ බලු රෑනක් කිරීමයි.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...