Ads 468x60px

Wednesday, August 8, 2012

එළකිරි කොල්ලෙක්ගෙ හපන්කමක්!

ඔහු නමින් උපුල් බෝගහවත්ත රුහුණු මාගම්පත්තුවේ ලුණුගම්වෙහෙරින් බිහිවුණ දක්ෂ තරුණයෙක් දැනට ගුවන් හමුදාවෙ ඉංජිනේරු ඒකකයෙ සේවය කරන්නෙ ඉංජිනේරු උපාධිධාරියෙක්. ඉස්සර ඉඳන්ම පරණ කාර් අරගෙන ඒවා මොඩිෆයි කරන එක තමයි එයාගෙ විනෝදාංශය ඒ වගේම බලාපොරොත්තුව ඒත් උපුල්ට සල්ලි භාගෙ නෑ මේව කරන්න දැන් ගන්න පඩියෙන් කොහොම හරි රෝලක් ගහල තමයි මේ හපන්කම් කරන්නෙ මේ ඉන්නෙ ඒ දක්ෂකම් කරන කොලු ගැටයා

උපුල් බෝගහවත්ත (Tele-0777567168)


 මේ තමයි උපුල් ළඟදිම අලුත් වැඩියා කරපු මෝටර් රථය මේ තියෙන්නෙ ඒක ගන්න කොට තිබුන ලුක් එක‍.

පස්සෙ ටික ටික මොඩිෆයි කරල මෙන්න මේ තත්වෙට ගෙනල්ල තියෙනව බලන්න කොහොමද කියල අලුතෙන් ගත්ත වගේ නේ....







දක්ෂකම් තියෙන මේවගේ අයට අතදෙන්න පුළුවන් නම් ලංකාවෙන් තව තවත් මෙවැනි හොඳ මෝටර් රථ බිහිවේවි දක්ෂතා නික්ම්ම නිකන් හැංගිලා යන්න නොදී මේවට තවතවත් අත දෙන්න ක්‍රමයක් අපේ රටේ නැති එක සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්

8 comments :

  1. මේ කරලා තියන මොඩිෆිකේෂන් ඒක පින්තූර වලින් පෙන්නලා විතරක් මදි. මොකද ඒ ක්‍රියාවේ පසුබිමේ තියෙන්න ඕනේ උපයෝගී කරගත් තාක්ෂණික කරුණු. ඒ කට හේතුව තමයි වාහනයක් මෙහෙම වෙනස් කිරීමෙන් නිෂ්පාදකයාගේ වගකීම අවලංගු වෙන්න පුළුවන්. මෙය න්‍යායාත්මකව ඔප්පු කර පෙන්විය යුතුයි එක්කෝ මෙය අලංකරණයක් පමණයි වාහනයේ පෆෝමන්ස් වල කිසි වෙනසක් වෙන්නේ නැහැ කියන එ‍ක හෝ තිබුනට වඩා පෆෝමන්ස් හොඳ වෙනවා කියන ඒක.

    ReplyDelete
    Replies
    1. මම ඒ මඟුලක් දන්නෙ නෑ ඒකයි ෆෝන් නම්බර් එක දැම්මෙ ඕන කෙනෙක්ට අහගන්න මෙන්න ස්කයිප් එකත්- pubbogahawaththa1

      Delete
  2. ආය මේ වගේ නොදන්නා මගුල් නොලියා දන්නා මගුලක් ලිව්වනම් හොඳයි. අපි බ්ලොග් බලන්නේ ඒක එක්කෙනාට කෝල් දිදී විස්තර අහන්න නෙවෙයි. තාක්ෂණික කරුණු ගැන ලිපියක් ලිවීම නොදැන නොකළයුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේක තාක්ෂණික ලිපියක් නෙවෙයි මොකද කාර් හදන හැටි ලියන්න මම දන්නෙ නෑ මේක එක්තරා හෙළි කිරීමක් විතරයි යකෝ ‍අපි හැම දෙයක්ම දන්න සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි දන්නෙ පොඩ්ඩ වුණත් ඒ දේ බෙදාගන්නවා මිසක් හිතේ තියාගෙන ඉන්නෙ නෑ මට හිතෙන දේ ලියන එක මගේ වැඩක් ඒ වගේම කියවන එක ඒ අයගෙ වැඩක්...ආය මේ වගේ නොදන්නා මගුල් නොලියා දන්නා මගුලක් ලිව්වනම් හොඳයි කියල යෝජනා කරන්න ඔබ තමා/තුමියට අයිතියක් නෑ

      Delete
  3. aniwarenma! apurui!

    ReplyDelete
  4. ඕක මහ ලොකු දෙයක් නෙවෙයි. ඔන්න අලුතින් කාර් එකක් හැදුවනම් ඕක අලුත් දෙයක්. මොඩිෆිකේෂන් කියන්නෙ ගොඩක් කාලෙකට කලින් ආව බිස්නස් එකක්..

    ReplyDelete
    Replies
    1. අලුතින් කාර් එකක් හැදුවත් ඒක අලුත් දෙයක් නෙවෙයි මොකද දැන් ඒකත් ඒ හැටි දෙයක් නෙවෙයා නිසා සුළං බලයෙන් කාර් හදන්න අපේ අයට පුළුවන් වෙලා තියෙනව අන්න ඒවා තමයි නියම වැඩ මොඩිෆිකේෂන් කියන්නෙ අලුත් දෙයක් නෙවෙයි තමා ඒත් හැමෝටම ඔරිජිනල් විදියට ඒක කරන්න අමාරුයි

      Delete
    2. ඔකේ ඇති ඔරිජිනල් එකක් නැහැ.. මොඩිෆිකේෂන් එකක් කරාම කොහොමද ඒක ඔරිජිනල් වෙන්නෙ. අනික ඔරිජිනල් මොඩිෆිකේෂන් කියලා එකකුත් නැහැ. සුලං බලයෙන් හදපු කාර් දැන් ඔනෙ තරම් තියෙනවා.. එකත් අලුත් දෙයක් නෙවේ.. හැබැයි කාර්යක්ෂම කාර් නැහැ.. ඔන්න එහෙම එකක් හදන්න පුලුවන්නම් ඒක අලුත් වැඩක්..

      Delete

අදහස් මොනවද කියල කියලම යන්න...