Ads 468x60px

Tuesday, September 7, 2010

එක්සත් ජාතික පක්ෂය

රටේ තනි පක්ෂයක් වශයෙන් ඉතා ප්‍රභල පක්ෂයක්ව පැවති එක්සත් ජාතික පක්ෂය අද ගරා වැටෙමින් පවතින පක්ෂයක් බවට පත්වී ඇත.එසේ වන්නට ප්‍රධානතම හේතුව වශයෙන් මා දකින්නේ නායක්වය පිළිබද ප්‍රශ්නයයි..මෙයට සම්පූර්ණ වගකිව යුත්තා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාය ඔහු මේවන විට දේශපාලන වශයෙන් පිරිහීමකට පත්ව ඇත...බොහෝ පාකිෂිකයන් නායකත්වය ප්‍රතික්ෂේප කරති එවැනි තත්වක් තිබියදීත් පක්ෂ නායකත්වය දරා සිටීමට රනිල්මහතාට විලි ලැජ්ජාවක් ද නැත.

රනිල් මහතා ගේ දේශපාලන දැනුම හා දේශපාලන අත්දැකීම් පිළිබද ගැටලුවක් නොමැත ගැටලුව ඇත්තේ ජනප්‍රියතාවයයි...දේශපාලන මඩ ප්‍රචාර සහ තම කථා විලාසය නිසා සාමාන්‍ය මිනිසුන් අතර රනිල් මහතාට ඇත්තේ දැඩි අප්‍රසාදයකි...නායකත්වය වෙනස් කරන මෙන් බොහෝ පාක්ෂිකයන් ඉල්ලීම් කලද ඒවා තුට්ටුවකට මායිම් නොකරන මෙම නායක තුමා පක්ෂය තුල ගෙන යන්නේ ඒකාධිපති පාලනයකි මෙවන් පාලකයන් රටක් බාරගතහොත් රටට වන ඉරණම ගැනද දෙවරක් සිතා බැලිය යුතුව ඇත.කෙසේ නමුත් එක්සත් යන වචනය දැන් මෙම පක්ෂයට නොගැලපෙන තරම්ය පක්ෂය තුල එක්සත් භාවයක් නොමැතිව රටක් එක්සත් කරන්නේ කෙසේද? 

නායක්වයට දත කන පුද්ගලයින් අතර ප්‍රධාන තැන උසුලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමන්,කරු ජයසූරිය මැතිතුමන්, රවී කරුණානායක මැතිතුමන් යන පුද්ගයින්ය කෙසේ නමුත් මෙම තිදෙනා අතුරින් සජිත් මහතාට ඇත්තේ දැඩි ප්‍රසාදයකි.....රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතකුවන සජිත් මහතාට සිංහල/මුස්ලිම්/ද්‍රවිඩ යන සියලුම ජාතීන් එකසේ කැමැත්ත පලකරති.. නමුත් සුදුස්සාට සුදුතැන දීමට පක්ෂ නායකයා උත්සාහ කරන්නේ නැත. වත්මන් නායක තුමන්ට අවශ්‍ය වී ඇත්තේ තම පක්ෂ නායක කම හා විපක්ෂ නායක කම රැක ගැනීම පමණි පක්ෂය දිනවීමට ඔහුට අවශ්‍යතාවයක් නොමැත....රනිල් මහතා කරන්නෙ විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බව දැන් දැන් හැඟීයන කරුණකි....

සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනප්‍රිය තාවයත් සමඟ විශාල රැල්ලක් ගොඩනැඟී පක්ෂය දිනවීමට හැකියාව ඇතිමුත්....එය ඔහුට එක්සත් ජාතික පක්ෂයේ සිට කළ නොහැකි බව දැන් හැඟීයයි කළයුත්තේ කුමක්ද? ඩී .ඇස්.සේනානායක මැතිතුමා ගොඩනැඟු මෙම පක්ෂය දියකර අලුත් පක්ෂයක් ගොඩනැඟිය යුතුද? කෙසේ නමුත් රනිල් මහතා සැබෑ පක්ෂ හිතවාදියෙක් නම් මේ අවස්ථාවේදී සජිත් මහතාට නායක කම ලබාදිය යුතුය... එසේ නොමැති නම් ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත්පත් වනු ඇත.. එසේම එක්සත් ජාතික පක්ෂයේ සියලු පාක්ෂිකයන් එක්ව නායකත්වය වෙනස් කළ යුතුය‍ එක්සත් ජාතික පක්ෂය යනු රනිල් මහතාගේ බූදලයක් නොවේ.

2 comments :

  1. අද ලෝකයේ අප ජීවත් වන ඒකකය රට කියන එක නේද? ගෝලීයකරණය හමුවේ වුනත්, තවම රට කියන ඒකකය මතයි අය-වැය, වීසා, පාලනය වැනි බොහෝ දේ තිබෙන්නේ.

    ඒ නිසා "පක්ෂය දිනවීම" කියන අරමුණින්ම කටයුතු කිරීමෙන් ලැබෙන ලොකු වැඩක් නෑ නේද? ඒකෙන් වෙන්න රට තුල තවත් බෙදීමක් ඉස්මතු කිරීම නේද?

    පුද්ගලිකව මාත්, මහින්ද රාජපක්ෂට පසුව රටේ නායකත්වයට සුදුස්සා ලෙස දකින්නේ සජිත් ප්‍රේමදාසයි. ඒ දෙපළටම මා කැමති පක්ෂයක් නිසා නොව දෙදෙනාම රටට ආදරේ කියා සිතන නිසයි.

    ReplyDelete
  2. මේකනේ වැඩේ රනිල් ගොයියා හීන දකින්නේ කවදා හරි ජනාධිපති කෙනෙක් වෙන්න නේ. නමුත් එයා ඔය පක්ෂයේ ඉන්න කම් ආත්ම 7 8ටවත් ඒ හීනය හැබෑ වෙන්නේ නැති බව එයාට තේරෙන්නේ නැහැ. මොකද එතුමා ඒ තරම් ධනාත්මක චින්තන වාදියෙක්. අදට වඩා හෙට හොදයි කියලා හිතන කෙනෙක්. සජිත් මහත්තයා නම් හොදයි දක්ෂයි බුද්ධිමත් ජනප්රිදයයි නමුත් නායකකමට තරුණ වැඩි කියලා නේ හැමෝම කියන්නේ. එහෙම බලපුවහම මේ දෙන්නගෙන් පස්සේ වෙන බුවෙක් නැහැ ඕකට වඩා සුදුස්සෙක්. ඉතින් සජිත් මහත්තයා වැඩිහිටියෙක් වෙලා එනකම් අපිට හූල්ල හූල්ල ඉන්න වෙනවා. බැරිද අපිට සජිත් මහත්තයාට බොයිලර් කුකුල් ඉන්ජෙක්ෂන් දෙක තුනක් හරි ගහලා ඉක්මනින් වැඩැහිටියෙක් කරගන්න. සජිත් මහත්තයා ලොතු මහත් වෙලා එනකම් රනිල් ගොයියට මල් 7යි. රටට බඩුම තමයි

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...