අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක් නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා විතරයිලු ඒත් දෙවෙනි දවසෙ හමු වෙද්දි වුණේ අමුතු සිදුවීමක්.. දෙදෙනාම එදා නෙදැනුවත් කමින් එකම වෙළදසැලකදි අහම්බෙන් හමුවුණා ඒ වගේම දෙදෙනාම ඇවිත් තිබුණෙ මහ වැස්සක් එන නිසා කුඩයක් ගන්න හිතාගෙන ආවෙ එකම කාරණයකට වීමත් පුදුමයි වගේ.. කොහොම හරි දෙන්න එතනදි සුහද කථා බහකට වැටුණ.මලිති කුඩයක් ගත්තත් සර් නම් කුඩයක් ගත්තෙ නැත්තෙ කපටි කමට මොකද දෙදෙනාම යන්නෙ එකම පැත්තට ඒ වගේම වැස්සක් වැස්සොත් කෙල්ලගෙ කුඩේ යටින් යන්න පුළුවවන් කියල සර් හිතුව.. එහෙම හිතල පොඩි බිස්කට් පැකටි එකක් විතරක් අරගත්ත කොහොම හරි දෙන්නම කථා කර කර එළියට ඇවිත් බස් නැවතුමට යන්න කියල ටික දුරක් එන කොට මලිතිගෙ යාළුවෙක් හම්බ වුණා සර්ට මල.... හිතින් බැණ බැණ සර් දැන් ටිකක් දුරස් වෙලා යනව කෙල්ලො දෙන්න කිචි බිචි ගගා හිනා වෙවී යනව... මලිති තමන්ගෙ යාළුවට සර්ව හදුන්වා දුන්න එයාගෙ යාළුවෙක් කියල.. ඔන්න ඒ එක්කම මහ වැස්සත් පටන් ගත්ත මලිතියි යාළුවයි හනිකට කුඩේ දිග ඇර ගත්තත් සර් ට කර කියා ගන්න දෙයක් නැතුව අතේ තිබුණ ෆයිල් එක ඔළුවට අල්ල ගත්තත් වැස්ස එන්න එන්නම වැඩි වෙන්න ගත්ත.. මලිතිට දුක හිතිල මලිතිගෙ කුඩේ සර් ට දුන්න දීල එයා යාළුවගේ කුඩේ යටින් යන්න උණා සර් ගෙ සිහිනය එදා බොඳ වුණේ එහෙමයි...
Monday, August 6, 2012
Wednesday, July 25, 2012
හරි පුදුම ඉස්කෝලයේ අමුතුම පුස්තකාලය...
අම්පාර නගරයේ ඉඳල නුවරපාරෙ උහන පහුකරන් යනකොට වෑරැන්කැටගොඩ කියන ප්‍රදේශයේ කොත්මලේ ජනපදයෙ තමයි මේ පුදුම ඉස්කෝලය තියෙන්නෙ කොටි කලබල නිසා වැහෙන්න ඔන්න මෙන්න කියල තිබුන පාසලක් ඒත් 2005 වර්ශයේදී ගමේ ළමයින්ගෙ වාසනාවට වෙනස් විදියකට හිතන තරුණ විදුහල්පති වරයෙක් ඒ ඉස්කෝලයට ආව ඒ තමයි අම්පාරෙ හොඳම විදුහල්පති වරයා ලෙස සම්මාන පවා දිනාගත් ආර්.එම්. ජයන්ත රත්නායක විදුහල්පති තුමා එතුමාට මේ ඉස්කෝලෙ දැක්ක ගමන්ම හිතුණෙ මේ පුංචි වන වදුලට වසන්තය ගේනන ඕන කියල...පරිසර හිතකාමියෙක් වුණ විදුහල්පති තුමා මේ පාසල ලස්සන පොඩි හරිත උයනක් කළා...පාසලේ පරිසරය දැක්කම එහි යන ඕනම කෙනෙකුගෙ හිත් පහන් වෙනව හරියට ඉසිවර අසපුවකට ගියා වගේ....
විදුහල්පති- ආර්. එම්. ජයන්ත රත්නායක මහතා
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Tuesday, July 24, 2012
දවල්ට ක්‍රිකට් ගහන්න බැරිද?
දිවයින පුරා අද විදුලිබල අර්බුධයක් තියෙනව ඒ වගේම සැරින් සැරේ විදුලිය කපනව ඒ මදිවට රෑ තිස්සෙ ක්‍රිකට් ගහල විදුලිය නිරපරාදෙ නාස්ති කරල දානව මුන්ට මේව නොතේරෙන හැටි. විදුලිබලය පැය කිහිපයකට හෝ නොමැති වීමෙන් සමහර ආයතන ලබන පාඩුව අති විශාලයි එසේම විදුලිය නොමැති වීමෙන් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාවය අති විශාලයි එසේත් තිබියදී රෑ තිස්සෙ රගර් මැච්, ක්‍රිකට් මැච් ගහන ඒව ඒ වගේම රෑ තිස්සෙ ලයිට් දාගෙන සැනකෙළි පවත්තන ඒව, දේශපාලන රැස්වීම් පවත්තන ඒවා අඩුම ගානේ මේ අර්බුධය අවසන්වෙනකන් වත් අතිහිටෙව්වොත් හොඳයි කියල කියන ගමන් ලොක්කන්ගෙ මැටි මොල වලට මේ වගේ අදහස් පැමිණේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ප්‍රභේදය-
සමාජීය-පොදු
Monday, July 23, 2012
වයසට යනකම් Avast ... අදම දා ගන්න
Avast කියන වෛරස් ගාර්ඩ් එක මෑත භාගයේ ඉතාමත් ජනප්‍රිය උන එකක් කිසිම කරදරයක් නැතිව පාඩුවේ අපේ පරිගණකය ආරක්ෂා කරන්න මේකට තියෙන හැකියාව නිසාම තමයි ජනප්‍රිය වුණේ.. හැබැයි Avast 4 වලට ඒ දවස්වල
Serial Key තිබුණ ඒත් අලුත් Version ආවට පස්සෙ Serial Key හොයාගන්න අමාරු උනා ඒත් දැන් දැන් ඔන්න Serial Key එළියට එන්න පටන් අරන් මම අද කියන්න හදන්නෙ එහෙම හොයා ගත්තු Serial Key එකක් ගැන මේ Serial Key එක දැම්මම 2038 වෙනකම් Register කරන්න ඕන නෑ Free Version එක දැම්මත් තියෙන අවුල තමයි අවුරුද්දෙන් අවුරුද්දට Register කරන්න වෙන එක. මේක දාගත්තම නම් කිසි අවුලක් නෑ ..
Zip Password is- manussakama
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
වඳුරොත් එක්ක බෑ.... එහෙනම් මෙන්න විසඳුම
වඳුරො රිලව් කියල කියන්නෙ මිනිස්සුන්ට කරදරකාරී සත්තු වගයක් ඒකට හේතුව මුන් ගස් කොළන් භෝග ආදිය විනාශ කරල දාන නිසා. කළින් ලිපියෙන් රිලවුන්ට දෙන දඬුවමක් ගැන කිව්ව ඒත් ඒක සත්තුන්ට ටිකක් වේදනාකාරී එකක් ඒ නිසා මෙන්න මේ ක්‍රමය හොඳද කියල බලන්න කෝ... මේකෙන් වඳුරන් විතරක් නෙවෙයි රිලවුන් වුණත් මට්ටු කරන්න පුළුවන්.එකෙක් මුලින්ම අල්ල ගන්න ඕන ලේසි ක්‍රමයක් තියෙනව හැබැයි ඒකට නිදි පෙති දෙක තුනක් හොයාගන්න ඕන... නිදි පෙති කුඩු කරල කුඩු ස්වල්පයක් අරගෙන වම්බටු ගෙඩියක මැදින් කැපුමක් කරල අර කුඩු ටික ඇතුලට දාන්න ඕන .. දාලා ඒ වම්බට්ට වඳුරන්ට පෙනෙන සේ වහලයක් හෝ ගසක් මත තියන්න ඕන
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Sunday, July 22, 2012
ෆෝල්ඩර් හංගන තවත් වැඩසටහනක්.. Folder Protect
ෆෝල්ඩර් ආරක්ෂා කරන්න හැමෝම වගේ මෙච්චර කල් භාවිතා කළේ Folder Lock කියන වැඩසටහන් මම අද කියන්න හදන වැඩසටහන ඒ වගේම එකක් මේකට කියන්නෙ Folder Protect කියලා වැඩි කථා ඕන නෑ මේ වැඩසටහන අරගෙන පාවිච්චි කරලම බලන්නකෝ....(Key Gen+Patch)
Extract Password is- manussakama
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
රිලවුන්ගෙන් කරදර නම්.... මෙන්න විසඳුම
රිලවු කියන්නෙ මහ කරදරකාර සත්තු වගයක් විශේෂයෙන් පිටිසර පළාත්වල ගෙවතුවල මෙලෝ හත්තිලව්වක් මුන් නිසා තියා ගන්න බෑ ඔන්න මේකට කරන්න ඕන දෙයක් ගැන තමයි මම මේ කියන්න හදන්නෙ කරන්න තියෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්...කුරුම්බ ගෙඩියක් හෙයාගෙන රිලවාගේ අත දාන්න පුළුවන් ගානට විතරක් කුරුම්බ ගෙඩියෙ සිදුරක් විදින්න විදල ඒකෙ ඇතුලෙ තියෙන මද හැන්දකින් හූරල එකෙ ඇතුලෙම තියෙන්න අරින්න.... ඒ කුරුම්බ ගෙඩිය රිලවු යන-එන පැත්තක උන්ට පේන්න තියන්න ඕන ....
රිලව ඇවිල්ල ඒ කුරුම්බ ගෙඩිය ඇතුලට අත දාලා මද (ලොඳ) අතට අහුවෙන තරම් අරගෙන ගුලි කර ගන්නවා ඒත් ඌට අත එළියට ගන්න බෑ මොකද ඒ සිදුර මදි අත ගුලි කරගෙන නිසා... ඌ කුරුහ්බ ගෙඩියත් අතේ අරගෙන හිමින් හිමින් යනකොට අපිට ඌව අල්ලගන්න පුළුවන්.. අපි ළඟට ගියත් ඌ නෙවෙයි අර කුරුම්බ මද ටික අතහරින්නෙ ...
ඔන්න ඔහොම රිලව අල්ල ගන්නව අල්ලගෙන ඌ රිලවු එන පැත්තක උන්නට පෙන්න ළනුවකින් බඳින්න ඕන (හැබැයි ඉතින් කන්න බොන්නත් දෙන්න වෙනව) ඒ වගේම වැඩේට දිග බයිසිකල් ඉස්පෝක් කම්බියකුත් ඕන නැත්නම් හීන් කම්බියක් ඕන .. කරන්න තියෙන්නෙ රිලවු රංචුව ආපු වෙලාවට අර ස්පෝක් කම්බියෙන් රිලවගෙ පස්ස පැත්තට රිදෙන්න පාරක් ගහන්න ඕන එතකොට රිලව ක්ක්‍රෑරැව්ව්.... ගාලා අමුවිදියකට කෑ ගහන්ව ඒ කෑ ගැහිල්ල ඇහුනම රිලවු රංචුව පළාතෙවත් ඉන්නෙ නෑ....
වඳුරන්ගෙ කරදර වලින් බේරෙන හැටි මී ලඟ ලිපියෙන්....
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Friday, July 20, 2012
විනෝදයට ෆොටෝ හදන්න Funny Photo Maker ...
ෆොටෝ එකක් විනාඩියකින් ලස්සනට frame එකක් දාලා හදාගන්න පුළුවන් ජනප්‍රිය වැඩසටහනක් මේක හැබැයි ඉතින් ෆොටෝෂොප් වගේ එකක් කියලනම් හිතන්න එපා ඒ වගේ ෆොටෝ Edit කරන්න මේකෙන් බැහැ මේක හරිම ප්‍රාථමික මට්ටමේ විනෝදය පිණිස ෆොටෝ Edit කරන්න හදපු වැඩසටහනක් විතරයි දාගෙන බලන්න වැඩ ගොඩක් තියෙනව... පහළින් දාලා තියෙන්නෙ මෙකෙන් හදපු පින්තූර ටිකක්...
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Sunday, July 15, 2012
රාවණාගෙ දඬුමොණර තාක්ෂණයෙන් පෙන්ටගනය ජයගනීද?
රාවණා රජුගේ දඬුමොණර කථාව මෑතක දී සයිබර් අවකාශයේ වඩාත් කථා බහට ලක්වන කරුණකි එසේම බොහෝ දෙනාගේ අදහස වන්නේ ඇමරිකාව විසින් එම තාක්ෂණය සොරකම් කිරීම නිසා ඔවුන්ට නවීන යුධ ගුවන් යානා නිපද වීමට හැකි වූ බවයි කෙසේ හෝ මේ වන විට ඇමරිකාව නවීන ගුවන් යානා/යුධ ගුවන් යානා නිපදවීම පිළිබඳ සියලුම රටවල් අභිබවා සිටින බව පිළිගත යුතුය.
(HTV-2 යානය)
(රාවණාගේ රුක්ම විමාණය නැමැති ගුවන් යානාව)
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Saturday, July 14, 2012
තරුණ වෙන්න නම් හැමදාම කුරුම්බා බොන්න....
කුරුම්බා කියන්නෙ මොනවද කියල හැමෝම දන්නවා ඒත් මේ කුරුම්බා වල තියෙන ගුණය නම් හැමෝම දන්නෙ නෑ කුරුම්බා වතුර කියන්නෙ ඉතා ගුණ දායක පානයක් මේවා ඇත්තටම කියනව නම් මව් කිරි වගේම ගුණ දායක පානයක් කිව්වොත් නිවැරදියි හැම දාම උදේට කුරුම්බ ගෙඩියක් බොන්න පින තියනව නම් ඉතින් හැම දාම කොල්ලො කෙල්ලො වගේ ඉන්න පුළුවන් මොකද තරුණ පෙනුම රැක දෙන නිසා කුරුම්බා වතුර වල තියෙන පෝෂණ ගුණ තමයි මේ පහලින් දක්වලා තියෙන්නෙ
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Subscribe to:
Comments
(
Atom
)


















