Ads 468x60px

Sunday, July 22, 2012

රිලවුන්ගෙන් කරදර නම්.... මෙන්න විසඳුම

රිලවු කියන්නෙ මහ කරදරකාර සත්තු වගයක් විශේෂයෙන් පිටිසර පළාත්වල ගෙවතුවල මෙලෝ හත්තිලව්වක් මුන් නිසා තියා ගන්න බෑ ඔන්න මේකට කරන්න ඕන දෙයක් ගැන තමයි මම මේ කියන්න හදන්නෙ කරන්න තියෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්...කුරුම්බ ගෙඩියක් හෙයාගෙන රිලවාගේ අත දාන්න පුළුවන් ගානට විතරක් කුරුම්බ ගෙඩියෙ සිදුරක් විදින්න විදල ඒකෙ ඇතුලෙ තියෙන මද හැන්දකින් හූරල එකෙ ඇතුලෙම තියෙන්න අරින්න.... ඒ කුරුම්බ ගෙඩිය රිලවු යන-එන පැත්තක උන්ට පේන්න තියන්න ඕන ....

රිලව ඇවිල්ල ඒ කුරුම්බ ගෙඩිය ඇතුලට අත දාලා මද (ලොඳ) අතට අහුවෙන තරම් අරගෙන ගුලි කර ගන්නවා ඒත් ඌට අත එළියට ගන්න බෑ මොකද ඒ සිදුර මදි අත ගුලි කරගෙන නිසා... ඌ කුරුහ්බ ගෙඩියත් අතේ අරගෙන හිමින් හිමින් යනකොට අපිට ඌව අල්ලගන්න පුළුවන්.. අපි ළඟට ගියත් ඌ නෙවෙයි අර කුරුම්බ මද ටික අතහරින්නෙ ...

ඔන්න ඔහොම රිලව අල්ල ගන්නව අල්ලගෙන ඌ රිලවු එන පැත්තක උන්නට පෙන්න ළනුවකින් බඳින්න ඕන (හැබැයි ඉතින් කන්න බොන්නත් දෙන්න වෙනව) ඒ වගේම වැඩේට  දිග බයිසිකල් ඉස්පෝක් කම්බියකුත් ඕන නැත්නම් හීන් කම්බියක් ඕන .. කරන්න තියෙන්නෙ රිලවු රංචුව ආපු වෙලාවට අර ස්පෝක් කම්බියෙන් රිලවගෙ පස්ස පැත්තට රිදෙන්න පාරක් ගහන්න ඕන එතකොට රිලව ක්ක්‍රෑරැව්ව්.... ගාලා අමුවිදියකට කෑ ගහන්ව ඒ කෑ ගැහිල්ල ඇහුනම රිලවු රංචුව පළාතෙවත් ඉන්නෙ නෑ....

වඳුරන්ගෙ කරදර වලින් බේරෙන හැටි මී ලඟ ලිපියෙන්....


6 comments :

  1. හයියෝ..හයියෝ..හි හි..:)

    ReplyDelete
  2. Yakage Manussakama. me Rilawawagei lanuwakin bandala Pukata spoke ekak anina one.

    ReplyDelete
  3. බොලව්! මනුස්සකම කියන්නෙ මිනිස්සුන්ගෙ හොඳ විතරක් නෙවෙයි නරකත් මනුස්සකම මොකද මනුස්සයො මනුස්ස+ක්‍රියාව (කම)=මනුස්සකම.මිනිස්සු 100% හොඳ කරන්නෑ එහෙම කරන අයට කියන්නෙ දෙවියො කියල ඒක දෙවි කම

    ReplyDelete
  4. manussayai thirisanai venas venne manussakamen. manussayata witharai diyunu manasak thiyenne ekai MANNUSSAYA kiyanne.

    ReplyDelete
  5. දියුණු මනක් තියෙන නිසානේ මෙහෙම උපක්‍රම භාවිතා කරන්නෙ

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...