Ads 468x60px

Wednesday, July 25, 2012

හරි පුදුම ඉස්කෝලයේ අමුතුම පුස්තකාලය...

අම්පාර නගරයේ ඉඳල නුවරපාරෙ උහන පහුකරන් යනකොට වෑරැන්කැටගොඩ කියන ප්‍රදේශයේ කොත්මලේ ජනපදයෙ තමයි මේ පුදුම ඉස්කෝලය තියෙන්නෙ කොටි කලබල නිසා වැහෙන්න ඔන්න මෙන්න කියල තිබුන පාසලක් ඒත් 2005 වර්ශයේදී ගමේ ළමයින්ගෙ වාසනාවට වෙනස් විදියකට හිතන තරුණ විදුහල්පති වරයෙක් ඒ ඉස්කෝලයට ආව ඒ තමයි අම්පාරෙ හොඳම විදුහල්පති වරයා ලෙස සම්මාන පවා දිනාගත් ආර්.එම්. ජයන්ත රත්නායක විදුහල්පති තුමා එතුමාට මේ ඉස්කෝලෙ දැක්ක ගමන්ම හිතුණෙ මේ පුංචි වන වදුලට වසන්තය ගේනන ඕන කියල...පරිසර හිතකාමියෙක් වුණ විදුහල්පති තුමා මේ පාසල ලස්සන පොඩි හරිත උයනක් කළා...පාසලේ පරිසරය දැක්කම එහි යන ඕනම කෙනෙකුගෙ හිත් පහන් වෙනව හරියට ඉසිවර අසපුවකට ගියා වගේ....

විදුහල්පති- ආර්. එම්. ජයන්ත රත්නායක මහතා



උයනක සිරිගත් කොතමලේ විද්‍යාලය

පහසුකම් ටික ටික ලබාගන්න විදුහල්පති වරයාට පුළුවන් උණා පරිගණක පහක පුංචි පරිගණක විද්‍යාගාරයක් ලබාගන්න පුළුවන් වීම මෙතුමාගෙ උත්සාහයේ ප්‍රතිඵලයක් ඊලඟට ඉස්කොලයට තිබුන ලොකුම අඩුපාඩුව තමයි පුස්තකාලයක් නොමැති වීම...දවසක් අම්පාර ඩිපෝව ලඟින් යන කොට අයිනකට දාල තියෙන අබලන් බස්රථ දැකපු විදුහල්පති තුමාට අපූරු අදහසක් පහළ වුණා.... විදුහල්පතිතුමා හනිකට ගුරුමණ්ඩලය,පාසල් සංවර්ධන සමිතිය රැස් කරල ඒ අදහස හැමෝටම කිව්ව.. ඒ තමයි "බස් ඩිපෝවෙ අහක දාල තියෙන බස් එකක් ගෙනල්ල ඒ බස් එක ඇතුලෙ පුංචි පුස්තකාලයක් හදමු" කියන එක හැමෝම ඒකට එකඟ වුණා ගරු ප්‍රවාහන අමාත්‍යතුමා කුමාර වෙල්ගම මහත්තයට කථා කරල මේ ගැන කිව්වම එතුමාත් ක්‍රියාව අගය කරල විදුහල්පති තුමාට අවශ්‍ය බස්රථය ඩිපෝවෙන් අරගෙන යන්න අවසරය ලබාදුන්න අබලන් වුණ බස්රථය පොඩි අලුත්වැඩියාවකින් පස්සෙ විදුහල්පති තුමාට බාර දුන්න..විදුහල්පති තුමයි ගුරු මඬුල්ලයි දෙමව්පියොයි එකතුවෙලා බස්එක සුද්ද පවිත්‍ර කරල පාසල් වත්තෙ ගෙනත් දැම්ම..

ඊට පස්සෙ තිබුණ ගැටලුව තමයි මේ බස් රථය කොහොමද පුස්තකාලයක් තත්වයට පත් කරන්නෙ කියල.. වාසනාවට වැඩිකල් යන්න කළින් ඒකටත් විසඳුමක් ලැබුණ ලංකාවේ බිස්කට් නිෂ්පාදනය අතින් දැනට ඉදිරියෙන්ම ඉන්න සමාඟමක් වන මංචි බිස්කට් සමාගම මේ වැඩේට අත දෙන්න කැමති වුණා..... ඔවුන්ගෙ "මංචි සමඟ ගමට සරණ" වැඩසටහන යටතේ තමයි මේ උපකාරය කරන්න හවුල් වුණේ බස් එක පේන්ට් කරල ඇතුලෙ පුස්තකාලයකට අවශ්‍ය ආකාරයට සියලුම පහසුකම් සකස් කරන්න ඔවුන් විශාල මුදලක් වියදම් කළා ... එහෙම කරල විදුහල්පති තුමා හිතුවටත් වඩා හොඳට අබලන් බස් එක පුංචි පුස්තකාලක් බවට පත් කළා...

පුස්තකාල‍ය

පුස්තකාලයේ ඇතුලත


එහෙන් මෙහෙන් පොත් ටිකකුත් හම්බ වුණා.. විවෘත කරන දවසේ ගමේ ගොඩක් අය උත්සවේට එනකොට එක පොතක් හරි ගේන්න අමතක කළේ නෑ වෙනස් විදියට හිතුවොත් ඕනම දෙයක් ක්‍රියාවට නගන්න පුළුවන් කියන පණිවිඩය හැමෝටම දුන්න අම්පාර කොත්මලේ විද්‍යාලයේ ඊළඟ ව්‍යාපෘතිය එළිමහන් පන්ති කාමර හදන එක කියල ජයන්ත විදුහල්පති තුමා කිව්ව හැබැයි ඒකත් මේ ව‍ගේ අමුතුම පුදුම හිතෙන විදියෙ වැඩක්... කියල තමයි ඔහු කිව්වෙ.. ඒ වගේම පොඩි එවුන්ට අලුත් තාක්ෂණයෙන් උගන්වන්න මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකකුත් ගන්න එතුමාගෙ හිතෙ අදහසක් තියෙනව... මේ දියුණු වෙන පුංචි පාසලට අත දීල අහිංසක ළමයින්ගෙ අධ්‍යාපනයට පහන් සිළක් වෙන්න කැමති නම් ජයන්ත විදුහල්පති තුමාට කථා කරල තව විස්තර දැනගන්න පුළුවන්.. දුරකථන අංකය-077-9681664



6 comments :

  1. patta.. ma ma meka ape group ekata yawannam. eyalata help ekak karanna beri wena ekak ne..

    ReplyDelete
  2. සමහර ආයතන බොරු වැඩවලට කෝටි ගනන් වියදම් කරන එකේ මේ වගේ සත්කාරයකට අත දුන්නොත් ඒක ලොකු පිනක්...

    ReplyDelete
  3. ආර්. එම්. ජයන්ත රත්නායක මහතාණනි...
    ඔබටයි මේ ආචාරය....

    ReplyDelete
  4. හරිම සුන්දර වැඩක්! අපිත් Needy Readers ව්‍යාපෘතිය හරහා කරන්නේ මේ වගේ අවශ්‍යතා ඇති පාසල් වලට පොත් පරිත්‍යාග කරන එක.අපිත් පුළුවන් උදව්වක් දෙන්නම්..

    www.imcds.org

    ReplyDelete
    Replies
    1. ලොකු පිනක් එහෙම කරන්න පුළුවන් නම්

      Delete

අදහස් මොනවද කියල කියලම යන්න...