Ads 468x60px

Sunday, July 15, 2012

රාවණාගෙ දඬුමොණර තාක්ෂණයෙන් පෙන්ටගනය ජයගනීද?

රාවණා රජුගේ දඬුමොණර කථාව මෑතක දී සයිබර් අවකාශයේ වඩාත් කථා බහට ලක්වන කරුණකි එසේම  බොහෝ දෙනාගේ අදහස වන්නේ ඇමරිකාව විසින් එම තාක්ෂණය සොරකම් කිරීම නිසා ඔවුන්ට නවීන යුධ ගුවන් යානා නිපද වීමට හැකි වූ බවයි කෙසේ හෝ මේ වන විට ඇමරිකාව නවීන ගුවන් යානා/යුධ ගුවන් යානා නිපදවීම පිළිබඳ සියලුම රටවල් අභිබවා සිටින බව පිළිගත යුතුය.


(HTV-2 යානය)

(රාවණාගේ රුක්ම විමාණය නැමැති ගුවන් යානාව)


 රාවණා රජතුමාගේ රුක්ම විමානය නම් යානයේ තාක්ෂණය වැඩිදියුණු කරමින් මේ වන විට  ඇමරිකාවේ ප්‍රධාන ආරක්ෂකමධ්‍යස්ථානය වන පෙන්ටගනයේ ඇමරිකානු නවීන යුධ තාක්ෂණ ඒජන්සිය ලෙස ක්‍රියා කරන Defense Advanced Research Projects Agency (DARPA)  විසින් ශබ්ධයේ වේගයට වඩා විසි ගුණයක් පමණ වේගයෙන් එසේත් නොමැතිනම් පැයට කිලෝමීටර් 20,921 (20,921 KMH) පියාසර කළ හැකි HTV-2 නම් නවීනතම ගුවන් යානයක් නිපද වෙමින් පවතී ඇමරිකානු ඩොලර් මිලියන 308.9 පමණ මේ ව්‍යාපෘතිය  සඳහා වෙන් කර ඇත මේ සඳහා වැඩිදියුණු කළ අධිධ්වානික ආයුධ තාක්ෂණය (Advanced Hypersonic Weapon-AHW) ඇතුලත් කර ඇත.මෙම ව්‍යාපෘතිය 2016 දී පමණ නිමකිරිමට බලාපොරොත්තු වන අතර එය සාර්ථක වුවහොත් උත්තර ධ්‍රැවයේ සිට දක්ශිණ ධ්‍රැවය වෙත ගමන් කිරීමට යන්නේ පැයක පමණ කාලයකි පැයක් ඇතුතල ලෝකයේ ඕනෑම ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාවට හැකියාව ලැබෙයි....

(DARPA headquarters in the Virginia Square neighborhood of Arlington.)

රාවණාගෙ දඬුමොණර තාක්ෂණයෙන් ඇමරිකාව ජයගනීද? යන්න බොහෝ රටවල් නෙත්යොමා බලා සිටී....


1 comment :

  1. තව දුරටත් මේ ගැන හොයන්න ඕන!!

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...