Ads 468x60px

Monday, July 23, 2012

වඳුරොත් එක්ක බෑ.... ‍එහෙනම් මෙන්න විසඳුම

වඳුරො රිලව් කියල කියන්නෙ මිනිස්සුන්ට කරදරකාරී සත්තු වගයක් ඒකට හේතුව මුන් ගස් කොළන් භෝග ආදිය විනාශ කරල දාන නිසා. කළින් ලිපියෙන් රිලවුන්ට දෙන දඬුවමක් ගැන කිව්ව ඒත් ඒක සත්තුන්ට ටිකක් වේදනාකාරී එකක් ඒ නිසා මෙන්න මේ ක්‍රමය හොඳද කියල බලන්න කෝ... මේකෙන් වඳුරන් විතරක් නෙවෙයි රිලවුන් වුණත් මට්ටු කරන්න පුළුවන්.එකෙක් මුලින්ම අල්ල ගන්න ඕන ලේසි ක්‍රමයක් තියෙනව හැබැයි ඒකට නිදි පෙති දෙක තුනක් හොයාගන්න ඕන... නිදි පෙති කුඩු කරල කුඩු ස්වල්පයක් අරගෙන වම්බටු ගෙඩියක මැදින් කැපුමක් කරල අර කුඩු ටික ඇතුලට දාන්න ඕන .. දාලා ඒ වම්බට්ට වඳුරන්ට පෙනෙන සේ වහලයක් හෝ ගසක් මත තියන්න ඕන 


උන් ඇවිල්ල ඒක කාලා සැප සේ නින්දට වැටෙනව..ඒ අතර තුර උන්ගෙන් එකෙක් අල්ලගන්න පුළුවන්... අල්ලගෙන මූ නැගිටින්න කලින් පාට පාට තීන්ත ගෙනල්ල උන්ගෙ ඇඟ හා මූහුණ ලස්සනට පාට කරන්න (සත්ව අවිහිංසාව උදෙසා පණිවිඩය-ස්ථිරව ගෑවෙන හෝ ලැකර් වැනි සැර තින්ත බාවිතයෙන් වළකින්න)
ඒ වගේම බෙලෙක් පියන් එකට අමුණා සකසා ගත් ගෙජ්ජි වැලක් ද වඳුරාගේ ඉනේ ගැටගසන්න (සත්ව අවිංන්සාව උදෙසා පණිවිඩය- ටික දිනකින් ගලවා ගැනීමට හැකි පරිදි කෙසෙල් පට්ට වලින් හො සියුම් වැල් පොටකින් පමණක් ගෙජ්ජි බැඳීම කළයුතුය) අවසන නැවතත් සිහිය ආ පසු වහාම ඌ නිදහස් කරන්න.. 

නිදහස් කරපු ගමන් මූ යන්නෙ රැලේ එවුන් හොයාගෙන උන්ගෙ පස්සෙන්... රැලේ එවුන්  මූ අමුතු සතෙක්  කියල බය වෙනව තවත් සමහරු මුට ලෙඩක් හැදිල කියල හිතනව තවත් සමහරු මූ පිස්සෙක් කියල හිතනව   (හරියට ටැටූ ගහගෙන කොණ්ඩ පාට කරල අනම් මනං එල්ලගෙන ඉන්න කෙල්ලො/කොල්ලො දැක්කම අපට හිතෙන දේවල් වගේ) අකුරැස්ස/තංගල්ල ප්‍රාදේශිය සභාවෙ සභාපතිල වගේ පේනව එහෙම හිතල මූ ට බයේ හැමෝම දුවනවා මූ උන්ගෙ පස්සෙන් යනව රැල තවත් ඈතටම දුවනව හැබැයි ඒ සෙට් එක ආපහු කාලෙකට පත්තු පළාතෙ එන්නෙ නෑ...



4 comments :

  1. Mara kramane hoyaganne.nidipethi vadiunoth vandura mala. Ane pin....

    ReplyDelete
  2. අයියෝ.......................

    ReplyDelete
  3. හ්ම් හ්ම්.. මේවා ඉතින් පැරණි ක්‍රම කියා දෙන්න අපිම ඉන්න ඕන...

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...