ඔන්න මේක එක්තරා ටියුෂන් ක්ලාස් එකක වුණ සිදුවීමක් ඉංග්‍රීසි භාෂා ඉගැන්වුම් උපකාරක පන්තියක මැරෑටි ඇට්ටර කොල්ලො ටිකක් හිටියා පස්සෙ පේලියේ ඉඳන් පිස්සු කෙළින සෙට් එකක්.. හැබැයි ටිකදවසක් යද්දි එන්න එන්නම මුන් ටික පිස්සු නටනව වැඩියි කියල ඉංග්‍රීසි ගුරුවරයට තේරුණා ඔහුටත් මේ සෙටි එක ටිකක් පාලනය කරගන්න බැරුවයි හිටියෙ ඒත් ඔවුන් පන්තියෙන් එළෙව්වොත් සර්ට වෙන්නෙ පාඩුවක් ඒ නිසා මේකට හොඳ විසඳුමක් කල්පනා කළා සර්ටත් වාසි වෙනවිදියෙ හොඳ අදහස් පහළ වුණා.. සර් ඊළඟ දවසෙ මෙන්න මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා
Sunday, September 2, 2012
Sunday, August 26, 2012
ඔබේ වියණුව/වෙබ් අඩවිය කොතරම් වේගවත් ද? දැනගන්න....
ඔබේ වියණුව (බ්ලොගය) හෝ වෙබ් අඩවිය කොපමණ වේගවත් දැයි දැන ගැනීමට ගූගල් වේග පරික්ෂණය භාවිතා කරළ හැකියි කරන්න තියෙන්නෙ ගූගල් වේගපරික්ෂණ අඩවියට ගිහින් ඔබේ වෙබ් ලිපිනය එහි ලබා දීමයි එවිට ඒ සදහා යම් ලකුණු ප්‍රමාණයක් හිමිවේ මෙහිදී ඉතාම හොඳ වේගයකින් අන්අයට නැරඹීමට හැකි එකක් නම් එහි අගය අවම වශයෙන් ලකුණු 90 ඉක්මවා තිබිය යුතුය හොඳ වේගයක් තිබේනම් එහි අගය 80 ඉක්මවා තිබිය යුතුය සාමාන්‍ය වේගයක් නම් එහි අගය 75 ට වඩා වැඩි විය යුතුය 75 ට වඩා අඩු නම් ඔබේ අඩවිය ගැන නැවත සොයා බැලීම වැදගත් වේ එහි ඇති යම් යම් දුර්වල කම් මඟහරවා ගැනීම තුලින් එය යථා තත්වයට පත් කළ හැක එසේම දුර්වල කම් පිළිබඳ උපදෙස් මාලාවක් ද එම අඩවිය මඟින් ලබා දේ
වේගය මනින්න මෙතනින් යන්න- Google Website Speed Test
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Saturday, August 25, 2012
"පස් කමින්...."
ශ්‍රී ලංකාවට අභිමානය ගෙනආ එක්තරා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු පසුගිය දිනක විදේශ රටකදී ක්‍රිකට් විස්තර විචාරය කරන අතරතුර "පස් කමින්" ලෙස වචනයක් භාවිතා කර තිබුණා අසන්නට ඇති බොහෝ දෙනෙකුගේ මතය වූයේ ඔහුට අදාල ඉංග්‍රීසි වචනය අමතක වුණ නිසා එසේ සිංහල වචනයක් ඒ සඳහා එක්කළ බවයි ඒත් තවත් සමහරුන්ගේ අදහස වූයේ එය ශ්‍රී ලංකා අභිමානය එක් කිරීම සඳහා එසේ නැත්නම් Sri lankan Colors සඳහා සිංහල වචනය එක් කළ බවයි එහෙත් එහි සත්‍ය සිදුවීම ඒ කිසිදු එකක් නොවේ. සිදුවුනේ මෙන්න මේ දේ..
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Thursday, August 23, 2012
ලෝකයේ මිල අධිකම කක්කුස්සි...
උදේ පාන්දර අහවල් ස්ථානයකදි තමයි මට මේ ගැන හොයන්න හිතුණෙ හෙව්ව වගේම හම්බ වුණා ලෝකයේ මිල අධිකම වැසිකිලි පෙට්ටිය...මේක කැරට් 24 තනි රත්තරන් සහ දියමන්ති වලින් තමයි හදල තියෙන්නෙ ජපානයේ 2002 වර්ෂයේදී නිමවුණ මෙකෙ වටිනාකම ඇරිකානු ඩොලර් $720,000 ලංකා මුදලින් බැලුවොත් කෝටි 9.5 අපිට නම් මේව අරගෙන අහවල්වැඩේ කරන්න හිතෙන්නෙ නෑ මේකෙ යන්තම් පස්සපැත්ත තියාගෙන හිටියත් ඇති කියල හිතෙනව....බලන්න පහල තියෙන ඡායාරූපය
ප්‍රභේදය-
අලුත් වන ලෝකය
පෙරේරා මුදලාලිගෙ අවතාරේ......
මේක මීට වසර ගනනාවකට පෙර සිදුවුණ සත්‍ය සිදුවීමක්..බදුල්ලෙ සංගීත සංදර්ශනයක් එහෙම තිබුණම ඒක බලන්න හාලි ඇල ඉඳන් කොල්ලො කුරුට්ටො පයින්ම තමයි යන්නෙ ඒ වගේම එන්නෙත් පයින් දුර කිලෝමීටර් තුනක් තුන හමාරක් විතර තියෙනව ඒත් ගානක් නෑ කට්ටිය මඟ දිගට තියෙන කොකෝව ටික කුරුම්බ තැඹිලි සුද්ධ කරගෙන තමයි ඉතින් යන්නෙ ඒ වගේම පාර අයිනෙ තියෙන ගෙවල් වලට තට්ටු කරල ලයිට් දාපු ගමන් කොල්ලො කට්ටිය දුවන්නෙ හිට ගෙන ඒව තමයි උන්ගෙ ආතල් වැඩ... එකෙක් චූ කරාම සෙට් එකම එතන චූ කරන්නෙ හරියට සමඟිය බලය වේ කියන පණිවිඩය කියා පාන්න වගේ..
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
හොල්මන්
Wednesday, August 22, 2012
වර්ගපූර්ණිකාවේ බොරුවක් "මනුස්සකම" හෙළිකරයි...
වර්ගපූර්ණිකාව කියන්නෙ ළඟදි ජනප්‍රිය වුණ වියණුවක් ඒත් මෙහි පළකරන සමහර පට්ටපල් බොරු අතටම අහුවුණාම නොකියම බෑ ඉතින් ඒ නිසා කියන්න හිතුණ
NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.
කියල තිබුණ ලිපියෙ මෙන්න මෙහෙම රූපයක් දාල තිබුණ මතකද?
ඒකෙ කියල තිබුණෙ මේ පෙනෙන්නේ රාවණා රජුගෙ සඳ මත ඇති නාසා මධ්‍යස්ථායක් බවයි ඒත් මේ කථාව පට්ටපල් බොරුවක් කියල මනුස්සකම හොයාගත්ත .... බලන්න පහල තියෙන පින්තූරය
මෙය 2011 දෙසැම්බර් මස ඇමරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද කසිනි නම් අභ්‍යාවකාශ යානය විසින් ලබා ගත් සමීප ඡායාරූපයකි එමඟින් තහවුරු වන්නෙ යම් ස්ථම්භයක් හෝ ගේඩනැගිල්ලක් නොවන බවත් මෙහි ඈතට සිලින්ඩරාකාර හැඩයකින් දර්ශනය වන්නෙ තවත් චන්ද්‍රයකු බවත් මෙම දන්ද්‍රයා සෙනසුරු ග්‍රහයාට අයත් වන බවයි නාසා ආයතනය පවසන්නෙ
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Tuesday, August 21, 2012
කොටි ස්නයිපර් කාරයාගේ වැරදුන කුරුමානම...
කොක්අඩිචෝලෙ කිව්වම ඉතින් කොටි කලබල බහුලවම තිබුණ පළාතක් මේක එහේ තිබුණ පොඩි ආමි කෑම්ප් එකක වුණ සිදුවීමක් ඒ ආමි කෑම්ප් එක භාරව හිටියෙ කැප්ටන් කුරුප්පුආරච්චි කියල කෙනෙක් ඔන්න දවසක් කෑම් එක පිරික්ෂා කරන්න බ්‍රිගේඩියර් පාලිත සේරම් එනව කියල කැප්ටන්ට දැනගන්න ලැබුණ කැප්ටන් ආමි කෑම්ප් එක නිසිලෙස තිබේ දැයි පරික්ෂා කළා එහෙම කරල බ්‍රිගේඩියටර් එන්න දවසකුත් යැව්වා ඒ අනුව බ්‍රිගේඩියර් ඇතුලු තවත් නිළධාරීන් කිහිපදෙනෙක් ඒ නියමිත දිනට කෑම්ප් එකට ආව කෑම්ප් එකට ඇවිල්ල බ්‍රිගේඩිය එහි ආරක්ෂක තත්වය ගැන කැප්ටන්ගෙන් ඇහුව කිසිම ප්‍රශ්නයක් නැති බව තමයි කැප්ටන් කිව්වෙ බ්‍රිගේඩියර් සාමාන්‍ය සෙබලෙක්ගෙන් ආරක්ෂක තත්වය ගැන ඇහුවමත් කිව්වෙ වටේම ක්ලියර් සර් ...කියල
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Sunday, August 19, 2012
පරිගණකයේ පාස්වර්ඩ් එක හැක් කරමු!
Software භාවිතා නොකර Administrator Password ඉවත් කරන ආකාරයක් ගැනයි කියන්න යන්නෙ හරිම ලේසියි කරන්න තියෙන්නෙ හාර්ඩ් ඩිස්ක් එක ගලවලා වෙන පරිගණකයකට සම්බන්ද කරන්න Slave ආකාරයට පරිගණකය ක්‍රියාත්මක කරල අදාල Hard Disk එකේ Windows දාපු Partition එකේ C:\WINDOWS\system32\config එක ඇතුලෙ තියෙන
SAM.exe සහ SAM.log කියන ෆයිල් Delete කරන්න ඊට පස්සෙ ඒ Hard Disk එක පරිගණකයට සම්බන්ධ කරල බැලුවොත් පාස්වර්ඩ් ඉවත් වෙලා තියේවී තවත් ඒ වගේ පරිගණකයක් සොයාගන්න බැරි අවස්ථාවලදිත් කරන්න පිළියමක් තියෙනව ඒ තමයි පරිගණකය DOS Mode එකේ Boot කරගෙන DOS Command මඟින් SAM.exe සහ SAM.log යන ෆයිල් Delete කර දැමීම...මේව හැක් නෙවෙයි සරල උපක්‍රම ලොකුවට පාස්වර්ඩ් දැම්මට ඒව ඉවත් කරන එක හරිම සරලයි නේ
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Saturday, August 18, 2012
ඔබේ වෙබ්/බ්ලොග් අඩවිය ආරක්ෂාකාරීද? සහතිකයක් මෙන්න...
ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ වෛරස් හෝ පරිගණක වලට අහිතකර වැඩසටහනක් ඇතුලත් වී නොමැති බවට තහවුරු කරන සහතිකයක් Webantivirus වෙතින් නොමිලේ ලබා ගැනීමට හැකියාවක් ඇත ඒ සඳහා කල යුත්තේ එම වෙබ් අඩවියට ගොස් එහි ඔබගේ වෙබ් ලිපිනය ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබා දෙන HTML Code එක කැමති ස්ථානයකට ඇතුලත් කිරීමයි එහිදී දිස්වන කුඩා පිංතූරය ක්ලික් කිරීම මඟින් එය ආරක්ෂාකාරී අඩවියක් බව එය පරිශීලනය කරන්නාට දැනගත හැකි වෙයි යම් හෙයකින් ඔබේ අඩවිය තුල යම් කිසි වෛරසයක් ඇතුලත් නම් ඒබව අනතුරු ඇඟවීමක් සිදුකරනු ලබයි.
ලියාපදිංචි වීම සඳහා- Click Here
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Friday, August 17, 2012
ඔෆිස් මාමල නැන්දලගෙ ඇත්තම කථාව....(සියලුම ලොක්කන් අනිවාර්යයෙන් කියවන්න)
ඔන්න දුවේ පුතේ එකෝමත් එක රටක හිටියා පොහොසත් සිංහයෙක් මේ සිංහයට තිබුණ කොම්පැනියක් එකේ ඉතාම කඩිසර කූඹියෙක් වැඩ කළා මේ කූඹියා හරිම දක්ෂයි ඉතාම වෙහෙස මහන්සි වෙලා කඩිසරව වැඩ කරල ඒ ආයතනයේ ඉතාම හොඳ ප්‍රතිඵලත් පෙන්නුව ඒ වගේම එයා එතන වැඩකලේ හරිම සතුටින් ඒ වගේම නිදහසෙන්....හැම තිස්සෙම සිනහවෙන් . ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිල ගියා දවසක් සිංහයාට හිතුණ කූඹියා කිසිම අධික්ෂණයක් නැතුව වැඩකරල මේ විදියට ප්‍රතිඵල පෙන්වනවනම් යම් අධීක්ෂණයකින් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියල.එහෙම හිතල මෙයා හොඳට ගිණුම් වාර්ථා හදන්න පුළුවන් අකුරට වැඩකරන කැරපොත්තෙක් තමයි මේ වැඩේට තෝරගත්තෙ (Accountant) ඒ වගේම කැරපොත්තට හොඳ වැටුපකුත් ලැබුණ වාහනයකුත් ලැබුණ.
කැරපොත්තා ආපු ගමන් පැමිණිමේ ලේඛණයක් දැම්මා ටික දවසකින් ඇඟිලි සලකුණු යන්ත්‍රයකුත් ගත්ත (fingerprint Scanner) ඒ වගේම නීති මාලාවකුත් දැම්ම එස් පහ (S5) කියන එකත් හදුන්වා දුන්නා ඒ වගේම සහයිකාවක් විදියට ලස්සන මකුළුවෙකුත් ගත්ත (Account Assistant) දුරකථන ඇමතුම් ගන්න සහ වාර්ථා හදන්න. වැඩ පහසු කරගන්න වාර්ථා හදන්න ඕන නිසා පරිගණකකුත් මිලට ගත්ත. ඒක ක්‍රියා කරවන්න දත්ත ඇතුලත් කරන්න මැස්සෙකුත් වැඩට ගත්ත (Computer Operator) ඇත්තටම කැරපොත්තාගෙ වැඩ ගැන සිංහයා හොඳටම පැහැදිලා හිටියේ මේ අතරෙ අංශ ප්‍රධානියෙක් තෝරන්න සිංහයා හිතුවා ඒ වැඩේ බාර දුන්නෙ කුරුමිණියෙකුට (Manager) එයා ආපු ගමන් වායු සමනය කළ කාමරයක්, සුවපහසු පුටුවක් ලබා ගත්ත ඒ වගේම ලැප්ටොප් එකක් සහ තවත් බොහෝ දේ මිලට ගත්ත ඒ වගේම කුරුමිණියා සහායිකාවක් විදියට මදුරුවෙකුත් වැඩට ගත්ත (Assistant manager)
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
,
සමාජීය-පොදු
Subscribe to:
Comments
(
Atom
)


















