Ads 468x60px

Saturday, August 25, 2012

"පස් කමින්...."

ශ්‍රී ලංකාවට අභිමානය ගෙනආ එක්තරා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු පසුගිය දිනක විදේශ රටකදී ක්‍රිකට් විස්තර විචාරය කරන අතරතුර "පස් කමින්" ලෙස වචනයක් භාවිතා කර තිබුණා අසන්නට ඇති බොහෝ දෙනෙකුගේ මතය වූයේ ඔහුට අදාල ඉංග්‍රීසි වචනය අමතක වුණ නිසා එසේ සිංහල වචනයක් ඒ සඳහා එක්කළ බවයි ඒත් තවත් සමහරුන්ගේ අදහස වූයේ එය ශ්‍රී ලංකා අභිමානය එක් කිරීම සඳහා එසේ නැත්නම් Sri lankan Colors සඳහා සිංහල වචනය එක් කළ බවයි එහෙත් එහි සත්‍ය සිදුවීම ඒ කිසිදු එකක් නොවේ. සිදුවුනේ මෙන්න මේ දේ..


එම ක්‍රිකට් ක්‍රීඩකයා විස්තර විචාරයට පැමිණීමට මොහොතකට පෙර එරට සිටින ශ්‍රී ලාංකිකයකු හමුවී ඇත ඔහු එම ක්‍රීඩකයා සමඟ ඔහු මේ ආකාරයේ සංවාදයකට වැටිල තියෙනව

හෙලෝ...සනා කොහොමද ලංකාවේ තොරතුරු
වරදක් නෑ වෙනද වගේම තමයි

යුද්ධයත් නැති නිසා ආර්ථික තත්වය එහෙම දැන් හොඳ ඇති නේද?
ම් ම්..... වැඩක් නෑ කියල ආර්ථික තත්වය නම් හොඳටම පිරිහිලා

ඒ මොකද දැන් යුද්ධයකුත් නෑ නේ යුද්ධයට ගිය වියදම් එහෙමත් දැන් ඇත්තෙම නැති ගානනේ ඒ සහන මිනිස්සුන්ට හම්බ වුණේ නැද්ද?
මොන.. ඒ සහන හම්බ වුණේ ඇමතිවරුන්ටයි මංත්‍රී වරුන්ටයි දේශපාලන හෙන්චයියලාටයි...විතරයි අපිටනම් ඉතින් එළ කිරි ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට නම් හරියට කන්න බොන්න වත් නැතුව "පස් කමින් " ජීවත් වෙනවට ජීවත් වෙනව අපේ සහෝදර ඇමතිවරු නොමැරී ජීවත් වෙන හැටිත් කියල දෙනව නේ?

ආ ඒකත් එහෙමද? එහෙනම් ගැඩවිල්ලු වගේ අපේ මිනිස්සුන්ටත් පස් කන්න වෙලා නේද?
ඔවු සංවර්ධනය නම් වෙනව ඒත් ආර්ථිකය පිරිහිලා...

එහෙනම් සනා මම යනව මට පොඩි වැඩ වගයක් තියෙනව "සුභ අනාගතයක්..."
 එසේම වේවා පස්සෙ හමුවෙමු .

මෙන්න මේ සංවාදයෙන් පස්සෙ තමයි ඒම ක්‍රීඩකයා විස්තර විචාරයට ගිහින් තියෙන්නෙ ඒ අතරෙ බෝලය දඟ කැවෙන විට පස් ටිකක් ඇවිස්සෙනවා දුටු ක්‍රීඩකයාට එකවරම තමා මීට පෙර කී කථාව මතක් වී පස් කමින් යයි කියවිණි එවිට වාසනාවට මෙන් එකවරම එම වචනය ෂේප් කරන්නට මෙන් පස් කමින් අවුට් යැයි වෙනතකට යොමු කරවීමට සමත් විය එසේ නැත්නම් ඔහුට කියවෙන්නට තිබූ වාක්‍ය මෙසේ විය හැකිය "පස් කමින් තමයි අපේ රටේ මිනිස්සු මේ දවස්වල ජිවත් වෙන්නෙ" එසේ කියවුණා නම් මුළු ලෝක ප්‍රජාවම අපේ රටේ නියම තත්වය තේරුම ගැනීමට පවා ඉඩ තිබුණ....

අදාලා වීඩියොව පහතින් නරබන්න-


2 comments :

  1. ඒ චැනල් වල උන්ටත් පිස්සු, ඕන තරම් ක්‍රිකට් විචාරකයෝ ඉන්දෙද්දි. මේ ගොත ගහන එකෙක් දාගෙන මිනිස්සු හිනස්සවන්නේ. නමුත් ඉංග්‍රිසීයෙන් අධ්‍යාපනයක් නොලද ගමෙන් බිහිවු අය හැටියට ඔය කතාකරන ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...