Ads 468x60px

Wednesday, March 17, 2010

SMS අවදානම්!

කොට්ටෝරුවා හැම ගහටම කොට කොට ගොසින් ගෙසෙල් ගහට කොටපු දවසට හොට පැටලෙනවලු.අපේ තරුණ කෙල්ලො කොල්ලො මේ බව හොඳට දන්නව මම හිතන්නෙ ! කොහොම වුණත් මම කියන කථාව නම් ගොඩක් අයට අසුභදායක වෙන්න පුළුවන්....

අපේ කාලෙ නම් කෙල්ලට හරි කොල්ලට හරි පණිවිඩයක් දෙන්න අපමණ වෙහෙසක් දරන්න ඕන. අතර මැදියන්ටත් සම්තින් එකක් දෙන්න වෙනව ඒත් දැන් හැමෝගෙම අතේ ෆෝන්,එස් එම් එස් වලින් පණිවිඩ දෙන්න පුළුවන් කොච්චර පහසුද? පහසු තමයි මේ එස් එම් එස් වල අවදානම ගැන දන්නව නම්!......

ඉස්සරනම් එස් එම් එස් වලින් යවපුව උසාවියක් වත් පිළිගන්නෙ නෑ ඒත් දැන් මේ එස් එම් එස් නීති ගත කරගෙන යන බව ආරංචියි ලඟදිම අපට නිල වශයෙන් දැන ගන්න ලැබේවි දැනටමත් ජනමාධ්‍ය වලත් මේ පිළිබඳ සටහන් පලවෙලා තියනව "මම ඔයාව බඳින්න පොරොන්දු වෙනව" කියල යැව්වොත් ඉතින් ‍බෙරේ බැඳගත්ත කියල හිතා ගන්න.....වැරදිලා වත් එහෙම දෙයක් කියන්න එපා ඕන නම් මෙහෙම කියන්න "ඔයා මම කියන විදියට හොඳන් හිටියොත් විතරක් මම ඔයාව බඳින්න පොරොන්දු වෙනව" කියල එතකොට පොඩ්ඩක් ෂේප් වෙන්න පුළුවන්! එහෙමත් නැත්නම් E-mail to SMS තමා හොඳම ක්‍රමය. 

12 comments :

  1. බුදු අම්මෝ මං ඉවරෝ..............

    ReplyDelete
  2. "අපේ කාලෙ නම් කෙල්ලට හරි කොල්ලට හරි පණිවිඩයක් දෙන්න අපමණ වෙහෙසක් දරන්න ඕන."

    රස කතාවක් හැංගිලා තියෙනවා වගේ බැරිද කියන්න. සපෝටර්ල හොයපු හැටි ලියුං යවපු හැටි. හැංගි හැංගි ආදරේ කරපු හැටි ‍එහෙම එස්එම්එස් කාරයින්ට දැගනන්නත් එක්කල

    ReplyDelete
  3. මාර කේස් එක නේද වෙන්න යන්නෙ. අපි නම් බේරුණා.

    ReplyDelete
  4. යස වැෙඩ්

    ReplyDelete
  5. සමහර කෙල්ලොන්ගෙ.. කොල්ලො මට කුණුහරුපෙන් බැනල එවපු S.M.S. මම තියාගෙනයි ඉන්නෙ. දැන් එහෙනම් ඒවට විරුද්ධව නඩු දාන්න පුලුවන් වේවි.. අනේ හොඳයි...

    ReplyDelete
  6. ``` Outsider``` said...
    මාර කේස් එක නේද වෙන්න යන්නෙ. අපි නම් බේරුණා.
    /

    හොද වෙලාවට එහෙම මැසේජ් යවල නැත්තෙ නේද?

    ReplyDelete
  7. @kumaraya puluwan puluwan matath oya wage case 4k 5k ma thiyanawa

    ReplyDelete
  8. free sms yawanna ela site ekak registar wenna ona weda karanne firfox wala witari - sscnetwork.ning.com

    ReplyDelete
  9. suntel wow ake account akak hada ganna...

    ReplyDelete
  10. අසැබි වදන් SMS කල වරදට ඩුබායි වල ඉන්දියානු ජාතිකයෙකුට ඊයේ මාස තුනක හිරදඬුවමක් ලැබිලා තියනවා....
    http://news.bbc.co.uk/2/hi/middle_east/8573565.stm

    ReplyDelete
  11. ආ... මරු නේ? දැන් ඉතින් හැමෝම පරිස්සම් වුනොත් හොඳයි!...හැබැයි යවපු මැසේජ් අපිට මකන්න පුළුවන් අපේ ෆෝන් එකෙන් විතරයි එයාගේ ෆෝන් එකේ බඩු තියනව..මම මේ බය කරන්න කියනව නෙවෙයි!

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...