Ads 468x60px

Thursday, March 25, 2010

ඕවට කවුද භය?

මනුස්සකම අඩවිය මේ දවස්වල කථා කරන්නෙ අමනුස්සකම ගැන එනම් භය/හොල්මන්/අවතාර  ගැන, ගොඩක් දෙනෙක් නම් මේවා බොරු මතයැයි තරයේ කියා සිටියි නමුත් සමහරුන් මේවා කෙලින්ම ප්‍රතික්ෂේප කරන්නේ නැත එහි යම් සත්‍යයක් ඇතැයි පවසයි .සමහරුන් ස්ථිර වශයෙන් හොල්මන්/අවතාර කියා දෙයක් ඇති බව පවසයි.ගංඟා, ඇල ,දොල, ගස් ,වැල් ,ඉබේ හටගන්නා ජීවීන් ,ස්වභාව විපර්යාශ ඇති මේ ලෝකයේ යම් අද්භුත තත්වයන් නැතැයි එක එල්ලයේ ඉවත දැමිය හැකිද? ජන ප්‍රවාදයේ යම් දෙයක් පැවතෙන්නේද එහි යම් තරමක හෝ සත්‍යයක් තිබිය යුතුය.එසේ නොමැතිව ඕපපාතිකව යම් අදහසක් ඇතිවිය හැකි දැයි ප්‍රශ්නයකි "ගින්නක් නැතුව දුමක් නඟින්නෙ නෑ " යන්න අපේ අය නිතර කියන කථාවකි.


බෝහෝ පිරිමින් හොල්මන් කියා දෙයක් නැති බවත් ඕවාට අපි බිය නැති බවත් පවසති තම පිරිමි කමට පුරුෂ කමට ඒ තුලින් හානියක් වේ යැයි සිතා සමහරුන් මෙවන් ප්‍රකාශ නිකුත් කරති හොල්මන් කියා දෙයක් නැති වෙන්නට පුළුවන නමුත් ජනප්‍රවාදය හා නොයෙකුත් මති මතාන්තර නිසා අප සිතේ මෙම හොල්මන් වලට යම් බියක් මතුවන බව අපි පිළිගත යුතුය. මීට පෙර හොල්මන් ගැන අදහස් දැක්වූ ලංකාවේ මහාචාර්ය වරයකු පුවත් පතකට ලිපියක් පල කරමින් කියා සිටියේ හොල්මන් කියා දෙයක් නැති බවත් හොල්මන් යනු හෙලවෙන මනස බවත්ය මනසෙහි ඇති වන කැළඹිම් ආශ්‍රයෙන් ගොඩනැගෙන චිත්ත රූපයන් සැබෑ තත්වයන් සේ දැකීමක් ලෙසයි නමුත් ඔහු සමග සාකඡ්චා කළ මාධ්‍ය වේදියා අසා සිටියේ අමු සොහොනක රැය පහන් කිරීමට ඔබට හැකිද යන්නයි ? නමුත් මහාචාර්ය වරයාගේ පිළිතුර වූයේ ඒය අපහසු කාර්යයක් බවත් යම් ආයුධයක් අත ඇත්නම් තමාට ඒ අභියොගය බාරගත හැකි බවයි.මෙම කථාවෙන් අදහස් කරන්නේ මෙම හොල්මන් හා අවතාර ප්‍රතික්ෂේප කරමින් කථා කරන පුද්ගලයන් වුවත් යම් තැති ගැනීමක් මෙම විෂය කෙරෙහි ඇති බව නොවෙද?

ඕනෑම පුද්ගලයෙකුට පාළුව පිරී ස්ථානයකදී හෝ හොල්මන් /අවතාර ඇතැයි ප්‍රසිද්ධ වී ඇති ස්ථාන අසලදී යම් මානසික ආතතියකට ලක්වීමට හැකියාව ඇති බවත් පිරිමින් ගෙන් 5% තරම් වූ ප්‍රතිශතයකට පමණක් ම මානසික ආතතිය සම්පූර්ණයෙන් පාලනය කරගැනීමට හැකියාව ඇති අතර 40% පිරිසකට යම් තරමට හෝ මෙම මානසික ආතතිය පාලනය කරගැනීමක් කළ හැකි අතර අනෙකුත් දෙනා එම ස්ථානයන් වලදී තම හිත දැඩිසේ බියට පත්කරවා ගන්නා බවද ඇමරිකානු විශ්වවිද්‍යාලක් මඟින් කල පරික්ශණයකදී හෙලිවී ඇත.එහි දී හෙලිවූ කරුණු අනුව 100% දෙනා අනිවාර්යයයෙන් යම් තැති ගැනීමක් හෝ සිදුවන බව ඉන් පැහැදිලි වේ, ඒය හිත ශක්තිමත් අය පාලනව කර ගනිති.නමුත් කාන්තාවන් යොදා කළ පරික්ෂණ වලදී හෙලිවු කරණු අනුව කිසිම කාන්තාවකට සම්පුර්ණයෙන් එම ආතතිය පාලනය කිරීමට නොහැකි බවත් 3% දෙනාට පමණක් යම් දුරකට ඒම ආතතිය පාලනය කරගත හැකි බව දක්වා ඇත.කෙසේ හෝ මනස මේ තුලින් දැඩි කම්පනයකට ලක්වුවහොත් එය පසුකාලීනව මානසික රෝග දක්වා දුරදිග යාහැකි බවටද ඔවුන් අනතුරු හගවයි.

ඇමරිකාව කියන නිසා නොව අප වුනත් නිවැරදිව සිතා බැලුවහොත් සත්‍යය එයයි.කෙසේ නමුත් මෙම කරුණු සලකා බලා යම් අභියොගයක් බාරගන්නා විට දෙවරක් සිතා බැලිය යුතු බව මගේ මතයයි.තම මනස දැඩි පීඩනයන්ගෙන් ආරක්ෂා කරගැනීම තම යුතුකමයි කෙතරම් හිත ශක්තිමත් වූවත් යම් අවස්ථාවලදී එම ශක්තිමත් හිත දුර්වල වීමට හැකියාව ඇතිබව ඔබ මතක තබා ගතයුතුය.ආදරය අභියසදී හිත දුර්වල වනවා සේම......

9 comments :

  1. මමනම් බයයි. නෑ කියන්න තරම් සාධක නැති නිසා මේ දේවල් ඇති කියල මට දැනෙන නිසා.
    හැබැයි මිනිස්සුන්ට වඩානම් හොල්මන් අවතාර අහිංසක ඇති.

    ReplyDelete
  2. 'මෙම කථාවෙන් අදහස් කරන්නේ මෙම හොල්මන් හා අවතාර ප්‍රතික්ෂේප කරමින් කථා කරන පුද්ගලයන් වුවත් යම් තැති ගැනීමක් මෙම විෂය කෙරෙහි ඇති බව නොවෙද?' - No. The answer to your question is the paragraph right after that. The prof says that there is no such thing as ghosts that it is all in the head. That doesnt mean he can control his own mind.

    ReplyDelete
  3. @ ``` Outsider```

    උඹ මචන් ඇත්තම කිව්ව එක ගැන සතුටුයි.

    ReplyDelete
  4. මමනම් මේව විශ්වාස කරන්නෙ නැහැ. මේක පිරිමි කම නිසා කියන දෙයක් නෙවෙයි. මම පොඩි කාලෙ ඉදලම හැදුන පරිසරයේ මේ කිසිම දෙයක් ගැන ලොකුවට කතා කළේ නැහැ. විශේෂයෙන්ම මගේ පියා මේ දේවල් විශ්වාස නොකළ නිසා කිසිම කෙනෙකුම මේ වගේ දේවල් මගෙත් මල්ලිගෙත් මනසට ඇතුල් කරන්න දුන්නෙ නැහැ. මගේ තාත්තා තනිකරම භෞතිකවාදියෙක් සහ පූර්ණ කොමියුනිස්ට් වාදියෙක් නිසා (ජවිපෙ හෝ ලංකාවෙ බංකොලොත් වමේ කොමියුනිස්ට්වාදියෙක් නොවේ) ආගම් ආදිය ගැනත් විශ්වාසයක් තිබුනේ නැහැ. ඉතින් ලොකු වෙනකොට අපි හැදුනේ මේ පරිසරයේ නිසා කිසිම දවසක මටත් මල්ලිටත් හොල්මන් අවතාර, කරුවල හෝ වෙනත් එවැනි දේ ගැන ඒ තරම්ම හැගීමක තිබුනේ නැහැ.

    අදටත් අපි දෙන්නාම කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනැම රාත්‍රියක, ඕනෑම වෙලාවක තනියම ඉන්නවත් කොහෙ හරි යන්නවත් බය නැහැ.

    අපේ ගෙදර ඉදලා මීටර් 50 ක දුරින් තමයි ගමේ කනත්ත තියෙන්නෙත්. මේක සාමාන්‍ය ප්‍රමාණයේ එකක් නෙවෙයි, නුවර මහයියාව කනත්ත ලගට නුවර තියෙන ලොකුම එක. මේ පැත්තේ ගොඩක් අය බයයි කනත්තට යන්න. අපිට මේ වෙලාවකට වාසියක්. රෑකට පොඩි ඩ්‍රින්ක් එකක් දාල ඉන්න වෙලාවට වගේ දුමක් ගහන්න වුනොත් අනිවාර්්‍යයෙන්ම අපි යන්නෙ කනත්තෙ තියෙන සොහොන් ගෙට. සමහර වෙලාවට මහ රෑ 11 හෝ 12 විතර. මටනම් කිසිම දවසක බයක් දැනිලා නැහැ, හැබැයි සර්පයින් ගැන නම් පොඩි බයක් තියෙනවා. මොකද දවසක් මට නයෙක් දෂ්ඨ කරන්න ගිහිල්ලා‍ අනූ නවයෙන් බේරුනා කනත්තෙදි.

    කවුරු මොන දේ කිව්වත් කමන්ට තමන් විශ්වාස නම් කිසිම දේකට බය නොවී ඉන්න පුලුවන් කියන එකයි මගේ විහ්වාසය.

    ReplyDelete
  5. @ KAS------

    එහෙම කොල්ලො එක්ක කනත්තට යන එක සාමාන්‍ය දෙයක් කොහොමත් තව කෙනෙක් ඉන්නව නම් කොහොමත් අවුලක් නෑ ඒත් හුදෙකලා පරිසරයක තනි වුණොත් ඔයා යම් හරි මානසික පීඩනයකට ලක් වෙන්නෙ නැද්ද හුදකලා පරිසරයක් කිවීවෙ කවුරුවත් නැති පාළු තැනක් නෙවෙයි හොල්මන් අවතාර ඇතැයි සැක කෙරෙන හෝ ජනප්‍රවාදයේ එන ස්ථානයක්...අමු සොහොනක් වැනි....එසේ නැති නම් දිනක් පමණ පැරණි මල සිරුරක් සමඟ පාළු අදුරු තැනක රැයක් ගෙවන්නට කිව්වොත්?? යම් හෝ තැති ගැනීමක් ඔබට නොවේද? එම අබියොගයට ඔබ මුහුණ දෙන්නෙ කෙසේද?

    ReplyDelete
  6. @තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි

    මම කිව්ව දේ වැරදියට වටහා ගන්න එපා. මම කනත්තට යනව කිව්වෙ තනියම. මොකද අපේ සෙට් එකේ මමයි මල්ලිය ඇර කවුරුවත් සිගරට් වලට නෑ.

    අනිත් එක තමයි මම ඔය කියන ඒවට වඩා දේවල් කරල තියෙනවා. ඉදිරියේදි මම ඒව එලි කරන්නම් සාක්ෂිත් එක්කම මෙන්න මේ බ්ලොග් එක හරහා
    http://kaushgossip.blogspot.com/

    ReplyDelete
  7. @Kas-
    වෙන්න පුළුවන් එහෙනම් උඹත් අර 5% ට අයිති වෙනව
    සම්පූර්ණයෙන් ඒ ආතතිය පාලනය කරගන්න පුළුවන් අය ඉන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ හැබැයි මම කියන්නෙ වැඩි පිරිස බියට පත් වෙනව කියලයි.

    ReplyDelete
  8. ඔබේ ලිපිය ගැන යම් පැහැදිළි කිරීමක් කරගන්නේ නැතිව ප්‍රතිචාරයක් දැක්වීම අපහසුයි.

    ඔබ මේ ලිපියෙන් උත්සාහ කරන්නේ

    1. හොල්මන් ඇති බව පෙන්වීමටද?
    2. හොල්මන් ඇතැයි මිනිසුන් තුළ තිබෙන බිය නිසා මිනිසුන් මානසිකව කම්පනය වීමකට ලක් වනවා යන්න පෙන්වීමටද?

    ලිපියේ මුල් පරිච්ඡේද කිහිපයේදී ඔබේ අදහස 1 වන අතර අවසානයට එන්නට එය 2 බවට පරිවර්තනය වී තිබේ.

    මම 2 සමග එකඟ අතර 1 සමග එකඟ නොවෙමි.

    ඒ එකඟ නොවන්නේ දෙවියන් හෝ ප්‍රේතයන් ලෙස හඳුන්වන ජීවීන් කොට්ඨාෂ වල පැවැත්ම ගැන නොව - නිසි සාක්‍ෂි නොමැතිව ඒ ගැන ප්‍රකාශ කළ නොහැක. - මිනිසුන් බිය කිරීම ඒකායන අරමුණ කරගත් විනාශකාරී පිරිසකගේ පැවැත්ම මම පිළිනොගනිමි.

    සාහිත්‍යයේද මොවුන් ජීවීන් ලෙස දක්වා නොමැති නමුත් දෙවියන් හා ප්‍රේතයන් මිනිසුන් වැනිම ජීවීන් බව දක්වා ඇත.

    ReplyDelete
  9. මම එක එල්ලයේ හොල්මන් ප්‍රක්ෂේප නොකරන අතර තවමත් නොදුටු බැවින් ස්ථීර වශයෙන් තියනවා යැයි කියන්නේද නැත.මෙම ලිපියෙන් මම පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ හොල්මන් හෝ අවතාර සම්බන්දව මිනිස් සිත ක්‍රියා කරණ ආකාරයේ සත්‍යතාව වටහා දීමටයි.මගේ අදහස හොල්මන් විශ්වාස කරණ හෝ නොකරණ ඕනෑම පුද්ගලයකු හොල්මන් ඇතැයි ප්‍රවාදයේ පවතින ස්ථාන වලදී යම් හෝ තැති ගැන්මකට ලක්වන බවත් නමුත් සීමිත පිරිසකට එම තැති ගැන්ම පාලනය කළ හැකි බවත් අනෙක් පිරිස මානසික කම්පනයකට ලක්වනවා යන්නත් පැහැදිලි කිරීමටය එමෙන් යම් පුද්ගලයෙක් පවසනවානම් එවැනි ස්ථාන වලදී හිත මදක් හෝ තිගැස්මකට භාජනය නොවනවාය කියා එය මා පිළිගන්නේ නැත එහෙත් ඇති වූ භය පාලනය කරමින් හිත කම්පනයට පත් කරගන්නේ නැතැයි කිවහොත් එය පිලිගත හැක.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...