ලංකාවටම ඉන්ටර්නෙට් දෙන පුරෝගාමියා ලෙස ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවන්ට අන්තර්ජාලය තහනම් කර ඇත. මෙම කථාව ඇසූ ඕනෑම කෙනෙක්ට මතක් වෙන්නෙ වඩුවාගෙ ගෙදරත් පුටුවක් නැත යන කථාවයි.එසේ අන්තර්ජාලය තහනමට ලක්වීමට ඇති හේතුව වශයෙන් එහි කළමණාකාරීත්වය දක්වන්නේ ඵලදායී තාවය වැඩි කරණු පිණිස මෙම පියවර ගන්නා ලද බවයි.අන්තර්ජාලය තිබුණහොත් ඵලදායීතාවය නැති වන්නේ කෙසේද? එසේ නම් ටෙලිකොම් කලමණාකාරීත්වයට තම සේවකයන් පිළිබද ඇත්තේ අවිශ්වාසයක්ද? අඩුම තරමින් විකිපීඩියා වෙත ගොස් නොදන්නා කරුණක් වත් දැන ගැනීමට අයිතියක් නැද්ද? තමාගේ විද්‍යුත් තැපෑල පරික්ෂාකිරීමට කැෆේ වලට යෑමට වීම ගැන ඔවුන් ලැජ්ජා වෙති.අපටත් එය විහිළුවක් වැනිය.
167. ප්රසංගයක් ද මේ ජිවිතය?
2 months ago