පුංචිකාලෙ පුංචි ගෑණු ළමයි කැමති බෝනික්කන්ට ඒත් පුංචි පිරිමි ළමයි කැමති යෝධයින්ට...කල් ගතවන විට මේක වෙනස් වෙනව ඒ කියන්නෙ අනිත් පැත්ත පෙරලෙනව ලොකු උණාම ගෑණුලමයි කැමති යෝධයින්ට ඒත් පිරිළමයින් කැමති බෝනික්කන්ට..මේ කථාව සම්පූර්ණ ඇත්ත.මේ නිසාම මට හිතුණ බොළඳ කම පිළීබඳව ටිකක් වැඩිපුර හොයල බලන්න ඒ සඳහා මම යොදාගත්තෙ සිග්මන් ප්‍රොයිඩ් (Sigmund Freud) කියන ප්‍රකට මනෝවිද්‍ය දාර්ශනිකයාගේ පොත් කිහිපයක්.වර්ථමානයේ ආදරය කරන්නට පිවිසි පිරිමි ළමයින් අතුරින් 80% පමණ බොළඳ බවින් පෙළෙනව කියලයි තතු දන්නෝ පවසන්නෙ එයට ප්‍රධාන හේතුව මනුස්ස සිතුම් පැතුම් හරි ආකාරව වටහා නොගැනීමයි.ගැහැණු ළමයකු අභියස බොළඳ වීමෙන් ඇතිවන්නේ එම ගැහැණු ළමයා තුල පිරිමියා යන්න පිළිබඳ තිබූ ආකල්ප (ගෞරවය හා පෞර්ෂ පිළිබද ආකල්ප) පලුදුවීමයි එමෙන් කාන්තාවක් පිරිමියා තුලින් බලාපොරොත්තු වන්නේ මොනවාද?
Wednesday, April 28, 2010
ඉස්තිරික්කය....
අද උදේ කමිසය මදින්න හදන කොට ස්තිරික්කයේ මුහුණත මත යම් තට්ටුවක් බැඳී තිබුණි එසේ වන්නට හේතුව ඇඳුම් මත ඇති ධුවිලි අංශු හා රෙදි වර්ණ කිරීමට යොදාගන්නා රසායනික ද්‍රවයයන් රත්වීම නිසා තටිටුවක් ලෙස ස්තිරික්ක මුහුණත මත බැඳීම විය හැකිය.එසේ තට්ටුවක් බැඳුන හොත් රෙදි මැදීම ඉතා අසීරුය රත් වූ විට ඒම මැලියම් වැනි දව්‍ය අපගේ ඇඳුම් මත තැවරීමටද ඉඩ ඇත. මෙම තට්ටුව ඉවත් කිරීමට ඉතා අපහසුය බොහෝ දෙනෙක් නොදන්නා කමින් යම් උපකරණයන්ගෙන සීරීමට තැත් කරයි එහිදී ස්තිරික්ක මුහුණතට හානී වී රෙදි මදින විට එම රෙදි සීරීමකට ලක්වේ එබැවිණ් මෙම ස්තිරික්කය මත බැදෙන තට්ටුව ඉවත් කිරීමට පහසුම ක්‍රමයක් කියන්නට කැමති ගොඩක් දෙනෙක් අතර බෙහෙවින් ජනප්‍රිය දෙයක්..ස්තිරික්කය රත්වෙන්නට හැර පැනඩෝල් පෙත්තක් ගෙන එය පරෙස්සමින් එම තට්ටුව බැඳී ඇති ස්ථාන මත අතුල්ලන්න එවිට එම තට්ටුව ද්‍රව බවට පත්වනු දැකිය හැක එය වේලෙන්ට ප්‍රථම රෙදි කඩකින් පිසදා හරින්න ලෙහෙසියෙන්ම එම බැඳී ඇති තට්ටුව ඉවත් කරගත හැක.
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ගරු සභාපති තුමණි !
සිංහල බ්ලොග් කලාව දැනට ව්‍යප්තවී ඇති ප්‍රමාණය ගැන සතුටුවිය නොහැක මෙය අධ්‍යාපන,සමාජීය,දේශපාලන හා නොයෙකුත් අංශ වලට ඉතා ප්‍රයෝජනවත් එකකි නමුත් ලංකාව තුල අන්තර්ජාලය භාවිතා කරන පිරිසත් සමග සංසන්දනය කලහොත් සිංහල බ්ලොග් ගැන දන්නෙ එයින් සියට 5% ත් අඩු පිරිසක්.මේවන විටත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයක් ක්‍රියාත්මක වූවද එය ඉතාම අක්‍රිය තත්වයේ පවතින්නකි සිංහල බ්ලොග් ලියන්නේද කියවන්නේද එකම පිරිසක් බව පෙනීයන කරුණකි.දිනකට එක් අඩවියකට පිවිසෙන ප්‍රමාණය දළ වශයෙන් 500 හෝ ඊට ආසන්න ගනනකි. මෙම කලාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට සිංහල බ්ලොග් ලියන්නන්ටද වගකීමක් ඇත.
ප්‍රභේදය-
සමාජීය-පොදු
Sunday, April 25, 2010
සිංහල බ්ලොග් කඹඇදීමකුත් පවත්වමු!
හ්ම්...සිංහල බ්ලොග් මැරතන් එකත් ඉවර වුණා ඒ උණුසුම පිටම මට අපූරු අදහසක් ආව නරකද සිංහල බ්ලොග් කඹඇදීමක් සහ කොට්ට පොර ඉසව්වක් පැවැත්වුවොත් හැබැයි ඒ ඉසව් දෙකම ඊයෙම ආරමභවෙලා තියනව හැබැයි ඒක රහස් සෙල්ලමක් ...සින්ඩි දෙකක් අතර.කොහොම වුණත් ඉදිරියේදි මම හිතනව මේ ඉසව් සාර්ථකව පැවැත්වෙයි කියල.:)
ප්‍රභේදය-
උපහාස
Saturday, April 24, 2010
හම්බන්තොටට ඇමතිවරයෙක් දෙන්න...
හම්බන්තොට දිස්ත්‍රික්කය මෙවර මැතිවරණයේදී වඩාත් කතාබහට ලක්වූ දිස්ත්‍රික්කයකි ඒ රාජපක්ෂ පරම්පරාව ආරම්භ වූ බැවිණි නමුත් මෙවර ඇමති මණ්ඩලය පත්කිරීමේදී හම්බන්තොටට කිසිම කැබිනට් ඇමති වරයෙකු නම් නොකිරීම පුදුම සහගතය වැඩිදෙනෙකු බලාපොරොත්තු තබා සිටි චමල් රාජපක්ෂ මැතිතුමාද කථානායක ධුරය භාරගත් බැවිණ් මෙම තත්වය උදාවී ඇත කෙසේවෙතත් දේශපාන පරිනත බවින් මීළඟට සිටි මහින්ද අමරවීර මහතාටද හිමිව ඇත්තේ නියෝජ්‍ය ඇමති කමකි හම්බන්තොට ජනතාවගේ බලාපොරොත්තු කඩකරමින් සිදුව ඇති තත්වය නිසා බොහෝ පාක්ෂිකයන් සහ සියලුම ජනතාව කනස්සල්ලෙන් පසුවෙති.සීඝ්‍රදියුණුවක් කරා ගමන් කරන හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් කැබිනට් ඇමති ධූරයක් ලබා ගැනීමට අතිගරු ජනාධිපති තුමන්ගෙන් ඉල්ලීමක් කළයුතු බව සැමගේ මතයයි.ඇමති වරුන් පත් කිරීමේදී සෑම දිස්තුික්කයකටම අඩුම තරමින් එක් කැබිනට් ඇමති නරයෙක් හෝ පත් කළේනම් එය සුභවාදී තත්වක් යැයි හැගේ ...දිගු කාලීන නිදහස් පක්ෂයේ පාක්ෂීකයකුවන හිටපු කැබිනට් ඇමති මහින්ද අමරවීර මහතාට නැවතත් ඇමති ධුරයක් ලබාදෙන්නේ නම් මැනවි.
ප්‍රභේදය-
දේශපාලන
සිංහල බ්ලොග් මැරතන් හොරවැඩ..
ඊයෙ රෑ තමයි රෑ කවුරු කවුරුත් රාත්‍රියේ ටෝච් අල්ලගෙන මැරතන් දිව්වනේ මුලු සයිබර් යායම එකම කලබලයක් මමත් මැරතන් බලන්න කියල කලින් පොඩි නින්දක් දාන්න ගිහින් උදේ 7.30 ඇහැ ඇරෙන කොට දැන් තමයි වැඩකිඩ බැලුවෙ ඒත් මට දැන ගන්න ලැබුණ විදියට මේ මැරතන් එකේදි වැඩි පිරිසක් තහනම් උත්තේජක අරගෙන තමයි දුවල තියෙන්නෙ ඒ කියන්නෙ සම්පූර්ණ ප්‍රෝඩාවක් කරල තියෙන්නෙ කලින් ලිපි ලියල ඒව Draft කරල තියාගෙන සැරින් සැරේ ඒව Publish කරල. කමක් නෑ ඒකට නිදිවරන්න හරි වුණා නේ හොර වැඩනම් කොතනද සිදුනොවෙන්නෙ කොහොම වුණත් කිහිප දෙනෙකුට විතරයි ඒ විදියට හොඳ නුවණක් තිබිල තියෙන්නෙ.
පින්තූරෙ ගත්තෙ මෙතනින්-http://blog.inetlanka.com/bloggame.php
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
ඔක්කොම එකට...All in One..! (ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා)
මෙන්න ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා අපූරු වැඩසටහනක්..!!!! සුප්‍රසිද්ධ වැඩසටහන් වන Skype, MSN Messenger, Google Talk, AIM, ICQ® , Facebook , Twitter යන සියල්ල එකම වැඩසටහනක් හරහා සම්බන්ද කිරීමට මෙම වැඩසටහන සමත්. අපේ ජංගම දුරකථනයට වෙන වෙනම මේ වැඩසටහන් දාන්න අවශ්‍ය නෑ දැන් මිනි ෆ්රින්ග් (Mini Fring) තියන නිසා.....කරන්න තියෙන්නෙ MiniFring අඩවියට ගිහින් එහි ඇති Download යන අවස්ථාව තෝරලා තමන්ගෙ රට,දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය එහි ඇතුලත් කරල Free Download කියන බොත්තම ක්‍රියාත්මක කිරීමයි....(පහත පෙනෙන පරිදි)
ඉන්පසු තමාගේ දුරකථනයට එන කෙටිපණිවිඩයේ ඇති සබැඳිය ඔස්සේ ජංගම දුරකථනයේ එම වැඩසටහන ස්ථාපනය කරගන්න පුළුවන් ඊටපස්සෙ ඉතින් රහස් පදයක් දීල ඇතුල්වෙලා ස්කයිප් නම් එහෙමයි ෆේස් බුක් නම් හහෙමයි අවශ්‍ය වැඩසටහන තෝරලා ඇතුල්වෙන්නයි තියෙන්නෙ දැන් ඉතින් දවසෙම චැට්.....
වැඩිවිස්තර සඳහා ෆ්රින්ග් අඩවියට යන්න- http://www.fring.com/fring_is/what_is_fring/
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Friday, April 23, 2010
නරියාට කුකුළ් කොටුව....
2010 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් පොදුජන එක්සත් පෙරමුණේ ඇමති මණ්ඩය නොබෝදා තේරී පත්කෙරුණි එහි දී විවිධ හැල හැප්පීම් සිදුවූ බවද නොරහසකි.කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන යන මතයෙහි අතිගරු ජනාධිපති තුමා සිටින බවත් සුදුසුකම් අනුව ඇමති මණ්ඩලය පත් කරනු ඇති බවටත් මිනිසුන් තුල වූයේ දැඩි විශ්වාසයකි ඇමති මණ්ඩලය පත්කෙරුණ ආකාරය ගැන දැනි බොහෝ පිරිස් මත පලකරති.මෙම ජනතා වශ්වාසය ගිලිහී ගිය තැනක් ගැන ඔබට කියන්නට අප පසුබට නොවෙමු.
එනම් ඇමති මර්වින් සිල්වා මහතා ගැනයි. පසුගිය ලිපියක එතුමා ගේ හොඳ පැත්ත ගැන කරුණු ඉදිරිපත් කර තිබුණද එතුමාගේ නරක පැත්ත ගැනද කියන්නට මනුස්සකම අඩවිය ඉදිරිපත් වේ....පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ කරුණු කාරණා අතර ඇමති මර්වින් සිල්වා මහතාගේ ක්‍රියා කලාපය විශේෂ වේ තම අනිසි බලය භාවිතා කර ජනමාධ්‍ය ආයතනයන්ට ඇඟිල්ල ගැසීම ඉන් එකකි..ජාතික නාලිකාවේ සභාපතිවරයාට පහරදීමට යෑම,සිරස නාලිකව වෙත අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් කිරීම ආදියත් ජනමාධ්‍ය වේදීන්ට තර්ජනය කිරීම් හා බිය වැද්දීම් කිරීමත් අමතක කලනොහැක..එවන් ක්‍රියා කලාපයක් සහිත් පුද්ගලයෙකුට ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය භාර දීම කොතෙකුත් දුරට සාධාරණද? සුදුස්සාට සුදුසුතැන යන සංකල්පය එතැනින්ම විනාශ වී ගිය බව හැගේ නරියාට කකුල් කොටුව භාරදුනහොත් කුමක් සිදුවේද? ශ්‍රී ලංකා ජනමාධ්‍යයට අහවල් දෙවියන්ගේම පිහිටයි!
ගරු මර්වින් සිල්වා ඇමති තුමණි ඉදිරියේදී එවන් අසාධාරණකම් සිදු නොවන බවට මිනිසුන් ඉදිරියේ ප්‍රතිඥා දියයුතුය.
ප්‍රභේදය-
දේශපාලන
Wednesday, April 21, 2010
ගරු ආරක්ෂක ලේකම් තුමනි !
යුධ ජයග්‍රහණයෙන් පසු වසරකට ආසන්න කලක් ගත වූවද තවමත් එම ලබාගත් නිදහසේ ඵලය සම්පූර්ණයෙන් ජනතාවට ලැබී නොමැත. මා එසේ කීමට හේතුව නම් තැන තැන දමා ඇති පොලිස් මාර්ග බාධක ජනතාවට ඇත්තටම බාධාවක් වන බැවිණි යුද්ධය පැවති දින වලදී නම් එය අපේ ආරක්ෂාවට මහත් රුකුලක් වුනි නමුත් අද අති ගරු ජනාධිපති තුමන් හා ආරක්ෂක අංශයේ සියල්ල එකතුවී ත්‍රස්තවාදය මුලින් උපුටා දමා ඇති මොහොතක මෙසේ මාර්ග බාධක යොදමින් ජනතාවට බාධා කරන්නේ මන්ද? මාතර-අම්පාර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයකුට පෙර මාර්ග බාධක 12ත්-14ත් අතර ප්‍රමාණයක් පසුකිරීමට සිදුවූ නමුත් තවමත් පොලිස් මාර්ග බාධක 3ත් 5ත් අතර ප්‍රමාණයකදී බසයෙන් බැසීමට සිදුවේ එසේම එම මාර්ග බාධක වලදී සියලුම පුද්ගලයින්ගේ විස්තරද පොතක සටහන් කරගනී හැදුනුම් පතෙහි ඇති නම,ලිපිනය,හැදුනුම්පත් අංකය සහ තමාගේ ගමන් ආරම්භය සහ ගමනාන්තය ඔවුනට ඉදිරිපත් කළ යුතුය බස්රථය තුල මගීන් 50ක් හෝ ඊට වැඩි ගනනක් සිටින අවස්ථාවක දී අඩුම තරමින් විනාඩි 30ක් හෝ ඊට වැඩි වෙලාවක් පෝලිමේ සිටීමට සිදුවේ.
ප්‍රභේදය-
සමාජීය-පොදු
Subscribe to:
Posts
(
Atom
)