Saturday, April 21, 2012
Friday, April 20, 2012
නොමිලේම පරිගණකයේ කරන කාර්යයන් පටිගත කරන්න (ඕපන් සෝර්ස් )
CamStudio කියන්නෙ පරිගණකයේ අප කරන කාර්යයන් පහසුවෙන් පටිගත කර ගැනීමට හැකි ඕපන් සෝර්ස් කාණ්ඩයට අයත් නොමිලයේ දෙන හොඳම වැඩසටහනයි මෙම වැඩසටහන පහත ඇති සබැඳියෙන් ඔබට ලබා ගන්නට පුළුවන් නිකන් දෙන එකේ බාගත කරල ඔය මොන මොනව හරි ටිකක් රෙකොර්ඩ් කරලම බලන්න කෝ ....
Thursday, April 12, 2012
Monday, April 2, 2012
Free Download කරන්න තවත් පහසු විදියක්....
Free Download කරන්න පහසු විදි කිහිපයක්ම මීට කලින් කියල තියෙනව ඒ වගේම මේ ක්‍රමයටත් යමක් බාගත කරන්න පහසුවෙන්ම පුළුවන් වගේ නොමිලයේ බාගත කිරීම් කරන්න දෙන අඩවිවල තියෙන සබැඳියන් වල තියෙන ලේඛනයන් තමයි අපිට සොයල දෙන්නෙ මේකත් එක්තරා සෙවුම් යන්ත්‍රයක් කිව්වොත් නිවැරදියි. ට්‍රයි කරල බලන්න මෙන්න මේ අඩවියෙන්...
http://www.filecrop.com/
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Wednesday, March 28, 2012
අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්.......
අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ හදන්නෙ. කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගිහින් ඒ පොත් පිංච බාගත කර ගැනීම .....
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
දුෂ්කර ගණිත ගැටළුවක්....
මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි.
මෙය මනෝමයෙන් කලයුතුය. මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න.
දැන් එයට තව 1000ක් එකතු කරන්න.
දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.
එයට 20ක් එකතු කරන්න.
දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Sunday, March 25, 2012
Google Map එකේ කැමති තැනක් පින්තූර විදියට ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ...
හැමෝම දන්නවනේ ගූගල් මැප් ගැන විමල් වීරවංශ එපා කිව්වට ගූගල් නැති ඉන්ටර්නෙට් හරියට අරක්කු නැති මගුල් ගෙදර වගේ නේ ඉතින් ගූගල් මැප් එකෙන් යම් කිසි තැනක් පින්තූරයක් (Image) විදියට ගන්න ගොඩක් අය Print Screen ඔබ ඔබ තටමන නිසා මේ ලිපිය ලියන්න හිතුණෙ.. මුලින්ම කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගූගල් මැප් සර්වර් කියන (551 KB) වැඩසටහන බාගත කරල ඩබල් ක්ලික් කරන්න..
ඊටපස්සෙ Google Map/ Google Earth වලින් වගේම කැමති තැනක් බලන්න පුළුවන්...ඒ වගේම Save Capture as කියන Button එකෙන් පහසුවෙන්ම ඕනම තැනක Save කරන්නත් පුළුවන්
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Thursday, March 22, 2012
ජිනීවා හී ඡන්ද විමසීමේ ප්‍රතිඵල... පක්ෂව 15 විපක්ෂව 24 වැළකී සිටි ගනන 08
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා හී අද පැවති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 15 ක්ද විපක්ෂව රටවල් 24 ද රටවල් 08 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීද සිටි අතර අයිතිවාසිකම් හා වරප්‍රසාද සීමා කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ඔවුන්ට ලබා ගැනීමට නෙහැකි වූ අතර මෙය ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක අපේ මව්බිම රැක ගැනීමට සහාය පලකර සියලුම රටවලට ජාතියේ උත්තමාචාරය හිමිවනු ඇත
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Tuesday, March 20, 2012
රෙද්දෙ මැජික්....
මේක කලින් දාපු ලිපියක් අලුතෙන් බ්ලොග් බලන්න ආපු අයට දැනගන්න ආපහු දාන්න හිතුණා හැබැයි මේක මැජික් කිව්වට මැජික්මත් නෙවෙයි පොඩි සෙල්ලමක් බලන් ඉන්න අයට නම් මැජික් වගේ තමයි.
මෙහෙමයි කරන්නෙ,
කාඩ් කුට්ටම අරගෙන අත් දෙකත් හෙඳට වැහෙන්න විදියට රෙද්දකින් වහ ගන්න
කාඩ්ටික ඔක්කොම අංක සටහන් නොකරපු පැත්ත උඩට සිටින සේ තියා ගන්න ඕන
ඉස්සරහ ඉන්න කෙනාට කියන්න රෙද්ද අස්සෙන් හිමිහිට කොළයක් අරගෙන බලලන්න කියල
ඒ බලන අතරෙදි අර පුද්ගලයාට නොදැනෙන ලෙස කාඩ් ටික අනෙත් අතට හරව ගන්න (අංක සටහන් කල කොටස උඩට හිටින සේ)
දැන් එයාට කියන්න කොළය තමන්ට ඕන තැනක තියන්න කියල (හැබැයි රෙද්ද උස්සන්න නම් දෙන්න එපා එතකොට වැඩේ මාට්ටු)
එතකොට ඒ පුද්ගලය කොළය තියන්නෙ ගත්ත විදියටමයි ඒ කියනෙ අංක සටහන් කල පැත්ත යටට සිටින සේ.
දැන් අරන් බලන්න එයා බලපු කොළය මොකද්ද කියල අපිට කියන්න පුළුවන් මොකද අනිත් කොළ ඔක්කොම එකම දිශාවකට තියෙන කොට ඒ කොලේ විතරක් අනෙක් අතට තියෙන්නෙ. ඇයි අපි කාඩි ටික අනෙක් අතට හැරෙව්ව නේ මම කියපු දේ පැහැදිලි වුණාද දන්නෙ නෑ කමක් නෑ කට්ටියට පොඩ්ඩක් හිතන්නත් ඉඩ තියන්න ඕන දැන් ඉතින් පොඩි එවුන් ටිකක් වටකරගෙන ඔය මැජික් එක කරන්න තියෙන්නෙ.
ප්‍රභේදය-
වැදගත් ලිපි නැවත
Wednesday, March 14, 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරමු...
අපේ ක්‍රිකට් කණ්ඩාය ඉන්දියාව වෙතින් පරාජය වීම ශ්‍රී ලාංකීය අපට ඉතාම කණගාටු දායක අමිහිරි සිදුවීමකි වෙන ඕනම රටකට පැරදුනාවේ ඒත් ඉන්දියාවටයි,පාකිස්ථානයටයි,ඕස්ට්‍රේලියාවටයි පරදින්නෙ නැතුව හේතුව කුමක්දැයි කිව නොහැකි වුණත් අහන අහන හැම දෙනාගේම උත්තරය එකක්ම වීම පුදුමයකි එසේම පසුගිය ටිකේම ලංකාව පැරදුනේ කණ්ඩායම හරි හැටී තෝරා ගැනීම සිදුකර නොමැති කමෙන් කියලයි හැම දෙනාම කියන්නෙ එක් එක් පුද්ගලයින් එක් එක් අදහස් පළ කරනව කපුගෙදර හැමදාම අසාර්ථක ක්‍රීඩකයෙක් ඒත් ඔහු ටීම් එකෙන් කැපෙන්නෙ නෑ හේතුව කවුරුවත් දන්නෙ නෑ ඕනම මෝඩයෙකුට තේරෙනව ඔහුගෙන් ටීම් එකට පළක් නෑ කියල ඒ වගේම වෘත්තීය මට්ටමේ දඟ පන්දු යවන්නෙක් නැති කම ලංකාවෙ කණ්ඩායමට බලපාපු තවත් ප්‍රශ්නයක් .... ගමේ ගොඩේ කොච්චර දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවද ඒත් ඔවුන්ව ජාතික මට්ටමට ගන්න පාලක මණ්ඩලයේ කිසිම ප්‍රතිපත්ථියක් නෑ ඕනකමකුත් නෑ කෝටි ගනන් සල්ලි හම්බවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අක්‍රිය ඇයි කියල කාගෙන් අහන්නද?
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Subscribe to:
Posts
(
Atom
)