Ads 468x60px

Thursday, August 16, 2012

සී Real......!!! නොමිලේ.....

බොහෝමයක් වැඩසටහන් අන්තර්ජාලයෙන් බාගත කරාම ඒව ටිකකාලයක් විතරයි පාවිච්චි කරන්න පුළුවන් සල්ලි දිල Serial Number එක ගන්න කියනවා ඉතින් ඒ වගේ වෙලාවට නොමිලයේම Serial Number  එකක් හොයාගන්න තිබුණොත් ගොඩ නේ.. මේක ඒකට එක්තරා විසඳුමක් අන්තර්ජාලය පීරන්නෙ නැතුව පහසුවෙන්ම එවැනි Serial Number එකක් හොයාගන්න පුළුවන් පහත තියෙන අඩවි වලින් නොමිලයේම ඒ පහසුකම සලස්වනවා ඒ වගේම අලුත් පරිගණක වැඩසටහන් වල වගේම අලුත් සංස්කරණයන් (Version) වල Serial Number නම් හොයන එක ලේසි නෑ මේවගේ සයිට් වලත් ඒව නෑ.බලන්න මේ අඩවි වලින් ඔබටත් වැඩක් ගන්න පුළුවන්ද කියල....


පණ තියෙන ඇත්තම බෝනික්කෙක්! Barbie Doll

මේ ඇත්තම බෝනික්කා ලෝකයේ ප්‍රසිද්ධ නිරූපිකාවක් නමින් Dakota Rose හෙවත් Kota Koti ඇය ගේ පෙනුම ඇත්තටම Barbie Doll ලෙස ප්‍රකට බෝනික්කාගේ වගේමයි වයස අවුරුදු 16-18 තරම් වූ මැයගේ මුල් මුහුණුවර මේ තරම්ම බෝනික්කකුට සමාන නැති වුණත් එය 75% තරම් වුණ එකක් ඒත් පසුකාලිනව විවිධ අංගරචන ක්‍රමවේදයන් භාවිතා කරීම නිසා ඇයට Barbie Doll බෝනික්කකුගේ නියම ස්වරූපය ගන්නට හැකියාව ලැබී තිබෙනව ඒ වගේම ඇය ගේ Make up පිළිබඳව Youtube Channel එකක්ද පවත්වාගෙන යනවා.කොහොම වුණත් ගැහැණු ළමයි පොඩිකාලෙ බෝනික්කන්ට ආසයි ලොකු උණාම යෝධයින්ටවීරයින්ට තමා ආස ඒත් පිරිමි ළමයි පොඩි කාලෙ යෝධයින්ට විරයින්ට ආස ලොකු වුණාම තමයි බෝනික්කන්ට ආස මේ වගේ ඇත්තම බෝනික්කෙක් ගන්න තියෙනව නම් කියල හිතෙන්නෙ එහෙම නැද්ද?

Monday, August 13, 2012

නාසා මඟින් නිකුත් කෙරුණ අඟහරු ග්‍රහයාගේ නවතම ඡායාරූප

ඇමරිකාවේ නාසා ආයතනය මඟින් ගුවන් ගත කරන ලද අඟහරු මත පතිත කරනු ලැබූ යානාව මඟින් ගන්නා ලද නවතම ඡායා රූප නාසා ආයතනය මඟින් නිකුත් කර ඇත.පහත දැක්වෙන්නෙ එම ඡායා රූප එකතුවයි මෙතෙක් කිසිම ජීවියකු එහි සිටින බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී නොමැත.

Saturday, August 11, 2012

SLPL 2012 Watch online now with "Manussakama"

එක කරදරයක් නැතුව බලන්න පහළ සබැඳිය භාවිතා කරන්න-

SLPL 2012 Match Schedule





Friday, August 10, 2012

රාවණාගෙ දඬුමොණරා ගැන කියන කථා...

සයිබර් අවකාශය තුල අද රාවණා පුරාවෘතය බොහෝ සේ විකෘති කරල ඒ වගේම අමූලික බොරු කථා කිය කිය මිනිස්සුන්ට විහිලු සපයන අඩවි නිර්මාණය වෙලා ඒත් ඔවුන් ගොතන කථා වල යම් රසයක් නැහැ කියන්න බැහැ ඒ නිසා කියවන්න ආස හිතෙනව ඒ අතුරින් වර්ගපූර්ණිකාව රසවත් කථා ගොතන අඩවියක් ඒ වගේ පසුව බිහිවුණ අඩිවි ගනනාවක් තියෙනව.කොහොම කොහොම හරි මනුස්සකමත් ඔය වගේ දේවල් වලට ඇඟිල්ල දාන්න කැමතියි මොකද ඒවගෙ තියෙන නිර්මාණශීලි කම නිසා.රාවණාගෙ දඬුමොණරය ගැන විවිධ අදහස් බොහෝ දෙනෙක් දක්වලා තියෙනව මම මේ කියන්න හදන්නෙ  මගේ අදහස් නෙවෙයි එවැනි විවිධ වූ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන විවිධ මති මතාන්තර කිහිපයක්

දෙරණද? මධුරද?

මීට ඉහතදී ඉතාම ජනප්‍රිය සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් තමයි මධුර කියන එක ඇත්තටම කලින් එහෙම එකක් තිබුනෙ නෑ මධුර ආවට පස්සෙ අපිට වැඩ ගොඩක් ලේසී කළා.. ඒ වගේම දැන් මධුරට තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ තවත්  සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් ජනප්‍රිය වෙලා තියෙනව ඒ තමයි දෙරණ කියන  සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂය ඇත්තටම මේ දෙකම ඉතාම හොඳ මට්ටමේ ඒවා වැඩිය හොඳ මොකද්ද කියල හිතාගන්න බෑ කමක් නෑ දෙකම පාවිච්චි කරල බලන්න හොඳ එක ඔබම තීරණය කරන්න පහත තියෙන සබැඳි වලින් බාගත කරගන්න-



Download Derana Sinhala-English Dictionary
Unlock Password is manussakama


Thursday, August 9, 2012

පෙන් ගහන්න බයද? මෙන්න විසඳුම!

හුඟ දෙනෙක් තමන්ගෙ පරිගණක වලට  Pen Drive  එක සම්බන්ධ කරන්න බියක් දක්වන්නෙ විශේෂයෙන් Communications / Studio වලට ගියාම ඔවුන් Pen Drive භාරගන්නෙ නැහැ වෛරස් එනව කියල බයේ ඉතින් මේකට විසඳුම් ඕන තරමි තියෙනව ඒව දැනගෙන හිටියනම් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ එකක් තමයි හොඳ වෛරස් ගාර්ඩ් එකක් පරිගණකයට දාලා තිබීම ඒ වගේම පෙන් එක Open කරන්න Double Click භාවිතා නොකර Right Click ---> Explore or Open ආකාරයට භාවිතා කිරීම්  වැනි සරල කරුණු දැනගෙන තිබීමත් වැදගත් ඒ වගේම පෙන් එකේ තියෙන වෛරස් ඉවත් කරන්න "attrib " Command ගැන දැනගෙන සිටීමත් වැදගත්. කොහොම උනත් ඒ මුකුත්ම නැත්නම් USB Disk Security කියන වැඩසටහන තියෙනව නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ මේකෙ අලුත් සංස්කරණයන්ගෙ වැඩ ගොඩක් තියෙනව ඕනනම් USB Lock/Disk Cleanup වගේ දේවල් කරන්න උනත් පුළුවන්. පහළ තියෙන සබැඳියන්ගෙන බාගත කරන්න පුළුවන් කැමති එකක් බාගත කරගන්න දෙකම අවශ්‍ය නෑ Portable එකේ තියෙන විශේෂත්වය තමයි Install නොකර භාවිතා කරන්න පුළුවන් වීම මම හිතන විදියට නම් Install කරල හැමදාටම තියාගන්නවන්ම් හොඳයි මොකද මේක වැදගත් වැඩසටහනක් නිසා.  


Extract Password is- "manussakama"

Wednesday, August 8, 2012

එළකිරි කොල්ලෙක්ගෙ හපන්කමක්!

ඔහු නමින් උපුල් බෝගහවත්ත රුහුණු මාගම්පත්තුවේ ලුණුගම්වෙහෙරින් බිහිවුණ දක්ෂ තරුණයෙක් දැනට ගුවන් හමුදාවෙ ඉංජිනේරු ඒකකයෙ සේවය කරන්නෙ ඉංජිනේරු උපාධිධාරියෙක්. ඉස්සර ඉඳන්ම පරණ කාර් අරගෙන ඒවා මොඩිෆයි කරන එක තමයි එයාගෙ විනෝදාංශය ඒ වගේම බලාපොරොත්තුව ඒත් උපුල්ට සල්ලි භාගෙ නෑ මේව කරන්න දැන් ගන්න පඩියෙන් කොහොම හරි රෝලක් ගහල තමයි මේ හපන්කම් කරන්නෙ මේ ඉන්නෙ ඒ දක්ෂකම් කරන කොලු ගැටයා

උපුල් බෝගහවත්ත (Tele-0777567168)

Tuesday, August 7, 2012

සිරිදියස්ට සිගරට් කොම්පැනියෙන් ලක්ෂ පහක්!

ලංකා දුංකොළ සමාගම හා සිගරට් නිෂ්පාදන ආයතන කිහිපක් එකතුවෙන් සිගරට් බීම මගින් සෞඛ්‍යයට වැඩි හානියක් නොවන බව ඔප්පු කිරීමට රට පුරා ගොස් සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා පත් කරන ලද කුඩා කණ්ඩායම් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පිටත් කර හැරීයා ඒ සමඟ එවැනි අවස්ථාවක් හමුවූ විගසම එය රූප ගතකර එම පුද්ගලයාටද ලක්ෂ පහක ත්‍යාගයක් හා වටිනා පෝෂණ මල්ලක් ද පිරිනැමීමට උපදෙස් ලැබුණා.. ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් පොළොන්නරුව දිහාවට ඇවිල්ල ගැමියන් නිතර ගැවසෙන ස්ථාන ඉලක්ක කරමින් තම අභිප්‍රාය ඉෂ්ඨකරගන්නට ක්‍රියා කළා ..

ඔන්න දවසක් පොළොන්නරුවෙ පොඩි ගමක  පෙට්ටි කඩයක් ළඟ මාන බලමින් සිටි ඔවුන්ට අපූරු සිදුවීමක් දැකගන්න ලැබුණා..සම රුළි වැටුන ඉතා කෙසඟ ශරීරයක් සහිත වයස අවුරුදු 75 තරම් පෙනුමැති පුද්ගලයෙක් අත්වාරුවක් වත් නැතිව තනිවම කඩේට ඇවිත්-

මුදලාලි මට බිස්ටල් විස්සෙ පැකට් එකක් දෙන්න....

Monday, August 6, 2012

විදුහල්පති තුමාගෙ සංවේදී ආදර කථාව...(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)

අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක්  නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා විතරයිලු ඒත් දෙවෙනි දවසෙ හමු වෙද්දි වුණේ අමුතු සිදුවීමක්.. දෙදෙනාම එදා නෙදැනුවත් කමින් එකම වෙළදසැලකදි අහම්බෙන් හමුවුණා ඒ වගේම දෙදෙනාම ඇවිත් තිබුණෙ මහ වැස්සක් එන නිසා කුඩයක් ගන්න හිතාගෙන ආවෙ එකම කාරණයකට වීමත් පුදුමයි වගේ.. කොහොම හරි දෙන්න එතනදි සුහද කථා බහකට වැටුණ.මලිති කුඩයක් ගත්තත් සර් නම් කුඩයක් ගත්තෙ නැත්තෙ කපටි කමට මොකද දෙදෙනාම යන්නෙ එකම පැත්තට ඒ වගේම වැස්සක් වැස්සොත් කෙල්ලගෙ කුඩේ යටින් යන්න පුළුවවන් කියල සර් හිතුව.. එහෙම හිතල පොඩි බිස්කට් පැකටි එකක් විතරක් අරගත්ත කොහොම හරි දෙන්නම කථා කර කර එළියට ඇවිත් බස් නැවතුමට යන්න කියල ටික දුරක් එන කොට මලිතිගෙ යාළුවෙක් හම්බ වුණා සර්ට මල.... හිතින් බැණ බැණ සර් දැන් ටිකක් දුරස් වෙලා යනව කෙල්ලො දෙන්න කිචි බිචි ගගා හිනා වෙවී යනව... මලිති තමන්ගෙ යාළුවට සර්ව හදුන්වා දුන්න එයාගෙ යාළුවෙක් කියල.. ඔන්න ඒ එක්කම මහ වැස්සත් පටන් ගත්ත මලිතියි යාළුවයි හනිකට කුඩේ  දිග ඇර ගත්තත් සර් ට කර කියා ගන්න දෙයක් නැතුව අතේ තිබුණ ෆයිල් එක ඔළුවට අල්ල ගත්තත් වැස්ස එන්න එන්නම වැඩි වෙන්න ගත්ත.. මලිතිට දුක හිතිල මලිතිගෙ කුඩේ සර් ට දුන්න දීල එයා යාළුවගේ කුඩේ යටින් යන්න උණා සර් ගෙ සිහිනය එදා බොඳ වුණේ එහෙමයි...