Ads 468x60px

Friday, August 10, 2012

රාවණාගෙ දඬුමොණරා ගැන කියන කථා...

සයිබර් අවකාශය තුල අද රාවණා පුරාවෘතය බොහෝ සේ විකෘති කරල ඒ වගේම අමූලික බොරු කථා කිය කිය මිනිස්සුන්ට විහිලු සපයන අඩවි නිර්මාණය වෙලා ඒත් ඔවුන් ගොතන කථා වල යම් රසයක් නැහැ කියන්න බැහැ ඒ නිසා කියවන්න ආස හිතෙනව ඒ අතුරින් වර්ගපූර්ණිකාව රසවත් කථා ගොතන අඩවියක් ඒ වගේ පසුව බිහිවුණ අඩිවි ගනනාවක් තියෙනව.කොහොම කොහොම හරි මනුස්සකමත් ඔය වගේ දේවල් වලට ඇඟිල්ල දාන්න කැමතියි මොකද ඒවගෙ තියෙන නිර්මාණශීලි කම නිසා.රාවණාගෙ දඬුමොණරය ගැන විවිධ අදහස් බොහෝ දෙනෙක් දක්වලා තියෙනව මම මේ කියන්න හදන්නෙ  මගේ අදහස් නෙවෙයි එවැනි විවිධ වූ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන විවිධ මති මතාන්තර කිහිපයක්






  • රාවණා යුගයේ ගුවන් යානා තාක්ෂණය ඇතී වූ බවත් රාවණා රජතුමා විසින් ගුවන් යානයක් සාදවාගෙන වෙනත් පුද්ගලයෙකුට එම තාක්ෂණය ගියහොත් තමාට වඩා ප්‍රභලවේ යැයි බියෙන් එම තාක්ෂණය හා සම්බන්ධ සියලු කරුණු සමාජයෙන් වසන්කොට සදහටම ඒ වා විනාශ කර දැමූබව ඇතැමුන්ගේ මතයයි 
  • තවත් පිරිසක් ඊට තරමක් සමාන වූ අදහස් දක්වයි එනම් රාවණා යුගයේ සොයාගැනුන අහසින් ගමන්කිරීමේ තාක්ෂණය භාවිතා කරමින් රාවණා රජු "විමාන" නමින් ගුවන්යානා කරවූ බවත් එවැනි යන්ත්‍ර අතුරින් රාවණා රජුගේ ගමන්බිමන් සඳහා  " පුෂ්පක විමාන" හෙවත් දඬු මොණරය භාවිතා කළ බවත් එම යන්ත්‍ර වල තාක්ෂණය තම සතුරන් අතට පත්වේ යැයි බියෙන් එම තාක්ෂණය සමාජයෙන් වසන්කොට ඊට අදාල පුද්ගලයින්ද ඝාතනය කොට එම තාක්ෂණය පුස්කොළ පොත් වල ලියා සඟවා තැබූබව හා  පසු කාලීනව යටත් විජිත සමයන්හී ඉන්දියාව-ලංකාව වැනි රටවලින් පුරාවස්තු මංකොල්ල කෑ පෘථුග්‍රීසි ලන්දේසි හා ඉංග්‍රීසීන් එම සගවන ලද පුස්කොළ පොත් පරිහරණය කොට එංගලන්තය ඇමරිකාව ආදී රටවල්වලදී ගුවන් යානා තාක්ෂණය නැවත ක්‍රියාත්මක කර ගුවන් තාක්ෂණය දියුණු කළ  බවටත් අදහස් පලකරයි
  • පිටසක්වලින් ලබාගත් අහසින් පියාසර කිරීමේ තාක්ෂණයක් රාවණා රජු භාවිතා කළ බවත් එකල යම් යම්  ග්‍රහලෝකය සමඟ සෘජුව සම්බන්ධකම් පැවැත්වූ රාවණා රජු ඔවුන්ගෙන් මෙම තාක්ෂණික උපදෙස් ලබා ගත් බවත් ඇතැමුන් විශ්වාස කරයි
  • දඬු මොණරා යැයි පුරාවෘතයේ සඳහන් යානය හුදෙක් යාන්ත්‍රික යානාවක් නොවන බවත් එය විශාල පක්ෂීයෙකු බවත් තවත් අයගේ අදහසයි "ලේනා" මෙන් කිහිප ගුණයක් විශාල එම රූපයට හැඩයට බෙහෙවින් සමාන වන සතකුට "දඬු ලේනා" යැයි පවසන බැවිණ් මොණරා ගේ හැඩරුව ඇති මොණරාට වඩා කිහිපගුණයක් විශාල පක්ෂියකු "දඬු මොණරා" ලෙස භාවිතා කර ඇති බවත් බොහෝ දෙනා විශ්වාස කරති ඔවුන් ඒ සඳහා යම් උදාහරණද ගෙන දක්වති එනම් ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවිඳුන්ගේ රථය ලෙස සැලකෙන්නේ විශාල මොණරෙකි එසේ නම් ස්කන්ධ කුමාරයන්ද තම ගමන් බිමන් සඳහා දුර්ලභ ඝණයේ සත්වයකු වන මෙම දඬු මොණරා භාවිතා කළ ඇති බව බොහෝ දෙනා පවසයි
  • එසේම එම අදහසට ටිකක් දුරට සමාන වු අදහසක් තවත් පිරිසක් ඉදිරිපත් කරයි එනම් රාවණා යුගය ජාන තාක්ෂණය ගැන දැනගෙන සිටි අතර එම තාක්ෂණය භාවිතා කර විශේෂි පුද්ගලයින් හා සත්වයින් නිර්මාණය කර ගැනීමට රාවණාට හැකි වූබවත් "කුම්භකර්ණ" යන්ද රාවණාගේ සහෝදරයෙකු නොව ජාන තාක්ෂණයෙන් හදිසි යුධ කටයුතු සඳහා බිහිකරන ලද පුද්ගලයෙකු බවත් පක්ෂීන් අතුරින් වඩාත් අලංකාරම පක්ෂියා තෝරා ජාන තාක්ෂණයෙන් තම රථය ලෙස විශාල දඬුමොණරා නිර්මාණය කර බවටත් අදහස් දක්වයි
  • පසුගිය දා කළාවැව අභයභූමි ප්‍රදේශයෙන් කැමරා කාචයේ සටහන් වූ, බොහෝ දෙනෙක් රාවණාගෙ දඬුමොණරය යැයි සිතූ දෙයද ඈත අතීතයේ ජීවත් වූ මොණරාගේ හැඩරුවට සමාන ඒ දුර්ලභ ඝණයේ විශාල පක්ෂියකු විය හැකි බව ද ඇතැමුන්ගේ අදහසයි


17 comments :

  1. අනේ අහිංසක රාවණ රජතුමා..!

    ReplyDelete
    Replies
    1. :D රාවණ ගෙ චරිතය ඝාතනය වෙලා

      Delete
  2. හනේ මන්දා දැන් නම රාවන කියන නම ඇහෙනකොට හිනා යන තත්වයක් තියෙන්නේ මට නම්..

    ReplyDelete
    Replies
    1. සයිබර් අවකාශෙ බ්ලොග් කාරයො තමයි ඕක කළේ

      Delete
  3. බලමුකෝ රාවනා නැගිටින්න එච්චර කල් නෑනේ තව මිනිහම අපිට ඕක ගැන කියලා දෙයි :)

    ReplyDelete
    Replies
    1. රාවණ-මහින්දට බයේ නැගිටින්නෙ නැතිලු රනිල් අවොත් විතරයි ලු නැගිටින්නෙ

      Delete
  4. හොඳ කරුණු පෙළක් හිතන්න දෙයක්

    ReplyDelete
  5. මට නම් රාමත් එකයි රාවණත් එකයි , සියුසුත්(Zeus) එකයි , එක එක ශිෂ්ටාචාරවල ඇතිවුනු මිත්‍යා චරිත කියලයි මම දකින්නේ (රාවණා ගැන කාලයක් හොඳ උනන්දුවක් තිබුනා , ඒ කාලේ කියවපු දේවලින් දැනුන දෙයක් තමයි බොහෝ අදහස් තමන්ගේ මතයන් මිසක් සාක්ෂි /සාධක සහිත ඒවා නෙවෙයි කියන එක . හොඳම උදාහරණයක් තමයි , ඔය ස්ථාන නාමයන් රාවණාට පටලන්න කරන විසන්දි කිරීම් , මීපලානේ ජයා ඒ වැඩෙන් නියම ආතල් එකක් ගන්නේත් කිසිම තහවුරු කිරීමක් කරන්නේ නැතුව ඕනිම දෙයක් විසන්දි කරල රාවනා යුගේට ගැටගහන්න පුලුවන් නිසා

    ReplyDelete
    Replies
    1. බුවා- එහෙමයි කියල ඒව සම්පූර්ණයෙන් බැහැර කරල දාන්න අපිට බෑ ජනප්‍රවාද / පුරාවෘත්තයන් සම්පූර්ණයෙන්ම බැහැර කරණවා නම් මේ ලෝකෙ කිසිම ආගමක් දහමක් ඇත්තයි කියල කියන්න බැරිවෙනවා නේද මොකද ඒවත් ඔය රාවණාගේ කථා වගේ පරාම්පාරාවෙන් පරම්පාරවට කටවචන වලින් ආපු ඒවා සමහරවිට රාවන නමින් ප්‍රභල පාලකයෙක් ඒ කාලයේ ඉන්නට ඇති ඒ නිසාම එය කටින් කට අද දක්වා ම වෙනස් වෙවී මේවිදියට කථාවන් ගොඩ නැගෙන්න ඇති ඕනම දෙයක යම් මූලබීජයක් තිබිය යුතුයි එය වර්ධනය වන්නට නම්

      Delete
    2. රාවණා චරිතය ප්‍රභලවම මතුවෙන තැන රාමායනය ,රසවත් කථාවකට වඩා දෙයක් මම නම් රාමායනය තුල දකින්නේ නෑ , හින්දුන්ට අනුව රාම විශ්ණුගේ දස අවතාර වලින් එකක් නිසා ඔවුන්ට ඒක පූජනියයි , රාමායනයේ එන රාවණගේ ලංකාපුරය අපේ මේ ලංකාවමයි කියන්න සාක්ෂි ගැටගහනවා මිසක් තාර්කික පදනමකින් සිදුවෙන විශ්ලේෂනයක් මම නම් දැකලා . අර කියනවා වගේ රාවණා නැගිටලා යුඇන්පියෙන් ඡන්දෙ ඉල්ලනවා නම් ඇරෙන්න පොර ගැන සෙවීමෙන් පලක් නැ (හරිහමන් සාධක නැතුව )

      ආගම් වල මූලික පදනම් ආරක්ෂා වුනත් ඒවා ඒ විදිහටම ආවය කියල මම නම් විශ්වාස කරන්නේ නැ , උදාහරණයක් විදිහට බෞද්ධ දර්ශනය ඇතුලට පන්සිය පනස් ජාතක පොත වගේ සුරංගනා පොතක් රිංගලා තියන එකත් මට ගැටලු සහගතයි

      Delete
    3. ඒක මමත් පිළිගන්නව සියලුම ආගම්/දර්ශනයන් තුල තිබුණු මූලික පදනමෙන් බිඳි ආ පසුව අටුවාචාරීන් විසින් ග්‍රන්ථාරූඩ කල දහමක් තමයි අද දකින්න ලැබෙන්නෙ උදාහරණයක් විදියට ඉස්ලාම් ආගමේ හරක් මරන්න කියල තියෙන්න අගල් දෙකක ගිනියම් උන යකට තහඩුවක් උඩ ඉඳගෙනලු ඒත් පසු කාලීන අවශ්‍යතාවයන් අනුව මස් මාංෂ අනුභවය සුදුසුයි කියන තැනට ඔවුන්ගේ මූලධර්ම වෙනස්කරගෙන තියෙනවා බුදුදහමෙත් එහෙමයි....පන්සිය පනස් ජාතකය හුදෙක් සාහිත්‍යමය ග්‍රන්ථයක් පමණක් බව පැහැදිලියි ඒ වගේම බුදුහාමුදුරුවො දේශණා කළා කියල පට්ටපල් බොරු අද ස්වාමීන් වහන්සේලා දෙසනවා ඔබත් අහල ඇති..

      Delete
  6. එම්බා තිසර ප්‍රියංකරයෙනි, ඔබගේ ලිපිය ගවේශණාත්මකය. නමුත් ලිපියෙන් රාවණා රජතුමාගේ බොහෝ තාක්ෂණයන් හලා ඇති බව පෙනෙයි. උදාහරණයක් සඳහා මා කලකට පෙර වර්ගපූර්ණිකාවේ පළ කළ ලිපියකින් කොටසක් මෙහි බෙදා ගැනීමට අවසර.

    හෙළයින්ගේ යුධ යාත්‍රා, ගම් වල නම් වලින් හෙළි වෙන හැටි

    වාරියපොළ
    වා=වාතයේ=අහසේ, රිය=වාහන, පොළ=නැවතුම්පොළ
    අහසේ ගමන් ගන්නා වාහන (දඬුමොනර) නවත්වන ස්ථානය
    වාරියපොළ ලෙස හැඳින්වෙන ගම් දෙකක් ශ්‍රී ලංකාවේ ඇත. එකක් කුරුණෑගල ආසන්නයේද අනික මාතලේ ආසන්නයේද ඇත. මෙම ස්ථාන අතීත ගුවන් තොට දෙකකි. (මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු)

    මාතලේ
    සමන් දෙවියන්ගේ නියමුවා වූ මාතලේ දේවයා හෙවත් "මාතලී" තම දඬුමොණර විමාන යානය ගොඩබැස්සවූයේ මාතලේ අසල වාරියපොල අහස් යාත්‍රාංගනයටය. (මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු)

    තො‍ටුපොළකන්ද
    තො‍ටුපොළ=ගුවන් තො‍ටුපොළ, කන්ද=උස් වූ ස්ථානය=ටවර් එක
    අතීතයේ හෙළ ගුවන් යානා රට පුරා යාමේදී ඒවායේ ගමන් මාර්ග පාලනය කිරීම සඳහා භාවිතා කළ Airport Tower එක මෙම තො‍ටුපොළකන්ද බව නිගමනය කළහැකිය.

    විගුහුම්පොළ
    වි=විමාන, ගු=ගුවන්, හු=හුමාලය, පොළ=තො‍ටුපොළ
    ඉහත තේරුම් නිසි පරිදි ගැලපූ විට
    "හුමාලයෙන් යන විමාන ගුවන් තො‍ටුපොළ" යන අර්ථය ලැබේ.
    මධ්‍යම පළාතේ ඇති විගුහුම්පොළ යනුත් එදා රාවන රජතුමාගේ හුමාල ශක්තිය ලබාගත් විමාන හෙවත් දඬුමොණර නැවැත්වූ ගුවන් තො‍ටුපොළක් බව පැහැදිළි වෙයි.

    විලන පල්ලේගම
    වි=විමාන, ලන=බාන, පල්ලේ=පහතට, ගම=ග්‍රාමය
    එනම්, විමාන පහතට බාන ග්‍රාමය
    මධ්‍යම පළාතේ ඇති විලන පල්ලේගම යනුත් රාවනා රජතුමාගේ විමාන යන්ත්‍ර පාත් කරන ගමක් බව පැහැදිළියි.

    විලන උඩගම
    වි=විමාන, ලන=දමන, උඩ=ඉහලට, ගම=ග්‍රාමය
    එනම්, විමාන ඉහල දමන ග්‍රාමය
    මධ්‍යම පළාතේ ඇති විලන උඩගම යනු, විලන පල්ලේගමින් පහළට ගොඩ බාපු රාවනා රජතුමාගේ විමානම් නැවතත් ඉහලට ගුවන් ගත කරන ගමයි.

    විල්ගොමුව
    වි=විමාන, ල්=ලා=දමන, ගොමුව=ගොඩ
    විමාන දමා ඇති ගොඩ
    මධ්‍යම පළාතේ ඇති විල්ගොමුව යනු රාවනා රජතුමාගේ දඬුමොණර විමානයන් ගොඩ ගසා තිබූ තැනක් බව ඒ අනුව ඔප්පු වෙයි.

    හෙළ උඩ
    හෙළ=හෙළි, උඩ=උඩ යැවීම
    ඒ අනුව, හෙළිකොප්ටර් ගුවන්ගත කළ ස්ථානය හෙළ උඩ නම් විය. ඌව පළාතේ මේ ගැන තවමත් ජනකතා තිබෙයි, ඉන් එකක් වන්නේ හෙළිකොප්ටරයක් ගොඩ බෑමේදී එහි සයිලන්සරයෙන් නිකුත්වූ ධූම විදිල්ල නිසා පළාතම අන්ධකාර වූ බවයි, අදත් ධූම විදිල්ල හෙවත් දූවිල්ල යන පදය භාවිතා වෙන්නේ එතැන් සිටය.
    හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී දේව හෙළයින් විසින් ගුවනින් කොප්පරා ප්‍රවාහණය සඳහා භාවිතා කළ විමානයයි.

    හෙළගම
    හෙළ=හෙළකොප්පරා, ගම=ග්‍රාමය
    එනම්, හෙළකොප්පරා ග්‍රාමය යන්නයි, උඩරට පනිත රජතුමාගේ යටතේ තිබූ සියලුම හෙලි කොප්පරා නැවැත්වූයේ මේ ගමේය. සුමනසමන් රජතුමා විසින් මෙය සෘජුවම පාලනය කරන ලදී. එහි දෙවැනි නායකයා වූයේ "හෙළනා" නැමැත්තෙක් බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. අදත් හෙළේනා පරපුර පැවත එන්නේ ඔහුගෙනි.

    ReplyDelete
  7. එසේම ශ්‍රී රාවණයන් නැගිටීමට සුළු කාලයක් තිබියදී ඔබට දඬුමොණර ගැන ලිවීමට සිත් වූයේ අහම්බයක් නිසා යැයි සිතේද? කිසි සේත්ම නැත. උදාහරණ ලෙස ඔබගේම නම බලන්න. තිසර ප්‍රියංකර.
    තිසර=මොණරා
    ප්‍රියංකර= ප්‍රිය+අංකර, ප්‍රිය=කැමති, අංකර=ඇංකරයා

    එනම් ඔබ "මොණරාට ප්‍රිය ඇංකරයෙකි"

    ඔබට ඒ නම ලැබුණේ නිකම්ම නොවන බව මා හට කුණ්ඩලීනී ශක්තිය හරහා පෙනී ගොස් ඇත, ශ්‍රී රාවණ රජතුමාගේ සමයේදී ඔබ දඬුමොණරයට ප්‍රිය වූ එකෙකි, නිකම්ම එකෙක් නොවේ, ඇංකරයෙකි. දඬුමොණරයට ඇති කැමැත්ත තාමත් ඔබට නැති වී නැත.

    ReplyDelete
    Replies
    1. ඔබගේ සිංහල සාහිත්‍ය දැනුම හා ආචාර්ය කම පිළිබද මා විමතිය පළකර සිටින අතර මෙතෙක් ඔබ ලියූ හෙළ වදන් පිළිබඳවද මාගේ අවිශ්වාසය පලකරන අතර හෙළ වදනින් තිසර යන්න අර්ථ දැක්වීම අති සාවද්‍ය බව කණගාටුවෙන් කිවයුතුය

      තිසර යනු හංසයාය එසේම තුන් තැනෙහි සරණ එනම් අහස,ගොඩබිම,ජලය යන තුන් තැනෙහිම සැරිසරන්නට හැකියාව ඇති බැවිණ් ති+සර ලෙස හංසයා හදුන්වයි මා මොණරාට ප්‍රිය ඇත්තෙකු නොවන අතර හංසයාට ප්‍රිය ඇත්තෙකි එසේම අතීතයේ කාන්තා අඟපසඟ විස්තර කිරීමේදී සාහිත්‍ය කරුවන් පියයුරු වලට හංසයා සමාන කර ඇත්තෙ ද උගේ ඇති සියුමැලි බව නිසාත්,හංසයාට ජලයෙන් කිරි වෙන්කිරීමට හැකි දක්ෂතාවයක් තිබෙන අතර පියයුරු වලට ලේ වලින් කිරි වෙන්කිරීමට හැකියාව ඇති නිසාත්, හංසයාගේ හැඩයට තරමක් පියයුරු සමාන නිසාත් යන කරුණු කාරණා මූලික කරගෙනයි ‍හෙළයේ උසස්ම සාහිත්‍ය කෘතිය ලෙස හැදින්වෙන "සැළලිහිණි සංදේශය" රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෙ ලියපු මෙන්න මේ කවිය ගැන ටිකක් අවධානය යොමු කරන්න-

      "සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
      නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
      දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
      ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන"

      අමරදේව ශූරින් ගයන මේ ගීතය ගැනත්-

      "අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
      කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ"

      Delete
    2. එසේම ප්‍රියංකර යනු සංදි කළ යුතු වදනක් නෙවන අතර ආකර්ෂණය අලංකරණය මනහර සිත්ගන්නා සුළුබව ආදී තේරුම් රාශියකි එහි දී හංසයා මෙන් ආකර්සණිය යන්න සම්පුර්ණ නමේ තේරුමයි

      ප්‍රියංකර යන්නෙහි ඉංග්‍රීසි තේරුම්- attract,debonair,pleasant

      Delete
    3. නැත නැත තිසර යනු මොණරාමයි. ඒ බව වර්ගපූර්ණිකාවේ අ‍ටුවාවක් වන තිසරප්‍රයෝගයේ පැහැදිළිවම දැක්වෙයි. කොඩ්‍රින්ටන්ගේ ඉතිහාසය කියවූ පඬුවෝ තිසර යනු හංසයා බවට සාවද්‍ය ප්‍රකාශයක් කර ඇත. ඒ අනුව යමින් අපගේ හෙළ සාහිත්‍යයත් වෙනස් කිරීමට තරම් කොඩ්‍රින්ටන්ගේ අනුගාමිකයින් කෲර විය. එසේම තිස්සගමෙන් හමුවූ ශ්‍රී රාවණ රජතුමා ගැන දැක්වෙන සෙල් ලිපිය ඔබ කියවා ඇත්ද? එහි දැක්වෙන්නේ "තිස කුග පට ග රව ර ම පැම වගශ" එනම්, "තිසරයෙකුගේ පිටින් ගිය රාවණ මහ රජ මෙහි පැමිණි වගයි."

      Delete
    4. තිසරප්‍රයෝගය යනු වර්ගපූර්ණිකාවට අයත් නොවන්නක් බවත් එය නිෂ්ඨාවප්‍රාප්තියට අයත් හෙළ පුස්ථකයක් බව යඨාල පූජා භූමියෙන් හමු වූ සෙල් ලිපි වල සඳහන් වන අතර ඔබ ඉහත සඳහන් කළ පාඨය සාවද්‍ය වන අතර එය මෙසේ වෙනස් විය යුතුය- "ශිඛි කුග පට ග රව ර ම පැම වගශ" එනම් ශිඛි යනු මොණරාය මොණරකුගේ පිටින් ගිය රාවණ මහ රජ මෙහි පැමිණි වගයි, මෙහි දී දඬුමොණරා සැභැම මොණරකු යැයි පිළිගත යුතු නොවන්නේද?


      Delete

අදහස් මොනවද කියල කියලම යන්න...