Ads 468x60px

Thursday, November 25, 2010

යූ.ඇන්.පී දුම්මල වරම....

යූ.ඇන් පීයට අරක් ගත් මහා යක්ෂයින් භූතයින් පළවා හැරීමට නැකැත් යෙදී තිබෙන ලබන මස 12 වන දින දුම්මල වරමින් සන්නද්ධ සාමාජිකයින් විසින් මහා යක්ෂයන් භුතයින් පළවා හරිනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතයයි. දේවත්වයට ආසන්න වූ ඩී.ඇස් සේනානායක මහතාගෙන් ඇරඹි එක්සත් ජාතික පක්ෂය පසුකලෙක ජේ.ආර්, ප්‍රේමදාස වැනි මනුෂ්‍යයින් විසින් රැක ගත්තද මේවන විට එක්සත් ජාතික පක්ෂයට අරක්ගත් ඇතැම් මහා යක්ෂයින් ප්‍රේතයින් විසින් එය නැති භංගස්ථාන කොට හමාරය. රටේ ප්‍රභල විපක්ෂයක් නැති කොට ආණ්ඩුව ඉබාගාතයේ යෑම වැලැක්විය නොහැකිය "අම්මා නැති කලට අප්පා කවර කල" කිව්වලු මේ සැරේ අයවැය බැලුවම හිතාගන්න පුළුවන් නේ ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රතිපත්තිය...


පසුගිය කාලෙ සිරිකොත ඉදිරිපිට දුන් නරබිල්ලෙන් වත් නොසැලුන මෙම මහා යක්ෂයින්,භූතයින් ට දුම්මල වරමින් පුළුවන් වෙයිද පළවා හරින්න??? ඇත්තෙ අවිශ්වාසක් ...කෙසේ වුවත් සියලුම යූ.ඇන් පී කාරයින්ගෙ අවසන් බලාපොරොත්තුවත් ලබන දොළොස් වන දාට යෙදී තිබෙන මහා සම්මේලනය බව කිව යුතුයි මෙම සම්මේලනයේදීත් සධාරණයක් ඉටු නොවුණහොත් අකමැත්තෙන් උවත් පක්ෂය හැරයාමට ප්‍රභල යූ .ඇන්.පී කාරයින් දැනටමත් තීරණයක් ගෙන ඇතිබව නම් කිවයුතුය. එක්කො අකමැත්තෙන් හෝ ආණ්ඩුවේ විබ්භන දිහා බලා ඉන්න වෙනව එහෙමත් නැත්නම් අකමැත්තෙන් හෝ ආණ්ඩුවේ විබ්භන වලට සහයෝගය දෙන්න වෙනව එහෙමත් නැත්නම් ඉතින් ඡන්දය කටුගාලා නිර්පාක්ෂික වෙන්න වෙනව යූ.ඇන්.පී කාරයින්ට ඇත්තෙ මේ විකල්ප කිහිපය විතරයි.

රනිල් මහත්තය ලෝකයේ වැඩිම වාරගනනක් පැරදුන හා වැඩිම වාරගනනක් විපක්ෂ නායකයා විදියට ලෝක වාර්ථාවක් තියෙන කොට එදාට යූ.ඇන්.පී කාරයො අඩම්බර වෙයිද? 


2 comments :

  1. එකම විපක්ශය යූ එන් පීය කියන මායාවෙන් මිදිය යුතු කාලය ඇවිල්ලා.

    ට්‍රන්ස්ෆෝමර් පුපුරවපු ජේ වී පී එක හොඳයි කියන්නත් බෑ

    ඒත් ජේ වී පී යූ එන් පී ඔක්කෝම එකතු වෙලා එක විපක්ශයක් විදිහට වැඩ නොකරන තාක් කල් රජය හිතූ මනාපේ මේ යන ගමන යනවා . .

    කාටවත් ඒක වලක්වන්න බෑ . .

    ReplyDelete
  2. රනිල් එලෝගත්ත කියල ඔක්කොම හරියන්නෙ නැහැ සහෝ

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...