Ads 468x60px

Thursday, December 9, 2010

ගුරුවරුන්ට ඩ්‍රයිවින් ලයිසන්....

පසුගියදා පාර්ලිමේන්තුවටත් ගිය ඩ්‍රයිවින් ලයිසන් ප්‍රශ්නය ගැන මනුස්සකමටත් කතා කරන්න හිතුණ මොකද මේක රටේ ප්‍රශ්නයක් වුන නිසා....ජාත්‍යන්තර පරිගනක මෙහෙයුම් බලපත්‍රය කියල කියන්නෙ ලෝකයේ රටවල් කිහිපයක්ම සම මට්ටමින් පිළිගන්නා පාඨමාලාවක් ප්‍රධාන වශයෙන් මෙම පාඨමාලාවට ඇතුලත් වන්නේ මයික්‍රෝසොෆ්ට් ආයතනය මඟින් නිකුත් කරන වින්ඩොස් මෙහෙයුම් පද්දතිය ,කාර්යාල මෘදුකාගය , අන්තර්ජාලය, හා විද්‍යුත් තැපෑල කියන කොටස් ටික. බොහෝ පරිගණක ඉගැන්නුම් ආයතන වලත් මෙම විෂය නිර්දේශය ඉතාම ජනප්‍රියයි මාස 6ක ඩිප්ලෝමා කියල උගන්වන්නෙත් මේ ටික. ඉතින් අධ්‍යාපන අමාත්‍යංශයත් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම අයි.සී.ඩී.එල් නැත්නම් ජාත්‍යන්තර පරිගනක මෙහෙයුම් බලපත්‍රය නැමැති පාඨමාලාව ගුරුභවතුන් වෙනුවෙන් ඔවුන්ගේ පරිගණක දැනුම ඔප නැංවීම සඳහා ලබා දෙන්න කටයුතු කරල තියෙනව දින 18 වැනි කාලයක් නිවාඩු සහ දීමනා සහිතව. නමුත් මෙතන ඇති වී තිබෙන ගැටලුව මේ පාඨමාලාවෙන් ගුරුවරුන් ප්‍රයෝජන ගන්නවාද නැද්ද යන්නයි.

බොහෝ දෙනෙක්ගේ මතය වී ඇත්තේ දින 18 වැනි කාලයක් තුල පරිගණක දැනුම ලබාගත නොහැකිය  යන්නයි නමුත් මෙම පාඨමාලාවට වෙන් කර ඇති පැය ගනන සලකා බැලුවහොත් එය බොහෝ ආයතනවල සය මාසික ඩිප්ලෝමා පාඨමාලාවකට වඩා බෙහෙවින් වැඩිය සාමාන්‍යයෙන් ප්‍රධාන පෙලේ පරිගණක ඉගැන්නුම් ආයතන වල මෙම පාඨමාලවට ලබාදෙන කාලය පැය 72 එසේ නොමැති නම් පැය 96 තරම් වූ කාලයකි නමුත් මාස 6ක් මෙම පාඨමාලාව වෙනුවෙන් ඔවුන් ගත කරයි. නමුත් දින 18 තුල ගුරුවරුන්ට හිමිවන කාලය පැය 144කි මෙහිදී සාමාන්‍ය පාඨමාලාවකට වඩා වැඩි කාලයක් ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති බව පැහැදිලිය පැය 96කදී කරන වැඩය පැය 144 දී කීරීමට නොහැකි යැයි කීවොත් එය විය හැකිද නොහැකිද? නමුත් ගැටලුව ඇත්තේ මෙය කඩිනම් පාඨමාලාවක් බැවින් පුද්ගයකුට දැරීමේ හැකියාව පිලීබඳ ගැටලුවකි දහසක් ප්‍රශ්න කරපින්නා ගත් පුද්ගලයකුට එක දිගට දින 18 ක් එකම දේ කිරීමට සිදුවීම පිස්සුවක් වැනිය.නමුත් ඒ සඳහාද යම් විසඳුමක් ලබාදීමට බලධාරීන් ක්‍රියා කළේය පාසල් වල ළමුන්ටද අසාධාරණයක් නොවන අයුරින් සතියට එක් දිනක් හෝ දින දෙකක් පමණක් මෙම පාඨමාලාව කළයුතු බවට එම මෙහෙයවන ආයතන වෙත දැනුම් දී තිබුණි එය මීට වසර දෙකකට පමණ ඉහතදී ක්‍රියාත්මක විය.

එසේනම් දැන් මේ දින 18 පිළි බඳ ගැටලුවක් නොවිය යුතුය එහෙත් මෙම පාඨමාලාව මේ තරමි අසාර්ථකයි කීමට හේතු මොනවාද?

කිසිම වග විභාගයකින් තොරව සුදුසුකම් නොලත් ආයතන වෙත මෙම පාඨමාලාව මෙහෙයවීමේ වගකීම පැවරීම තවත් මෙහි ඇති අසාර්ථකත්වට හේතුවකි සජිත් ප්‍රේමදාස මංත්‍රීතුමාද පසුගියදා ප්‍රශ්න කරන්නට ඇත්තේ මේ පිළිබඳව විය යුතුය. කෙසේ හෝ පරිගණක කිහිපයක් අටවාගත් සමහර ආයතන වෙතද පාඨමාලාව මෙහෙයවීමට අවස්ථාව ලබාදී ඇත ඒවා බොහෝමයක් දේශපාලන ලොක්කන්ගේ හිතුමතයට සිදුවී ඇති ඒවා බව කිව යුතුය.එසේම  සමහර ආයතන වල පරිගණක ඉගැන්වීම පිළිබද දැනුමක් නැති   කාල කළමණාකරණය පිළිබද දැනුමක් නැති සුදුසුකම් නොලත් දේශක වරුන් හේතුවෙන්ද පාඨමාලාව අසාර්ථක වීමට හැකියාව ඇත. මෙම පාඨමාලාවේ තවත් දුර්වලකමක් නම් අයි.සී.ඩී.එල් විභාගය අනිවාර්යයෙන් පාස්විය යුතුය යන කොන්දේසියයි...එසේ සමත් නොවුනහොත් එම ආයතන වලට පඨෙමාලාව වෙනුවෙන් ලබාදෙන මුදල නවතා දමයි මෙය මා දකින්නේ මන්ද මානසික හා ඔලමොට්ටල කොන්දේසියක් ලෙසයි මෙම විභාය සම්පූර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබෙන අතර එහි ඇති සමහර ප්‍රශ්න තේරුම් ගැනීමට ඉංග්‍රීසි ගුරුවරුන්ටද නොහැකිය ලාංකාව වැනි රට වල ඉංග්‍රීසි භාෂාවට  ඇති දුර්වල කම නිසා පරිගණක හොඳින් දැනගෙන සිටියදී පවා මෙම විභාගය අසමත් විය හැකි ප්‍රවනතාව ඉහලය ඒ ප්‍රශ්න තේරුම් ගැනීමට ඇති අපහසුතාවය නිසාය.බොහෝ පාසල් වල ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවද පවතින්නේ අවම මට්ටමක බව අකමැත්තෙන් වුවද කීමට සිදුවේ නමුත් අපේ ගුරුවරුන් ගැන අවතක්ශේරුවකින් ‍නොවේ භාවිතා නොකිරීම, විදිමත් ඉංර්‍ගීසි අධ්‍යාපනයක් නොලැබීම හෝ බොහෝ හේතු කාරණා උඩ මෙසේ විය හැක එහෙව් තත්වයක් තිබියදී අලි මදිවට හරක් කිව්ව වගේ කොම්පියුටර් මදිවට ඉංග්‍රීසිත් කොරපන්කෝ...මෙම ඉහත කී හේතු නිසාම බොහෝ ආයතන විසින් තමන්ගේ ලැබෙන තුට්ටු දෙක නැති කරගන්නේ නැතුව අත යටින් උදව් පදව් කරමින් විභාගය ගොඩ දාන්නට ගුරුවරුන්ට රුකුලක් දෙයි එසේ නොමැති නම් එහි ප්‍රශ්න තේරුම් කරදීමට හෝ උපදේශක වැරුන්ට සිදුවෙයි.

ජාත්‍යන්තර පරිගණක මෙහෙයුම් බලපත්‍රය ලබාගත් ගුරුවරුන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන අයි.පී.අයි.සී.ටී එහෙමත් නැත්නම් International Pedagogical ICT Licence නම් පාඨමාලාව ගුරුවරුන්ට ඉතාම  සුදුසු වැඩසටහනක් සේ මා දකියි හේතුව පරිගණක දැනුම තිබුණද එම තාක්ෂණය විෂයයන් හා සම්බන්ද කර ගරනීමේ ගැටලුව බොහෝ ගුරුවරුන්ට ඇත නමුත් එම ප්‍රශ්නයට කදිම විසදුමක් මෙම පාඨමාලාව තුලින් ලැබේ උදාහරණයක් ලෙස Ms Word පාසලේ විෂයයක් ඉගැන්වීමේදී යොදාගත හැකි අවස්ථා කවරේදැයි මෙම පාඨමා‍ලාවේදී මැනවින් පහදා දෙයි නමුත් එතනද පොඩි කොස්සකි ඒ මෙම පාඨමාලාවේ සෑම මොඩියුලයක් අවසන ගුරුවරුන් විසින් කිරීමිට නියමිත පාඩම් සටහන එහෙමත් නැත්නම් Lesson Plan එක ඉංග්‍රීසි භාවිතයෙන් කලයුතු වීමයි එය සෑම ගුරුවරයෙකුට ඉතා අසීරු කටයුත්තකි ඉංග්‍රීසි දැනුම මැනවින් ඇති අයට පමණක් කල හැක්කකි ගුරුවරුන් කණ්ඩායම් වශයෙන් මෙම පාඩම් සටහන් සැදිය යුතු අතර ඒ කණ්ඩායම තුල ඉංග්‍රීසි ගුරුවරයෙකු නැති වුවහොත් අනෙත් ගුරුවරුන් පත්වන්නේ අපහසු තාවයකටය.එසේම මෙම සියලුම පාඨමාලා සඳහා පොත් මුද්‍රණය කර ඇත්තේද ඉංග්‍රීසියෙනි මෙම පොත් ගෙදර ගෙන යන ගුරුවරුන් කුණු දුහුවිලි නොගෑවෙන සේ ඒවා පරිස්සමට තබා පාඩුවේ සිටී....අඩුම තරමින් එම පොත පත වත් සිංහල භාෂාවෙන් තිබුණේ නම් මේවා නිකමට හෝ අත පත ගා කියවා බලනු ඇත.

ඉතාම අඩුපාඩු සහිත මෙම පාඨමාලා නිසි අධීක්ෂණයකින් නිසි ප්‍රමිතියකින් සිදුකරන්නේ නම් මෙහි ඇති ගුණාත්මක බව සේම වැදගත් කම කිව නොහැකි තරම්ය. ලොක්කන් මොන මල හත්තිලව්වක්වත් නොදැන මේවා නිසි මඟට ගන්නෙ කෙසේදැයි ප්‍රශ්නයකි මේවා  අධීක්ෂණය කරන්නේ කෙසේද? අඩුම තරමින් පාඨමාලාවෙ නමවත් හරි හැටි නොදන්න අධ්‍යාපන ඇමතිගේ සිට පහල සියලුම නිලධාරීන්ට මුලින්ම පරිගණක ශාක්ෂරතාව ඇති කළ යුතුය....එතෙක් අප මෙවා කථා කිරීමෙන් පලක් නැත මහ කක්කුට්ටා ඇදේට යනවිට පොඩි කක්කුට්ටන්ද ඇදේටම යනු ඇත.


No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...