Ads 468x60px

Wednesday, December 22, 2010

කොට ඇඳුම් හා යට ඇඳුම් පිළිබඳ ගරු අමාත්‍ය තනතුර කාටද?

අපේ නූතන නායකයො හදන්නෙ මේක බබා ලන්තයක් කරන්න වගේ.. පාන් මිල වැඩිකරල ජනතාවට විහිළු සපයන අපේ ඇමති වරු කිව්ව හාල් පරිභෝජනය වැඩිකරන්න තමයි එහෙම කරේ  කියල ඔව් ඉතින් අපේ රටේ ඉන්නෙ ආණ්ඩුව කියන ඕනම කුණුහරුපයක් අහල අප්පුඩි ගහ ගහ සතුටුවන ලාංකේය අභිමානවත් ජාතියක් නේ....වීරවංශ ඇමති තුමයි අගමැති තුමයි පාන් මිල තව තවත් වැඩිවේවා කිය කියා මිනිස්සු ගොනාට ඇන්දුව මතක නේ.. ඔන්න ඒවගේ තවත් අඩව්වක් මේ ආණ්ඩුව විසින් ලඟදිම අල්ලන්න ලෑස්ති වෙන්නෙ ඒ තමයි මේ රට ධාර්මීක රටක් කරන්න කියල කොට ඇඳුම් තහනම් කරන්න හදනවා ඒ වගේම යට ඇඳුම් අනිවාර්ය කරනවලු...හික්z
මොනව වුනත් මෙයාලා මේව කරන්නෙ අපේ සංස්කෘතිය රැක ගන්නයි අපරාධ අඩුකරන්නයිලු ඒවගේ ආණ්ඩුව හිතන් ඇත්තෙ කක්කබර හැදුනම පස්ස පැත්ත මහල ඒක නවත්තගන්න පුළුවන් කියල.  එතකොට අපේ රටේ ජයටම කෙරෙන සංචාරක කර්මාන්තය..පිටරටින් එන සුද්දියොන්ට සාරි අන්දන්නත් වෙයි නේ? කොට ඇඳුම් හා යට ඇඳුම් පරික්ෂාවට අලුත් අමාත්‍යංශයකුත් දාන්න වෙයි ඒත් මම කල්පනා කරේ කව්ද මේකට හොඳ ඇමතිවරයා කියල........ඒත් මේ කාර්යයේ සැබෑ අර්ථය අහිංසක මිනිස්සුන්ගෙන් බදු ගහල ආණ්ඩුවේ පරපෝෂිත හැතිකරය පෝෂණය කිරීම කියල ඕන මොඩයෙකුට තේරෙනෙව යකෝ අපිට ඔන්විදියට ඇඳුමක්වත් අඳින්න නිදහසක් නැද්ද? ඉරානෙ මහ එකා ආණ්ඩුවෙ රෙද්ද අස්සෙ රින්ගන කොට අපි නම් හිතුව උන්ගෙ අන්තගාමී නීතිය අපේ මහ එක්කෙනාටත් බෝ වෙයි කියල ඔය දැනටමත් සිද්දවීගෙන යන්නෙ තව ටික දවසකින් අපේ කාන්තාවත් කළු රෙද්දෙන් වහලම දාවිද දන්නෑ ඒත් මොන දේ කලත් තියන තත්වය අනුව එහෙයි! එහෙයි!  කිය කියා ඇහැ කට පියා ගෙන ඉන්නව ඇරෙන්න සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුව්න් අහවල් එකක් තියද? අපිත් උඩදාගෙන ජන්දෙ දීල මහා බලයකුත් එක්ක දැන් ඉතින් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලන් ඉන්නව තොපිට ඹ්න එකක් කර ගනිල්ලා කියල.

හැබැයි ඉතින් අපේ මිනිස්සුත් ඉවසලා ඉවසලා බැරිම තැන ආපහු ඉවසයි කියල නම් කියන්න අමාරුයි බලමු බලමු මොකද ඉදිරියට වෙන්නෙ කියල........

2 comments :

  1. සහතික ඇත්ත කොලුවගෙ කතාව නම්,

    ReplyDelete
  2. මුගේ කටේ රත්තරණ් දාන්න ඕන.....මේකෙ ඉන්න සමහරු හිතන් ඉන්නෙ ලන්කාවෙ මිනිස්සු නිකම් රූකඩ වගේ නටවන්න පුලුවන් කියලද දන්නෙ නෑ....කරලම බලපල්ලකො ඔය කියන උන්

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...